දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය (Real Estate Industry) කියන්නේ සල්ලි මවන ධන උල්පතක් විදියට හඳුන්වන්න පුළුවන්. තැරැව්කරුවෙකු (Broker) හෝ නියෝජිතයෙකු (Agent) ලෙස දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසෙන පුද්ගලයන් මිලියන ගණනින් මුදල් උපයන ක්ෂේත්‍රයක් බවට මෙම ක්ෂේත්‍රය පත් වී තිබෙනවා.

ඔයා පූර්ණකාලීනව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාගෙන සිටින කෙනෙක් වුණත්, අර්ධකාලීන රැකියාවක් ලෙස අමතර ආදායමක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් ක්ෂේත්‍රයට පිවිසෙන්න බලා සිටින කෙනෙක් වුණත් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

දේපළ වෙළඳාම හොඳ ආදායම් මාර්ගයක් වන්නේ කෙසේ ද?

නිවසක් හෝ ඉඩමක් වේවා දේපළක් කියන්නේ අපේ ජීවිතේදී මිල දී ගන්නා බොහෝ විට වඩාත්ම මිල අධික දෙය වෙන්න පුළුවන්. ඉතින් එවැනි ගනුදෙනුවක් (deal) සමඟ සම්බන්ධ වීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඉහළයි.

ලංකාවේ සාමාන්‍යයෙන් දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදලක් (commission) හෝ සේවා ගාස්තුවක් (service fee) ලැබෙනවා. කෙසේ වෙතත්, මෙය 4%, 5%, 6% දක්වා වැඩි කර ගැනීමට ද අවස්ථා තිබෙනවා. මෙය රඳා පවතින්නේ තමන්ගේ සාකච්ඡා කිරීමේ හැකියාව (negotiation skill) මතයි. උදාහරණයක් ලෙස, යම් දේපල හිමිකරුවෙකුට මාසයක් වැනි කෙටි කාලයක් තුළ දේපළ විකුණා ගැනීමට අවශ්‍ය නම් ඔහු 5%ක් වැනි වැඩි කොමිස් මුදලක් ගෙවීමට කැමති විය හැකියි.

ලංකාවේ රුපියල් මිලියන 100ක දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදල රුපියල් මිලියන 3ක් වෙනවා. විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය (US) සහ ඩුබායි (Dubai) වැනි රටවල 6% – 8% දක්වා කොමිස් මුදල් ලැබෙන අවස්ථා ද තිබෙනවා.

දේපළ විකිණීමට අමතරව දේපළ කුලියට දීමෙන් ද කොමිස් උපයා ගත හැකියි. සාමාන්‍යයෙන් වසරක කුලී ගිවිසුමක් සඳහා එක් මාසයක කුලී මුදල සේවා ගාස්තුව ලෙස ලැබෙන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස මසකට රුපියල් 100,000ක කුලියක් ඇති නිවසක් කුලියට දීමේදී රුපියල් 100,000ක් සේවා ගාස්තුව ලෙස ලැබෙනවා.

සමහර අවස්ථාවලදී දේපළ හිමිකරුගෙන් සම්පූර්ණ මාසයක කුලී මුදලක් සහ කුලීකරුගෙන් අර්ධ මාසයක කුලී මුදලක් ද හිමි වන අවස්ථා තිබෙනවා.

දේපළ වෙළඳාමේ අභියෝග

දේපළ වෙළඳාම කියන්නේ ස්ථාවර ආදායමක් (steady income) ලැබෙන රැකියාවක් නොවෙයි. සමහර මාසවලදී කිසිඳු ගනුදෙනුවක් සිදු නොවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුද (economic crisis) ඇති වන අවස්ථාවලදී මෙය වඩාත් ප්‍රබලව දැනෙනවා. එවැනි අවස්ථාවලදී ඉතුරුම්වලින් (savings) හෝ පෙර ලැබුණු ඉහළ කොමිස් මුදල්වලින් ජීවත් වීමට තැරැව්කරුවන්ට

Share this post: