ඔයාගෙ බ්‍රෑන්ඩ් එක තාම පටන් ගත්ත තැනමද?

ඕනම කෙනෙක්ට බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්.

 හැබැයි ඒ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් කරන්නෙ කොහොමද කියන එක ගොඩක් අය දන්නේ නෑ. ඒක තමයි ලොකුම චැලේන්ජ් එක.

බිස්නස් දහස් ගණනක් අතරෙ ඔයාගෙ ව්‍යාපාරය බ්‍රෑන්ඩ් එකක් කරන්නෙ කොහොමද කියල දැනගන්න කැමතිද?

“බ්‍රෑන්ඩ් එකක් හැදුව කිව්වම කෙනෙක් හිතන්නෙ ලස්සන ලෝගො එකක් ඩිසයින් කරාම, ලස්සන පැකේජින් එකක් ඩිසයින් කරාම, ෆේස්බුක් කැම්පේන් එකකට තීම් එකක් බිල්ඩ් කරගත්තම ඒක තමයි බ්‍රෑන්ඩින් කියල. ඒත් ඇත්තටම බ්‍රෑන්ඩින් කියන්නෙ ඒක නෙවෙයි. ඒ අපි අපි ගැන, අපේ බිස්නස් එක ගැන අපි හිතන දේ. ඒත් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ ඔයා කියන දේ සහ ඔයාගෙ පාරිභෝගිකයා හිතන දේ අතර තියෙන විශ්වාසය මත ගොඩනැගුන චාරිකාව”

මෙහෙම කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න දක්ශම, බ්‍රැන්ඩින් ගැන හොඳටම දන්න Branding කප්පිත්තෙක්.

වෙන කවුරුවත් නෙවෙයි, චන්දනාලේප ආයතනයේ හිටපු CEO. ඒ වගේම Nature’s Secrets සන්නාමයේ  රටවල් ගණනාවක Marketing Head විදියට කටයුතු කල, ලංකාවේ ප්‍රමුඛ පෙළේ Brands තුනක්, අදාල Category එකේ Market Leader බවට පත් කළ, Branding Expert කෙනෙක්, Corporate Trainer කෙනෙක් වගේම Life Coach කෙනෙක් වන Dr. Philip Nehri Mullegama.

ලංකාවෙ මිනිස්සු උත්සහ කරනවා ප්‍රඩක්ට් එකක් බ්‍රෑන්ඩ් එකක් කරන්න. ඒත් ඇත්තටම ප්‍රඩක්ට් එකක් බ්‍රෑන්ඩ් එකක් කරන්න යන ගමනෙදි ප්‍රධාන වශයෙන්ම බලපාන ප්‍රශ්න මොනවද කියල අපි දැනගන්න ඕන. ඉතින් ඒ ප්‍රශ්නයට Dr. Philip දුන්නෙ මෙන්න මේ වගේ උත්තරයක්.

“ෆේස්බුක් එකේ බැලුවොත් අපිට දකින්න ලැබෙනව එක එක විදියෙ වෙළඳ සන්නාම. ගොඩක් අය හිතන්නෙ බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ බ්‍රෑන්ඩ් ලෝගෝ එකක්, ලස්සන පැකේජින් හෝ කැම්පේන් එකක් කියල. ලංකාවෙ ගොඩක් බ්‍රෑන්ඩ් ෆේල් වෙන්න හේතුව වෙලා තියෙන්නෙ වෙළඳ සන්නාම බිහිකරුවන් හිතන දේ වැරදි නිසා. ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ විශ්වාසය මත පදනම් වුන චාරිකාවක්. හරියට විවාහය වගේ. බඳින්න කළින් දෙන පොරොන්දු බැන්දට පස්සෙ ඉශ්ට වෙන්නෙ නැත්තම් ඒ විවාහය ෆේල් නේ. ඒ වගේම තමයි බ්‍රෑන්ඩිනුත්. නිෂ්පාදනයක් විකුණද්දි දෙන පොරොන්දු ඒ නිෂ්පාදනය භාවිතා කරද්දි ඉශ්ට වෙන්නෙ නැත්තම් ඒ කියන්නෙ ඒ බ්‍රෑන්ඩ් එක ෆේල්.

බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ තමන් පාරිභෝගිකයට දෙන පොරොන්දුවයි පාරිභෝගිකයා ඒ පොරොන්දුව හදවතේ තැන්පත් කරගන්න තැනයි වෙනකම් යන දැවැන්ත චාරිකාවක්. මේක කරගන්න බැරිනම් ලෝගෝ එක කොච්චර ලස්සන වුණත්, කොච්චර හොඳ කැම්පේන් අයිඩියාස් තිබුණත් වැඩක් නැහැ”

Brand Promise එකයි Brand Delivery එකයි අතර තියෙන චාරිකාව බ්‍රෑන්ඩ් එකක් හදද්දි වැදගත් වෙන්නෙ අන්න ඒ නිසාමයි. Brand Promise එක සහ Brand Delivery එක අතරේ තිබෙන ඒ චාරිකාව හරියාකාරව මෙහෙයවන්න බැරි වුණෝතින් ඒ බ්‍රෑන්ඩ් එක අසාර්තක වීමට තියෙන ඉඩකඩ ඉතාම ඉහළයි.

Life Time Access එක්ක, Chapters 38කින්, 10+ Hours Duration එකකින් Branding  ගැන හරියටම ඉගෙන ගන්න පුලුවන් එකම තැන: Loku Business අරගෙන එන Brand Management Online Course එක ගැන දැනගන්න මේ ආටිකල් එක ඔයා කියවන්නම ඕන මෙන්න මේ ගැන හරියටම දැනගන්න.

බ්‍රෑන්ඩ්ස් හදන්න කටයුතු කරන බහුතරයකට තියෙන ගැටලුවක්නෙ “මම හිතන බ්‍රෑන්ඩ් එකයි මගෙ පාරිභෝගිකයා හිතන බ්‍රෑන්ඩ් එකයි දෙකම එකද? අපේ අදහස් එක සමානද? මම කොහොමද ඒක ටෙස්ට් කරන්නෙ?” කියන එක. ඒ ප්‍රශ්නයටත් ඉතාම හොඳ පිළිතුරක් අපිත් සමග බෙදාගන්න Dr. Philip ට පුලුවන් වුණා.

ඒ තමයි,

“ඒක අපිට ටෙස්ට් කරන්න පුලුවන් හොඳම විදිය තමයි කට වචනය. Word of Mouth. නිශ්පාදනය හොඳ නැත්තම්, ඒ බ්‍රෑන්ඩ් එක මිනිස්සුන්ගෙ හිතට ගියේ නැත්තම් මේ කට වචනය කියන දේ ඇතිවෙන්නෙ නැතිම තරම්. ඔයාගෙ නිශ්පාදනය වෙන කිසිම මාකටින් කැම්පේන් එකක් නැතුවත් කට වචනයෙන් ඉදිරියට යනවා නම් ඒ කියන්නෙ ඔයා දෙන දේ සහ පාරිභෝගිකයා බලාපොරොත්තු වුණ දේ ඉටු වෙලා කියන එක.

නිශ්පාදනයක් ගනිද්දි පාරිභෝගිකයට හීනයක්, ඒ නිශ්පාදනයෙන් ලබාගන්න බලාපොරොත්තුවක් තියෙනව. ඔයාගෙ නිශ්පාදනයට ඒ හීනය, බලාපොරොත්තුව ඉටු කරන්න පුලුවන් උනොත් පාරිභෝගිකයා කිසිම මුදලක් අය නොකරම කට වචනයෙන් ඔයාගෙ නිශ්පාදනය තව අයට Recommend කරනවා. ඒක තමයි Power of Word of Mouth කියන්නෙ”

Nature’s Secret කියන නිශ්පාදනය Market Leader කෙනෙක් කරන්න ගිය ගමනෙදි භාවිතා කල Strategies මොනවද කියලා දැනගන්න බ්‍රෑන්ඩ් එකක් හදන්න උත්සහ කරන, හදලා තියෙන ඔයාත් කැමති වෙයි. ඒ නිසාමයි අපි Dr. Philip ට ඒ ප්‍රශ්නයත් යොමු කලේ.

“Nature’s Secrets අපේ තිබුනා Face Wash Liquid එකක්. ඒ වෙද්දි මේ Liquid Face Wash Market එකේ නිශ්පාදන ගොඩක් තිබුණා. මම එතනදි කල්පනා කල දෙයක් තමයි අපි මේ Face Wash Liquid Market එකේ Face Wash එක්කම හැප්පෙන්න ගියෝතින් සෑහෙන කාලයක් යනවා අපිට අපේ තැන හදාගන්න. එතනදි තමයි වැදගත් වෙන්නෙ අපි කාත් එක්කද Fight කරන්න ඕන, කවුද අපේ තරගකරුවා කියලා පැහැදිළිව අඳුනගන්න එක.

කොහෙද සටන් කරන්නේ, කාත් එක්කද සටන් කරන්නේ කියල අපි හරියට අඳුනගෙන හිටියොත් මේ සටන දිනන එක අපහසු නැහැ. Face wash liquid market එකත් එක්කම Nature’s Secrets තරග කලා නම් සමහරවිට අපිට මේ Market එක හදාගන්න සෑහෙන කාලයක් යන්න තිබුණා. ඒ නිසා තමයි අපි අපේ සටන වෙනස්ම විදියට කරගෙන යන්න, වෙනස්ම විදියෙ Strategy එකක් Approach කරේ”

ඒ Strategy එක පිටුපස සැඟවිලා තියෙනව හරිම අපූරු, රසවත් කතාවක්.

“ඒ දවස්වල ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ වී තිබුන සබන් වර්ගයක් තිබුණා. මේක ලෝකය පුරාමත් ජනප්‍රිය වී තිබුන සබන් වර්ගයක්. ඒ දවස්වල ඒ සබන් වර්ගයේ සන්නාම තානාපතිනිය විදියට කටයුතු කලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණ සංගීතා වීරරත්න. මම සංගීතා වීරරත්නට කතා කරා මේ Face Wash Liquid Promote කරන්න. හරිම සරල පණිවිඩයක් අපි මේ Concept එකෙන් දුන්නෙ. මම ඉස්සර පාවිච්චි කලේ සබන්, මම දැන් පාවිච්චි කරන්නෙ Nature’s Secret Face Wash. මේ Face Wash එකේ තියෙන pH අගය ඔයාගෙ සමට ඉතාම සුදුසුයි කියලා. සබන් වෙනුවට මිනිස්සු එක රැයින් Face Wash Liquid වලට මාරු වුණා”

“අරකට වඩා මේක හොඳයි කියනවට වඩා මේකට විකල්පය මේකයි” කියල ඔබත් ඔබේ නිශ්පාදනයේ, බ්‍රෑන්ඩ් එකේ තරගකරුවාව හරියටම අඳුරගන්න ඕන ඒ නිසාමයි. බ්‍රෑන්ඩින් සටන දිනන්න ඔබට පුලුවන් වෙන්නෙ එතකොට. බහුතරයක් දෙනා කරන වරද “තමන්ට තියෙන තරගකාරීත්වය හරියාකාරව හඳුනා නොගැනීම” බව Dr. Philip කියන කතාව ඇත්ත ඔබට දැනටමත් හොඳටම තේරුම් ගිහින් ඇති.

    මෙවැනි වටිනා Blog එකක් දැමූ සැනින් දැනගැනීමට අපව Subscribe කරන්න


    අපේ රටේ බොහොමයක් සන්නාම, බ්‍රෑන්ඩ්ස් ගොඩ නැගෙනවා. හැබැයි ඒ සන්නාම අතුරින් ලංකාවෙන් එහා ලෝකයට ගිය සන්නාම තියෙන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්.

    ඒකෙ තේරුම ලංකාවෙ අපිට අපේ බ්‍රෑන්ඩ් එකක් Global Market එකට අරගෙන යන්න බැහැ කියන එකද?

    ඒ ප්‍රශ්නය සමහරවිට ඔබටත් ඇති.

    ඉතින්, බ්‍රෑන්ඩින් ගැන හරියටම දැනගන්න, බ්‍රෑන්ඩ් එකක් හරියටම බ්‍රෑන්ඩ් කරන්නෙ කොහොමද කියල දැනගන්න විතරක් නෙවෙයි, ඔයා පුංචියට ගොඩනගන ඔයාගෙ බ්‍රෑන්ඩ් එක ලංකාවේ Market එක ඇතුලෙත්, කාලයක් ගිහින් Global Market එක ඇතුලෙත් Market Leader කෙනෙක් කරන්නෙ කොහොමද කියල දැනගන්න, පහත Link එකෙන් Dr. Philip Nehri Mullegama සමග Loku Business අරගෙන එන “Brand Management” පාඨමාලාවේ Free Chapters අදම බලන්න අමතක කරන්න එපා.

    ඔයාගෙ පුංචි බ්‍රෑන්ඩ් එකත් ලෝකෙම හොල්ලන බ්‍රෑන්ඩ් එකක් කරන රහස ගැන දැනගන්න Free Chapters බලලම Loku Business – Brand Management Online Course එකට එකතුවෙන්න!

    Link: https://school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_ghpjvsre

    ඔයාගෙ බ්‍රෑන්ඩ් එක ගොඩ දාන වැඩේට #LokuwatamaSupport කරන්න Loku Business අපි සූදානම්!

    Share this post: