බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ආත්ම විශ්වාසය (confidence) අඩුකම. අලුත් වැඩක් පටන් ගන්න, අලුතෙ මුණගැහුණ මිනිස්සු එක්ක කතා කරන්න, නැත්නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න බයයි. මේක සමහර අය හිතන්නේ දක්ෂතාවකින් ලැබෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම ඒක තමන්ටම හදාගන්න පුළුවන් දෙයක්.

ඔයා දකින සමහර ප්‍රසිද්ධ චරිත වගේම එදිනෙදා මුණගැහෙන අය අතරේ පවා මේ විදියට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පුද්ගලයන් ඔයාට මුණගැහිලා ඇති. ඔයා හිතනවා ද ඒ හැමෝම කුඩා අවධියේ ඉඳලම හොඳ ආත්ම විශ්වාසයක් තිබුණ අය කියලා? එහෙම නැහැ. සමහර පුද්ගලයෝ කුඩා කාලයේ ඉතාම ලැජ්ජාශීලී අය. නෑදෑයෙක් ගෙදරට ආවත් එළියට එන්නේ නැති, පාසල් යන කාලේ පන්තිය ඉස්සරහ කතාවක් කරන්න වුණාම ඒක කරන්න බැරි තත්ත්වෙක හිටිය අය. ඒත් අද වෙනකොට ඔවුන් තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා.

ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම 06ක් ගැන දැන් අපි බලමු.

01. ඔබ කවුද කියන එක අවංකව තේරුම් ගන්න

සැබෑ ආත්ම විශ්වාසය ගොඩනැගෙන්නේ තමන් ගැන තියෙන අවබෝධය මතයි. තමන්ට පුළුවන් දේ මොකක්ද, බැරි දේ මොකක්ද, දුර්වලකම් සහ ශක්තීන් මොනවාද කියලා දැනගන්න එක හරිම වැදගත්.

මේ සඳහා ඔයාට KIS (Keep, Improve, Start) Journal එකක් භාවිත කරන්න පුළුවන්. සතියකට එක් වරක්වත් පහතින් සඳහන් කරලා තියෙන ප්‍රශ්න තුනට මේ Journal එකේ උත්තර ලියන්න.

Keep: මම දිගටම කළ යුතු දේවල් මොනවාද?

Improve: මම තවදුරටත් දියුණු කරගත යුතු දේවල් මොනවාද?

Start: මම අලුතෙන් පටන් ගත යුතු දේවල් මොනවාද?

මේ පුරුද්ද මගින් ඔයාගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන්.

02. පරිපූර්ණ කෙනෙක් වෙන්න අනවශ්‍ය ලෙස උත්සහ කරන්න එපා

ආත්ම විශ්වාසය තියෙන මිනිස්සු හැම වෙලාවකම, හැමදේම පරිපූර්ණව කරන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ Perfect කෙනෙක් වෙන්න උත්සහ කරන්නේ නැහැ වගේම වැරදුණොත් ලැජ්ජා වෙයි කියලා ඔවුන් බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ප්‍රගතිය (progress) ගැන අවධානය යොමු කරනවා. “මම කලින්ට වඩා හොඳට මේ වැඩේ කළා ද?” කියලා ඔවුන් තමන්ගෙන් අහනවා මිසක් “මම මේ වැඩේ perfect විදියට කළා ද?” කියලා හිතන්නේ නැහැ.

ඔයාට පුළුවන් ඔයාගේ දවස අවසානයේ පහත සඳහන් කරලා තියෙන කරුණු ගැන සටහන් කරන්න.

  • අසාර්ථක වූ එක් දෙයක් (උදාහරණ: ඔයාට වැරදුණ වැඩක්)
  • ඔයා අලුතෙන් ඉගෙනගත් දෙයක්
  • නැවත උත්සාහ කරන එක් දෙයක් (උදාහරණ: ඔයා නැවත උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන නමුත් ඔයා අසාර්ථක වුණ දෙයක්)

ඔයා මේ විදියට හැමදාම සටහනක් දාගන්න මේ කරුණු 03 ගැන. එතකොට ඔයාට ටිකෙන් ටික දැනෙන්න ගනීවි ඔයා දියුණු වෙමින් ඉන්නවා, ප්‍රගතියක් ලබමින් ඉන්නවා කියලා. ඒ තුළින් ඔයාට අවබෝධ වෙයි ආත්ම විශ්වාසය කියන්නේ පරිපූර්ණ වීම නෙවෙයි උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් බව විශ්වාස කරන එක කියලා.

03. වෙනස් වෙන්න බය වෙන්න එපා

ජීවිතේ හැමදාම එකම විදියට ගෙවනවා කියන්නේ ඔයා ඔයාට ආරක්ෂිතයි කියලා දැනෙන සීමාවක් තුළ ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් ඔයාට ජීවත් වෙන්න පහසු කලාපයක් (Comfort zone) තුළ ඔයා ජීවත් වෙන්න උත්සහ කරන එක. නමුත් අලුත් අභියෝගවලට මුහුණ දීලා, ඒවා ජයගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. ඔයා හැමදාම එකම විදියට ඉන්න උත්සාහ කළොත්, අලුත් අභියෝගයක් ආවම ඒකට මුහුණ දෙන්න තරම්

Share this post: