ඔයා ඉන්නේ ඍණාත්මක සංස්කෘතියක් සහිත පරිසරයක (Negative Culture) නම්, ඒක ඔයාගේ ආයතනයට වගේම පෞද්ගලික ජීවිතයටත් විශාල සෘණාත්මක බලපෑමක් එල්ල කරනවා. මේ ලිපිය කියවන ඔයා, ආයතනයක යම් අංශයක ප්‍රධානියෙක්, team leader කෙනෙක්, ව්‍යවසායකයෙක්, නායකත්වය දරන ශිෂ්‍ය ශිෂ්‍යාවක් වුණත් වෙන්න පුළුවන්. මේ ලිපියෙන් ඔයාට කියලා දෙන්නේ කොහොමද සෘණාත්මක සංස්කෘතියක් තියෙන තැනක් ධනාත්මක සංස්කෘතියක් (Positive Culture) තියෙන තැනක් බවට පත් කරන්නේ කියන එක. 

මොනම හෝ නායකත්වයක් යම් ස්ථානයක ඔයා දරනවා නම්, අමතක කරන්න එපා මිනිස්සු එන්නේ විවිධාකාර ස්ථානවලින් කියන එක. මිනිස්සු එන්නේ විවිධාකාර ප්‍රශ්න අරගෙන, මිනිස්සු එන්නේ නොයෙකුත් පසුබිම්වලින්. එතකොට මිනිස්සු දන්න දේවල් වෙනස්, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වෙනස්, ඔවුන් හිතන විදිය, ආකල්ප, මේ හැමදෙයක්ම වෙනස්. එතකොට ආයතනයක ධනාත්මක සංස්කෘතියක් දිගුකාලීනව පවත්වාගෙන යන එක අභියෝගාත්මකයි. එහෙමයි කියලා සෘණාත්මක සංස්කෘතිය පෝෂණය වෙන්න ඉඩ දීලා බලාගෙන හිටියොත් ඔයාගේ ආයතනය විතරක් නෙමෙයි ඔයාගේ තනතුරට, ඔයාට පවා හානියක් සිද්ධ වෙනවා.

නායකයෙක් ලෙස කළ යුත්තේ කුමක් ද?

ඍණාත්මක සංස්කෘතියකට ඔයාගේත්, ආයතනයේත් ඵලදායීතාව (productivity), වර්ධනය, සාර්ථකත්වය මේ හැමදෙයක්ම විනාශ කරන්න පුළුවන්. “Leadership is all about communicating how valuable they are and how much potential they have.” නායකයෙක් විදියට ඔයාගේ කණ්ඩායමේ වටිනාකම් ඔයා දැක්කේ නැත්නම්, අගය කළේ නැත්නම් ඔවුන් පවා ඔවුන්ගේ වටිනාකම දකින්නේ නැහැ. හැකි තරම් ඔබේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ වටිනාකම් අගයන්න. හැකියාවන් අගයන්න.

සෘණාත්මක සංස්කෘතියක්, ධනාත්මක සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේදී ඔයා දැනගත යුතු සංකල්ප කීපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවා ද කියලා.

Pygmalion Effect

මෙය මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් (psychological theory). ඒ කියන්නේ, “ඔබ ධනාත්මක දේ අපේක්ෂා කරන්නේ නම්, ඔබ ධනාත්මක දේ සමඟ සම්බන්ධ වනු ඇත.” සරලවම කිව්වොත් ඔයා නායකයෙක් විදියට ඔයාගේ කණ්ඩායම දිහා ධනාත්මක ආකල්පයකින් බලනවා නම් කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන් දෙස බලන්නෙත් ධනාත්මකව. ඒක කණ්ඩායමේ කාර්යසාධනයට සෘජු බලපෑමක් කරනවා. 

උදාහරණයකින් මේ දේ පැහැදිලි කරන්නම්. සමහර managersලා ඉන්නවා තමන්ගේ කණ්ඩායමේ achievements වැඩිපුර වර්ණනා කරනවා. වැරදි වුණොත් අඩුවෙන් විවේචනය කරනවා. සමස්තයක් හැටියට positive confidence vibe එකක් සමස්ත කණ්ඩායම තුළම ඇති වෙන්න ඒක හේතු වෙනවා. මේ සිද්ධාන්තය මොන තරම් ප්‍රායෝගික ද කියන එක ගැන අදහසක් ගන්න මේ කතාව කියවලා බලන්න.

පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගන්න ලකුණු සංඛ්‍යාව අනුව ඔවුන් A, B, C කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. 

A – ලකුණු 80කට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ (excellent)

B – ලකුණු 50ත් 80ත් අතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ (average)

C – ලකුණු 50කට අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ (poor)

දැන් මේ කොටස් තුනෙන් A කියන්නේ දක්ෂයින් අයත් වන

Share this post: