Copy කළ හැක සම කළ නොහැක කිව්වට ඔයාගේ Business එක තව කෙනෙක් Copy කරලා පටන් ගත්තොත් ඒක ඔයාට තර්ජනයක් වෙන්න තියෙන ඉඩ වැඩියි නේද? Loku Business Blog එකෙන් මේ කියලා දෙන්න යන්නේ Copy කරන්න හිතන්නවත් බැරි විදියට තමන්ගේ ව්‍යාපාරයට Monopoly එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන. මේක Blue Ocean Strategy එක විදියට හඳුන්වනවා.
ඔයා විසිතුරු පැළ විකුණන Business එකක් පොඩියට පටන් ගත්තා කියලා හිතන්න. ඔයාට Sales හොඳට එන්න පටන් අරන් හැමෝම ඒ ගැන කතා වෙන තැනට ව්‍යාපාරය දියුණු වුණා කියලා හිතමු. ඉන්පස්සේ හතු පිපෙන්න වගේ ඔයාගේ වටපිටාවේ කීප දෙනෙක්ම විසිතුරු පැළ විකුණන්න පටන් ගන්නවා. දැන් තමයි Game එක පටන් ගන්නේ. ඔයා මුලින් Business එක පටන් ගත්තත් දැන් වැඩිම Sales තියෙන්නේ ඔයාව Copy කරලා Business එක පටන් ගත්ත කෙනෙක්ට වෙන්න පුළුවන්.
මෙන්න මේ වගේ අවස්ථාවල සමහර පුද්ගලයෝ මානසිකව කඩා වැටෙනවා, Game එක අතහරිනවා. කොහොමද ව්‍යාපාරයට Entry Barrier එකක් නිර්මාණය කරලා Copy කරන්න අවස්ථාව අහුරලා Monopoly එකක් ගොඩනගා ගන්නේ කියලා Technique 09ක් ඔස්සේ ඔයාට දැන් දැනගන්න පුළුවන්.
Coca-Cola නිෂ්පාදනයට යොදාගන්න Syrup එකට කාබනේට් ජලය එකතු කරලා තමයි Coca-Cola ආයතනය ඒ බීම එක නිෂ්පාදනය කරන්නේ. ඒත් ඒ සිරප් එක හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනවද, කොහොමද ඒක හදන්නේ කියලා දන්නේ ආයතනයේ කිහිප දෙනෙක් විතරයි. ඒ නිසා ඒ සිරප් එක Coca-Cola ආයතනයේ Intellectual Property එකක් එහෙම නැත්නම් බුද්ධිමය දේපළක් වෙනවා.
Pharmaceutical Industry එක ගත්තොත් නිෂ්පාදනය කරන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ 2කට අයත් වෙනවා.
Generic Medicines ඕනම කෙනෙක්ට නිෂ්පාදනය කරන්න අයිතිය තිබෙනවා. නමුත් Molecule Medicines නිෂ්පාදනය කරන්න අයිතිය ඕනම කෙනෙක්ට හිමි වෙන්නේ නැහැ. ඒකට හේතුව යම් බෙහෙතකට අවශ්‍ය අණුවක් Research කරලා හොයාගෙන ඒකට පේටන්ට් අයිතිය අදාළ සමාගම විසින් ලබා ගන්නවා. එතකොට ඒ බෙහෙත ඔවුන්ගේ බුද්ධිමය දේපළක් වෙන නිසා වෙන සමාගමකට ඒක නිෂ්පාදනය කරන්න අයිතියක් හිමි වෙන්නේ නැහැ.
Microsoft Windows කියන්නේ, Microsoft සමාගමේ බුද්ධිමය දේපළක්. ඒ Technology එකම තවත් සමාගමක සේවාවක් විදියට ලබා දෙන්න හැකියාවක් නැහැ.
මේ කිව්ව විදියට රහසිගත තොරතුරු (Confidential Information), Patent එක වගේ ඔයාගේ ව්‍යාපාරය තවත් කෙනෙක්ට Copy කරන්න බැරි වෙන Entry Barriers තව තියෙනවා. Domain Names, Industrial Designs, Inventions, Database Rights, Logo, Trademark, Design Rights, Commercial Secrets, වගේ ඕනම දෙයක් ව්‍යාපාරයක Intellectual Property එකක් වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ මේ වගේ Intellectual Properties තියෙනවා නම් ඒවා Entry Barrier එකක් විදියට යොදාගන්න ඔයාට පුළුවන්.
Nokia කාලයක් ජනප්‍රියවෙලා තිබුණත් පසුකාලීනව ඔවුන් අසාර්ථක වුණා. ඒකට හේතුව වුණේ Nokia සමාගම හිතුවා ජංගම දුරකතනයක් මිල දී ගන්න පුද්ගලයෙක් කඩයකට ගියොත් ඉල්ලන්නේ Nokia Phone එකක් විතරයි කියලා. ඒ නිසා Nokia Phones Distribute කරන Network එක, ඒ කියන්නේ Mobile Phone Shop Ownersලා ඇතුළු Retailersලාට ලොකු ලාභයක් ලැබෙන විදියට ගනුදෙනු කරන්න Nokia සමාගම උත්සහ කළේ නැහැ. Nokia සමාගමේ මේ දුර්වලකම Oppo
Copy කළ හැක සම කළ නොහැක කිව්වට ඔයාගේ Business එක තව කෙනෙක් Copy කරලා පටන් ගත්තොත් ඒක ඔයාට තර්ජනයක් වෙන්න තියෙන ඉඩ වැඩියි නේද? Loku Business Blog එකෙන් මේ කියලා දෙන්න යන්නේ Copy කරන්න හිතන්නවත් බැරි විදියට තමන්ගේ ව්‍යාපාරයට Monopoly එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන. මේක Blue Ocean Strategy එක විදියට හඳුන්වනවා.
ඔයා විසිතුරු පැළ විකුණන Business එකක් පොඩියට පටන් ගත්තා කියලා හිතන්න. ඔයාට Sales හොඳට එන්න පටන් අරන් හැමෝම ඒ ගැන කතා වෙන තැනට ව්‍යාපාරය දියුණු වුණා කියලා හිතමු. ඉන්පස්සේ හතු පිපෙන්න වගේ ඔයාගේ වටපිටාවේ කීප දෙනෙක්ම විසිතුරු පැළ විකුණන්න පටන් ගන්නවා. දැන් තමයි Game එක පටන් ගන්නේ. ඔයා මුලින් Business එක පටන් ගත්තත් දැන් වැඩිම Sales තියෙන්නේ ඔයාව Copy කරලා Business එක පටන් ගත්ත කෙනෙක්ට වෙන්න පුළුවන්.
මෙන්න මේ වගේ අවස්ථාවල සමහර පුද්ගලයෝ මානසිකව කඩා වැටෙනවා, Game එක අතහරිනවා. කොහොමද ව්‍යාපාරයට Entry Barrier එකක් නිර්මාණය කරලා Copy කරන්න අවස්ථාව අහුරලා Monopoly එකක් ගොඩනගා ගන්නේ කියලා Technique 09ක් ඔස්සේ ඔයාට දැන් දැනගන්න පුළුවන්.
1. Intellectual Property Right
Coca-Cola නිෂ්පාදනයට යොදාගන්න Syrup එකට කාබනේට් ජලය එකතු කරලා තමයි Coca-Cola ආයතනය ඒ බීම එක නිෂ්පාදනය කරන්නේ. ඒත් ඒ සිරප් එක හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනවද, කොහොමද ඒක හදන්නේ කියලා දන්නේ ආයතනයේ කිහිප දෙනෙක් විතරයි. ඒ නිසා ඒ සිරප් එක Coca-Cola ආයතනයේ Intellectual Property එකක් එහෙම නැත්නම් බුද්ධිමය දේපළක් වෙනවා.
Pharmaceutical Industry එක ගත්තොත් නිෂ්පාදනය කරන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ 2කට අයත් වෙනවා.
- Generic Medicines
- Molecule Medicines
Generic Medicines ඕනම කෙනෙක්ට නිෂ්පාදනය කරන්න අයිතිය තිබෙනවා. නමුත් Molecule Medicines නිෂ්පාදනය කරන්න අයිතිය ඕනම කෙනෙක්ට හිමි වෙන්නේ නැහැ. ඒකට හේතුව යම් බෙහෙතකට අවශ්‍ය අණුවක් Research කරලා හොයාගෙන ඒකට පේටන්ට් අයිතිය අදාළ සමාගම විසින් ලබා ගන්නවා. එතකොට ඒ බෙහෙත ඔවුන්ගේ බුද්ධිමය දේපළක් වෙන නිසා වෙන සමාගමකට ඒක නිෂ්පාදනය කරන්න අයිතියක් හිමි වෙන්නේ නැහැ.
Microsoft Windows කියන්නේ, Microsoft සමාගමේ බුද්ධිමය දේපළක්. ඒ Technology එකම තවත් සමාගමක සේවාවක් විදියට ලබා දෙන්න හැකියාවක් නැහැ.
මේ කිව්ව විදියට රහසිගත තොරතුරු (Confidential Information), Patent එක වගේ ඔයාගේ ව්‍යාපාරය තවත් කෙනෙක්ට Copy කරන්න බැරි වෙන Entry Barriers තව තියෙනවා. Domain Names, Industrial Designs, Inventions, Database Rights, Logo, Trademark, Design Rights, Commercial Secrets, වගේ ඕනම දෙයක් ව්‍යාපාරයක Intellectual Property එකක් වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ මේ වගේ Intellectual Properties තියෙනවා නම් ඒවා Entry Barrier එකක් විදියට යොදාගන්න ඔයාට පුළුවන්.
2. Distribution Network
Nokia කාලයක් ජනප්‍රියවෙලා තිබුණත් පසුකාලීනව ඔවුන් අසාර්ථක වුණා. ඒකට හේතුව වුණේ Nokia සමාගම හිතුවා ජංගම දුරකතනයක් මිල දී ගන්න පුද්ගලයෙක් කඩයකට ගියොත් ඉල්ලන්නේ Nokia Phone එකක් විතරයි කියලා. ඒ නිසා Nokia Phones Distribute කරන Network එක, ඒ කියන්නේ Mobile Phone Shop Ownersලා ඇතුළු Retailersලාට ලොකු ලාභයක් ලැබෙන විදියට ගනුදෙනු කරන්න Nokia සමාගම උත්සහ කළේ නැහැ. Nokia සමාගමේ මේ දුර්වලකම Oppo සහ Vivo කියන Brands එයාලගේ වාසියට හරවගත්තේ ඒ අතරතුරදි. Nokia සමාගම ලොකු ලාභයක් නොදුන්නට, Oppo සහ Vivo Phones විකුණලා දෙනවා නම් Retailersලාට ලොකු ලාභයක් දෙන්න ඒ සමාගම් සූදානම් වුණා. ඒ නිසා Oppo සහ Vivo Brands දෙකටම Loyal Distribution Network එකක් හදාගන්න හැකියාව ලැබුණා.
ඔයාගේ ව්‍යාපාරය ගනුදෙනු කරන Distribution Network එක ගැන අධ්‍යයනය කළොත් Entry Barrier එකක් හදාගන්න සුදුසු සම්බන්ධතා ඔයාටත් හොයාගන්න පුළුවන් වෙයි.
3. Exclusive Rights
ඔයා International Brand එකක් එක්ක ගිවිසුමකට ආවොත් ඔයා විතරයි ඒ Brand එක ලංකාවේ විකුණන්නේ. වෙන කෙනෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ Brand එක ලංකාවේ විකුණන්න. උදාහරණයක් විදියට Nike සපත්තු ලංකාවේ විකුණන්න ඒ සමාගම එක්ක ඔයා ගිවිසුම් අත්සන් කළොත් ඒක ඔයාටම විශේෂ වුණ අයිතියක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා වෙන කෙනෙක්ට Nike සපත්තු ලංකාවේ විකුණන්න අවස්ථාව අහිමි වෙන විදියට Entry Barrier එකක් නිර්මාණය වෙනවා.
4. Economies of Scale
ඔයාගේ ව්‍යාපාරයේ තරගකරුවෙක්ට විකුණගන්න බැරි තරම් ප්‍රමාණයකින් ඔයාගේ නිෂ්පාදන විකුණන්න ඔයාට තියෙන හැකියාව ගැන තමයි මේ Technique එකෙන් කියන්නේ. මේ විදියට ලොකු Quantity එකක් විකුණන්න පුළුවන්කම තියෙනවා නම් ඔයාගේ නිෂ්පාදනවල මිල අඩු කරන්න, නිෂ්පාදන පිරිවැය අවම කරගන්න වගේම හොඳ ලාභයක් ලබන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා.
SuperMarket Field එකේ දැවැන්තයෙක් බවට Walmart ආයතනය පත්වුණෙත් Economies of Scale කියන Entry Barrier එක හදාගන්න එයාලට හැකි වුණ නිසා. වෙන SuperMarket එකකට හිතාගන්න බැරි තරමේ Quantity එකක් Oder කරන්න Walmart ආයතනයට කටයුතු කරන්න හැකියාව ලැබුණා එයාලට හොඳට Sales තිබුණ නිසා.
5. High Capital Investment
අනෙක් තරගකරුවන්ට සාපේක්ෂව ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරන්න හැකියාවක් තියෙනවා නම් මේ Technique එක පාවිච්චි කරලා Entry Barrier එකක් නිර්මාණය කරගන්න ඔයාට පුළුවන්.
මුකේෂ් අම්බානි Jio Brand එක වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ දෙකහමාරක ආයෝජනයක් කළා. ඒ වෙනකොට 3G Technology එක අලෙවි කළ සමාගම් අතරේ Jio විතරයි 4G Technology අලෙවි කළේ. ඒක කළේ කොහොමද කියන එක ගැන Loku Business Blog එකේ වෙනම ලිපියක් තියෙනවා. ඔයාට පුළුවන් ඒකත් කියවන්න.
6. Excellent Customer Service
ඔයාගේ ව්‍යාපාරය එතරම් විශාලව ව්‍යාප්ත වුණ එකක් නෙමෙයි නම් ඔයාට හොඳ පාරිභෝගික සේවාවක් දෙන්න අපහසුවක් නැහැ. ඒත් ඔයාගේ ව්‍යාපාරය ටිකක් පුළුල් වුණොත් හොඳ පාරිභෝගික සේවාවක් කලින් වගේ දෙන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ බාධාව නොසලකා ඉතාම හොඳ මට්ටමේ පාරිභෝගික සේවාවක් ඔයාගේ හැම පාරිභෝගිකයෙකුටම දෙන්න පුළුවන් නම් එතැනත් Entry Barrier එකක් නිර්මාණය වෙනවා.
Starbucks ව්‍යාපාරය ඉතාම වේගවත්ව පුළුල් කරන්න පටන්ගත්තම මුලදි දුන්නා වගේ හොඳ තත්ත්වයේ පාරිභෝගික සේවාවක් දෙන්න මේ ව්‍යාපාරයට බැරි වුණා. මේ ගැන පාරිභෝගික පැමිණිලි පවා එන්න එන්නම වැඩි වුණා. මේ නිසා Starbucks සමාගමට ඔවුන්ගේ Outlets ගණනාවක් වහලා දාන්නත් සිද්ධ වුණා. මේ අඩුපාඩුව වෙන්න නොදී ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒකත් ඔයාගේ ව්‍යාපාරයේ Monopoly එකක් ගොඩනගාගන්න හේතු වෙනවා.
7. Network Effect
Facebook සමාගමට තරගයක් විදියට තවත් සමාගමකට එන්න හැකියාව තියෙනවා. ඒත් ඒ විදියේ තරගකරුවෙක් ඔයාට දකින්න ලැබිලා තියෙනවා ද? හැකියාව තිබියදීත් තරගකරුවෙක් නිර්මාණය නොවෙන්න හේතුව තමයි Facebook සමාගම ගොඩනගාගෙන තියෙන Network Effect එක. ලෝකයේ බිලියන ගණනක ජනතාවක් භාවිත කරන Facebook වෙනුවට ඒ හා සමාන වෙනත් Platform එකක් ආවොත් මේ බිලියන ගාණම ඒ Platform එකට මාරු වේවි කියලා හිතන්න අමාරුයි. එහෙම වුණොත් ඔයා ඇතුළු හැමෝටම අලුතෙන් යාළුවන්ව Add කරගන්න, Page හදන්න, Follow කරන්න වෙනවා. එතකොට කවුරුත් කැමති වෙන්නේ නැහැ තමන් කාලයක් තිස්සේ ගොඩනගාගත්ත Network එකක් අතහැරලා අලුත් එකකට යන්න.
Amazon, Netflix, Whatsapp, Instagram වගේ Platforms රැසක් මේ Network Effect එක පාවිච්චි කරලා Entry Barriers හදාගෙන තියෙනවා. කිසිම ආදායමක් ඉපැයුවේ නැති Whatsapp කියන App එකට Usersලා බිලියන 2ක් හිටියා. වෙන Messaging App එකකට නැති තරම් Usersලා සංඛ්‍යාවක් නිසා නිර්මාණය වෙලා තිබුණ මේ Network එක ගොඩක් වටිනා අවස්ථාවක් බව Facebook නිර්මාතෘ Mark Zuckerberg දැනගෙන හිටියා. ඩොලර් බිලියන 10ක් ගෙවලා Whatsapp අරගන්න Mark Zuckerberg කටයුතු කළේ Network Effect එක නිසා නිර්මාණය වුණ Entry Barrier එක හඳුනාගත්ත නිසයි.
8. Brand Equity
අපි අහලා දැකලා තියෙන දෙයක් තමයි රෙදි සෝදන සබන් කැටයක් ඕන වුණාම ගොඩක් දෙනා කඩෙන් ඉල්ලන්නේ සන්ලයිට් කැටයක් දෙන්න කියලා. දන්තාලේප අවශ්‍ය වුණොත් ඉල්ලන්නේ සිග්නල් එකක් දෙන්න කියලා. ඒත් සන්ලයිට්, සිග්නල් කියන්නේ Brand Names. මේ වගේම තමයි සෙරෙප්පුවලට ගොඩක් අය කියන්නේ බාටා කියලා, ඔළුවේ කැක්කුමට බෙහෙතක් ඕන නම් පැනඩෝල් තියෙනවද කියලා අහන්නේ. මේ විදියට ඔයාගේ Brand එක Brand Equity එකක් විදියට දිගුකාලීනව ඉදිරියට අරන් යන්න පුළුවන් නම් එතැන ඔයාට Entry Barrier එකක් සාර්ථකව නිර්මාණය කරගන්න පුළුවන්.
9. Loyalty Beyond Logic
මේ Technique එකෙන් අදහස් වෙන්නේ, ඔයාගේ Brand එකට වඩා හොඳ නිෂ්පාදනයක් වෙළඳ පොළට ආවත් ඔයාගේ Brand එකම මිල දී ගන්න තැනට පාරිභෝගිකයා පත්වෙන එක ගැන. ඇඟේ තියෙන වේදනාවකට ගාන්න සිද්ධාලේප නැත්නම් වෙන කිසිම Brand එකක් මිල දී නොගන්න පාරිභෝගිකයෝ ඉන්නවා. ඇට්ලස් චූටි පෑන් විතරක්ම පාවිච්චි කරන අය, තේ කොළ නම් වටවල විතරක්, ලාඕජී විතරක්ම බොන අය සමාජයේ ඉන්නවා. මේකට හේතුව ඒ ඒ Brands වටා ගොඩනැගිලා තියෙන Loyalty එක.
මේක කෙටි කාලයකින් කරන්න ටිකක් අපහසු දෙයක් වුණත් උත්සහ කළොත් ඔයාටත් ඔයාගේ ව්‍යාපාරයට මේ හරහා Entry Barrier එකක් නිර්මාණය කරගන්න පුළුවන්.
මේ Technique 09න් එකක් හෝ කීපයක් ඔයාගේ ව්‍යාපාරයට Apply කරන්න හැකියාව දැනටමත් ඇති. ඒත් ඔයා මෙච්චර කාලයක් ඒ ගැන දැනුවත්වෙලා ඉන්නේ නැතුව ඇති. මේ දේවල් ගැන හිතලා ඔයාගේ ව්‍යාපාරය, Brand එක තවත් කෙනෙක්ට Copy කරන්න හිතන්නවත් බැරි වෙන්න ගොඩනගාගන්න ඔයාට පුළුවන්.
යෝධ සන්නාමයක් බවට ඔයාගේ Brand එක හදන්න අවශ්‍ය දැනුම තව වැඩිදියුණු කරගන්න ඕන නම් පහළ තියෙන Link එක Click කරන්න.https://school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_ghpjvsre