ව්‍යාපාරයක් ගැන අදහසක් (Business Idea) තිබෙන කෙනෙක්, ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් විදියට ඔයාට ආයෝජනයක් අවශ්‍ය වුණාම ආයෝජකයෙක් ළඟට ගිහින් ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න, වෙනත් විදියකට කිව්වොත් Pitch එකක් කරන්න ඔයාට සිදු වෙනවා. යාළුවෙක්ගෙන් හෝ නෑදෑයෙක්ගෙන් මුදල් ඉල්ලනවා වගේ නෙවෙයි, ආයෝජකයෙක්ව ඒ සඳහා කැමති කරවාගන්න සුවිශේෂ වූ උපක්‍රම සහ ක්‍රමවේදයක් අවශ්‍යයි.

ඔයාගේ අදහස කොච්චර හොඳ එකක් වුණත්, ඒක ආයෝජකයෙක් ඉදිරියේ හරියට පැහැදිලි කරන්න බැරි වුණොත්, ඔයාට ආයෝජනය ලැබෙන්නේ නැහැ. ආයෝජකයෙක්ගේ කැමැත්ත ලැබෙන විදියට කොහොමද හරියට Pitch එකක් කරන්නේ කියන එක ගැන අපි දැන් බලමු.

සාර්ථක Pitch එකක් කියන්නේ මොන වගේ දෙයක් ද?

ඔයාගේ ව්‍යාපාරික අදහස හෝ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා ආයෝජනයක් ලබා ගැනීමට ආයෝජකයෙකු ඉදිරියේ Pitch එකක් කරන විට එය ඔහුගේ/ ඇයගේ හිතට වදින ලෙස පැවසීමට ඔයාට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, “මෙයාගේ බිස්නස් එක වෙනුවෙන් invest කරන්නම ඕන, මේක අතහරින්න හොඳ නැහැ” කියලා ආයෝජකයාට හිතෙන විදියට ඒ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.

මෙතැනදි ආයෝජකයාට දැනෙන්න ඕන ඔයාගේ ව්‍යාපාරය සඳහා ආයෝජනය කළාම ඒකෙන් තමන්ට පාඩුවක් වෙන්නේ නැහැ, තමන් යොදවන මුදල වෙනුවෙන් සාධාරණ මුදලක් ඔයාගේ ව්‍යාපාරය හරහා ආයෝජකයාට ලැබෙනවා කියන එක.

සාමාන්‍යයෙන් එක් ආයෝජකයෙක් ව්‍යාපාරිකයන් සිය ගණනකගේ ඉදිරිපත් කිරීම්වලට ඇහුම්කන් දෙනවා. දවසකට Pitch ගණනාවක් අහන ආයෝජකයෙක්ට ඔයාගේ Pitch එක හොඳින් මතකයේ රැඳෙන එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ආයෝජකයා විසින් එදා දවසේ ඇහුම්කන් දුන්න Pitch අතර ඔයාගේ Pitch එක තවත් එක Pitch එකක් විතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයා ඉදිරිපත් කරන්න යන දේ කොච්චර සංකීර්ණ වුණත් ඒක ආයෝජකයෙක්ට තේරෙන සරල භාෂාවකින් ඉදිරිපත් කිරීම තමයි වැදගත්ම දේ. බොහෝ වෙලාවට මිලියන ගණනක වටිනාකමක් තියෙන අදහස් වුණත් ආයෝජකයන්ට තේරුම් ගන්න බැරි වුණොත් ඒවට ආයෝජනය කරන්න ඔවුන් කැමති වෙන්නේ නැහැ.

ඒ නිසා ඔයාගේ Pitch එක ඉතාම සරලව, ආයෝජයකයන්ට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්, ඔවුන්ගේ හිතට වදින ලෙස සහ මතකයේ රැඳෙන ලෙස ඉදිරිපත් කරන්න ඕන.

ආයෝජකයා ගැන අධ්‍යයනය කරන්න

ව්‍යාපාර අදහසක් ඉදිරිපත් කරන්න කලින්, ඔයා මුලින්ම ඔයාගේ ආයෝජකයාව තේරුම් ගන්න ඕන. හැම ආයෝජකයෙක්ම එකම දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ආයෝජකයෝ තාක්ෂණික කරුණු ගැන උනන්දුයි. තවත්

Share this post: