අපි හැමෝම ජීවිතයේ යම් අවස්ථාවක Overthinkingවලට ගොදුරු වෙන්න පුළුවන්. සරලව කිව්වොත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා හිතන එක තමයි Overthinking කියලා කියන්නේ. යම් යම් කාරණා ගැන ඔයාගේ හිතට එන සිතුවිලි අනවශ්‍ය විදියට දිගින් දිගටම හිතලා ඒ සිතුවිලි අනවශ්‍ය තරම් දුරකට ඔයා විසින් අරන් යන එක මෙතැනදි වෙනවා. සමහර වෙලාවට ඔයා දිගින් දිගටම හිතන කාරණය ඔයා හිතනවා තරම් ගැටලුකාරී විදියකට දුරදිග යන එකක් නොවෙන්න පුළුවන්. ඔයත් ඒ ගැන හොඳටම දන්නවා. ඒත් ඔයා ඒ ගැන සීමාව ඉක්මවලා හිතනවා. ඔයා Overthink කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඒක මොන තරම් විශාල ආතතියක් ද කියන එක.
ඔයාගේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතේ වෙන්න පුළුවන් පොඩි දෙයක් පවා සාමාන්‍යයෙන් ඔයා ලොකු කරගෙන හිතනවා ඇති. අවසානයේදී ඕනවට වඩා හිතලා හිතලා ඔයා ආතතියට පත්වෙලා, Anxiety එකක් දක්වා ඒ දේවල් වර්ධනයවෙලා ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. Nick Trenton විසින් රචිත Stop Overthinking කියන පොත ඇසුරෙන් Overthinking කියන්නේ මොකක්ද, ඇයි මේක ඔයාගේ ජීවිතයට අහිතකර වෙන්නේ සහ කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එක ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
Overthinking කියන්නේ, මානසික පුරුද්දක් (Mental Habit) එකක්. මෙතැනදි ඔයා එකම දෙයක් ගැන නැවත නැවත හිතන එක පුරුද්දක් වෙලා තියෙනවා. ඒ නැවත නැවත හිතන එකෙන් ඒ ප්රශ්නය විසඳන්න ඔයාට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ඒත් ඔයා එක දිගටම ඒ ගැන හිතනවා. මේකට විද්‍යාත්මකව කියන්නේ ඔයාගේ මොළය Brain Loop එකක හිරවෙලා (Stuck) කියලා. චිත්‍රපටයක් Replay වෙනවා වගේ ඔයාගේ ඔළුවේ එකම කාරණයක් නැවත නැවතත් වැඩ කරනවා.
මේ විදියට Brain Loop එකක ඔයා හිරවෙලා ඉන්නකොට ඔයාට එකම දෙයක් ගැන හිතලා හිතලා ලොකු ආතතියක් දැනෙන්න ගන්නවා. ඒ වගේම Anxiety එකක්, ඒ කියන්නේ කාංසා ස්වභාවයක් ඇති වෙනවා. ඊට අමතරව ඔයාට ජීවිතේ හරි මහන්සියි වගේ සෘණාත්මක හැඟීම් එන්න ගන්නවා. මේ දේවල් එක්ක ඔයාට වැඩක් හරියට කරගන්නත් අමාරු වෙනවා. වැඩ කරන්න වෙලාව මදි වගේ දැනෙන්න ගන්නවා. මොකද ඔයා එකම දෙයක් ගැන වද වෙවී දිගටම හිතන්න ගත්තම ඔයාගේ මානසිකත්වය පවා සෞඛ්‍යසම්පන්න මට්ටමක නැති නිසා ඔයාගේ වැඩ පවා පාඩු වෙනවා.
මේකේ භයානකම පැත්ත තමයි ඔයා Overthink කර කර හිතන්නේ, Brain Loop එකක හිරවෙලා ඉන්නේ බොහෝ විට ඔයාට පාලනය කරන්න බැරි දෙයක් සම්බන්ධයෙන්. ඔයා දන්නවා ඔයාට ඒකට කිසි දෙයක් කරන්න බැහැ කියලා. ඒත් ඔයා ඒකමයි හිතන්නේ. ඒක තමයි තියෙන භයානකම පැත්ත. මේ නිසා ඔයාගේ Energy එක අඩු වෙන්න ගන්නවා, ඔයාගේ කාර්යක්ෂමතාව අඩු වෙනවා, ඔයා Stress වෙනවා වගේම ලෙඩ වෙන්න ගන්නවා.
උදාහරණයක් විදියට හිතන්න, ඔයා Job Interview එකකට ගියා කියලා. එතැනදි ඇහුව දේවල්වලට ඔයා හොඳට උත්තර දීලා ඒ වැඩේ ඉවරවෙලා ඔයා ගෙදර යනවා. දැන් ඔයාට Interview එකට අදාළව තිබුණ වැඩ කොටස ඉවරයිනේ. ඔයාට තියෙන්නේ හොඳට ඒකට මූණ දෙන එක විතරයි. ඉතුරු වැඩ ටික ඒ ආයතනය අතේ තියෙන්නේ. ඒත් ඔයා කරන්නේ ගෙදර ආවට පස්සෙත් ඒ ගැනම හිතනවා. “අපරාදේ අර ප්‍රශ්නෙට මට මෙහෙම කියන්න තිබුණා, මම Good morning කියන එක කිව්වේ ටිකක් හෙමින්, ඒක ඇහුණ ද දන්නේ නෑ, මම එයාලට ප්‍රතිචාරයක් දුන්නේ නෑ වගේ හිතෙන්න ඇති ඒ නිසා, මාව ගනීවි ද දන්නෙ නෑ,” මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයා දිගින් දිගට හිතන්න ගන්නවා කියලා හිතමු. ඇත්තටම මේක දැන් ඔයාගේ පාලනයේ තියෙන දෙයක් නෙමෙයි.
ඒ වගේම තමයි විභාගයකට මුහුණ දුන්නට පස්සේ සමහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වගේම වැඩිහිටි පුද්ගලයෝ පවා ලිව්ව උත්තර හරි ද දන්නේ නෑ කියලා අනවශ්‍ය විදියට ඒ ගැන හිතනවා. විභාගෙට මූණ දීලා ඉවර වුණාට පස්සේ වැඩ කොටස ඔයාගේ පාලනයෙන් තොරයි. ඒත් ඔයා Brain Loop එකක හිරවෙලා ඒ ගැනම හිතනවා.
ඕනෑවට වඩා හිතන එකෙන් මිදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලමු Overthinkingවලට හේතු වෙන කාරණා මොනවද කියලා.
අපි හැමෝම ජීවිතයේ යම් අවස්ථාවක Overthinkingවලට ගොදුරු වෙන්න පුළුවන්. සරලව කිව්වොත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා හිතන එක තමයි Overthinking කියලා කියන්නේ. යම් යම් කාරණා ගැන ඔයාගේ හිතට එන සිතුවිලි අනවශ්‍ය විදියට දිගින් දිගටම හිතලා ඒ සිතුවිලි අනවශ්‍ය තරම් දුරකට ඔයා විසින් අරන් යන එක මෙතැනදි වෙනවා. සමහර වෙලාවට ඔයා දිගින් දිගටම හිතන කාරණය ඔයා හිතනවා තරම් ගැටලුකාරී විදියකට දුරදිග යන එකක් නොවෙන්න පුළුවන්. ඔයත් ඒ ගැන හොඳටම දන්නවා. ඒත් ඔයා ඒ ගැන සීමාව ඉක්මවලා හිතනවා. ඔයා Overthink කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඒක මොන තරම් විශාල ආතතියක් ද කියන එක.
ඔයාගේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතේ වෙන්න පුළුවන් පොඩි දෙයක් පවා සාමාන්‍යයෙන් ඔයා ලොකු කරගෙන හිතනවා ඇති. අවසානයේදී ඕනවට වඩා හිතලා හිතලා ඔයා ආතතියට පත්වෙලා, Anxiety එකක් දක්වා ඒ දේවල් වර්ධනයවෙලා ලෙඩ වෙන එක විතරයි වෙන්නේ. Nick Trenton විසින් රචිත Stop Overthinking කියන පොත ඇසුරෙන් Overthinking කියන්නේ මොකක්ද, ඇයි මේක ඔයාගේ ජීවිතයට අහිතකර වෙන්නේ සහ කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එක ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
Overthinking කියන්නේ මොකක්ද?
Overthinking කියන්නේ, මානසික පුරුද්දක් (Mental Habit) එකක්. මෙතැනදි ඔයා එකම දෙයක් ගැන නැවත නැවත හිතන එක පුරුද්දක් වෙලා තියෙනවා. ඒ නැවත නැවත හිතන එකෙන් ඒ ප්රශ්නය විසඳන්න ඔයාට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ඒත් ඔයා එක දිගටම ඒ ගැන හිතනවා. මේකට විද්‍යාත්මකව කියන්නේ ඔයාගේ මොළය Brain Loop එකක හිරවෙලා (Stuck) කියලා. චිත්‍රපටයක් Replay වෙනවා වගේ ඔයාගේ ඔළුවේ එකම කාරණයක් නැවත නැවතත් වැඩ කරනවා.
මේ විදියට Brain Loop එකක ඔයා හිරවෙලා ඉන්නකොට ඔයාට එකම දෙයක් ගැන හිතලා හිතලා ලොකු ආතතියක් දැනෙන්න ගන්නවා. ඒ වගේම Anxiety එකක්, ඒ කියන්නේ කාංසා ස්වභාවයක් ඇති වෙනවා. ඊට අමතරව ඔයාට ජීවිතේ හරි මහන්සියි වගේ සෘණාත්මක හැඟීම් එන්න ගන්නවා. මේ දේවල් එක්ක ඔයාට වැඩක් හරියට කරගන්නත් අමාරු වෙනවා. වැඩ කරන්න වෙලාව මදි වගේ දැනෙන්න ගන්නවා. මොකද ඔයා එකම දෙයක් ගැන වද වෙවී දිගටම හිතන්න ගත්තම ඔයාගේ මානසිකත්වය පවා සෞඛ්‍යසම්පන්න මට්ටමක නැති නිසා ඔයාගේ වැඩ පවා පාඩු වෙනවා.
මේකේ භයානකම පැත්ත තමයි ඔයා Overthink කර කර හිතන්නේ, Brain Loop එකක හිරවෙලා ඉන්නේ බොහෝ විට ඔයාට පාලනය කරන්න බැරි දෙයක් සම්බන්ධයෙන්. ඔයා දන්නවා ඔයාට ඒකට කිසි දෙයක් කරන්න බැහැ කියලා. ඒත් ඔයා ඒකමයි හිතන්නේ. ඒක තමයි තියෙන භයානකම පැත්ත. මේ නිසා ඔයාගේ Energy එක අඩු වෙන්න ගන්නවා, ඔයාගේ කාර්යක්ෂමතාව අඩු වෙනවා, ඔයා Stress වෙනවා වගේම ලෙඩ වෙන්න ගන්නවා.
උදාහරණයක් විදියට හිතන්න, ඔයා Job Interview එකකට ගියා කියලා. එතැනදි ඇහුව දේවල්වලට ඔයා හොඳට උත්තර දීලා ඒ වැඩේ ඉවරවෙලා ඔයා ගෙදර යනවා. දැන් ඔයාට Interview එකට අදාළව තිබුණ වැඩ කොටස ඉවරයිනේ. ඔයාට තියෙන්නේ හොඳට ඒකට මූණ දෙන එක විතරයි. ඉතුරු වැඩ ටික ඒ ආයතනය අතේ තියෙන්නේ. ඒත් ඔයා කරන්නේ ගෙදර ආවට පස්සෙත් ඒ ගැනම හිතනවා. “අපරාදේ අර ප්‍රශ්නෙට මට මෙහෙම කියන්න තිබුණා, මම Good morning කියන එක කිව්වේ ටිකක් හෙමින්, ඒක ඇහුණ ද දන්නේ නෑ, මම එයාලට ප්‍රතිචාරයක් දුන්නේ නෑ වගේ හිතෙන්න ඇති ඒ නිසා, මාව ගනීවි ද දන්නෙ නෑ,” මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයා දිගින් දිගට හිතන්න ගන්නවා කියලා හිතමු. ඇත්තටම මේක දැන් ඔයාගේ පාලනයේ තියෙන දෙයක් නෙමෙයි.
ඒ වගේම තමයි විභාගයකට මුහුණ දුන්නට පස්සේ සමහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වගේම වැඩිහිටි පුද්ගලයෝ පවා ලිව්ව උත්තර හරි ද දන්නේ නෑ කියලා අනවශ්‍ය විදියට ඒ ගැන හිතනවා. විභාගෙට මූණ දීලා ඉවර වුණාට පස්සේ වැඩ කොටස ඔයාගේ පාලනයෙන් තොරයි. ඒත් ඔයා Brain Loop එකක හිරවෙලා ඒ ගැනම හිතනවා.
ඕනෑවට වඩා හිතන එකෙන් මිදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලමු Overthinkingවලට හේතු වෙන කාරණා මොනවද කියලා. එතකොට ඔයාට හොඳ අවබෝධයකින් ඒවාගෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා.
Overthinkingවලට හේතු
01. Perfectionism
සමහර පුද්ගලයෝ ඉන්නවා එයාලට මොන දේ කළත් ඒක පරිපූර්ණ විදියට, ඒ කියන්නේ Perfect විදියට වෙන්න ඕන. කතාවට කියන්නේ තිතටම වැඩේ තියෙන්න ඕන කියලා. ඒ වගේ තිතටම වැඩ කරන්න ඔවුන්ට අවශ්‍යයි. පොඩ්ඩක්වත් එහා මෙහා නොවී Perfectම විදියට වැඩ කරන්න ඕන කියන මානසිකත්වය තියෙන පුද්ගලයන් ඕනෑවට වඩා දේවල් ගැන හිතනවා.
ඔයාගේ ගෙදරට අමුත්තෝ කීප දෙනෙක් ඇවිත් ඉන්නවා කියලා හිතන්න. ඔවුන් දවල් කෑමට ඉන්න නිසා කෑම හදන්න ඔයා ලෑස්තියි. ඒත් ඔයා කෑමට ලුණු, තුනපහ පවා දාලා සැරෙන් සැරේ බලනවා මේ ඇති ද, වැඩිවෙයි ද, ලුණු වැඩි ද වගේ දේවල්. ඔයාට ඕන Perfect විදියට කෑම ටික හදන්න. ඒ වගේම සැරෙන් සැරේ වෙලාව බල බල හිතනවා 12 වෙනකොටම කෑම හදලා ඉවර කරන්න ඕන පුළුවන් වෙයි ද දන්නේ නෑ, කෑම පරක්කු වුණොත් එයාලා මොනවා හිතයි ද වගේ දේවල්. මෙන්න මේ වගේ Perfect විදියට වැඩ කරන්න උත්සහ කරන අය Overthink කරන්න තියෙන ප්‍රවණතාව වැඩියි.
02. Fear of Failure
අපි කාටවත් හැමදාම හැමදෙයකින්ම දිනන්න අමාරුයි. පරාජය වීම් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒත් සමහර පුද්ගලයෝ ඉන්නවා එයාලා පරාද වෙන්න බයයි, අසමත් වෙන්න බයයි. හොඳම උදාහරණය තමයි විභාග. ඔයා දැකලා ඇති සමහර පාසල් යන දරුවෝ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රැකියා කරන පුද්ගලයෝ පවා විභාගයකට මූණ දෙන්න තියෙනකොට ඉන්නේ හරිම ආතතියක. එයාලා අනවශ්‍ය විදියට පාඩම් කරන්නම කැපවෙනවා. වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නැහැ. සමහර වෙලාවට අතතිය නිසාම නියපොතු කනවා. මේ වගේ අය ඔයා දැකලා ඇති. සමහරවිට ඔයා ළඟත් මේ ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. එතැන තියෙන්නේ අසමත් වෙයි කියන බය, ලකුණු අඩුවෙයි කියන බය. මෙහෙම පුද්ගලයෝ හැම වෙලාවකම වැඩි ලකුණු ගන්නවාමයි කියන්න බැහැ. හැබැයි සමහරු කිසිම ආතතියක් නැතුව හරිම සැහැල්ලුවෙන් දවස ගෙවලා විභාගවලින් හොඳට ලකුණු ගන්නවා. ඔවුන් ඕනවට වඩා විභාගයට බය වෙන්නේ නැහැ.
ආයතනයේ Promotion එකකට ඔයා Apply කරලා තියෙනවා කියලා හිතන්න. ඒකට ඔයාට සම්මුඛ පරීක්ෂණයකට හෝ වෙන කුමක් හෝ පරීක්ෂණයකට මුහුණ දෙන්න තියෙනවා නම් ඔයා ඒකට අනවශ්‍ය විදියට බයක් ඇති කරගන්නවා. මොකද ඔයා අසමත් වෙන්න බය කෙනෙක්. ඔයාගේ හිතට එන්නේ “මට මේ Promotion එක නොලැබුණොත් මාර ලැජ්ජාව, ඔෆිස් එකේ අය මොනවා හිතයි ද, ගෙදර අයගේ බලාපොරොත්තුත් ඉවරයි, අල්ලපු ගෙදර ඇන්ටි දකින දකින කෙනා එක්ක මාස ගාණක් කියවයි මේ ගැන,” වගේ අදහස් ගොඩක්. ඔයා අසමත් වුණොත් සමාජය මොනවා කියයි ද වගේ සිතුවිල්ලක් එක්ක ඔයා ඕනවට වඩා ඒ ගැන හිතනවා. ඔයා අසමත්වීම්, පරාජයවීම්වලට බයේ ඕනවට වඩා හිතන කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ අසමත්වීමක් කියන්නේ දෙයක් ඉගෙනගන්න ලැබෙන අවස්ථාවක් කියලා හිතලා ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමට අවධානය යොමු කරන එක. ඔයා අසමත් වුණේ ඇයි කියන හේතුවට විසඳුමක් හොයාගෙන ඔයාව හිටියටත් වඩා ශක්තිමත්ව ගොඩනගාගන්න එක තමයි මේ වගේ අවස්ථාවක ඔයා කරන්න ඕන.
03. Past Trauma and Negative Experiences
මේ කියන්නේ අතීත කම්පන තත්ත්වයන් (Past Trauma) සහ සෘණාත්මක අත්දැකීම් පුද්ගලයෙක් Overthink කරන එකට හේතුවක් වෙනවා කියලා. ඔයාට වුණත් සමහරවිට පොඩි කාලේ සිදුවුණ යම් නරක අත්දැකීමක්, බය හිතෙන අත්දැකීමක් නිසා මානසික කම්පනයක් වැඩිහිටි අවධියට ආවට පස්සෙත් තියෙන්න පුළුවන්. ඒ ඉතිහාසය විසින් ඔයාව ටිකක් පාලනය කරන්න ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සෘණාත්මක අත්දැකීම් නිසා ඒ වගේ දෙයක් නැවතත් වෙයි කියන හැඟීම ඔයාට තියෙන්න පුළුවන්. මේ දේවල් නිසාත් පුද්ගලයෙක් ඕනවට වඩා හිතන්න පෙළඹෙනවා.
උදාහරණයක් විදියට හිතන්න, පොඩි කාලේ බල්ලෙක් ඔයා පස්සෙන් ඇවිත් ඔයාව හැපුවා කියලා. ඒකෙන් ආව කම්පනය ඔයා වැඩිහිටියෙක් වුණත් නැති නොවෙන්න පුළුවන්. ඉන්පස්සෙ ඔයා බල්ලෙක්ව පාරෙදි දැක්කත් බය වෙනවා, ඒ බල්ලා ඔයාව හැපුව ස්ථානයෙන් අද වුණත් ඔයාට යන්න බයක් තියෙන්න පුළුවන්. මේවා හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ. ඒත් මේ විදියේ සිද්ධි නිසා හටගත්ත මානසික කම්පනයක් Overthinkingවලට හේතු වෙන්න පුළුවන්.
ඒ වගේම හිතන්න ඔයාගේ දෙමාපියන් ඔයා ගැන හැම වෙලාවකම දකින්නේ සෘණාත්මකව කියලා. “මේ ළමයට නම් කිසි වැඩක් හරියට කරගන්න බෑ, අනේ මේ ඔයාට පුළුවන් ද ළමයෝ ඕවා කරන්න, අර බලන්න අර ළමයා කොච්චර දක්ෂ ද ඔයාට තමයි බැරි, ඕවා කරලා හරි යනව ද,” මේ වගේ ඔයාගේ දෙමාපියෝ ඔයාව පහළට දාලා හැම වෙලාවකම කතා කරනවා නම් ඒ සෘණාත්මක අත්දැකීම එක්ක ඔයාට හිතෙන්නේ ඔයා කිසි වැඩක් කරගන්න බැරි කෙනෙක් කියලා. එතකොට ඔයා උසස් අධ්‍යාපනය ලැබුවත්, රැකියාවකට ගියත් ඔයාට හිතෙන්නේ ඔය කිසිම දෙයක් කරන්න බැරි කෙනෙක් කියලා. එතකොට වැඩක් කරන්න ගියාම ඔයා ඕනවට වඩා හිතන්න ගන්නවා ඔයාට ඒක කරගන්න පුළුවන් වෙයි ද, කොහොම කළොත් හොඳ ද වගේ දේවල් ගැන.
දැන් ඔයා දන්නවා මොන වගේ හේතු නිසා ද පුද්ගලයෙක් ඕනවට වඩා හිතන්න පුරුදු වෙන්නේ කියලා. දැන් බලමු ඒකෙන් මිදෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන.
Overthinkingවලින් මිදෙන්නේ කොහොමද?
01. Mindfulness
Mindfulness කියන්නේ, මේ මොහොතේ ජීවත් වීම ගැන. ඔයා කරන ඕනම වැඩකදි ඒක කරන්න ඕන මේ මොහොත ගැන අවධානය දීලා විතරයි. Mindfulness කියන එකට සිංහලෙන් කියන්නේ සතිමත් බව කියලා. ඒ කියන්නේ සිහියෙන් ඉන්නවා කියන අදහස. ඔයා සිහියෙන් ඉන්නවා කියන්නේ ඔයා වර්තමානයේ, මේ මොහොතේ විතරයි ඉන්නේ. එතකොට අතීතය, අනාගතය ගැන හිතලා අනවශ්‍ය විදියට Brain Loop එකක හිරවෙන තැනකට ඔයා යන්නේ නැහැ.
Mindfulness කියලා Internet එකේ බැලුවොත් ඔයාට පුළුවන් කොහොමද ඒක කරන්නේ කියන එක හරියටම දැනගන්න. YouTube එකේ වුණත් හොඳ පැහැදිලිව Mindfulness ගැන කියලා දෙන වීඩියෝ ඔයාට හොයාගන්න පුළුවන්. Breathing Exercise වගේ Technique තියෙනවා Mindfulness පුහුණු වෙන්න. හැමදාම Mindfulness පුහුණු වුණොත් ඔයාට Overthinkingවලින් ටිකෙන් ටික මිදෙන්න පුළුවන්. මුලදි මේක අමාරුයි වගේ දැනේවි. ඒත් මේකෙන් අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා Overthinkingවලින් මිදෙන්න.
02. CBT (Cognitive Behavioral Therapy)
CBT කියන්නේ ඔයාගේ සෘණාත්මක සිතුවිලි වෙනස් කරලා, අධික බය ඇතිවීම වැළැක්වීම. ඕනවට වඩා හිතද්දි ඔයාට එන සෘණාත්මක හැඟීම් ධනාත්මක හැඟීම් බවට පරිවර්තනය කරන්න ඔයාට පුළුවන්. වැඩක් කරද්දි ඔයාට හිතුණොත් මේක කරගන්න පුළුවන් වෙයි ද කියලා, ඔයා හිතන්න ඒක ඔයාට කරන්න පුළුවන් කියලා. කලිනුත් වැරදුණානේ කියලා හිතුණොත් හිතන්න, හැමදාම වරදින්නේ නැහැ, වරදිනවා කියන්නේ පාඩමක් ඉගෙනගන්න එක, මේ පාර නම් හරියට වැඩේ කරන්න ඔයා දන්නවා කියලා හිතන්න.
ඔයාගේ ආයතනයේ රැස්වීමකදි කතා කරන්න ඕනකම තිබුණත් අනිත් අය මොනවා හිතයි ද වගේ සිතුවිලි ඔයාගේ ඔළුවට වද දෙනවා නම් ඔයා ඒ සිතුවිලි ධනාත්මක පැත්තට හරවන්න. “ඔෆිස් එකේ කවුරුත් මම කියන ඒවා ගැන වැරදියට හිතලා තියෙනවද,” කියලා හිතලා බලන්න. එහෙම වෙලා නෑනේ කවදාවත් කියලා ඔයාට හිතෙයි. එහෙම දෙයක් වෙලා තිබුණත් ඔයා හිතන්න ඕන අනිත් අය මොනවා හිතුවත් මම මේ දේ මේ වෙලාවේ කතා කරන්න ඕන. මිනිස්සුන්ව Judge කරන එක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒක ඕනවට වඩා හිතන්න දෙයක් නෙමෙයි කියලා ඔයා හිතන්න. මේ විදියට ඔයාට එන සෘණාත්මක හැඟීම් ධනාත්මක හැඟීම්වලට පරිවර්තනය කරන්න පුරුදු වුණාම ඔයාට Overthinkingවලින් ටිකෙන් ටික මිදෙන්න පුළුවන්.
දැන් ඔයාට හොඳටම පැහැදිලි ඇති Overthinking ඇයි ඇති වෙන්නේ, කොහොමද ඒකෙන් මිදෙන්නේ කියන එක. Overthink කරන පුද්ගලයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කාලය කළමනාකරණය කරගන්න අමාරු එක. කාලය හරියට කළමනාකරණය කරගන්න එක ඒ වගේ අයට ගොඩක් වැදගත් වෙනවා. මොකද කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනකොට ආත්ම විශ්වාසයක් එනවා වගේම ආතතිය අඩු වෙනවා. ඔයාට පුළුවන් Time Management ගැන අවශ්‍ය කරන දැනුම පහළ Link එකට ගිහින් ලබා ගන්න.
https://school.lokubusiness.lk/p/time-management-course1?affcode=1420258_ghpjvsre