අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලින් පළමු වසර සාර්ථකව සම්පූර්ණ කරන්නේ 10%ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි කියලා සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. එතකොට අලුත් ව්‍යාපාරවලින් 90%ක්ම දෙවනි අවුරුද්දට පිවිසෙන්න කලින්ම අසාර්ථක වෙනවා. ඒක ඉතා විශාල ගණනක්. බලාපොරොත්තු ගොඩක් තියාගෙන මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාරයක් අවුරුද්දක් ඇතුළතම අසාර්ථක වෙනවා කියන්නේ ඛේදවාචකයක්.
ඒ විතරක් නෙමෙයි සමහර ව්‍යාපාර අවුරුදු කීපයක් හොඳට කරගෙන ගිහින් ඉන්පස්සේ අසාර්ථක වෙනවා. ආදායම අඩුවෙලා, පාරිභෝගිකයෝ වෙනත් ව්‍යාපාර කෙරෙහි ආකර්ෂණය වෙලා, වගේ ප්‍රශ්න රැසකට මුහුණ දීලා අවසානයේදී සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය කඩා වැටෙනවා.
“මම අවුරුදු තුනක් බිස්නස් එක කළා, ඒත් පස්සේ වහලා දාන්න වුණා”, “මුලදී කස්ටමර්ස්ලා ආවා. පස්සේ ආවේ නැහැ”, වගේ කතා ඔයාට වුණත් අහන්න ලැබිලා ඇති. ඔයා ව්‍යාපාරයක් ගොඩනගන්න කැමති වුණත්, අසාර්ථක වන දෙයකට ඔයාගේ කාලය හා මුදල් වැය කළොත් ඔයාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි බලමු ව්‍යාපාරයක් අසාර්ථක වෙන්නේ ඇයි කියන එක ගැන.
ව්‍යාපාරයක් අසාර්ථක වීමට හෝ අපේක්ෂිත වර්ධනයක් නොලැබීමට ප්‍රධාන හේතු තුනක් බලපාන බව හඳුනාගෙන තිබෙනවා. සමහරු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සිටම “මේක හරියයි ද, වරදියි ද?” කියලා දෙගිඩියාවෙන් ඉන්නේ. ඒත් ව්‍යාපාරයක් අසාර්ථක වෙන්නේ ඇයි කියලා ඔයා කලින්ම දැනගෙන හිටියොත් ඔයාට ඒ හේතු වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන්.
ව්‍යාපාරයක් පටන් ගන්නවා, ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ ඔයා නොදන්නා ක්‍රීඩාවක් කියන එක මුලින්ම තේරුම් ගන්න ඕන. ව්‍යවසායකත්වය කියන්නේ, පාසලේ ක්‍රීඩා උළෙලකවත් දුවපු නැති කෙනෙක් එකපාරටම ඔලිම්පික් තරගයකට සහභාගි වෙනවා වගේ දෙයක්. බොහෝ ව්‍යවසායකයින් පළමු වරට ව්‍යාපාරයක් ආරම්භ කරන අය. ඔවුන්ට මින් පෙර ව්‍යාපාරයක් කරලා පළපුරුද්දක් නැහැ.
ව්‍යාපාර පටන් ගන්න හැමෝම ව්‍යාපාර ගැන දැනුමක් තියෙන, ව්‍යාපාරයක් කරන්න ඕන කියලා පොඩි කාලේ ඉඳලා හිතාගෙන හිටිය අය නෙමෙයි. විවිධ රැකියාවල නිරත වුණ අය, Freelancersලා, ඉගෙනීම අවසන් කළ අය වගේ විවිධ අය එකපාරටම ව්‍යාපාර ආරම්භ කරන්න හිතන අවස්ථා තියෙනවා. එතකොට තමන් නොදන්න ක්‍රීඩාවක් එක වර හොඳින් ක්‍රීඩා කරලා ලකුණු සටහනේ ඉදිරියටම යන්න අමාරුයි කියන එක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.
ඔයා ඔයාගේ සමීපතම අය ගැන දන්නා තරමට වෙළඳ පොළ (Market) ගැන දන්නේ නැහැ. ඔයාගේ සමීපතමයෙකුගේ කැමැත්ත, අකමැත්ත, අවශ්‍යතා ඔයා හොඳින් දන්නවා. ඔවුන් අඳින්න කැමති ඇඳුම්, කන්න කැමති කෑම, අකමැති දේවල්, මේ හැමදෙයක්ම ඔයා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.
නමුත් ව්‍යාපාරයක් ආරම්භ කරන විට ඒක සැලෝන් එකක්, හාඩ්වෙයා එකක්, උපදේශන සේවාවක්, කෑම කඩයක් හෝ වෙනත් ව්‍යාපාරයක් වුණත් ඔයාට වෙළඳ පොළක් තියෙනවා. ඒ වෙළඳ පොළ, ඒ කියන්නේ ඔයාගේ ගනුදෙනුකරුවන්ව, වෙළඳ පොළ ප්රවණතා මේ හැමදෙයක්ම ඔයාගේ සමීපතමයෙකු දන්නා තරමට ඔයා තේරුම් අරගන්න උත්සහ කරන්න ඕන. ඔයා වෙළඳ පොළ ගැන කිසි දෙයක් නොදැන හිතුමතේ ව්‍යාපාරය කරගෙන යනවා නම් ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යන එක පහසු වෙන්නේ නැහැ.
පාසල් යන කාලයේ ඉඳලාම විභාග සමත් වීමට, ලකුණු ලබා ගැනීමට, ව්‍යාපෘති කිරීමට අපි හුරුවෙලා ඉන්නේ එකම රටාවකට. කණ්ඩායමක් විදියට එකතුවෙලා වැඩ කරනවා වෙනුවට තනියම වැඩ කරන්න තමයි ගොඩක් දෙනෙක් හුරුවෙලා තියෙන්නේ.
නමුත් ව්‍යාපාරයකදී, ඔයා කොතරම් දක්ෂ වුවත් ඔයා තනියෙන් කරන දේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවසාන වශයෙන් එය කණ්ඩායම් වැඩක් (Teamwork) විදියටයි ඉදිරියට
අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලින් පළමු වසර සාර්ථකව සම්පූර්ණ කරන්නේ 10%ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි කියලා සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. එතකොට අලුත් ව්‍යාපාරවලින් 90%ක්ම දෙවනි අවුරුද්දට පිවිසෙන්න කලින්ම අසාර්ථක වෙනවා. ඒක ඉතා විශාල ගණනක්. බලාපොරොත්තු ගොඩක් තියාගෙන මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාරයක් අවුරුද්දක් ඇතුළතම අසාර්ථක වෙනවා කියන්නේ ඛේදවාචකයක්.
ඒ විතරක් නෙමෙයි සමහර ව්‍යාපාර අවුරුදු කීපයක් හොඳට කරගෙන ගිහින් ඉන්පස්සේ අසාර්ථක වෙනවා. ආදායම අඩුවෙලා, පාරිභෝගිකයෝ වෙනත් ව්‍යාපාර කෙරෙහි ආකර්ෂණය වෙලා, වගේ ප්‍රශ්න රැසකට මුහුණ දීලා අවසානයේදී සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය කඩා වැටෙනවා.
“මම අවුරුදු තුනක් බිස්නස් එක කළා, ඒත් පස්සේ වහලා දාන්න වුණා”, “මුලදී කස්ටමර්ස්ලා ආවා. පස්සේ ආවේ නැහැ”, වගේ කතා ඔයාට වුණත් අහන්න ලැබිලා ඇති. ඔයා ව්‍යාපාරයක් ගොඩනගන්න කැමති වුණත්, අසාර්ථක වන දෙයකට ඔයාගේ කාලය හා මුදල් වැය කළොත් ඔයාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි බලමු ව්‍යාපාරයක් අසාර්ථක වෙන්නේ ඇයි කියන එක ගැන.
ව්‍යාපාරයක් අසාර්ථක වීමට බලපාන ප්‍රධාන හේතු 03ක්
ව්‍යාපාරයක් අසාර්ථක වීමට හෝ අපේක්ෂිත වර්ධනයක් නොලැබීමට ප්‍රධාන හේතු තුනක් බලපාන බව හඳුනාගෙන තිබෙනවා. සමහරු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සිටම “මේක හරියයි ද, වරදියි ද?” කියලා දෙගිඩියාවෙන් ඉන්නේ. ඒත් ව්‍යාපාරයක් අසාර්ථක වෙන්නේ ඇයි කියලා ඔයා කලින්ම දැනගෙන හිටියොත් ඔයාට ඒ හේතු වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන්.
01. Game එක හොඳින් තේරුම් නොගැනීම
ව්‍යාපාරයක් පටන් ගන්නවා, ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ ඔයා නොදන්නා ක්‍රීඩාවක් කියන එක මුලින්ම තේරුම් ගන්න ඕන. ව්‍යවසායකත්වය කියන්නේ, පාසලේ ක්‍රීඩා උළෙලකවත් දුවපු නැති කෙනෙක් එකපාරටම ඔලිම්පික් තරගයකට සහභාගි වෙනවා වගේ දෙයක්. බොහෝ ව්‍යවසායකයින් පළමු වරට ව්‍යාපාරයක් ආරම්භ කරන අය. ඔවුන්ට මින් පෙර ව්‍යාපාරයක් කරලා පළපුරුද්දක් නැහැ.
ව්‍යාපාර පටන් ගන්න හැමෝම ව්‍යාපාර ගැන දැනුමක් තියෙන, ව්‍යාපාරයක් කරන්න ඕන කියලා පොඩි කාලේ ඉඳලා හිතාගෙන හිටිය අය නෙමෙයි. විවිධ රැකියාවල නිරත වුණ අය, Freelancersලා, ඉගෙනීම අවසන් කළ අය වගේ විවිධ අය එකපාරටම ව්‍යාපාර ආරම්භ කරන්න හිතන අවස්ථා තියෙනවා. එතකොට තමන් නොදන්න ක්‍රීඩාවක් එක වර හොඳින් ක්‍රීඩා කරලා ලකුණු සටහනේ ඉදිරියටම යන්න අමාරුයි කියන එක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.
02. Market එක මොන වගේ ද කියලා හරියටම නොදැන සිටීම
ඔයා ඔයාගේ සමීපතම අය ගැන දන්නා තරමට වෙළඳ පොළ (Market) ගැන දන්නේ නැහැ. ඔයාගේ සමීපතමයෙකුගේ කැමැත්ත, අකමැත්ත, අවශ්‍යතා ඔයා හොඳින් දන්නවා. ඔවුන් අඳින්න කැමති ඇඳුම්, කන්න කැමති කෑම, අකමැති දේවල්, මේ හැමදෙයක්ම ඔයා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.
නමුත් ව්‍යාපාරයක් ආරම්භ කරන විට ඒක සැලෝන් එකක්, හාඩ්වෙයා එකක්, උපදේශන සේවාවක්, කෑම කඩයක් හෝ වෙනත් ව්‍යාපාරයක් වුණත් ඔයාට වෙළඳ පොළක් තියෙනවා. ඒ වෙළඳ පොළ, ඒ කියන්නේ ඔයාගේ ගනුදෙනුකරුවන්ව, වෙළඳ පොළ ප්රවණතා මේ හැමදෙයක්ම ඔයාගේ සමීපතමයෙකු දන්නා තරමට ඔයා තේරුම් අරගන්න උත්සහ කරන්න ඕන. ඔයා වෙළඳ පොළ ගැන කිසි දෙයක් නොදැන හිතුමතේ ව්‍යාපාරය කරගෙන යනවා නම් ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යන එක පහසු වෙන්නේ නැහැ.
03. One-man show එකෙන් කණ්ඩායම් ක්‍රියාවලට මාරු නොවීම
පාසල් යන කාලයේ ඉඳලාම විභාග සමත් වීමට, ලකුණු ලබා ගැනීමට, ව්‍යාපෘති කිරීමට අපි හුරුවෙලා ඉන්නේ එකම රටාවකට. කණ්ඩායමක් විදියට එකතුවෙලා වැඩ කරනවා වෙනුවට තනියම වැඩ කරන්න තමයි ගොඩක් දෙනෙක් හුරුවෙලා තියෙන්නේ.
නමුත් ව්‍යාපාරයකදී, ඔයා කොතරම් දක්ෂ වුවත් ඔයා තනියෙන් කරන දේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවසාන වශයෙන් එය කණ්ඩායම් වැඩක් (Teamwork) විදියටයි ඉදිරියට ගෙන යන්න වෙන්නේ. ඔයා “One Man Show” එකකට හුරු වී සිටින කෙනෙක් නම්, ඔයා කණ්ඩායමක් ගොඩනගන හැටි දන්නේ නැහැ. ඔයාගේ දැක්ම මොකක්ද කියලා කණ්ඩායමට කියලා දෙන්න, ඒ වෙනුවෙන් වැඩ කරවා ගන්න, හෝ ඔයා නැති විට පවා වැඩ කටයුතු කරගෙන යාමට කණ්ඩායම මෙහෙයවන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැහැ.
“මම නැත්නම් වැඩේ වෙන්නේ නැහැ” කියන එක සමහර ව්‍යාපාරිකයෝ නිතර කියන දෙයක්. ව්‍යාපාරයක් ආරම්භ කරන විට දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම, පාරිභෝගිකයන් හමුවීම, ගනුදෙනුකරුවන් හමුවීම, ගිණුම් සකස් කිරීම, සියලු දේ තනියෙන් ඔයා තනියම කරනවා නම් ඔයාට ඉදිරියට යන්න තියෙන ඉඩකඩ සීමා වෙනවා.
ඔයාට ඒ හැමදෙයක්ම තනියම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. පාරිභෝගිකයෝ ගණන වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට හැමදෙයක්ම තනියම කරන්න අපහසු වෙනවා. ඒත් ඒ සීමාව ඉක්මවා යන මොහොතේ ඔයා කණ්ඩායමක් හදන්න යන්නේ ඔයාගේ ව්‍යාපාරය හොඳටම හිරවෙලා තියෙන අවස්ථාවක නම් ඔයා කණ්ඩායමක් හදන්න නොදැන සිටීම නිසා නිවැරදි පුද්ගලයෝ කණ්ඩායමට බඳව ගන්න ඔයා අසමත් වෙන්න පුළුවන්.
සන්නිවේදනය අතින් දුර්වල පුද්ගලයෙක්ව දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්න තෝරාගත්තොත් ඔයාගේ ව්‍යාපාරය දරුණු අනතුරකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තනියම හැමදෙයක්ම කරනවා වෙනුවට නිවැරදි අවස්ථාවේදි නිවැරදි කණ්ඩායමක් හදාගන්න උත්සහ කරන්න.
සාර්ථක ව්‍යාපාරිකයන්ගේ රහස
මේ වෙනකම් ඔයා කියෙව්වේ ව්‍යාපාරයක් ආරම්භයේදී මුහුණ දෙන්න වෙන අභියෝග 03ක් ගැන. මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා කාලයක් තිස්සේ තමන්ගේ ව්‍යාපාර සාර්ථකව කරගෙන යන ව්‍යාපාරිකයෝ ආරම්භයේ සිටම නිවැරදිව ව්‍යාපාරය කරගෙන ගිය රහස මොකක්ද කියලා දැනගන්න එක, අසාර්ථක වීමට හේතු දැනගන්නවා තරමටම ඔයාට වැදගත්.
බොහෝ දෙනෙක් කියන්නේ, “මට සල්ලි නැහැ, ප්රාග්ධනය තමයි ප්‍රශ්නේ,” වගේ දේවල්. ව්‍යාපාරයක් ගොඩනැගීමට මුදල් අවශ්‍යයි. කෙසේ වෙතත්, මුදල් නැතිකම එකම සහ ප්‍රධාන ප්රශ්නය කියලා ඔයා හිතනවා නම්, ඒක විශාල ගැටලුවක්.
ආයෝජනය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින “Capital Driven” ව්‍යාපාර ආකෘති තිබෙනවා. නමුත් ඇත්තටම මුල් අවධියේදී ප්රාග්ධනය අවශ්‍ය නැහැ. ඊළඟ මට්ටම දක්වා ව්‍යාපාරය වර්ධනය කරගන්නා තෙක්, ප්රාග්ධනය නොමැතිව වුවත් වැඩ කටයුතු කරගෙන යා හැකි ව්‍යාපාර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ මුදල් නැති එක තමයි තමන්ට ඇති එකම ප්රශ්නය කියලා.
හොඳින් නිරීක්ෂණය කළොත් පේන දෙයක් තමයි දක්ෂ ව්‍යාපාර හිමිකරුවන් ප්‍රාග්ධන කළමනාකරණය ඉතා බුද්ධිමත්ව සිදු කරනවා කියන එක. ඔවුන් ඉතා නුවණක්කාර විදියට, නිවැරදි තැනදි ආයෝජනය කරනවා. බුද්ධිමත් ව්‍යාපාර හිමිකරුවන් ඔවුන්ගේ ව්‍යාපාරයේ “Core” එක, එනම් හරය කුමක්ද කියලා හොඳින් දන්නවා. එම හරය තේරුම් ගත්තොත් ඔවුන් මුදල් යොදවන්නේ ඒ සඳහා පමණයි. ව්‍යාපාරයේ Core එකට අදාළ නැති දේවල් සඳහා මුදල් යොදවන විට ඔවුන් දෙවරක් සිතනවා.
උදාහරණයක් ලෙස, ව්‍යාපාරයේ හරය Branding නම්, මිලියන ගණනක් වටිනා යන්ත්‍රයකට මුල් දිනවල මුදල් යෙදවීම නොකළ යුතු දෙයක්. ඒ නිසා ව්‍යාපාරයක හරය මොකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕන.
ව්‍යාපාරයක සාර්ථකත්වයේ කුළුණු හතර
ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය රැඳී පවතින්නේ ප්‍රධාන කුළුණු (Pillars) හතරක් මත. මේ කුළුණු හතරෙන් එකක් හෝ අඩු නම් ඔයාගේ ව්‍යාපාරය Startup එකක් ලෙසම ඇනහිටීමට පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ කුළුණු 04 කියලා.
- විශිෂ්ට අදහසක් සහ විශිෂ්ට වෙළඳ පොළක් (Great Idea and Great Market)
- විශිෂ්ට කණ්ඩායමක් (Great Team)
- විශිෂ්ට නිෂ්පාදනයක් (Great Product)
- විශිෂ්ට ක්‍රියාත්මක කිරීමක් (Great Execution)
මේවා තමයි Startupඑකක් සාර්ථක වීමට අවශ්‍ය කුළුණු හතර. අපි දැන් සරලව සහ කෙටියෙන් බලමු මොනවද මේ කුළුණු හතර යටතේ ඔයා දැනගන්න ඕන කියලා.
01. විශිෂ්ට අදහසක් සහ විශිෂ්ට වෙළඳ පොළක් (Great Idea and Great Market)
ඔයා ඔයාගේ සමීපතමයෙකු තේරුම් ගන්නා ආකාරයටම ඔයාගේ ව්‍යාපාරයේ ප්‍රශ්න තේරුම් ගන්න ඔයාට හැකියාව තියෙන්න ඕන. මේ ප්‍රශ්න සඳහා ප්‍රධාන සාධක (Problem Factors) 12ක් හඳුනාගන්න පුළුවන්. ව්‍යාපාරයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා නම් මුලින් විසඳිය යුත්තේ මොන ප්රශ්නය ද කියන ගැන ඔයාට අදහසක් තියෙන්න අවශ්‍යයි.
ව්‍යාපාරයේ ප්‍රධාන ගැටලුව (Main Problem) සහ ද්විතීයික ගැටලුව (Secondary Problem) තේරුම් ගැනීමේදී ඔයාට විවිධාකාර අදහස් එන්න පුළුවන්. ඒත් මුදල් නාස්ති නොකර, ඔයාගේ මනසට එන සෑම අදහසක්ම ඒ විදියටම පිළිගන්නේ නැතුව සහ කාලය නාස්ති කිරීමකින් තොරව ඒක කරන්නත් ඔයාට හැකි වෙන්න ඕන.
ඒ වගේම වෙළඳ පොළට ඇතුල් වීමේ බාධක (Entry Barriers) ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. ඔයා ව්‍යාපාරයක් පටන් ගත් ගමන්ම, හෙට තවත් කෙනෙක් ඔයාගේ ව්‍යාපාරික ස්ථානය ආසන්නයේම ඔයාගේ ව්‍යාපාරයට සමාන ව්‍යාපාරයක් ආරම්භ කළොත් ඔයාගේ පාරිභෝගිකයන් ව්‍යාපාර දෙකටම බෙදී යනවා. එසේ නොවී තරගකරුවන්ට පහසුවෙන් ඇතුල් විය නොහැකි Entry Barriers ගොඩනගන්නේ කොහොමද කියන එක ඔයා අනිවාර්යෙන්ම දැනගත යුතුයි.
02. විශිෂ්ට කණ්ඩායමක් (Great Team)
දෙවැනි කුළුණ වෙන්නේ විශිෂ්ට කණ්ඩායමක් ගොඩනැගීම. ඔයාගේ ව්‍යාපාරයේ සම්පූර්ණ කටයුතු ඔයා විසින් පාලනය කරනවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔයාගේ ව්‍යාපාරයේ විවිධ අංශ සඳහා ඒ ඒ අංශ ගැන දැනුම තිබෙන පුද්ගලයන් බඳවා ගැනීම ඔයා කරන්නම ඕන දෙයක්.
ව්‍යාපාරයේ මුල් අවධියේදි සියලු කටයුතු ඔයාගේ පාලනය යටතේ තිබුණත් ව්‍යාපාරය වර්ධනය වෙනකොට ඒ සඳහා කණ්ඩායමක් ඔයාට අවශ්‍ය වෙනවා. එතකොට කොහොමද නිවැරදි පුද්ගලයෝ, නිවැරදි වෙලාවේදි ව්‍යාපාරයට බඳවා ගන්නේ, ඔවුන්ට වැටුප් ලබා දෙන්නේ කොහොමද, කියන දේවල් ගැන අවබෝධයක් ඔයාට තිබිය යුතුයි.
ඒ වගේම ව්‍යාපාරය වර්ධනය කරගන්න හවුල්කාරීත්වයක් (Partnership) අවශ්‍ය නම් කොහොමද ඒ දේ කරන්නේ කියන එක ගැනත් ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
03. විශිෂ්ට නිෂ්පාදනයක් (Great Product)
Product Market Fit එක හඳුනාගන්නා ආකාරය, ව්‍යාපාරයේ වර්ධන චක්‍රය (Improvement cycle) කියන්නේ මොකක්ද කියන එක වගේම ඔයාගේ නිෂ්පාදනයට අදාළ පාරිභෝගිකයන්ගේ pain points, අවශ්‍යතාව තේරුම් ගන්නේ කොහොමද කියන එකත් මේ තුන් වෙනි කුළුණ යටතේ ඔයා දැන සිටිය යුතුයි.
විශිෂ්ට නිෂ්පාදනයක් වෙළඳ පොළට හඳුන්වා දෙන්න මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ඔයාට අවශ්‍යයි. එහෙම නැත්නම් ඔයා නිෂ්පාදනයක් කරලා ඒක අලෙවි වෙයි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියට ඔයාගේ නිෂ්පාදනය අලෙවි වෙන්නේ නැහැ.
04. විශිෂ්ට ක්‍රියාත්මක කිරීමක් (Great Execution)
මුලින් සඳහන් වුණ කුළුණු 03ම ශක්තිමත්ව ගොඩනගා ගත්තත් මේ හතරවෙනි කුළුණ ඔයාගේ ව්‍යාපාරයේ නැත්නම් ඒත් ඔයාගේ ව්‍යාපාරය අසාර්ථක වෙන්න හැකියාව තියෙනවා.
වෙළඳ පොළ ගැන හොඳ අවබෝධයක්, විශිෂ්ට අදහසක්, හොඳ දක්ෂ කණ්ඩායමක්, විශිෂ්ට නිෂ්පාදනයක් තිබුණත් ඔයාගේ ව්‍යාපාරය හරියට ක්‍රියාත්මක කරන්න ඔයාට අවබෝධයක් නැත්නම් එතැනදි ඔයා අසාර්ථකයි. විශිෂ්ට ලෙස ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා Frameworks තියෙනවා. ඔයා ඒ ගැන දැනුවත් වුණොත් ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අවශ්‍ය කුළුණු හතරම ඔයා ශක්තිමත්ව ගොඩනගලා අවසන්.
මේ කුළුණු 04 ගැන යම් සරල අවබෝධයක් ඔයාට මේ ලිපියෙන් ලැබෙන්න ඇති. මේ කුළුණු 04 ඉතාම සවිස්තරාත්මකව අධ්‍යයනය කරලා හොඳ දැනුමක් ලබාගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. දියුණු වන ව්‍යාපාර විතරක් දන්න රහස් ගැන අදහසක් ලබා ගන්න පහළ Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/the-startup-success-formula?affcode=1420258_ghpjvsre