“පුලුවන් නම් විශ්වාස කරන්න මම මේ කියන කෙනා ජොබ් එකක් කරන්නෙ නෑ. එයා කරන්නෙ ස්ක්‍රීන්ස් හතරක් තියාගෙන නිව්‍ යෝක් ස්ටොක් මාර්කට් එකේ ට්‍රේඩ් කරන එක.දවසකට ලංකාවෙ සල්ලිවලින් ලක්ෂ දෙකක් විතර හොයනවා”

මේක ඇත්ත මනුස්සයෙක් ගැන කියන ඇත්ත කතාවක්.

හැබැයි ඔයා මේක විශ්වාස කරනවද? දවසකට ලක්ෂ දෙකක් හොයනවා කියන්නෙ මාරයිනෙ කියල හිතෙනවනෙ නේද?

මොකද කියන්නෙ ඔයාගෙ ආදායමත් දවසකට ඒ වගේ ගානක් කරගන්න කැමතිද?

“කවදාවත් තනි ආදායම් මාර්ගයකින් යැපෙන්න එපා” මෙහෙම කියන්නේ කෝටිපති Warren Buffet.

ඔයත් සමහරවිට මෙහෙම හිතල ඔයාට ලැබෙන ආදායම් වලින් Invest කරන්න කටයුතු කරන කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි සරල වචනයක් උනාට මේ Invest කියන කතාව නම් එච්චරම සරල නෑනෙ.

ඔයාට Sure ද ඔයා Invest කරන්නෙ හරිම තැන හරිම විදියටද කියලා?

Invest කරන්න හිතාගෙන ඉන්නෙ Stock Market එකේ නම්, ඔයා දන්නවද Stock Market එකෙත් හරියටම Invest කරන්න ඕන Methods මොනවද කියල?

ඉතින් අද මේ ආටිකල් එකෙන් අපි ඔන්න කතා කරන්න යන්නෙ ඒ ගැන. Invest කරන හරිම විදිය ගැන කියල දෙන්න අද අපිත් එක්ක එකතු වෙන්නෙ Roshan Fernando.

Roshan Fernando කියන්නෙ කොලඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙලා ඉන්න Certified Investment Advisor කෙනෙක්. ඒ වගේම Sky Reach Ventures, Sky Reach Investments, Master Mind Holding සහ Entrepreneurs Lanka ආයතනයේ Director විදියට කටයුතු කරන Invest කිරීමේ කලාව ගැන හොඳටම දන්න කෙනෙක්.

“ඇත්තටම මොකද්ද මේ Stock Market එකක් කියල කියන්නේ? ඔය ප්‍රශ්නෙන්ම මේ කතාව පටන්ගන්න අපි හිතුවෙ ගොඩක් අය ඇත්තටම මේ Stock Market එක ගැන හරියටම දන්නෙ නැති හන්දා.

“Stock Market එකක් කියන්නෙ පොදු සමාගම්වල කොටස් එහෙම නැත්තම් Shares Trade වෙන තැනක්. මේ Investing කියන දේ අලුතෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් කොළඹ කොටස් වෙළඳපොලට එන්න කලින් දැනගන්න ගොඩක් දේවල් තියෙනව.

පළවෙනි එක වෙන්නෙ මොකද්ද මේ Public Limited Company එකක් කියන්නෙ කියන එක. ඉස්සෙල්ල අපි තනි පුද්ගල ව්‍යාපාරයකින් පටන් ගෙන පස්සෙ අපි හවුල් ව්‍යාපාරයකට යනවා.හවුල් ව්‍යාපාරයක වෙන්නෙ ව්‍යාපාරයේ Partners ලා එකතුවෙලා සල්ලි යොදවල ව්‍යාපාරය කරගෙන යන එක. ඊළඟ Stage එක තමයි Private Limited. ඒ Level එකේ Develop වුණාට පස්සෙ ඔයාට යන්න පුලුවන් ඊලඟ Stage එක වෙන්නෙ Public Limited Companies.  අන්න ඒ Public Limited Companies Trade වෙන තැන තමයි Stock Exchange එක කියල අපි අදහස් කරන්නෙ”

දැන් ලෝකය හරි දියුණුයිනෙ. ඒ දියුණු වීමත් එක්ක කෙනෙක්ට Invest කරන්න තියෙන Options ප්‍රමාණයත් හරිම වැඩියි. එතකොට මේ වගේ Option ගොඩක් තියෙන ලෝකෙක කෙනෙක් ඇයි Stock Exchange එකේ Invest කරන්න ඕන?

ඔයත් මෙහෙම හිතල තියෙනවනම් ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මේක තමයි.

“මේ දවස්වල රටේ තත්ත්වය බැලුවොත් අපිට පේන්නෙ උද්ධමනයක්නෙ තියෙන්නෙ. භාණ්ඩ හා සේවාවල මිල මාර ඉක්මනට උඩට යනවනෙ. ඊලඟ එක තමයි Interest Rate එක.දැන් Interest Rate එක තියෙන්නෙ 5%-7% වගේ තැනකනෙ. ඔන්න ඔය හේතු නිසා තමයි කට්ටිය මේ Stock Market එක ගැන Interest වෙන්නෙ. දැන් කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන එකේ වාසිය තමයි, භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවත් එක්ක Listed Companies වල Profit එකත් උඩට යන එක.ලාභදායී තත්ත්වය වැඩිවුණාම මේ කොටස් වලට තියෙන ඉල්ලුමත් වැඩිවෙනවා.එතකොට Automatically Share Price එක ඉහළ යනව වගේම ආයෝජකයට Profit එකක් ලබාගන්න පුලුවන්. දැන් ඔයාලා බලනව ඇති කෙනෙක් ආයෝජනය කරන්න නම් කොළඹ කොටස් වෙලඳපොළටම එන්න ඕන ඇයි කියල.

හිතන්නකො අපි අපේ සල්ලි ඔක්කොම Invest කරල තියෙන්නෙ එකම තැනක කියලා. එතකොට මේ උද්ධමනය වැඩිවෙනවත් එක්ක මේ සල්ලිවල තියෙන අගය අඩුවෙනවා. රුපියල් 5000කට ඉස්සර තිබුන වටිනකම නෙවෙයිනෙ දැන් තියෙන්නෙ. ඉස්සර රු.5000ට ගත්ත භාන්ඩ අපිට දැන් ගන්න බෑනෙ.

මුදලේ අගය අඩුවෙනවත් එක්කම අපිට ප්‍රශ්න ඇතිවෙනවනෙ. කොළඹ කොටස් වෙළඳපොලේ Invest කරන එකෙන් අපිට ප්‍රාග්ධන ලාභ වගේ ප්‍රතිලාභ ලබාගන්න පුලුවන්. ඒක තමයි මෙතන තියෙන වාසිය වෙන්නෙ”

දැන් අපි දන්න අයගෙන් ගොඩක්ම ඔය Stock Market එකේ Invest කරන්නෙ ලොකු ලොකු බිස්නස් කරන අයනෙ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුලුවන් “මම Stock Market එකෙ Invest කරන්න සුදුසුද? කියන එක.

“ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අපි Stock Market එකේ Invest කරන්න සුදුසුද නැද්ද කියල දැනගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි Risk and Return කියන්නෙ. අවදානම ගන්න කලින් අපිට පුලුවන් වෙන්න ඕන මේ Risk එක සහ Return එක Calculate කරල බලන්න.

කොහොමද මේක කරන්නෙ?

ගන්නකො පොතකුයි පෑනකුයි. අරගෙන ලියන්න 100. ඊළඟට ලියන්න ඔයාගෙ වයස. ඒ සීයෙන් ඔයාගෙ වයස අඩු කරාම එන අගය තියෙනවනෙ, ඒ මුදල කොටස් වෙළඳපොලට දැම්මට කමක් නෑ. Invest කරන්න සුදුසුද නැද්ද කියල දැනගන්න තියෙන පලවෙනි ස්ටෙප් එක තමයි ඒක. ඒ කියන්නෙ තමන්ගෙ අතේ මුදල් තියෙනවද කියල බලන එක. සමහර අය අතේ මුදල් නෑනෙ. එතකොට එයාල හෙමින් සැරේ තමයි මේ Invest කරනව කියන තැනට එන්න ඕන. Invest කරන්නත් ඉස්සෙල්ල ඔයා සල්ලි හොයාගන්න ඕනනෙ. ඊටපස්සෙ ඒ මුදල් තමයි ඔයා Invest කරන්න ඕන.

සමහරු ඉන්නව තමන්ගෙ ගෙවල් දොරවල් වාහන එහෙම උගස් කරල ඒ සල්ලි Invest කරන අය. ඒක නිකන් අර සූදුවක් වගේ කරන්න යනවනෙ. එහෙම නම් මේ වැඩේ හරියට කරන්න බෑ. ඒක හොඳටම මතක තියාගන්න ඕන. හරිම Risky.

සූදානම්ද නැද්ද කියල දැනගන්න දෙවනි කාරණාව වෙන්නෙ ඔයා Invest කරන්න හිතන් ඉන්න කම්පනි එක Profit ද Loss ද කියල දැනගන්න එක. ඒක Income Statement එකෙන් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ඔයාලට News බලන එකෙනුත් මේ වගේ සමහර කම්පනීස් ගැන විස්තර දැනගන්න පුලුවන්.

ඊළඟට බලන්නම ඕන Statement එක තමයි Balance Sheet එක.කම්පනි එකේ වගකීම් සහ වත්කම් කොච්චරද කියල ඔයාලට එතනින් දැනගන්න පුලුවන්. වගකීම් වැඩි කම්පනීස් වල Invest කරන්න යන එකේ අවධානම වැඩියි.

තුන්වෙනි කාරණාව තමයි Cash Flow Statement එක. රස්සාවක් තිබ්බට, වත්කම් කොච්චර තිබුනත් අතේ සතේ නැත්තම් ඒක Mis-Management of Cash නේ.ඒ කියන්නෙ මුදල් හරියට පාලනය කරන්න පුලුවන්කමක් නැති එක. ඉතින් ඔයා Invest කරන්න හිතන් ඉන්න කම්පනි එකේ Cash Flow එක ගැනත් දැනගෙන ඉන්න එක හරිම වැදගත්”

අපි හරි කැමතිනෙ දැනගන්න අපි මේ සල්ලි Invest කරොත් අපිට කොච්චර ඉක්මනට Return එකක් ලැබෙනවද කියල? ඒ වගේම කවද්ද මේ Return එක ලැබෙන්නෙ කියන එක? මොකද අපි හරි කැමතිනෙ ඉක්මනට ප්‍රතිඵල ලැබෙන වැඩ කරන්න. ඉතින් ඒ ප්‍රශ්නෙටත් Roshan මෙන්න මේ වගේ උත්තරයක් තමයි දුන්නෙ.

    මෙවැනි වටිනා Blog එකක් දැමූ සැනින් දැනගැනීමට අපව Subscribe කරන්න


    “කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන එකෙන් ලැබෙන්නෙ Long Term Investment නෙ. අද දාලා හෙට අනිත් පැත්තට සල්ලි හම්බෙන්නෙ නැහැ. අවුරුදු 3-10 අතර කාලයක් අපි බලන්න ඕන. Stock Market Portfolio එකක් හම්බුනාම අපිට මේක කොටස් දෙකකට බෙදාගන්න පුලුවන්. එකක් තමයි Fundamental Portfolio. අනික් එක Trading Portfolio.

    Trading Portfolio එකක් හදාගන්නකොට 80% Fundamental Stocks තියාගන්න ඕන.20% තමයි Trading. එතකොට අවුරුදු 3, 10, 20, 25 වුණත් ඒ Stock එක අරගෙන තියාගන්න ලෑස්ති වෙන්න ඕන. එතකොට තමයි 100%ක්ම නෙවෙයි ඊට වඩා ලොකු ප්‍රතිශතයක් උනත් ලබාගන්න පුලුවන්.

    දැන් Coca Cola එකට Warren Buffet මුලින්ම Invest කරේ සත ගාණකට. හැබැයි දැන් ඒක බිලියන් ගාණක් වටින කොටස් තමයි තියෙන්නෙ. ඉතින් Long Term ආයෝජනය කරන තරමට තමයි වඩා සුදුසු වෙන්නෙ සහ ප්‍රතිඵල හොඳ වෙන්නෙ.

    හැබැයි Short Term Trade කරලත් ප්‍රතිඵල ගන්න බැරිකමක් නෑ”

    Invest කරන්න හිතාගෙන ඉන්නෙ Long Term ද Short Term ද කියන එකටත් කලින් අපි දැනගන්න ඕන මේ Invest කරන වැඩේ හරියටම කරන්නෙ කොහොමද කියලනෙ.

    ඉතින් Invest කිරිමේ කලාව හරියටම අඳුරගන්න ඔයාලට පුලුවන්, Loku Business එක්ක එකතුවෙලා Roshan Fernando අරගෙන එන How to Make Profits in Stock Market Investing Online Course එක සමගින්.

    ඉතින් මෙන්න මේ https://school.lokubusiness.lk/p/how-to-make-profits-in-stock-market-investment?affcode=1420258_ghpjvsre ලින්ක් එකෙන් Course Site එකට ඇවිත් Free Chapters බලලම, Invest කිරීමේ කලාව හරියටම අඳුරගෙන බිස්නස් එක ගොඩ දාගන්න, සල්ලි ටික හරි විදියට වැඩිකරගන්න එක ලොකු ගේමක් නෙවෙයි.

    Share this post: