Harry Potter කියන නම නොදන්න කෙනෙක් නැති තරම්. සමහර විට ඔයා Harry Potter පොත් පෙළ කියවලා නැති වුණත් චිත්‍රපට පෙළ නරඹලා ඇති. මිලියන ගණන් අලෙවි වුණ, භාෂා 80කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වුණ Harry Potter කතා මාලාව රචනා කළ J.K. Rowling බිලියනපතිනියක් වුණේ කොහොමද කියන එක මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.

ලිවීම වගේ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් දක්ෂතා දක්වන කෙනෙක්ට බිලියනපතියෙක් වෙන එක හීනයක් කියලා සමහර පුද්ගලයෝ හිතනවා. නමුත් ලෝකයේ වැඩිම අලෙවි වාර්තා තැබූ කෘති ගැන ඔයා අහලා ඇති. අපි බොහෝ දෙනෙක් දන්න Harry Potter කතා මාලාවේ කතුවරිය ඇයගේ ලිවීමේ කුසලතාව භාවිත කරලා බිලියන ගණන් ආදායම් උපයන තැනකට පත් වුණේ කොහොමද කියන එක ඔයාගේ හැකියාවන්වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියලා අදහසක් ගන්න වැදගත් වෙයි.

දුෂ්කර ගමනක නොසැලී ඉදිරියට ආ හැටි

J.K. Rowling බිලියනපතිනියක් වෙන්න යොදාගත් උපක්‍රම මොනවාද කියලා දැනගන්න කලින් ඇයගේ ජීවිත කතාවේ පසුබිම මොන වගේ එකක් ද කියලා අපි බලමු.

J.K. Rowlingගේ ජීවිත ගමන එතරම් සුවපහසු එකක් වුණේ නැහැ. එංගලන්තයේ සිටින බලගතු, ධනවත් කාන්තාවන් අතරට මේ වන විට ඇය එක්ව තිබුණත් ඇය කාන්තාවක් ලෙස මුහුණ දිය හැකි දුෂ්කරතා රැසකින් පීඩාවට පත්ව සිටි අයෙක්. JK Rowling ඉපදෙනකොට එයාගේ අම්මයි, තාත්තයි බලාපොරොත්තු වුණේ පිරිමි ළමයෙක්. ඒ නිසා ගැහැණු ළමයෙක් කියලා පොඩ්ඩක් කලබල වුණා. Joanna කියලා නම තිබ්බට, වැඩිපුරම කතා කළේ Joe කියලා. ඇයට ඔවුන් සැලකුවේ පිරිමි ළමයෙක් විදියටයි. ඇය ආර්ථික අපහසුතා පිරි පවුලකින් පැවත එන කාන්තාවක් නොවුණත් ඊට වඩා වෙනස් ප්‍රශ්න රැසක් ඇයට තිබුණා.

එයාට පොඩි කාලේ ඉඳන්ම හිතුණේ, “මාව මේ පවුලේ කොන් වෙලා, මගේ අදහස් ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ” වගේ දේවල්. ඇය ඒ නිසා ඉතාම තනිකමකින් පීඩා වින්දා. ඇයගේ මව සහ පියා පොත් කියවන්න හුරු වුණ අය නිසාම J.K. Rowlingටත් පොත් කියවන පුරුද්ද තිබුණා. ඇයට අවුරුදු 7ක් පමණ වන විට ඇයගේ පළමු කතාව ලියන්න ඇය උත්සහ කළා.

ඇය පාසල් ගොස් නිවසට පැමිණි විට මව සහ සහෝදරිය සමග පාසලේ සිදුවීම් බෙදාගන්න පුරුද්දක් ඇයට තිබුණා. කතන්දර කීමේ හැකියාව වැඩිදියුණු වෙන්න මෙලෙස පාසලේ සිදුවීම් මව සමග බෙදාගැනීම ඇයට රුකුලක් වී තිබුණා. කුඩා කල සිටම ලේඛිකාවක් වෙන්න සිහින දැක්ක ඇයට පවුලේ බලකිරීමත් සමග විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සිදු වුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ පවා ඇය පුස්තකාලයට ගොස් ඇය ඉගෙන ගත් ප්‍රංශ භාෂාවට අමතරව වෙනත් ක්ෂේත්‍ර රැසක් ගැන පොත් කියවන්න යොමු වුණා.

1990 දවසක ඇය Manchester සිට London දක්වා දුම්රියේ ගමන් කරන අතරතුර ඇයගේ සිතට එකපාරට අදහසක් ආවා. ඒ තමයි මැජික් පාසලකට යන පොඩි කොල්ලෙකුගේ කතාවක්. ඒ ගමන අවසානයේ ඇයට ඉඩක් ලැබුණ ගමන්ම ඇය කොළයක් සහ පෑනක් හොයාගෙන හිතට ආව අදහස කතාවක් විදියට පෙළගස්වන්න උත්සහ කළා.

ඇය මේ කතාව පොතක් විදියට ලියන්න පටන් ගත්තා. ඒත් පොත ලියලා ඉවර කරන්න කලින් ඇයගේ මව මිය ගියා. මවගේ වියෝව ගැන ඇය පවසා තිබුණේ මේ වගේ දෙයක්, “අම්මා නැති වුණාට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. සාමාන්‍යයෙන් මම තාත්තත් එක්ක ලොකු සම්බන්ධතාවයක් නැහැ. මට මේක තදින්ම බලපෑවා. මම මානසිකව වැටුණා. මට මේ පොත ලියලා ඉවර කරන්නත් බැහැ, ඒ තරමට වැටුණා.”

පසුව ඇය පෘතුගාලයට ගොස් ගුරුවරියක්

Share this post: