ඉහළ පෙළේ තනතුරක්, රැකියාවක්, ඉහළ ආදායමක්, නිවසක් ඉදිකිරීම, විවාහ වීම, ආදී දේවල් ගැන අද වෙනකොට සමාජයෙන්, වැඩිහිටියන්ගෙන් එන පීඩනයත් එක්ක තරුණ පරම්පරාව දැඩි ආතතියකින් ඉන්නවා. අවුරුදු 25 වෙද්දි මිලියනපතියෙක් වෙන්න, පාසල් ජීවිතය අවසන් වුණ ගමන් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම වුණ ගම හොඳ ආයතනයකට යන්න, තරුණ වයසින්ම ව්‍යාපාරයක් පටන් ගන්න, ඉහළ වැටුප් සහිත රැකියාවකට යන්න කියලා ඔයාටත් සමාජයෙන් විශාල පීඩනයක් එල්ල වෙනවා ඇති. මේ නිසාම, තමන් අන් අයට වඩා පිටුපසින් ඉන්නවා කියන හැඟීම ඔයාගේ හිතට එන්න පුළුවන්. අධ්‍යයනවලින් පෙන්වලා තියෙනවා 40%ක් මිනිස්සු හිතනවා තමන් ජීවිතයේ සෑහෙන පිටුපසින් ඉන්නවා කියලා. ඇත්තටම පුද්ගලයෙක් සාර්ථක වෙන්න නිශ්චිත වයසක් තියෙනවාද?

Rich Karlgaard ලියූ Late Bloomers නම් පොත මේ එල්ලවන සමාජ පීඩනය සහ සාර්ථකත්වයට පත්වීමේ වයස සම්බන්ධයෙන් අපූරු විග්‍රහයක් කරනවා. අපි බලමු මොනවද මේ ගැන ඒ පොතේ සඳහන් වෙන්නේ කියලා.

තමන්ට අවශ්‍ය දෙයට අවධානය නොදීම

අද මිනිස්සු අවධානය යොමු කරන්නේ තමන්ට අවශ්‍ය දේවල්වලට නෙමෙයි. තමන්ට තියෙන දේ අනිත් කෙනාට පෙන්වන්න, අනිත් කෙනාට වඩා තමන් කොච්චර දේවල් කරලා තියෙනවද කියලා පෙන්වන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. වෙන විදියකින් කිව්වොත්, අනිත් අයට වඩා කලින් සාර්ථක වෙන්න, සුභෝපභෝගී ජීවිතයක් ගත කරන්න, වාහන ගන්න, මේ හැමදේම පසුපස අපි දුවන්නේ අපිට ඒ දේවල් ඕන නිසා නෙමෙයි, අනිත් අයට පෙන්වන්නයි.

සමාජ මාධ්‍ය හරහා අපි දකින tech billionaires, celebrity musicians, influencers වැනි අය දැකලා, ඔයා හිතන්න පුළුවන් ඔයාටත් ඒ වගේ වෙන්න ඕන කියලා. “බලන්න ඒ තරුණ වයසේදී මම කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ” කියලා ඔයාට හිතෙන්න පුළුවන්. මේ වගේ සැසඳීම් කිරීම ඔයාට විශාල මානසික පීඩනයක් ඇති කරනවා කියලා මේ පොතේ සඳහන් වෙනවා.

වැරදි සංසන්දනය කිරීම්

අපි නිතරම අන් අය සමඟ අපිව සංසන්දනය කරනවා. “අරයාට කලින් මම කොහොමද

Share this post: