වතුර බෝතලයක් අපි කඩයකට ගිහින් මිලට ගත්තත් ඒක ඒ තරම් ලොකු මිලක් වෙන්නේ නැහැ. ඉතින් අපි දවස ගාණෙ පාවිච්චි කරන වතුර විකුණලා මනුස්සයෙක් මිලියනපතියෙක් වුණා කිව්වම ඔයාට ඒක විශ්වාස කරන්න අමාරු ඇති. ඒත් Mike Cessario කියන පුද්ගලයා ඒ දේ කළා. ඔහු හැමෝම දන්න, දවස ගාණෙ හැමෝටම ඕන වෙන, වතුර කියන දේ Brand එකක් බවට පත් කළා. Liquid Death තමයි ඔහුගේ බ්‍රෑන්ඩ් එක වුණේ.
ඔයා ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාව මිලියනපතියෙක් කරන Brand එකක් හදන්නේ කොහොමද කියන එක ගැන වෙනස් විදියට හිතන්න මේ ලිපිය ඔයාට වැදගත් වෙනවා.
වතුර නිෂ්පාදනයක් විදියට අපිට වෙළඳ පොළේ බහුලවම දකින්න ලැබෙන්නේ බෝතල් කළ පානීය ජලය විදියට. විවිධ සන්නාම ඔස්සේ විවිධ හැඩයන්ගෙන් සහ අමුද්‍රව්‍යයන්ගෙන් නිම වුණ බෝතල්වල ඇසුරුම් කරලා තිබුණත් නිෂ්පාදනයක් විදියට ගත්තම ඒ හැම එකක්ම වතුර බෝතලයක්. වීදුරු බෝතලයක තිබුණත්, ප්ලාස්ටික් බෝතලයක තිබුණත් ඒ හැම වතුර බෝතලයක්ම පාරිභෝගිකයාට අලෙවි කරන්නේ තිබහට බොන්න වතුර විතරයි. බෝතලයේ නම වෙනස් වුණත් මිල ගණන් ලොකු වෙනසක් නැත්තේ ඒ නිසයි.
ඒත් මේ මයික් කියන පුද්ගලයා නිකන්ම නිකන් වතුර ටිකක් බෝතල් කරලා විකිණුවේ නැහැ. ඔහු විකිණුවේ වතුර විකිණුවේ වතුර කෑන් එකක් විදියට. ඒකත් සාමාන්‍ය වතුර එකක් විකුණන ආකල්පයකින් නෙමෙයි. ඔහු ඇත්තටම වතුර කියලා විකිණුවේ වතුර ගැන ආකල්පයක් (attitude), වෙනස්ම හැඟීමක්, වෙනස්ම Vibe එකක්.
දැන් ඔයාට මේ වතුර කෑන් එක ගැන පොඩි අදහසක් තියෙනවා. මයික්ගේ මේ වතුර කෑන් එකේ කතාව තුළින් Brand එකක් ගොඩනැගීම (Brand Building) ගැන වටිනා පාඩමක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකක් ගොඩනගන්න ඔහු පාවිච්චි කළ උපක්‍රම ගැන දැනගන්න කලින් මුලින්ම අපි බලමු කොහොමද මේ වගේ අදහසක් ඔහුට ආවේ කියන එක ගැන.
මයික් කියන්නේ හරිම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු වෙළඳ දැන්වීම් නිර්මාණකරණයට විවිධ අන්දමින් දායක වුණ පුද්ගලයෙක්. ඔහු Advertising Agencyවල Art Director, Creative Director වගේ වෘත්තින්වල තමයි නිරත වුණේ.
එක්තරා අවස්ථාවක Protein Shake එකක් ප්‍රවර්ධනය කරන්න මයික්ට පැවරුණා. ඔහු ඒ සඳහා වැඩ කරද්දි ඔහුට හිතුණා අනිත් අයගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන එකේ තමන්ගෙම නිෂ්පාදනයක් හදලා තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් නේද කියලා. මොකද ඔහු මේ කළ කැම්පේන් එක පවා Viral වුණ එකක්. ඉතින් මේ අදහස් පාවිච්චි කරලා තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් හදන එක හොඳයි කියන අදහසක් ඔහුගේ හිතට ඒ මොහොතේ ආවා.
ඔයාට වුණත් අදහසක් ආවට ඒක එක පාර ක්‍රියාත්මක කරන්න පෙලඹෙනවා අඩුයිනේ. ඒ වගේ මයික් තමන්ගේ අදහස ඒ මොහොතෙම ක්‍රියාත්මක කළේ නැහැ. මේ අතරතුර 2009 අවුරුද්දෙදි Music Festival එකක වේදිකාවේ පසුපස වැඩ කටයුතු කරන්න අවස්ථාවක් මයික්ට ලැබුණා.
ඒ අවස්ථාවෙ ඔහු දැක්කා මේ සැණකෙළියට අනුග්‍රාහකත්වය (Sponsorship) සපයලා තිබුණේ Monster Energy කියන ශක්තිජනක පානය අලෙවි කරන ආයතනයෙන් කියලා. වේදිකාවෙ පසුපස රාජකාරි කරන සියලු දෙනාටත් මේ ශක්තිජනක පානය බොන්න දීලා
වතුර බෝතලයක් අපි කඩයකට ගිහින් මිලට ගත්තත් ඒක ඒ තරම් ලොකු මිලක් වෙන්නේ නැහැ. ඉතින් අපි දවස ගාණෙ පාවිච්චි කරන වතුර විකුණලා මනුස්සයෙක් මිලියනපතියෙක් වුණා කිව්වම ඔයාට ඒක විශ්වාස කරන්න අමාරු ඇති. ඒත් Mike Cessario කියන පුද්ගලයා ඒ දේ කළා. ඔහු හැමෝම දන්න, දවස ගාණෙ හැමෝටම ඕන වෙන, වතුර කියන දේ Brand එකක් බවට පත් කළා. Liquid Death තමයි ඔහුගේ බ්‍රෑන්ඩ් එක වුණේ.
ඔයා ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාව මිලියනපතියෙක් කරන Brand එකක් හදන්නේ කොහොමද කියන එක ගැන වෙනස් විදියට හිතන්න මේ ලිපිය ඔයාට වැදගත් වෙනවා.
ඇත්තටම Mike විකිණුවේ වතුර ද?
වතුර නිෂ්පාදනයක් විදියට අපිට වෙළඳ පොළේ බහුලවම දකින්න ලැබෙන්නේ බෝතල් කළ පානීය ජලය විදියට. විවිධ සන්නාම ඔස්සේ විවිධ හැඩයන්ගෙන් සහ අමුද්‍රව්‍යයන්ගෙන් නිම වුණ බෝතල්වල ඇසුරුම් කරලා තිබුණත් නිෂ්පාදනයක් විදියට ගත්තම ඒ හැම එකක්ම වතුර බෝතලයක්. වීදුරු බෝතලයක තිබුණත්, ප්ලාස්ටික් බෝතලයක තිබුණත් ඒ හැම වතුර බෝතලයක්ම පාරිභෝගිකයාට අලෙවි කරන්නේ තිබහට බොන්න වතුර විතරයි. බෝතලයේ නම වෙනස් වුණත් මිල ගණන් ලොකු වෙනසක් නැත්තේ ඒ නිසයි.
ඒත් මේ මයික් කියන පුද්ගලයා නිකන්ම නිකන් වතුර ටිකක් බෝතල් කරලා විකිණුවේ නැහැ. ඔහු විකිණුවේ වතුර විකිණුවේ වතුර කෑන් එකක් විදියට. ඒකත් සාමාන්‍ය වතුර එකක් විකුණන ආකල්පයකින් නෙමෙයි. ඔහු ඇත්තටම වතුර කියලා විකිණුවේ වතුර ගැන ආකල්පයක් (attitude), වෙනස්ම හැඟීමක්, වෙනස්ම Vibe එකක්.
දැන් ඔයාට මේ වතුර කෑන් එක ගැන පොඩි අදහසක් තියෙනවා. මයික්ගේ මේ වතුර කෑන් එකේ කතාව තුළින් Brand එකක් ගොඩනැගීම (Brand Building) ගැන වටිනා පාඩමක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකක් ගොඩනගන්න ඔහු පාවිච්චි කළ උපක්‍රම ගැන දැනගන්න කලින් මුලින්ම අපි බලමු කොහොමද මේ වගේ අදහසක් ඔහුට ආවේ කියන එක ගැන.
මිලියනපති අදහසට පාර කැපූ සංගීත සැණකෙළිය
මයික් කියන්නේ හරිම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු වෙළඳ දැන්වීම් නිර්මාණකරණයට විවිධ අන්දමින් දායක වුණ පුද්ගලයෙක්. ඔහු Advertising Agencyවල Art Director, Creative Director වගේ වෘත්තින්වල තමයි නිරත වුණේ.
එක්තරා අවස්ථාවක Protein Shake එකක් ප්‍රවර්ධනය කරන්න මයික්ට පැවරුණා. ඔහු ඒ සඳහා වැඩ කරද්දි ඔහුට හිතුණා අනිත් අයගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන එකේ තමන්ගෙම නිෂ්පාදනයක් හදලා තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් නේද කියලා. මොකද ඔහු මේ කළ කැම්පේන් එක පවා Viral වුණ එකක්. ඉතින් මේ අදහස් පාවිච්චි කරලා තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් හදන එක හොඳයි කියන අදහසක් ඔහුගේ හිතට ඒ මොහොතේ ආවා.
ඔයාට වුණත් අදහසක් ආවට ඒක එක පාර ක්‍රියාත්මක කරන්න පෙලඹෙනවා අඩුයිනේ. ඒ වගේ මයික් තමන්ගේ අදහස ඒ මොහොතෙම ක්‍රියාත්මක කළේ නැහැ. මේ අතරතුර 2009 අවුරුද්දෙදි Music Festival එකක වේදිකාවේ පසුපස වැඩ කටයුතු කරන්න අවස්ථාවක් මයික්ට ලැබුණා.
ඒ අවස්ථාවෙ ඔහු දැක්කා මේ සැණකෙළියට අනුග්‍රාහකත්වය (Sponsorship) සපයලා තිබුණේ Monster Energy කියන ශක්තිජනක පානය අලෙවි කරන ආයතනයෙන් කියලා. වේදිකාවෙ පසුපස රාජකාරි කරන සියලු දෙනාටත් මේ ශක්තිජනක පානය බොන්න දීලා තිබුණා. ඒත් ඔවුන් කතා වුණ දේවල් මයික්ගේ හිතේ තිබුණ බ්‍රෑන්ඩ් එකක් ගොඩනගන අදහස නැවත ඉස්මතු කරන්න හේතු වුණා.
මයික්ට ඇහුණා එතැන ඉන්න අය කියනවා “මේක energy drink එකක් කිව්වට මේ මහන්සි වුණ තරමට මේකෙන් ලැබෙන energy එකක් නෑ,” වගේ කතා. මේ වෙලාවෙ තමයි අමුතු නිර්මාණශීලී අදහසක් එක්ක, සෞඛ්‍යසම්පන්න නිෂ්පාදනයක් වෙළඳ පොළට දැම්මොත් හොඳයි කියන අදහස මයික්ට ආවෙ.
ඔහුට මතක් වුණා ඔහු මින් පෙර රැකියාව කළ Advertising Agency එකකින් කෑන් කළ වතුර එකක් වෙනුවෙන් කළ වෙළඳ දැන්වීමක්. Energy drinksවලට උපහාසයක් විදියට තමයි මේ දැන්වීම නිර්මාණය කරලා තිබුණේ. ඒක ඉතාම වේගයෙන් මිනිස්සු අතර Viral වෙන්න ගත්ත දැන්වීමක් කියලා මයික්ට මතක් වුණා. ඒ දේවල් එක්ක මයික්ට හිතුණා වෙනස්ම විදියකට වතුර කෑන් කරලා බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔහු Liquid Death කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය කළේ.
අමුතු විදියකට කළ Market Validation එක
ඕනම නිෂ්පාදනයකදි ඔයාට වුණත් එන ප්‍රශ්නයක් තමයි “මම මේක හැදුවා කියලා මිනිස්සු මේක ගනීවි ද, හොඳට විකිණෙයි ද, නැත්නම් අතේ තියෙන ගාණටත් තට්ටුවෙන විදියට වැඩේ අප්සට් යයි ද,” කියන එක. මයික්ටත් ඒ ප්‍රශ්න ඒ විදියටම ආවා. ඔහු ඒකට අමුතුම විදියේ උපායමාර්ගයක් යොදාගත්තා.
මයික් වතුර කෑන් එක ගැන වෙළඳ දැන්වීමක් නිර්මාණය කරලා මිනිස්සු අතරට ඒ වෙළඳ දැන්වීම අරන් ගියා. ඒ වෙනකොට වතුර කෑන් එකක්වත් නිෂ්පාදනය කරලා තිබුණේ නැහැ. ඔහුට ඕන වුණේ මිනිස්සු මේක මිලට ගනීවි ද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න.
ඉතින් ඒ වෙළඳ දැන්වීමට මිලියන ගණනක Views ලැබුණා. ඒ වගේම නොසිතූ විදියට මිනිස්සු මැසේජ් එවන්න පටන් ගත්තා කොහොමද මේ නිෂ්පාදනය මිල දී ගන්නේ කියලා අහලා. ඔහු ඒ විදියට අදහසක් ගත්තා ඔහුගේ නිෂ්පාදනය වෙළඳ පොළට නිකුත් කළාට පසුව ඉල්ලුමක් තියේවි ද නැද්ද කියන එක ගැන.
ඒ ලැබුණ ප්‍රතිචාර එක්ක මයික් Liquid Death Water Can නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මුලින්ම Online Platforms හරහා වතුර කෑන් විකිණීමට ඔහු කටයුතු කළා. ඒ හරහා ඩොලර් ලක්ෂයක පමණ ආදායමක් මුල් මාසයේදිම ලබන්න මයික්ට හැකි වුණා.
දැන් අපි බලමු මයික්ගේ Liquid Death බ්‍රෑන්ඩ් එක ගොඩනැගීමේ කතාවෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද කියන එක.
Founder Product Fit එක
ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව ඔයාගේ personality එකට ගැළපෙනවා ද කියන එක තමයි Founder Product Fit එක කියලා කියන්නේ.
මයික් සම්බන්ධයෙන් ගත්තම ඔහු නිර්මාණශීලී, වෙනස් අදහස් තියෙන, රාමුවෙන් පිට හිතන (out of the box thinking) පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ ආකල්ප, අගයන් (values), විශ්වාසයන් (belief system) මේ හැමදෙයක් එක්කම ඔහුගේ නිෂ්පාදනය ගැළපුණා.
ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරද්දිත් මේ දේ ගැන සැලකිලිමත් වෙන්න.
Idea Validation
ඔයාට ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් ඒක ප්‍රායෝගිකව අදහසක් ද නැද්ද කියලා දැනගන්නේ නැතුව ක්‍රියාත්මක කළොත් ඔයා අසාර්ථක වෙන්න පුළුවන්. ඔයා මුලින්ම ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාවට පාරිභෝගික පිරිසක් ඉන්නව ද, හොඳ ආදායමක් ලබන්න පුළුවන් දෙයක් ද ඔයා නිෂ්පාදනය කරන්නේ කියලා දැනගන්න ඕන.
මයික් වතුර කෑන් එක නිෂ්පාදනය කරන්නත් කලින් වෙළඳ දැන්වීමක් නිර්මාණය කරලා ඔහුගේ අදහසට වටිනාකමක් තියෙනවා ද කියන එක හොයලා බැලුවා. ඒ වගේ ඔයා ගැළපෙන ක්‍රමවේදයක් අනුගමනය කරලා ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රායෝගිකව වටිනාකමක් තියෙන එකක් ද කියලා අධ්‍යයනය කරන්න.
Brand Perception
ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මොකක් වුණත් ඒක පාරිභෝගිකයාට දැනෙන විදිය වැදගත් වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි Coke vs Pepsi test එක. පාරිභෝගිකයෝ යොදා ගෙන කළ මේ පරීක්ෂණයේදී ඔවුන්ගේ ඇස් බැඳලා ඔවුන්ට කොකාකෝලා සහ පෙප්සි වෙන වෙනම පානය කරලා බලන්න දුන්නා. ඔවුන් පානය කළ බීම වර්ග දෙකෙන් වඩාත් රසවත් බීම වර්ගය මොකක්ද කියලා ඇහුවම බහුතරයකගේ උත්තරය වුණේ Pepsi.
ඒත් දෑස් නොබැඳ ඔවුන්ටම කොකාකෝලා සහ පෙප්සි කියන බ්‍රෑන්ඩ් දෙකෙන් එකක් තෝරගන්න කියූ විට බහුතරයක් තෝරගත්තේ කොකාකෝලා. මේකට හේතුව වුණේ Coca-Cola කියන බ්‍රෑන්ඩ් එක විසින් නිර්මාණය කරලා තියෙන Brand Perception එක. ඔවුන් පාරිභෝගිකයන්ට විකුණන්නේ වෙනස්ම හැඟීමක්.
ඒ වගේම තමයි මයික්ගේ වතුර කෑන් එකත්. හැමෝම බෝතල් කළ පානීය ජලය විකුණන කොට මයික් කළේ Energy drink කෑන් එකක හැඩය ගත්ත කෑන් එකකට දැම්ම වතුර විකුණන එක. ඒකත් සිසිල් කළ ජලය. ඔහු ඒකෙන් විකිණුවෙ හැඟීමක් (Emotion). සතුට, සිනහව, කියන දේවල් ගැබ් වුණ හැඟීමක් තමයි ඔහු වතුර කෑන් එකක් විදියට විකුණන්න උත්සහ කළේ. ඔහු නිර්මාණය කළ පළවෙනි වෙළඳ දැන්වීම ‘funny ad එකක්’ විදියට හඳුන්වන්න පුළුවන් ආකාරයේ එකක්.
ඒ නිසා මිනිස්සු වතුර කෑන් එක දිහා බලන විදිය, ඒක ඔවුන්ට දැනෙන විදිය වෙනස්ම ආකාරයක හැඟීමක් වුණා.
සම්ප්රදාය වෙනස් කිරීම සහ Brand Positioning
හැමතැනම දකින්න ලැබෙන ප්ලාස්ටික් වතුර බෝතලය වෙනුවට මයික් පාරිභෝගිකයන්ට දුන්නේ වතුර කෑන් එකක්. ඇලුමිනියම් කෑන් එකක් නිසා ප්ලාස්ටික් බෝතල්වලින් වන පරිසර හානිය පවා මයික්ගේ Liquid Death බ්‍රෑන්ඩ් එකෙන් සිදු වෙන්නේ නැහැ. ඔහු ප්ලාස්ටික් වතුර බෝතල් සම්ප්රදාය උඩු යටිකුරු කරමින් මේ වතුර කෑන් එක හඳුන්වාදීලා විශාල ආදායමක් ඉපැයුවා.
ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ කෑන් එක ප්‍රතිචක්‍රීකරණය (recycle) කරන්න හැකියාව තියෙන නිසාත්, පරිසරයට හානිකර නොවන නිසාත් ප්ලාස්ටික්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදියට මිනිස්සුන්ට Liquid Death බ්‍රෑන්ඩ් එක පෙනුණා.
“Death to Plastic”, “Murder Your Thirst” වගේ tagline, hashtag ඔහුගේ වතුර කෑන් එක ප්‍රවර්ධනය කරන්න යොදාගත්තා. මේ හේතු නිසා Liquid Death බ්‍රෑන්ඩ් එක ප්ලාස්ටික්වලට එරෙහිව නැගී සිටින බ්‍රෑන්ඩ් එකක් ලෙසත් ස්ථානගත වුණා.
Brand එකක් ගොඩනගනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒත් ඔයාට නිර්මාණශීලීව, රාමුවෙන් පිට හිතන්න පුළුවන් නම් මිලියනපතියෙක් වෙන්න පුළුවන් විදියේ බ්‍රෑන්ඩ් එකක් ගොඩනගනවා කියන එක ඔයාට කවදාවත් හීනයක් විතරක් වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් ගොඩනැගීමේදී ඔයා දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න අවශ්‍ය නම් පහළ Link එකට ගිහින් බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන ආකාරය ගැන දැනගන්න Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_ghpjvsre