අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් සහිත පහසුකම් නැති ගමක ඉපදුණ පුංචි ගැහැනු ළමයෙක් තමන්ට තිබුණ බාධක සියල්ල අභිබවා ගිහින් දක්ෂ බොක්සිං ක්‍රීඩිකාවක් බවට පත් වුණා. පස් වතාවක් ලෝක ශූරියක් බවට පත් වුණ ඇය පද්ම ශ්‍රී, පද්ම භූෂන්, පද්ම විභූෂන් සහ රාජිව් ගාන්ධි සම්මාන පවා හිමි කරගන්න සමත් වුණා. Unbreakable නමින් චරිතාපදානයක් ද (Biography) ඇය නමින් ලියවී තිබෙන ඇයගේ නම Chungneijang. පසු කලෙක ඇයගේ Mary Kom ලෙස වෙනස් කළා.
1983 මාර්තු 1 වන දින උපත ලැබූ මේරි කොම්, අක්කර පහක පමණ කුඩා ගම්මානයක ඉතා දුප්පත් පවුලක හැදී වැඩුණා. ඇය ජීවත් වූ ගමට කිසිඳු පහසුකමක් තිබුණේ නැහැ. ගමේ තිබුණේ නිවාස 50ක් පමණ වන අතර මිනිසුන් 250ක් පමණ ජීවත් වන්නට ඇති. ගමේ සෑම තැනකම මඩ තිබුණා. ඒත් මේ අසීරුතාවලට ඇයගේ ගමන වළක්වන්න බැරි වුණා.
ඇයගේ පවුලේ දැඩි මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනය අතරමග නතර කිරීමට පවා ඇයට සිදු වුණා. සමහර අවස්ථාවලදී ණය පියවා ගැනීමට ඔවුන්ට සිදු වුණේ ඔවුන් විසින් ඇති කළ එළදෙනුන් පවා විකුණා දැමීමටයි. මේ සියල්ලටම වඩා භයානකම තත්ත්වය වුණේ සමහර අවස්ථාවලදී මේ එළදෙනුන් පවා වෙනත් පුද්ගලයන් විසින් සොරකම් කිරීම.
ඇය ජීවත් වූ ගමේ දුම්රිය ස්ථානයක් හෝ ගුවන් තොටුපළක් නොතිබූ නිසා ගමන් බිමන් යාම පවා ඉතා දුෂ්කර වුණා.
ඇය පුහුණුවීම් කරන මුල් වසර පහ තුළ කිසිදු අතිරේක ආහාරයක් (supplement) හෝ ආහාර සැලැස්මක් (diet plan) අනුගමනය කිරීමට අවශ්‍ය මුදල් ඇයට තිබුණේ නැහැ. ඇගේ සම්පූර්ණ ජීවිතයම ‘Survival Mode’ එකෙන් ගත වූ අතර, දියුණුවක් ඇගේ දෑස් මානයක පෙනෙන්නට තිබුණේ නැහැ.
ඇයට කිසිදු බොක්සිං පහසුකමක්, වෛද්‍යවරයෙක්, භෞත චිකිත්සකවරයෙක්, පෝෂණවේදියෙක්, ආහාර සැලැස්මක් හෝ තිබුණේ නැහැ. නමුත් ඇයට තිබුණේ බොක්සිං කෙරෙහි වූ ඇගේ ආශාව පමණයි.
ඒ විතරක් නෙමෙයි, ඇයට බොහෝ ජාතිවාදී ප්රකාශයන්ට මුහුණ දීමට සිදු වුණා. ඊට එක් හේතුවක් වූයේ ඇය නේපාල භාෂාව කතා කිරීම. තවත් හේතුවක් වුණේ ඇය කාන්තාවක් වීම. කාලයේ ඉන්දියාවේ කාන්තාවක් ලෙස ඉපදීම විශාලම වරදක් ලෙස සලකපු කාලයක්. එවැනි සංස්කෘතියක සහ වටපිටාවක ජීවත් වුණ ඇයට බොක්සිං ක්‍රීඩාවට පිවිස ඉදිරියට යාම විශාල අභියෝගයක් වුණා.
ඇය තරුණ වියේදීම විවාහ වී දරුවන් ලැබුවා. එයත් සමග ඇයට වෘත්තීය ජීවිතයේ ඉදිරියට යාමට බාධා ඇති වුණා. ඇය ලෝක වාර්තා දෙකක් තබා ඉදිරියට යාමට උත්සාහ කරන විට කමිටුවක් විසින් ඇයට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැහැ. නමුත් අවසානයේදී, කොතරම් අපහසුතා සහ අසාධාරණයන් මැද සිටියත් ඇගේ වෙහෙස මහන්සිය නිසා 2012 ඔලිම්පික් උළෙලෙන් කාන්තාවක් ලෙස රටට එකම ලෝකඩ පදක්කම ගෙන ඒමට ඇයට හැකි වුණා.
ඇය දුප්පත්කමේ පතුලේ සිටියත් මේ තරම් දුරක් එන්න සමත් වුණේ කොහොමද කියන එක ඔයාගේ ජීවිතයේ ඉදිරි ගමනටත් ආදර්ශ රැසක් ලබා දෙනවා. අපි බලමු මේ තරම් දුෂ්කරතා, අභියෝග මැද ලෝක ශූරියක් වෙන්න ආ ගමනේදී ඇයගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවාද කියලා.

අභියෝගයන්ගෙන් පිරි ළමා විය

Boxing ක්‍රීඩාව තුළ අභියෝගාත්මක ගමන

Struggles Make You Stronger
“අපහසුතා, අසීරුතා, අමාරුකම් ඔබව ශක්තිමත් කරයි.” මේරි කොම් ඇගේ ජීවිත ගමනේ කිසිඳු අවස්ථාවක අභියෝග හමුවේ පසුබැස්සේ නැහැ. ඇය ඒ දේවල් සැලකුවේ ඇගේ ගමනට ලැබෙන ශක්තියක් විදියට.
ඔයාට වුණත් ඉලක්කයක් හඹා යන්න අවශ්‍ය නම් ඒ අතරතුර එන බාධක, අභියෝග ඔයාට ලැබෙන ආශිර්වාදයක් විදියට සලකන්න. ඒ දේවල් නිසා ඔයා පසුබැස්සොත් ඔයාගේ ඉලක්කයට කවදාවත් යන්න ලැබෙන්නේ නැහැ. මේරි කොම් අධ්‍යාපනය අතරමග නතර වුණත්, පුහුණුකරුවෙක් නොසිටියත්, ආහාර අතිරේක කිසිවක් ගන්න හැකියාව නොතිබුණත් ඇගේ ගමන නැවැත්තුවෙ නැහැ. ඇය ඒ සියලු අරගල සමග සටන් කරලා ජයග්‍රහණය කළේ සෑම බාධාවක්ම ශක්තියක් කරගන්න ඇයට හැකියාව තිබූ නිසයි.
Identify Your Reference Point
ඔයා Dinko Singh ගැන අහලා තියෙනවා ද? ඔහු 1998දී බැංකොක්හි පැවති ආසියානු ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක්. මේරි කොම් හිතුවා ඔහුට එය කළ හැකි නම් මටත් පුළුවන් කියලා. ඇයගේ role model එක බවට පත් වුණේ ඔහු. Reference Point එකක් විදියට ඔහු ගැන අධ්‍යයනය කරමින් තමන්ට පුළුවන් කියන ආකල්පය මේරි කොම් තමන් තුළ වර්ධනය කරගත්තා.
“සාර්ථකත්වය ඔබව සොයාගෙන එන්නේ නැහැ, ඔබ එය සොයාගෙන යා යුතුයි.” ඒ නිසා ඔයාගේ ඉලක්කයට යන්න අවශ්‍ය අවස්ථා එනකම් බලාගෙන ඉන්න එපා. ඔයා ඒ අවස්ථා සොයාගෙන යන්න. ඔයාගේ ඉලක්කයට අදාළ ක්ෂේත්රයේ දක්ෂයන් ගැන සොයලා බලන්න. ඔවුන්ව අධ්‍යයනය කරගන්න. ඔයාගේ ඉලක්කයට යන්න ඕන කොහොමද කියලා හරියටම හඳුනාගන්න.
Do What You Love Doing the Most
ඔයා වැඩිපුරම කරන්න කැමති දේ කරන්න. එහෙම වුණොත් ඔයාට කවදාවත් අකමැත්තෙන්, ආයාසයකින් රැකියාව කරන්න අවශ්‍ය නැහැ.
එක් අවස්ථාවක මේරි කොම්ගෙන් පුහුණුකරුවෙක් අහනවා ඇයි මම ඔයාට බොක්සිං පුහුණු කරන්න ඕන කියලා. මේරි කොම් පස් වතාවක්ම එකම උත්තරය දුන්නා. ඒ තමයි “මම ආදරෙයි බොක්සිංවලට” කියන උත්තරය.
ඇය එකම පිළිතුර දෙන්න හේතු තුනක් තිබුණා. What you know (ඔබ දන්නා දේ), What you like (ඔබ කැමති දේ), What you sells (ඔබට විකිණිය හැකි දේ) කියන මේ හේතු තුන හොයාගන්න පුළුවන් නම් එතැන තමයි ඔයා ආසා කරන දේ තියෙන්නේ කියන එකයි ඇය කීවේ.
ඔයා සමහරවිට කරන රැකියාව එතරම් කැමැත්තක් නැතුව කරනවා වෙන්න පුළුවන්, ඔයා උසස් අධ්‍යාපනය ලබන්නේ ඔයා කැමති ක්ෂේත්රයක නොවෙන්න පුළුවන්. ඒත් ඔයා මේ හේතු තුන හරියට හොයාගත්තොත් ඔයාට හරිම කැමැත්තෙන් ඕන දෙයක් කරන්න පුළුවන්.
මේරි කොම් බොක්සිංවලට මොන තරම් ආදරය කළා ද කියනවා නම් ඇය ලෝක ශූරතා පදක්කම් අටක් දිනාගත් අතර, ඔලිම්පික් ලෝකඩ පදක්කමක්, රන් පදක්කමක් මෙන්ම ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවලදී ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා.
Lock Your Life in Mission Critical
දවසක් මේරි කොම්ගේ පුහුණුකරු ඇයගෙන් අහනවා ලෝකය මොන හැඩය ද කියලා. ලෝකය ගෝලාකාරයි කියලා ඇය පිළිතුරු දෙනවා. ඒත් පුහුණුකරු කිව්වේ, ලෝකය ගෝලාකාර නැහැ, අදින් පස්සේ ඔයාගේ ලෝකේ මේ Boxing Ring එක වගේ කොටු හැඩයක් ගන්න ඕන කියලා, මේක තමයි ඔයාගේ ලෝකේ වෙන්න ඕන කියලා.
මේකට කියනවා MEG – Mission Essential Goal කියලා. ඔයාගේ ජීවිතේ ඉලක්කයක් ජයගන්න අවශ්‍ය නම් ඒකට පැහැදිලි අවධානයක් දෙන්න. ඔයාගේ ජීවිතේ ඒ ඉලක්කය වෙනුවෙන් අගුළු දාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න.
Identify Your Identity
ඉලක්කයක් කරා යන ගමනේදී ඔයා කවුද කියන එක ඔයා හරියටම හඳුනාගත යුතුයි. ඔයාගේ අනන්‍යතාව (Identity) එක මත තමයි හැමදෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ.
මේරි කොම්ගේ පුහුණුකරු වරක් ඇයට මෙසේ කියනවා, “මේ ලෝකයේ දේවල් දෙකක් තිබෙනවා. එකක් ගමනාන්තය (Destination) – එනම් ඔබ යා යුතු තැන. අනෙක නීති රීති (Rules) – එනම් එම ගමනාන්තයට යාමට අනුගමනය කළ යුතු නීති. ඒ නීති අනුගමනය කළොත් තමයි ඔබ ගමනාන්තයට යන්නේ.”
ඔහු ඇයට බොක්සිං ක්‍රීඩාවේ උපරිමයට යන්න නම් බොක්සිං ක්‍රීඩාව සමග දැඩි ලෙස බැඳෙන්න කියලා. හරියට විවාහයකට බැඳෙන්නා සේම බොක්සිං ක්‍රීඩාව හා බැඳෙන්න කියලයි පුහුණුකරු ඇයට කිව්වේ. එහිදී කාලය, අනන්‍යතාව, සතුට කියන දේවල් තුනම බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන්න කියලා ඔහු මේරි කොම්ට කිව්වා.
ඔයාට දිනාගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයා ඒකට කොච්චර කැමති ද කියන එක නෙමෙයි ඔයාට ඒ දේ ලබා ගන්න උදව් වෙන්නේ. ඔයා මොන තරම් කැපවීමක් ඒ වෙනුවෙන් කරනවා ද කියන එකයි වැදගත් වෙන්නේ. ඔයාගේ ඉලක්ක සැබෑ කරගන්න කැමැත්තක් තිබුණා කියලා ඔයා ඉස්සරහට යන්නේ නැහැ, ඔයා ඒ ගැන හිත හිත හැමදාම වුණත් ඉන්න පුළුවන්. ඒත් ඔයා ඒ ඉලක්කය වෙනුවෙන් ඔයාගේ කාලය, ශ්‍රමය වැය කරලා කැපවීමෙන් වැඩ කළොත් ඔයාගේ ඉලක්කය ජයගන්න අමාරු නැහැ.
Punching Gloves in My Hands While Punching Bag in My Heart
Punching Gloves මේරි කොම්ගේ අත්වල තිබුණත් Punching Bag එක තිබුණේ ඇයගේ හදවතේ. ඇය ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා විශාල මුදලක් උපයා ගත්තා. ඇයට ආසාවක් තිබුණා Mercedes-Benz එකක් ගන්න. ඔයා හිතන්නේ ඇය මොකක් කරන්න ඇති කියලා ද?
ඇය Mercedes-Benz එකක් ගත්තේ නැහැ. ඒ වෙනුවට ඇය ඒ මුදල් ආයෝජනය කරලා බොක්සිං ඇකඩමි එකක් ආරම්භ කළා. දුප්පත් පවුල්වල ළමයින්ට නොමිලේ බොක්සිං ඉගෙන ගන්න පුළුවන් ඇකඩමි එකක් තමයි ඇය ආරම්භ කළේ.
ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන්ට විවිධ අන්වර්ථ නාම ලබා දීලා තියෙනවා. මේරි කොම්ට ලැබුණ අන්වර්ථ නාමය තමයි ‘Magnificent Mary’ කියන්නේ. ඇය එතරම්ම විශිෂ්ටයි. ඇගේ කතාව සිනමා පටයකට පවා නැගුණා.
දුප්පත්කමේ පතුලේ ගිලී හිටියත් ඇය ඇගේ ඉලක්කයට අවසානයේ යන්න සමත් වුණා. ඇයගේ ජීවිතයෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් ඔයාගේ ඉලක්ක ජයගන්නත් ගොඩක් වැදගත් වෙයි. කිසිම මොහොතක අභියෝගවලට ඔබව වළක්වන්න ඉඩ දෙන්න එපා. ඒ සියලු බාධක ශක්තියක් කරගෙන ඉදිරියට යන්න ඔයාට පුළුවන්.
ඔයාගේ ජීවිතේ සිහින ඇති. ඒත් සිහින දැක දැක හිටියොත් ඔයාට ඒ සිහින සැබෑවක් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිහින ඉලක්ක බවට පරිවර්තනය කරගන්න. ඔයාට ඉලක්කයක් තියෙනවා නම් ඒක ජයග්‍රහණය කරන්න අවශ්‍ය මාර්ග ඔයාට හොයාගන්න පුළුවන්. ඉලක්කයක් හදාගන්න හැටි, ඒක හඹා යන හැටි ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පහළ තියෙන Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/goal-setting-techniques-for-life?affcode=1420258_ghpjvsre