මධ්‍යම පන්තිය එහෙම නැත්නම් Middle Class කියන වචනය ඇහෙනකොට ඔයාට මොකද හිතෙන්නේ? මාසෙ අන්තිමට සල්ලි ප්‍රශ්න, කෑමක් හදන්න දෙපාරක් තුන්පාරක් හිතන එක, සුඛෝපභෝගී (luxury) බ්‍රෑන්ඩ් ගැන හිතද්දිත් ලොකු ප්‍රශ්නයක් විදියට පේන එක, කොහේ හරි ඇවිදින්න යන්න හිතුණත් සල්ලි නැති නිසා යන්න බැරිකම වගේ දේවල් ඔයාට මතක් වෙනවා ද? මේ හැමදේටම හේතුව ඔයාගේ වත්කම් හෝ මුදල් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ හැසිරීම්වල.
මේ මධ්‍යම පාන්තික හැසිරීම කියන්නේ පිළිකාවක් වගේ දෙයක්. මේ පිළිකාව පවුලක් ගත්තොත් ඒ පවුලේ දරුවන්ට, දෙමාපියන්ට, සීයා, ආච්චි ඇතුළු හැමෝටම පැතිරෙන්න පුළුවන්. මේ පිළිකාවෙන් සුව වෙන්න වැඩිපුර සල්ලි ලැබුණා කියලා විතරක් මදි. මොකද මේක හැසිරීමක්, පුරුද්දක්, ජීවන රටාවක්. මේකෙන් ඔයා එළියට එන්න ඕන.
ඔයාව මධ්‍යම පාන්තික හැසිරීම්වලට හිරකරලා තියන උගුල් 05ක් ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ ලිපිය කියෙව්වාට පස්සේ වෙන මොහොතක් අරගෙන හිතන්න, කොළයක් අරගෙන ලියන්න. මේ උගුලෙන් ඔයාව විතරක් නෙවෙයි, ඊළඟ පරම්පරාවත් බේරගන්න ඔයාට පුළුවන්.
ඔයාට යම් ආදායමක් එන්න තියෙනවා නම්, ඔයා මුලින්ම කල්පනා කරන්නේ ඊළඟට ගන්න සුඛෝපභෝගී දේ (luxury) මොකක්ද කියලා. නමුත් තාම ඔයාට සල්ලි අතට ලැබිලත් නැහැ. හැබැයි ඔයා දැනටමත් අලුත් ජංගම දුරකතනයක්, අලුත්ම ලැප්ටොප් එකක්, මිල අධික සපත්තු හෝ ඇඳුම් ගන්න ඕන කියලා හිතනවා. සමහරවිට ඔයාට දැනටමත් මිල අධික බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ඇති. ඒත් එන්න තියෙන සල්ලි ගැන හිතාගෙන, ඔයා ඊළඟට එන අලුත් ෆෝන් එක ගැනත් හිතනවා.
මේ උගුලෙන් මිදෙන්න අවශ්‍ය නම් මේ ගැන දෙවරක් හිතන්න. මොකද මේ මධ්‍යම පන්තියෙන් එළියට ආවා කියලා දැනගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයාගේ ආදායම ඉහළ යන එක. එහෙම නැත්නම් තියෙන මුදල් ප්‍රමාණයෙන් තවත් මුදල් ඇති කරන එක. මේ දෙකම කරන්න බැහැ ඔයා ඉන්නේ මධ්‍යම පාන්තිකයන්ව හිර කරන උගුලකට අහුවෙලා නම්.
සුඛෝපභෝගී නිෂ්පාදන දවසින් දවස වෙළඳ පොළට එකතු වෙනවා. එතකොට ඔයා මේ උගුලෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරගන්න කලින් දෙවරක් හිතන්න.
ඉතිරි කරනවා කියලා බොහෝ දෙනෙක් කරන්නේ ස්ථාවර තැන්පතුවක් (FD) දාන එක. FD එකක් දැම්මාම පොලියක් ලැබෙනවා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ තමයි
මධ්‍යම පන්තිය එහෙම නැත්නම් Middle Class කියන වචනය ඇහෙනකොට ඔයාට මොකද හිතෙන්නේ? මාසෙ අන්තිමට සල්ලි ප්‍රශ්න, කෑමක් හදන්න දෙපාරක් තුන්පාරක් හිතන එක, සුඛෝපභෝගී (luxury) බ්‍රෑන්ඩ් ගැන හිතද්දිත් ලොකු ප්‍රශ්නයක් විදියට පේන එක, කොහේ හරි ඇවිදින්න යන්න හිතුණත් සල්ලි නැති නිසා යන්න බැරිකම වගේ දේවල් ඔයාට මතක් වෙනවා ද? මේ හැමදේටම හේතුව ඔයාගේ වත්කම් හෝ මුදල් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ හැසිරීම්වල.
මේ මධ්‍යම පාන්තික හැසිරීම කියන්නේ පිළිකාවක් වගේ දෙයක්. මේ පිළිකාව පවුලක් ගත්තොත් ඒ පවුලේ දරුවන්ට, දෙමාපියන්ට, සීයා, ආච්චි ඇතුළු හැමෝටම පැතිරෙන්න පුළුවන්. මේ පිළිකාවෙන් සුව වෙන්න වැඩිපුර සල්ලි ලැබුණා කියලා විතරක් මදි. මොකද මේක හැසිරීමක්, පුරුද්දක්, ජීවන රටාවක්. මේකෙන් ඔයා එළියට එන්න ඕන.
ඔයාව මධ්‍යම පාන්තික හැසිරීම්වලට හිරකරලා තියන උගුල් 05ක් ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ ලිපිය කියෙව්වාට පස්සේ වෙන මොහොතක් අරගෙන හිතන්න, කොළයක් අරගෙන ලියන්න. මේ උගුලෙන් ඔයාව විතරක් නෙවෙයි, ඊළඟ පරම්පරාවත් බේරගන්න ඔයාට පුළුවන්.
01. සුඛෝපභෝගී ජීවිතය ගැන උගුල
ඔයාට යම් ආදායමක් එන්න තියෙනවා නම්, ඔයා මුලින්ම කල්පනා කරන්නේ ඊළඟට ගන්න සුඛෝපභෝගී දේ (luxury) මොකක්ද කියලා. නමුත් තාම ඔයාට සල්ලි අතට ලැබිලත් නැහැ. හැබැයි ඔයා දැනටමත් අලුත් ජංගම දුරකතනයක්, අලුත්ම ලැප්ටොප් එකක්, මිල අධික සපත්තු හෝ ඇඳුම් ගන්න ඕන කියලා හිතනවා. සමහරවිට ඔයාට දැනටමත් මිල අධික බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ඇති. ඒත් එන්න තියෙන සල්ලි ගැන හිතාගෙන, ඔයා ඊළඟට එන අලුත් ෆෝන් එක ගැනත් හිතනවා.
මේ උගුලෙන් මිදෙන්න අවශ්‍ය නම් මේ ගැන දෙවරක් හිතන්න. මොකද මේ මධ්‍යම පන්තියෙන් එළියට ආවා කියලා දැනගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයාගේ ආදායම ඉහළ යන එක. එහෙම නැත්නම් තියෙන මුදල් ප්‍රමාණයෙන් තවත් මුදල් ඇති කරන එක. මේ දෙකම කරන්න බැහැ ඔයා ඉන්නේ මධ්‍යම පාන්තිකයන්ව හිර කරන උගුලකට අහුවෙලා නම්.
සුඛෝපභෝගී නිෂ්පාදන දවසින් දවස වෙළඳ පොළට එකතු වෙනවා. එතකොට ඔයා මේ උගුලෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරගන්න කලින් දෙවරක් හිතන්න.
02. ඉතිරි කිරීමේ උගුල
ඉතිරි කරනවා කියලා බොහෝ දෙනෙක් කරන්නේ ස්ථාවර තැන්පතුවක් (FD) දාන එක. FD එකක් දැම්මාම පොලියක් ලැබෙනවා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ තමයි අවුරුදු ගණනක්, පරම්පරා ගණනක් මේ ඉතුරු කිරීමේ උගුලට ඔයා හිරවෙන එක. ඔයාට හිතෙන්නේ ස්ථාවර තැන්පතුවක ඉතිරි කළාම සල්ලි නිකන් තියලා පොලියක් ලැබෙනවා ඔයාට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ වගේ හැඟීමක්.
ඔයා කිසිම දවසක ආයෝජනයක් කරන්න හිතන්නේ නැති වෙන්න මේ වගේ උගුල් බලපානවා. කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්න, Real estate වගේ ක්ෂේත්රයක ආයෝජනය කරන්න ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔයා හිතන්නේ ඒක අවදානමක් කියලා.
රටක ආර්ථික අර්බුදයක් ඇතිවෙලා උද්ධමනය ඉහළ ගිය දවසක ඉතිරි කළ දේවල්වලින් විතරක් ඔයාට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් ද? පොලිය බලාපොරොත්තුවෙන් ඉතිරි කිරීමට විතරක් ඔයා යොමුවෙලා ඉන්නවා නම් අදම හොඳින් හිතලා බලන්න ඔයා ඉන්නේ උගුලකට අහුවෙලා නේද කියලා.
03. දැනුම වෙනුවෙන් ආයෝජනය කිරීම ඵල රහිත බව සිතීමේ උගුල
මධ්‍යම පාන්තික මානසිකත්වය හිතන්නේ අධ්‍යාපනය කියන්නේ අවුරුදු 25න් ඉවර වෙන දෙයක් කියලා. උපාධිය ගත්තා, මාස්ටර් එකක් කළා, රට ගියා, රැකියාවක් කරලා සල්ලි හොයනවා වගේ තැනකින් ඔවුන් ඉගෙනීම නවත්වනවා. නැත්නම් ඊටත් කලින් ඉගෙනීම වෙනුවෙන් ආයෝජනය කරන එක නවතා දමනවා.
ඉගෙනීම කියන්නේ ඉවර වෙන දෙයක් නෙමෙයි. දැනුම ලබා ගන්න එක අපි මැරෙනකම් සිදු කරන දෙයක්. ඔයා අද ඉන්නේ කොතැන ද එතැනින් ඉහළට යන්න නම් ඔයා දැනුම වෙනුවෙන් ආයෝජනය කරන්න ඕන. ඔයාට යම් දක්ෂතාවක් තියෙනවා නම් ඔයා ඒක තව වර්ධනය කරගන්න ඕන. නැත්නම් ඔයා එක තැනකදි නතරවෙලා එතැනින් එහාට තියෙන ලෝකය දිහා බලලා දුක් වෙන එක විතරයි වෙන්නේ.
මධ්‍යම පාන්තිකයන් දිගින් දිගටම ඉගෙනීමට යොමු වුණත් සමහර අවස්ථාවල ඔවුන්ගේ සමීපතමයන්ගෙන් ඇහෙන්නේ “ඔය තරම් ඉගෙන ගන්න ඕන ද, ඕවා ඉගෙන ගෙන මොනවා කරන්නද” වගේ කතා. නමුත් වර්තමාන ලෝකය වේගයෙන් දියුණු වෙනවා. ඒ අලුත් වන ලෝකය එක්ක ඔයා දැනුම ලබා ගත්තේ නැත්නම් ඔයාව සීමා වෙනවා.
උපාධියක් ගත්තාම අධ්‍යාපනය ලබලා ඉවරයි කියන මානසිකත්වයෙන් මිදෙන්න. නැත්නම් දැනුම වෙනුවෙන් ආයෝජනයක් නොකර ඉන්න ඕන කියන උගුල විසින් ඔයාව සදාකාලිකවම මධ්‍යම පාන්තිකයෙක් ලෙස සිර කර තබාවි.
04. මුදල් ගැන කතා නොකිරීමේ උගුල
ඔයා ධනවත් පවුලක ගෙදරක සාදයකට ගියාම කෑම මේසයේ ඉන්න අය මොනවද කතා කරන්නේ කියලා පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔයාට ඇහෙයි මුදල් ගැන, අලුත් ව්‍යාපාර අවස්ථා ගැන, විදේශීය වෙළඳ පොළ අවස්ථා ගැන, අලුත් වාහනයක්, අලුත් ගෙයක් වගේ දේවල් ගැන ඔවුන් කතා වෙනවා. ඊළඟට ආයෝජනය කළ කරන්න ඕන මොනවා වෙනුවෙන් ද කියලා ඔවුන් හැම වෙලාවකම හිතනවා, කතා කරනවා.
ඒත් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්වය වෙනස්. ඔවුන් එදිනෙදා පුවත් ගැන, රටේ තියෙන ප්‍රශ්න ගැන, වෙනත් පුද්ගලයන්ගේ ජීවිත ගැන, අගහිඟකම් ගැන නිතර කතා වෙනවා. ඉතින් ඔයාට හිතෙනවා ද නිතර කතා වෙන මේ දේවල් නිසා මධ්‍යම පාන්තිකයන්ට එතැනින් මිදෙන්න පුළුවන් වෙයි කියලා. නිතර නිතර ඔයා කතාබහ කරන දේවල් ඔයාගේ ජීවිතය තීරණය කරනවා.
ඒ නිසා මුදල් නැහැ, මුදල් ප්‍රශ්න තියෙනවා කියලා හිතලා ඒ ගැන කතා නොකරම ඉන්න එකත් එක්තරා ආකාරයක උගුලක්.
05. Credit Card උගුල
මධ්‍යම පාන්තිකයන්ව හසු කරගන්න විශාලම උගුලක් විදියට ක්‍රෙඩිට් කාඩ් හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව ඔවුන් තමන්ට නැති මුදලක් වියදම් කරන එක. අත්‍යවශ්‍ය තැනදි විතරක් ක්‍රෙඩිට් කාඩ් එක භාවිත කරනවා වෙනුවට එහි සීමාවත් අභිභවා වියදම් කරන්න ඔවුන් හිතනවා.
ආකර්ෂණීය වට්ටම්වලට රැවටිලා හැම වර්ගයකම ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන්න පවා සමහර පුද්ගලයෝ පෙලඹෙනවා. ඔයා එහෙම කරන එක වැරැද්දක් වෙන්නේ නැහැ ඔයා ක්‍රෙඩිට් කාඩ් එක හරියට භාවිතයට ගන්නවා නම්. ඒත් සුඛෝපභෝගී සන්නාමවල මිල අධික භාණ්ඩ මිලට ගන්න, නැති තත්ත්වයක් මවා පාන්න ඔයා ක්‍රෙඩිට් කාඩ් භාවිත කරනවා නම් ඔයාට දියුණු වෙන්න ගොඩක් අසීරු වෙනවා. ඔයා ඔයාටත් නොදැනිම ණය ගොඩක හිරවෙනවා. මධ්‍යම පාන්තිකයෙක් විදියට හැමදාම ඉන්න බලපාන ප්‍රධානම උගුලක් විදියට ක්‍රෙඩිට් කාඩ් හඳුන්වන්නේ ඒ නිසයි.
දැන් ඔයා මේ උගුල් පහ ගැනම හොඳින් හිතලා බලන්න. ඔයාට මේ අතරින් එකක් හෝ දෙකක් අදාළ වෙනවා ද, නැත්නම් පහම අදාළ ද කියලා හොඳට හිතලා බලන්න. ඉන්පස්සේ ඒ උගුල්වලින් මිදෙන්න උත්සහ කරන්න.
දැන් ඔයාට හිතෙයි මේ කිව්වෙ උගුල් ගැන විතරයිනේ මේ දේවල්වලින් ගැලවෙන්නේ කොහොමද කියලා. මොකද ඔයා කැමතියි පොහොසත් වෙන්න. සැප පහසු ජීවිතයක් ගත කරන්න, ඒ වගේම ඔයාගේ පවුලේ අයට සුව පහසු ජීවිතයක් ලබා දෙන්න. ධනවත් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනුම ලබා ගන්න පහළ Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/rich-dad-poor-dad-video-book?affcode=1420258_ghpjvsre