මිලියනපති සිහින අපි හැමෝටම වගේ තියෙනවා. මේක කියවන ඔයාටත් ඒ වගේ සිහිනයක් ඇති. ඒත් තනි පුද්ගලයෙක් විදියට යන වියදම්, පවුලේ අය වෙනුවෙන් කරන වියදම් එක්ක බලනකොට ඔයාට සමහරවිට ඉතුරුවක් නැතුව ඇති. එහෙම නැත්නම් ඔයා ඉතිරි කරගත් මුදල අසනීපයක් නිසා හෝ හදිසි අවස්ථාවක් නිසා වියදම් කරන්න වුණ අවස්ථා ඇති. ඒ වගේ වෙලාවට කවදා නම් තමන් ආස කරන ජීවිතය ගත කරන්න ලැබෙයි ද කියන සිතුවිල්ල ඕනම කෙනෙක්ට එනවා.

මේ ලිපිය කියවන ඔයාට ඒ වගේ සිතුවිලිවලින් තවදුරටත් පීඩා විඳින්න ඕන වෙන්නේ නැහැ. ඔයාට මිලියනපතියෙක් වෙන්න සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනයට වේගයෙන් ගමන් කරන්නේ කොහොමද කියන එක මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

M.J. DeMarco ලියූ The Millionaire Fastlane කියන පොත ඇසුරෙන් සැකසෙන මේ ලිපියේ සඳහන් වෙනවා මිලියනපතියෙක් වීමේ ගමන වේගවත්ව යන්න අවශ්‍ය කරන සංකල්ප 04ක් ගැන.

‘ඉක්මන කොටයි’ කියලා කතාවක් ඔයා අහලා ඇති. සල්ලි හොයනකොට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි ඉක්මන් වෙන්න එපා කියලා. ඒත් The Millionaire Fastlane කියන ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ පොත කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. නිකන් ඉඳලා මිලියනපතියෙක් වෙන්නෙ කොහොමද කියන එක ගැන මේ පොතේ කතා කරන්නේ නැහැ. යම් දෙයක් කරමින් වේගයෙන් එම ඉලක්කය කරා ළඟා වන්නේ කොහොමද කියන එක තමයි මේ පොතේ පැහැදිලි කරන්නේ.

අපි දැන් බලමු මිලියනපතියෙක් වෙන්න යන ගමන වේගවත් කරන සංකල්ප 04 මොනවාද කියලා.

01. මිලියනපතියෙක් වෙන්න යන්න පුළුවන් මාර්ග 03

01. Sidewalk (පදික වේදිකාව): මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ මුදල් සියල්ල වියදම් වන අතර, මූල්‍ය නිදහස (Financial Freedom) පිළිබඳ සංකල්පය ඔවුන්ට අත් කර ගැනීමට නොහැකියි. ඔවුන් ඒ ගැන හිතන්නේවත්, දන්නේවත් නැහැ.

02. Slowlane (මන්දගාමී මාවත): ලෝකයේ අති බහුතරයක් දෙනා පුරුදු වී ඉන්නේ මේ මාර්ගයේ ගමන් කිරීමට. මොවුන් ගොඩක්ම මහන්සි වන්නේ උපයන මුදල් ඉතිරි කිරීමටයි. ඒ වගේම කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම වැනි දේවල්වලට ඔවුන් යොමු වෙනවා. එසේ කිරීම වැරැද්දක් නොවන බව පොතේ පැහැදිලිව සඳහන් කරනවා. නමුත් Slowlane හි ප්‍රශ්නය වන්නේ, කාලය අධිකව ගත වීමයි. එබැවින් මූල්‍ය නිදහස ලැබෙන විශාල කාලයක් බලාසිටීමට සිදු වෙනවා.

03. Fastlane (වේගවත් මාවත): මෙම මාර්ගයේ යාමට නම්, ඔයා විසින් කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. ඔයා කුමන රැකියාවක් හෝ ව්‍යාපාරයක් කළත්, එය Fastlane එකට අයත් වෙනවා කියලා හිතන්න එපා. මේ පොත පැහැදිලිවම කියන්නේ ඔයා Fastlane එකේ යන්න

Share this post: