බිස්නස් එකක් කරද්දි අපි හැමෝම හොයන්නෙ එක දෙයයිනෙ.

වෙන මොනවද Sales ඇරෙන්න නේද?

B2B, B2C, Multilevel Marketing, Digital Sales කියල Sales වර්ගත් මහ ගොඩක් තියෙනවනෙ.වෙන කවුරුවත් ඕන නෑ අපි අපිවම උදාහරණයට අරගන්නම්කො. දැන් අපේ මේ Simplebooks ආයතනය මේ වෙද්දි Company 5000කට වඩා Register කරල තියෙනවා. Global Sale Strategies, Global Business Models මහ ගොඩක් Study කරල තියෙනවා. Sales Experts ලා එක්ක Sales Interviews කරල තියෙනවා.

අපි හිතනවනෙ දැන් බිස්නස් එකකින් අපි බලාපොරොත්තු වෙන්නෙ Sales නම් අපි හිතනවනෙ “බිස්නස් එකක් කරන්න Sales ගැන පරතෙරට දන්න කෙනෙක් වෙන්න ඕන” කියලා. මොන Background එකෙන් ආවත්, ඔයා Founder උනත් මුලින්ම ඉතින් ඔය Sales වැඩේ කරන්න වෙන්නෙ ඔයාටමනෙ නේද?

එතකොට ඔයාට Sales Skill එක තියෙන්න ඕන.

අපි පහුගිය කාලයක් පුරාවට Startup Business කරන ගොඩක් අයව අධ්‍යයනය කරලා බැලුවම තේරුම් ගත්ත දෙයක් තමයි මේ Sales කරද්දි ගොඩක් අය කරන වැරදි ගොඩක් තියෙන බව. ඒවයින් ප්‍රධානම වැරදි 4ක් අපි අඳුරගෙන තියෙනවා.

මේ වැරදි 4 සමහරවිට ඔයා කරලත් ඇති. සමහරවිට ඔයා දැනටමත් කරමින් ඉන්නව වෙන්නත් පුලුවන්. සමහරවිට ඔයාගෙ බිස්නස් එකේ Sales ඔයා නොහිතන තරම් අඩුවෙන්න හේතුවෙලා තියෙන්නෙත් ඒ වැරදිම වෙන්න පුලුවන්.

ඉතින් ඒකෙන් බේරෙන්න නම් ඔයා මේ වැරදි 4 අඳුරගන්නත් ඕන. මේ ටික හරියට හදාගෙන ඔයාගෙ බිස්නස් එකේ Sales Process එකට Apply කරොත් ඔයාගෙ Business එකේ Numbers උඩට අරගන්න ඔයාට පුලුවන්.

මොනවද ඒ වැරදි 4? ඒ ගැන දැනගන්න මේ ආටිකල් එක සම්පූර්ණයෙන්ම කියවන්න වගේම මේ වගේම ඔයා අතින් වෙන වැරදි අඳුරගෙන, ඒව හදාගෙන ඉස්සරහට යන්න, ඔයාගෙ බිස්නස් එක Successful කරගන්න Free Chapters කියවලම Loku Business – 100 Sales Strategies Online Course එක කරන්නත් අමතක කරන්න එපා!

පළවෙනි වරද තමයි: මිනිස්සු විකිණෙන්න කැමති නෑ.

මේක ඔයා වගේම ඔයාට ඉන්න Sales Team එකත් හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. Sales කියන්නෙ ඔලුවෙන් ගහන්න ඕන ගේමක් නෙ. ඉතින් ඒ ගේම ගහන්න කලින් මෙන්න මේ කතාව අපෙ ඔලුව ඇතුලෙ Establish කරගන්න අපි අමතක කරන්න හොඳ නෑ.

අනිත් මිනිස්සුන්ව අමතක කරන්නකො. ඔයා ආසද විකිණෙන්න?

නෑනෙ. ඉතින් එහෙනම් අමතක කරන්න එපා අනිත් අයත් ඒ වගේම තමයි. එහෙමනම් මිනිස්සු මොනවටද කැමති? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නෙ. විකීනෙන්න අකමැති වුණාට මිනිස්සු කැමතියි උදව්වක් ලබන්න.

එතකොට ඇත්තටම ඔයා Sales කරනව කියල කරන්න ඕන විකුණන එක නෙවෙයි මිනිස්සුන්ට උදව් කරන එක. කල්පනා කරල බලන්නකො. ඔයා පොඩ්ඩක්වත් අඳුරන්නෙ නැති කෙනෙක්ව කසාද බඳිනවද?

සරලම උත්තරේ නෑනෙ. ඒවට නෑ කියල කියන අපි හැබැයි අලුතෙන් කස්ටමර් කෙනෙක් ආව ගමන් කරන්නෙ මොකද්ද?

“ආහ් බොස් මේක හොඳයි, ගන්න ගන්න ගන්න” කියල මොනවහරි විකුණන්නම ට්‍රයි කරන එක. ඒක හරියට අර නොදන්න මිනිහෙක්ව කසාද බැඳගන්න යනව වගෙම වැඩක්. හිතනවද කවුරුවත් හා කියාවි කියල?

ඒව හරියන්නෙ නෑ ඉතින්, විකුණන්න එපා උදව් කරන්න. Don’t Sell – But Help. මේ උදව් කරන එකත් Art එකක්නෙ. මේ Art එකට විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගෙ Customer ට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් අඳුරගෙන ඒක විසඳන්න උදව් කරන එක. දෙවනි ක්‍රමය තමයි ඔයාගෙ Customer ට මොකක් හරි අරමුණක් ඇති නෙ. අන්න ඒක අඳුරගෙන ඒ අරමුණ Achieve කරගන්න Customer ට උදව් කරන්න.

දෙවනි වරද තමයි: වැඩිය ගැඹුරට යන්නෙ නැති එක

සමහර තැන්වලදි නම් වැඩිය ගැඹුරට නොයා ඉන්න එක හොඳයි. හැබැයි Sales වලදි ඒක නොකරන එක තමා වරද. ඔයාගෙ Customer ව හරියටම අඳුරගන්න, එයාගෙ අවශ්‍යතාව, එයා හොයන දේ මොකද්ද කියල හරියටම අඳුරගන්න නම් ඔයාට ගැඹුරට යන්නම වෙනවා.

හිතන්නකො ඔයා ඉස්කෝලෙට යනව. ටිකක් පරක්කු වෙලා යන්නෙ. ඔයයි ක්ලාස් ටීචයි අතරෙ මෙන්න මෙහෙම Discussion එකක් යනව කියල හිතන්නකො.

Class Teacher: ඇයි පරක්කු උනේ?

ඔයා: ටීච මම වැටුණා

Class Teacher: වැටුනම නැගිටින්න මෙච්චර වෙලා යනවද?

ඔයා: නෑ ටීච මම ගේ ලඟ වැටුනෙ

Class Teacher: වැටුණ කිව්වට කෝ මට කිසිම බැන්ඩේජ් එකක් පේන්නෙ නෑනෙ.

ඔයා: ඔතන ඉඳන් බැලුවම ඉස්සරහට පේන්නෙ නෑ ටීච. සයිඩ් එකෙන් බැලුවොත් තමා පේන්නෙ

Class Teacher: ආහ් එහෙමද? ඉතින් දැන් ඔයා ඇවිදිනකොට කිසිම අමාරුවක් පේන්නෙ නෑනෙ

ඔයා: නෑ ටීච ඇවිදිනකොට කිසි අවුලක් නෑ. වාඩිවෙලා ඉද්දි තමා අමාරුව දැනෙන්නෙ

බලන්නකො වෙච්ච දේ හරියටම දැනගන්න ප්‍රශ්න කීයක් අහන්න උනාද කියල.

Sales වලදිත් ඔයාට සිද්ද වෙනවා මේ වගේ ප්‍රශ්න අහන්න. එහෙම නැත්තම් කවදාවත් ඔයාගෙ සර්විස් එක ප්‍රඩක්ට් එකට මුලටම දාලා කතාව පටන් අරගෙන හරියන්නෙ නෑ. මේ සංවාදයේ මුල්ම ටිකට ඔයාගෙ ප්‍රඩක්ට් එක සර්විස් එක අදාලම නෑ. මුලින්ම කරන්න ඕන Customer ගෙ Need, Want, Goal, Problem එක අඳුරගන්න එක.  ඒ අඳුරගත්තට පස්සෙ තමයි ඔයා Solution එක දෙන්න ඕන. ඒකට කියන්නෙ Consultative Need එකක් කියල. ඔයා කරන්නෙත් Consultation එකක්. ඉස්සෙල්ල ප්‍රශ්නෙ අහනව. පස්සෙ උත්තරේ එහෙම නැත්තම් විසඳුම මොකද්ද කියලා කියනවා.

තුන්වෙනි වරද තමයි: KDM ව අඳුරගන්නෙ නැති එක

මේක තමයි භයානකම Mistake එක. කවුද මේ KDM කියන්නෙ?

වෙන කෙනෙක් නෙවෙයි ඒ තමයි Key Decision Maker. Sales වල දැනගන්නම ඕන දෙයක් තමයි ඔයා කොච්චර ප්‍රඩක්ට් එක සෙල් කරන්න හැදුවත් ඔයා දැනගෙන ඉන්න ඕන අන්තිමට මේ ප්‍රඩක්ට් එක අරගන්නෙ කවුද නැද්ද කියන එක.

ඒක දැනගෙනයි වැඩේට බහින්න ඕන. ඔයාලා දැකල තියෙනවද ලැම්බොගිනි විකුනනවා ටීවී ඇඩ් දාලා? නෑනෙ. මොකද ලැම්බොගිනි ගන්න සල්ලි තියෙන අයට ටීවි ඉස්සරහට වෙලා නාස්ති කර කර ඉන්න කාලයක් නෑ.ඔයාගෙ Audience එක එතන නෑ.

ඔන්න හිතන්න ඔයා යනවා ගෙදරට Sofa එකක් ගන්න. මුලින්ම එන්නෙ Initiator. ඒ කියන්නෙ “ආහ් ගෙදරට සෝෆා එකක් ගන්න ඕන” කියල මුලින්ම සිතුවිල්ල එන කෙනා. ඊටපස්සෙ ඉන්නෙ Influencer. එයා තමයි “අනේ අනේ සෝෆා එකක් ගමුකො මොකද්ද අනේ?” කියල Influence කරන කෙනා. ඊටපස්සෙ ඉන්නෙ Decider.  එයා තමා “හරි ගමු” කියන Final Decision එක ගන්න කෙනා.

ඊටපස්සෙ තමයි Buyer එන්නෙ. ගන්න හිතන්නෙ එක්කෙනෙක් හැබැයි ගන්නෙ තව කෙනෙක් වෙන්න පුලුවන්නෙ. අන්තිමටම ඉන්නව කවුද? Consumer. එයා තමා මේ සෝෆා එක පාවිච්චි කරන කෙනා.මෙහෙම කීප දෙනෙක් ඉන්නවනෙ.

මෙතනදි ඔයාගෙ Job එක වෙන්නෙ මෙන්න මේ Process එකේ ඉන්න ඔයාගෙ KDM කවුද කියල අඳුරගන්න එක. එහෙම කරොත් විතරයි ඔයාට ඔය සෝෆා එක නියමෙටම විකුණගන්න පුලුවන් වෙන්නෙ.

ඉතින් ඔයා Target  කරනවනම් කරන්න ඕන හරිම කෙනා අඳුරගන්න ඕන. හිතන්නකො පොඩි ලමයි ආස සෙල්ලම් බඩුවක් තියනව කියල. ඔයා ළමයව කොච්චර Target කරත් අන්තිමේ ඕක Purchase කරන්නෙ දරුවන්ගෙ දෙමව්පියන් කියන කාරණේ මෙතනදි අමතක කරන්න බෑ.

හතරවෙනි වරද තමයි: Budget ප්‍රහේලිකාව විසඳන්නෙ නැති එක

මෙතනදි කතාකරන්න කට්ටිය වර්ග හතරක් ඉන්නවා.

  1. සල්ලිත් නෑ අවශ්‍යතාවයත් නෑ
  2. සල්ලිත් තියෙනවා අවශ්‍යතාවයත් තියෙනවා – මෙයා තමයි Ideal Customer
  3. සල්ලි තියෙනවා හැබැයි අවශ්‍යතාවයක් නෑ – ගැඹුරට ගිහින් Need එක හොයන්න ඕන මෙයාගෙ
  4. අවශ්‍යතාවය වැඩියි, හැබැයි සල්ලි නෑ – Offers, Discounts, ටික ටික ගෙවන ප්ලෑන් සෙට් වෙන්නෙ මෙයාලට

    මෙවැනි වටිනා Blog එකක් දැමූ සැනින් දැනගැනීමට අපව Subscribe කරන්න


    එහෙම බැලුවම මෙන්න මේ කල්ලි හතරම දැනගන්න එක වගේම එක එක කල්ලියට Sales කරන්න ඕන Strategy එක හරියටම අඳුරගන්න එකත් හැමදේටම කලින් ඔයා Practice කරන්න ඕන.

    ඔයා මොන බිස්නස් එක කරත් Sales කියන්නෙ ඔයාට අමතක කරන්න බැරිම ටොපික් එකක්නෙ. බිස්නස් කියල චැරිටි කරනවනම් ඔන්න Sales අමතක කරල දාන්න පුලුවන්.

    ඉතින් මෙන්න මේ වගේ Sales කරද්දි ඔයා අනිවාර්‍ය්‍යෙන්ම දැනගන්න ඕන කාරණා, Strategies මහ ගොඩක් තියෙනවා.

    ඉතින් මේව හරියටම Study කරොත්, Follow කරොත් විතරයි ඔයාලට මේ Sales Game එක ගොඩ දාගන්න පුලුවන් වෙන්නෙ.

    වැඩේ ඉගෙන ගන්න මහ දුර යන්න ඕන නෑ.

    ගෙදර ඉඳගෙනම පැය 7න්, චැප්ටර්ස් 100කින්, Life Time Access එක්ක 100 Sales Strategies දැනගන්න ගොඩවෙන්න Loku Business අරගෙන එන 100 Sales Strategies Online Course එකට

    එකතුවෙලා අපි ඔයාගෙ බිස්නස් එකේ Sales ගොඩදාමු!

    Link: https://school.lokubusiness.lk/p/100-sales-strategies?affcode=1420258_ghpjvsre

    Share this post: