ජීවිතයේ සාර්ථකත්වය සොයන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “සාර්ථක මිනිස්සුන්ගේ රහස මොකක්ද?” කියන එක. මේකට උත්තරය හරිම සරලයි. ඒ රහස තමයි ක්‍රියාත්මක කිරීමේ වේගය (Speed of Implementation).

හොඳින් ඉගෙන ගන්න සිසුන්, දක්ෂ සේවකයින්, කෝටිපතියන්, ව්‍යාපාරිකයින්, සහ ජයග්‍රාහී ක්‍රීඩකයින් වැනි සාර්ථක පුද්ගලයින් හැමෝම මේ රහස අනුගමනය කරනවා. ඔවුන් යමක් කළ යුතුයි කියලා දැනගත් පසු ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ. ඔවුන් එය ඉක්මනින්ම ක්‍රියාවට නංවනවා. හිතන කාලයත්, වැඩ කරන කාලයත් අතර වෙනස මේ අය ළඟ ඉතාම අඩුයි.

දැනුම යනු බලය නොවේ

බොහෝ දෙනෙක් කියනවනේ “දැනුම යනු බලයයි” කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමම නෙවෙයි. දැනුම කියන්නේ ඔයා ළඟ තියෙන බලයක් තමයි. ඒත් ඒ දැනුම ඔයා ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒකෙන් ඔයාගේ ජීවිතයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා ක්‍රියාත්මක කරන දැනුම තුළ තමයි සැබෑම බලය සැඟවී තියෙන්නේ.

ඔයා මොකක් හරි වැඩමුළුවකට සහභාගී වෙලා, එහෙම නැත්නම් පාඨමාලාවක් හදාරලා විභාගත් හොඳින් සමත්වෙලා ඒ දේවල් සම්පූර්ණ කළා කියලා හිතන්න. ඔයාට ඒ ඉගෙන ගත් දේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔයාට අනිත් අයට ඒ දැනුම බෙදා දෙන්න තරමේ හොඳ දැනුමක් තියෙන්නේ. ඒත් ඔයා ඒ ඉගෙන ගත් දේ ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒ දැනුමෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.

ඔයාට ඉතාම දක්ෂ විදියට චිත්‍ර අඳින්න හැකියාවක් තියෙනවා කියලා හිතන්න.

Share this post: