ව්‍යාපාරයක් කරන කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ ව්‍යාපාරය කොහොමද වැඩි වියදමක් නැතුව අතේ තියෙන ගාණට හොඳින් මාකට් කරගන්නේ කියන එක. මේ කියන්න යන කතාව සම්පූර්ණයෙන් කියෙව්වම ඔයාට හිතෙයි මෙච්චර කල් Marketing කියලා හිතාගෙන හිටිය දෙයට වඩා දෙයක් ඔයාටත් කරන්න පුළුවන් කියලා.

Oobah Butler කියන පුද්ගලයා “The Shed” නමින් අවන්හලක් (Restaurant) නිර්මාණය කරලා ඒක ලන්ඩන්වල TripAdvisor හි අංක එකේ අවන්හල බවට පත් කළා. මේකෙ විශේෂත්වය වෙන්නේ එහෙම අවන්හලක් භෞතික වශයෙන් ගොඩනගලා නොතිබුණ එක. ඔයාට හිතන්න පුළුවන් ද මේ වෙනකොට නැති අවන්හලක් TripAdvisor එකෙත් අංක එක බවට පත් කරන්නේ කොහොමද කියලා?

අපි ගොඩක් වෙලාවට හිතනවා ව්‍යාපාරයක් සාර්ථකව අලෙවිකරණය කරන්න ලොකු මුදලක් වැය කරන්න ඕන කියලා. ඒ වගේම මිල අධික රූපවාහිනී දැන්වීම්, Marketing campaign නොකළොත් ව්‍යාපාරයක් මාකට් කරගන්න අමාරුයි කියලා හිතනවා. මේ කතාවේ කතානායකයා වන Oobah Butler තමන්‍ට ආව අදහසක් අනුව Viral Marketing Campaign එකක් කළා. ඒත් ඔහු ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරුවේ නැහැ. අපි බලමු කොහොමද ඒක ඔහු කළේ කියලා.

වියදමක් නැතුවම 5 Star Ratings ගත්ත හැටි

Oobah Butler, TripAdvisor කාර්යාලයට ගිහින් ‘The Shed’ නමින් තමන්ගේ අවන්හල ලියාපදිංචි කළා. ඒ වන විට ලන්ඩනයේ අවන්හල් 16,100ත් 16,200ත් අතර ප්‍රමාණයක් තිබුණා. ඔහුගේ ඉලක්කය වුණේ කිසිඳු සැබෑ ආහාරයක් හෝ සේවාවක් නොමැතිව අංක එකේ අවන්හල බවට ඒ අවන්හල පත් කරන්නයි.

ඔහු කළේ හරිම සරල දෙයක්. ඔහුගේ මිතුරන්ට අවන්හල ගැන කියලා ඔහු ඉල්ලීමක් කළා එයට 5 Star Rating එකක් ලබා දෙන්න කියලා. ඒ වගේම අවන්හල ගැන ධනාත්මක ප්‍රතිචාර (Positive comments) පළ කරන්න කියලත් ඔහු මිතුරන්ගෙන් ඉල්ලා සිටියා.

මේ විදියට ඔහුගේ අවන්හල Star Ratingවලින් ඉහළටම යන්න පටන් ගත්තා. මේ සමගම ඔහු අවන්හල සම්බන්ධ කරගත හැකි තොරතුරු සහිත වෙබ් අඩවියක්ද නිර්මාණය

Share this post: