අපි දකිනවා ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පමණක් කෝටිපතියෙකු වන අයුරු, ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන අයුරු, විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වෙන අයුරු වගේ දේවල්. එතකොට අනෙක් අයට නොලැබුණු මේ සාර්ථකත්වය කිහිප දෙනෙකුට පමණක් ලැබෙන්නේ කොහොමද?

මෙවැනි ඉහළ දක්ෂතා දක්වන පුද්ගලයන්ගේ සාර්ථකත්වයට කරුණු දෙකක් බලපානවා.

  • ඇසට පෙනෙන දේවල්: මෙයින් අදහස් වන්නේ සාර්ථක වුණ පුද්ගලයන්ගේ පවුල්වල අයට මුදල් තිබුණා, ඒක ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුණා වැනි පිටතට පෙනෙන්න තිබෙන දේවල්.
  • ඇසට නොපෙනෙන දේවල්: අප නොදන්නා සාධක පිළිබඳවයි මෙයින් අදහස් වන්නේ.

බොහෝ විට සාර්ථක වූ පුද්ගලයන්ගේ අපට නොපෙනන බාහිර සාධක සම්බන්ධයෙන් අපි දැනුවත් නැහැ. Malcolm Gladwell ලියූ Outliers නම් පොතෙ හි පුද්ගල සාර්ථකත්වයට බලපාන බාහිර සාධක පිළිබඳව සඳහන් වෙනවා. අපි දැන් බලමු මේ පොතේ සඳහන් වන බාහිර සාධක මොනවාද කියලා.

පැය 10,000 නීතිය

පාසලක වයලින් වාදනය කරන සිසුන් කණ්ඩායම් තුනකට බෙදා කරන ලද අධ්‍යයනයකින් මේ නීතිය පැහැදිලි කිරීමක් මේ පොතේ සඳහන් වෙනවා.

පළමු කණ්ඩායම: ගුරුවරයා කියා දෙන දේ එලෙසම පුහුණු වන සිසුන්.

දෙවන කණ්ඩායම: සාමාන්‍ය මට්ටමේ දක්ෂතා ඇති සිසුන්.

තෙවන කණ්ඩායම: ලෝක මට්ටමේ දක්ෂතා ඇති සිසුන්.

මෙම අධ්‍යයනයේ අරමුණ වුණේ තුන්වන කණ්ඩායම ලෝක මට්ටමේ දක්ෂතා කරා ළඟා වූයේ කෙසේද යන්න සොයා බැලීමයි. ඔවුන්ට මුදල් තිබුණා ද, හොඳ උපකරණ තිබුණා ද, නැතහොත් සහජ දක්ෂතා තිබුණා ද කියා සොයාබැලීමට අධ්‍යයනය සිදු කළ කණ්ඩායමට අවශ්‍යව තිබුණා. මෙම අධ්‍යයනයේදී මෙම කණ්ඩායම් තුන පුහුණු වූ ආකාරය සම්බන්ධයෙන් කරුණු හෙළි වුණා.

පළමු කණ්ඩායම පැය 4,000ක් පුහුණු වී තිබුණා.

දෙවන කණ්ඩායම පැය 8,000ක් පුහුණු වී තිබුණා.

තුන්වන කණ්ඩායම පැය 10,000ක් පුහුණු වී තිබුණා.

පැය 10,000ක් පුහුණු වී ලෝක මට්ටමේ දක්ෂතා නොලැබූ අය හෝ සහජ දක්ෂතා තිබී පැය 4,000ක් පමණක් පුහුණු වී ලෝක මට්ටමට පැමිණි අය මෙම කණ්ඩායම් අතර සිටියේ නැහැ. මෙම පරීක්ෂණය වයලින් වාදනයට පමණක් නොව චෙස් ක්‍රීඩකයන්ට, වෙනත් ක්‍රීඩාවන් හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අනෙකුත් ඉහළ දක්ෂතා දක්වන ක්ෂේත්‍රවල පුද්ගලයන්ට ද අදාළ කරනු ලැබුවා. ඒ හැම තැනකම එකම රටාව දකින්න ලැබුණා. ඒ තමයි ඔවුන් පැය

Share this post: