ඔයාගේ ව්‍යාපාරය කැපී පෙනෙන විදියේ දියුණුවක් කරා ගෙන යන්න, ඔයාගේ Brand එක පාරිභෝගිකයෝ අතරේ අද්විතීය එකක් බවට පත් කරන්න දම් පාට එළදෙනකගෙන් ඔයාට පාඩමක් ඉගෙන ගන්න තියෙනවා කිව්වොත් විශ්වාස කරනවා ද? ඒක හරි විකාර කතාවක් වගේ ඔයාට හිතෙයි. හිතලා බලන්න ඔයා කොහේ හරි යන වෙලාවක පාරෙ අයිනක හරි තණකොළ පිට්ටනියක හරි දම් පාට එළදෙනක් ඉන්නවා ඔයාට දකින්න ලැබුණා කියලා. ඔයාට පුදුම හිතිලා ඔයා ආයිත් ඒ දිහා බලනවා නේද? ෆෝන් එක අරගෙන ෆොටෝ එකක්, වීඩියෝ එකක් එහෙමත් ගනීවි නේද? ඒ විතරක් නෙමෙයි ඔයා ඒක දන්න අය එක්ක හරි සෝෂල් මීඩියාවල හරි ශෙයා කරගනීවි.
මේ කතාව කිව්වේ අද ඔයාට Loku Business බ්ලොග් එකෙන් කියලා දෙන්න යන මිල අධික අලෙවිකරණ රහස ගැන ප්‍රවේශයක් ගන්න. අලෙවිකරණ විශේෂඥයෙකු (Marketing Expert) කෙනෙක් වගේම ව්‍යවසායකයෙක්, රචකයෙක් වුණ Seth Godin විසින් රචිත Purple Cow “Transform your business by being remarkable” කියන පොත ඇසුරෙන් තමයි මේ ලිපිය සකස් වෙලා තියෙන්නේ. ඔයාගේ Business එකේ කැපී පෙනෙන වෙනසක්, පරිවර්තනයක් කරමින්, ඔයාගේ නිෂ්පාදනයේ/ සේවාවේ අලෙවිය වැඩි කරගන්න හැටි මේ පොතේ සඳහන් වෙනවා.
ඔයා අහලා ඇති කතාවක් Normal is boring කියලා. ඒ කියන්නේ හරියට හැමදාම දකින කුකුලාගේ කරමලේ සුදුයි වගේ දෙයක්. විශේෂත්වයක් තිබුණොත් විතරයි Brand එකක් වුණත් මිනිස්සු අතරට යන්නේ. ඒක අනිත් හැමදෙයක්ම වගේ සාමාන්‍ය දෙයක් නම් ඒ වෙත ලැබෙන අවධානය අඩුයි. එතකොට ඔයාගේ ව්‍යාපාරය, Brand එක මේ ලිපියේ මුලින්ම කිව්ව දම් පාට එළදෙන වගේ කරගන්නයි ඔයා උත්සහ ගන්න ඕන. දම් පාට එළදෙනක් කියන්නේ අනිත් එළදෙනුන්ට වඩා විශේෂ සතෙක්. මොකද අපි සාමාන්‍යයෙන් දකින එළදෙනුන් දම් පාට නැහැ. ඒ නිසා ඔයාගේ brand එක, service එක මේ දම් පාට එළදෙන වගේ වෙනස්, unique දෙයක් වුණොත් තමයි ඒක පාරිභෝගිකයෝ අතරට ගෙනියන්නත්, වෙළඳ පොළේ ඔයාගේ brand එකට විශේෂ තැනක් හදාගන්නත් පුළුවන් වෙන්නේ.
අපි YouTube එකේ බැලුවත්, Facebook, Instagram මේ මොන Platform එකේ බැලුවත් වෙළඳ දැන්වීම් ඕන තරම් අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, පත්තරයක් බැලුවත්, රූපවාහිනිය බැලුවත්, ගුවන්විදුලියට සවන් දුන්නත් හැම තැනම වෙළඳ දැන්වීම් අහන්න දකින්න ලැබෙනවා. ඒත් අපිට ඒ හැම එකක්ම මතක තියෙන්නේ නැහැ.
ඔයා ව්‍යාපාරිකයෙක් විදියට ඔයාගේ නිෂ්පාදන/ සේවා ගැන වෙළඳ දැන්වීම් මොන තරම් දැම්මත් සමහරවිට ඔයා බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ඔයාට ලැබිලා නැතුව ඇති. ඔයාට සමහර වෙලාවට හිතෙනවා ඇති මෙහෙම ඇඩ් දාලා වැඩක් නෑ මොකක්ද මේකට කරන්න ඕන කියලා. ඇත්තටම හේතුව වෙළඳ දැන්වීම් මිනිස්සු නොබලනවා නෙමෙයි, ඔවුන්ට මතකයේ රැඳෙන විදියේ වෙළඳ දැන්වීම් ඔයා නිර්මාණය කරලා නැහැ.
මේ පොත රචනා කළ Seth Godin පුද්ගල කණ්ඩායමක් යොදාගෙන පර්යේෂණයක් කරලා තියෙනවා වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන්. වෙළඳ දැන්වීම් රැසක් තියෙන පත්තර පිටුවක් දීලා ඔහු අර පුද්ගලයන්ට ඒක බලන්න අවස්ථාව දීලා තියෙනවා. ඉන්පස්සේ ඔහු ඒ පුද්ගලයන්ගෙන් අහලා තියෙනවා ඒ පත්තර පිටුවේ තිබුණ දැන්වීම්වලින් තමන්ට මතක වෙළඳ දැන්වීම් දෙකක් කියන්න කියලා. ඔවුන්ගෙන් 10%කටවත් වෙළඳ දැන්වීම් දෙකක් මතක තියාගන්න බැරිවෙලා තියෙනවා.
මේකට හේතුව තමයි හැමෝම වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නේ එකම රාමුවකට කොටුවෙලා. නිර්මාණශීලී නැහැ. ඉතින් ඒක

වෙළඳ දැන්වීම්වලට තැනක් නැද්ද?
අපි YouTube එකේ බැලුවත්, Facebook, Instagram මේ මොන Platform එකේ බැලුවත් වෙළඳ දැන්වීම් ඕන තරම් අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, පත්තරයක් බැලුවත්, රූපවාහිනිය බැලුවත්, ගුවන්විදුලියට සවන් දුන්නත් හැම තැනම වෙළඳ දැන්වීම් අහන්න දකින්න ලැබෙනවා. ඒත් අපිට ඒ හැම එකක්ම මතක තියෙන්නේ නැහැ.
ඔයා ව්‍යාපාරිකයෙක් විදියට ඔයාගේ නිෂ්පාදන/ සේවා ගැන වෙළඳ දැන්වීම් මොන තරම් දැම්මත් සමහරවිට ඔයා බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ඔයාට ලැබිලා නැතුව ඇති. ඔයාට සමහර වෙලාවට හිතෙනවා ඇති මෙහෙම ඇඩ් දාලා වැඩක් නෑ මොකක්ද මේකට කරන්න ඕන කියලා. ඇත්තටම හේතුව වෙළඳ දැන්වීම් මිනිස්සු නොබලනවා නෙමෙයි, ඔවුන්ට මතකයේ රැඳෙන විදියේ වෙළඳ දැන්වීම් ඔයා නිර්මාණය කරලා නැහැ.
මේ පොත රචනා කළ Seth Godin පුද්ගල කණ්ඩායමක් යොදාගෙන පර්යේෂණයක් කරලා තියෙනවා වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන්. වෙළඳ දැන්වීම් රැසක් තියෙන පත්තර පිටුවක් දීලා ඔහු අර පුද්ගලයන්ට ඒක බලන්න අවස්ථාව දීලා තියෙනවා. ඉන්පස්සේ ඔහු ඒ පුද්ගලයන්ගෙන් අහලා තියෙනවා ඒ පත්තර පිටුවේ තිබුණ දැන්වීම්වලින් තමන්ට මතක වෙළඳ දැන්වීම් දෙකක් කියන්න කියලා. ඔවුන්ගෙන් 10%කටවත් වෙළඳ දැන්වීම් දෙකක් මතක තියාගන්න බැරිවෙලා තියෙනවා.
මේකට හේතුව තමයි හැමෝම වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නේ එකම රාමුවකට කොටුවෙලා. නිර්මාණශීලී නැහැ. ඉතින් ඒක දකින කෙනෙක්ට ඒක තවත් එක වෙළඳ දැන්වීමක් මිස විශේෂයක් නැහැ. පුද්ගලයෙක්ට කුමක් හෝ නිෂ්පාදනයක්/ සේවාවක් ගැන අවශ්‍යතාවක් මතු වුණොත් තමයි ඔහු/ ඇය ඒ සම්බන්ධ වෙළඳ දැන්වීමකට අවධානය දෙන්නේ.
උදාහරණයක් විදියට හිතන්න ඔයාට ෆෝන් එකක් ගන්න ඕනවෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන දැන්වීම් දැක්කොත් ඔයා ඒකට වැඩි අවධානයක් දෙනවා. ඔයාට ෆෝන් එකක අවශ්‍යතාව නැත්නම් ඔයා ඒ දැන්වීම්වලට අවධානය දෙනවා ද? ඒ වගේ ඔයාගේ නිෂ්පාදන/ සේවා ගැන පාරිභෝගිකයන්ගේ අවධානය ලැබෙන්නේ ඔවුන්ට ඒ ගැන අවශ්‍යතාවක් ආවොත් විතරක් නම් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දැන්වීමකින් ලැබෙන්නේ නැහැ.
Purple Cow Product එකක්, ඒ කියන්නේ විශේෂත්වයක් සහිත නිෂ්පාදනයක් නිර්මාණය කරන්න අවශ්‍ය පියවර 03ක් මේ පොතේ සඳහන් වෙනවා.
01. කාට ද ඔයාගේ නිෂ්පාදනය අවශ්‍ය
ඔයා වේදනා සමනය කරන්න අවශ්‍ය balm එකක් වෙනත් රටකින් ගෙන්වලා ලංකාවේ විකුණන්න අදහස් කරගෙන ඉන්නවා කියලා හිතන්න. මුලින්ම ඔයා බලන්න ඕන දේ තමයි කවුද ඒ balm එක මිල දී ගන්න අවශ්‍යතාව තියෙන පාරිභෝගිකයෝ කියලා.
02. ඔයාගේ නිෂ්පාදනයට සමාන නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයන්ගේ තෘප්තිමත්භාවය
ඔයා අලෙවි කරන්න යන balm එකට සමාන වෙනත් වේදනා සමනය සඳහා තිබෙන balm පාවිච්චි කරන පාරිභෝගිකයෝ ඉන්නවානේ. ඔයා මේ පියවරේදී හොයලා බලන්න ඕන වෙනත් balm වර්ග භාවිත කරන පාරිභෝගිකයෝ ඒ balm සම්බන්ධයෙන් තෘප්තිමත් ද, ඔවුන් අතෘප්තිමත් නම් ඒවට හේතු මොනවා ද, මොනවද ඒ balmවල තියෙන අඩුපාඩු කියන එක.
03. ඇයි පාරිභෝගිකයෝ ඔයාගේ නිෂ්පාදනය මිල දී ගත යුත්තේ?
දැන් ඔයා වෙළඳ පොළේ තියෙන වෙනත් balm වර්ග සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ තෘප්තිමත් නොවෙන හේතු මොනවාද කියලා දන්නවා. මේ තුන්වෙනි පියවරේදී ඔයා හිතන්න ඕන ඒ අඩුපාඩුවලට විසඳුම් තියෙන balm එකක් ඔයා හඳුන්වා දුන්නොත් ඒක මිලට ගන්න කවුද ඉන්නේ, ඇයි ඔවුන් ඔයාගේ නිෂ්පාදනය මිලට ගන්න ඕන කියන එක.
මේ දේවල්වලින් ඔයාට පුළුවන් හරියටම කාට ද ඔයා ඔයාගේ නිෂ්පාදනය අලෙවි කරන්න ඕන කියන අදහස ගන්න, වෙළඳ දැන්වීමක ඉලක්කය වෙන්න ඕන කවුද කියලා තීරණය කරන්න.
Unique Selling Point එක ගැන අවධානය දෙන්න
අලෙවිකරණයේ විකාශනය සලකා බලද්දි ඒක කොටස් ප්‍රධාන කොටස් 03කට බෙදෙනවා.
01. Before Advertisement
මේකෙන් අදහස් වෙන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණය වෙන්න කලින් කොහොමද නිෂ්පාදන ප්‍රවර්ධනය (Promote) කළේ කියන එක. ඒ කාලයේදී word of mouth ඒ කියන්නේ කටින් කට ගිහින් තමයි නිෂ්පාදනයක් ගැන මිනිස්සු දැනගත්තේ. කවුරු හෝ පුද්ගලයෙක් තමන් ගත්ත නිෂ්පාදනයක් හොඳ නම් හෝ නරක නම් ඒක තමන්ට මුණ ගැහෙන අනිත් අය එක්කත් කියනවා. මේ විදියට හොඳ නිෂ්පාදන ගැන වගේම ගුණාත්මකභාවයෙන් අඩු නිෂ්පාදන ගැනත් මිනිස්සු දැනගත්තා.
02. During Advertisement
ඔයාගේ නිෂ්පාදන/ සේවා ගැන වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනකොට ඔයා වැඩි මුදලක් වැය කරලා ඒක ප්‍රචාරය කළොත් ඔයාට හොඳ sale එකක් ලැබෙයි. ඒත් ඔයා sales වැඩි වුණ නිසා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන එක නතර කළොත් ඔයාගේ sales අඩු වෙන්න පටන් ගන්නවා.
03. After Advertisement
වර්තමානය ගත්තම ලෝකය නැවත word of mouth කියන යුගයට ඇවිත් තියෙනවා. අද වෙනකොට social media ඉතාම ජනප්‍රියයි. ඒ හරහා word of mouth, ඒ කියන්නේ ඔයාගේ නිෂ්පාදන/ සේවා කටින් කට ගිහින් මිනිස්සු අතරට යන්න ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. ඉස්සර කටින් කට ගිය විදිය එක්ක අද නිෂ්පාදනයක් ගැන කටින් කට යන විදිය වෙනස් වෙලා තිබුණත් ඔයාගේ නිෂ්පාදන/ සේවා මිනිස්සු අතරට යන ක්‍රමය බවට නැවත ඒ පරණ ක්රමයම ඉස්මතුවෙලා තියෙනවා.
අලෙවිකරණයේදී දැන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරන එක විතරක්ම මදි. මොකද ඒ අවශ්‍යතා සපුරන නිෂ්පාදන/ සේවා ඕන තරම් තියෙනවා. ඔයා පොත් විකුණනවා නම් ඔයා විතරක් නෙමෙයි පොත් සම්බන්ධ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ඉන්නේ, ඔයා real estate කරනවා නම් ඒ සම්බන්ධ ව්‍යාපාර ගණනාවක් තව තියෙනවා, ඔයා ව්‍යාපාරික උපදේශන සේවා සපයන ආයතනයක් කරනවා නම් ඒ සම්බන්ධවත් ඕන තරම් ආයතන තියෙනවා, ඔයා ගණිතය උපකාරක පන්ති ගුරුවරයෙක් නම් ගණිතය උගන්වන ගුරුවරු ලංකාව පුරා ඕන තරම් ඉන්නවා. නිසා ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව අද්විතීය, වෙනස් එකක් බවට පත් කරන්න උත්සහ ගන්න.
මේ පොතේ සඳහන් කරලා තියෙනවා වගේ Remarkable Product එකක්, ඒ කියන්නේ අද්විතීය, කැපී පෙනෙන නිෂ්පාදනයක් බවට ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මිනිස්සු අතරට ගෙනයන්න.
අවදානම් ගන්න බය වෙන්න එපා
ඔයාගේ නිෂ්පාදනය/ සේවාව අද්විතීය දෙයක් විදියට පාරිභෝගිකයෝ අතරට ගෙනයන්න කිව්වට ඇත්තටම ගොඩක් ව්‍යාපාරිකයෝ මේ දේට බයයි. වෙනස් විදියේ දෙයක් කළොත් සමාජය ඒක කොහොම පිළිගනීවි ද කියන බය බොහෝ දෙනෙක්ට තියෙනවා. ඒ නිසා සම්ප්‍රදායික විදියටම ව්‍යාපාර කරගෙන යන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ.
Netflix වගේ ව්‍යාපාරයක් ගැන හිතන්න. CD, DVD අධික ලෙස ජනප්‍රිය වුණ සමාජයක ඒ වෙනුවට streaming platform එකක් පටන් ගන්නවා කියන්නේ අවදානමක්. ඒත් ඒ අවදානම නොගන්නා තාක් ඔයා දන්නේ නැහැ ඒක සාර්ථක වෙයි ද නැද්ද කියන එක. වෙනස් දේවල් කරන ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ තමයි ලෝකෙට අලුත් දේවල් හඳුන්වා දෙන්නේ.
ඒ වගේම නවෝත්පාදන (Innovations) කරන්න බය වෙන්න එපා. මිනිස්සු ප්ලාස්ටික් බෝතල් වතුර බොන්න පාවිච්චි කළත් ලෙඩ වුණ වෙලාවට උණු වතුර දාන්න ප්ලාස්ටික් බෝතල් ඒ තරම් සුදුසු නැහැනේ. ඒකට විකල්පයක් විදියට වීදුරු බෝතල් හදන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන්. වීදුරු බෝතලයකට වුණත් උණු වතුර රස්නේ වැඩි අවස්ථාවක ඒ බෝතලයට දැම්මොත් ඒක අල්ලන්න අමාරුයි. එතකොට බෝතලයට උණු වතුර දැම්මත් අල්ලන්න පුළුවන් විදියෙ කවරයක් එක්ක බෝතලේ නිර්මාණය කරන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් වුණත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවකම ඔයාගේ නිෂ්පාදන/ සේවාවලට අලුත් අත්හදාබැලීම් කරන්න.
අවදානමක් නොගෙන හිටියොත් ඔයාට කොහොමත් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවදානම අරගෙන Purple Cow කෙනෙක් නිර්මාණය කරන්න.
Brand එකක් පාරිභෝගිකයන්ගේ මතකයේ තැන්පත් වෙන විදියට කොහොමද ඔවුන් අතරට ගෙනයන්නේ, ඔයාගේ ව්‍යාපාරය කැපී පෙනෙන ලෙස පරිවර්තනය කරන්නේ කොහොමද කියලා දැන් ඔයාට අවබෝධ වෙන්න ඇති. හැම වෙලාවකම උත්සහ ගන්න ඔයාගේ නිෂ්පාදන/ සේවා දම් පාට එළදෙනක් වගේ unique දෙයක් බවට පත් කරන්න. නිර්මාණශීලීව, රාමුවෙන් පිට හිතන්න.
ඔයාගේ Brand එක අද්විතීය සන්නාමයක් විදියට ස්ථානගත කරන්න ඔයා කැමති බව අපි දන්නවා. ඒ ගැන ඔයාට අවශ්‍ය දැනුම මදි කියලා හිතෙනවා නම් පහළ Link එකට ගිහින් බලන්න Marketing කරන සැබෑම කලාව මොකක්ද කියන එක.
https://school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_ghpjvsre