King Khan හෙවත් ෂාරුක් ඛාන්, ටිකට් එකක් අරන් චිත්‍රපටයක් බලන්නටවත් යෑමට නොහැකි තත්ත්වයක සිට චිත්‍රපට නිෂ්පාදනය කරන තැනකට පැමිණියා. ඔහු නළුවෙක්, නිෂ්පාදකයෙක්, ව්‍යවසායකයෙක්, ලෙස විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ කුමන නාමයකින් හැඳින්වූවත් ෂාරුක් ඛාන් සන්නාමයක් (brand) බවට පත්ව අවසන්.
2005 වසරේදී ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන 14ක් දිනාගෙන, අවස්ථා 30කදී ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. ඉන්දියාව යනු දිනෙන් දින නව නළුවන් බිහිවන රටක් වුවත් “ඉන්දියාවේ හොඳම නළුවා කවුද?” කියා ඇසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර ෂාරුක් ඛාන් කියන එකයි. ඉන්දියාවේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ පවා සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ඔහු 2014 වසරේදී ලෝකයේ ධනවත්ම නළුවන් අතර දෙවන ස්ථානයට පත්ව සිටියා.
ෂාරුක් ඛාන් කියන්නේ උපතින්ම ධනවත් පවුලකින් ආව පුද්ගලයෙක් නෙමෙයි. ඔහු පවසන්නේ, “මම මේ ක්ෂේත්රයට එන විට මට නැති වීමට කිසිවක් තිබුණේ නැහැ. ඒ නිසා මට ලැබෙන දේ ගැන මම වැඩිය හෙව්වේ නැහැ. ඒ නිසා තමයි අද මට මෙතරම් දේවල් ලැබිලා තියෙන්නේ” කියලයි.
රංගනයට පිවිසෙනවිටත් ඔහු විවාහ වී සිටියා. වරක් ඔහුගේ නැන්දම්මා, ඒ කියන්නේ ගෞරි ඛාන්ගේ මව ඇයගෙන් අසා තිබුණා, ගෙදරටවෙලා ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් එක්ක ද ඔයා ජීවත් වෙන්නේ කියලා. ඒ වගේ වටපිටාවක සිට ෂාරුක් ඛාන් ඒ කිසිම දෙයකින් සැලුණෙ නැහැ.
කුඩා කල සිටම ෂාරුක් ඛාන් අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වූවා. පාසලේදී ගුරුවරුන්, “ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති?” කියා ඇසූ විට, බොහෝ දෙනා සාම්ප්‍රදායික පිළිතුරු වන වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වැනි තනතුරු ගැන කියද්දී ෂාරුක් ඛාන් කිව්වේ තමාට නළුවෙක් වීමට අවශ්‍ය බවයි. මෙවැනි අසාමාන්‍ය සිහිනයක් අනෙකුත් සම්ප්‍රදායික සිහින අතර විහිළුවක් බවට පත් වුණා. ඒ කාලයේ තිබුණේ දෙමාපියන් බල කරන වෘත්තීන් වෙත දරුවන් යොමු විය යුතු ආකාරයේ පවුල් පසුබිමක්. අද වගේ අලුත් ක්ෂේත්‍ර සොයාගෙන, තමන්ගේ කැමැත්ත සහ දක්ෂතා ඇති දේට යොමු වීමේ සංස්කෘතියක් එදා තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ෂාරුක් ඛාන් කියන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ද ලබා ගත් පුද්ගලයෙක්. ඒ වගේම ඔහු එකල නාට්‍ය කලාව පිළිබඳ උපදේශකයෙකු ලෙස පවා කටයුතු කළා.
ෂාරුක් ඛාන්ගේ පළමු ටෙලි නාට්‍යය වුණේ Dil Dariya කියන ටෙලි නාට්‍යයයි. නමුත් යම් ප්‍රමාදවීමක් නිසා එය තිරගත වුණේ නැහැ. එම නිසා ඔහු රඟපෑ දෙවන ටෙලි නාට්‍යය වන Fauji ටෙලිනාට්‍ය ඔහුගේ
King Khan හෙවත් ෂාරුක් ඛාන්, ටිකට් එකක් අරන් චිත්‍රපටයක් බලන්නටවත් යෑමට නොහැකි තත්ත්වයක සිට චිත්‍රපට නිෂ්පාදනය කරන තැනකට පැමිණියා. ඔහු නළුවෙක්, නිෂ්පාදකයෙක්, ව්‍යවසායකයෙක්, ලෙස විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ කුමන නාමයකින් හැඳින්වූවත් ෂාරුක් ඛාන් සන්නාමයක් (brand) බවට පත්ව අවසන්.
2005 වසරේදී ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන 14ක් දිනාගෙන, අවස්ථා 30කදී ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. ඉන්දියාව යනු දිනෙන් දින නව නළුවන් බිහිවන රටක් වුවත් “ඉන්දියාවේ හොඳම නළුවා කවුද?” කියා ඇසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර ෂාරුක් ඛාන් කියන එකයි. ඉන්දියාවේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ පවා සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ඔහු 2014 වසරේදී ලෝකයේ ධනවත්ම නළුවන් අතර දෙවන ස්ථානයට පත්ව සිටියා.
ප්‍රතික්ෂේප වීම් හමුවේ නොසැලුණ චරිතයක්
ෂාරුක් ඛාන් කියන්නේ උපතින්ම ධනවත් පවුලකින් ආව පුද්ගලයෙක් නෙමෙයි. ඔහු පවසන්නේ, “මම මේ ක්ෂේත්රයට එන විට මට නැති වීමට කිසිවක් තිබුණේ නැහැ. ඒ නිසා මට ලැබෙන දේ ගැන මම වැඩිය හෙව්වේ නැහැ. ඒ නිසා තමයි අද මට මෙතරම් දේවල් ලැබිලා තියෙන්නේ” කියලයි.
රංගනයට පිවිසෙනවිටත් ඔහු විවාහ වී සිටියා. වරක් ඔහුගේ නැන්දම්මා, ඒ කියන්නේ ගෞරි ඛාන්ගේ මව ඇයගෙන් අසා තිබුණා, ගෙදරටවෙලා ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් එක්ක ද ඔයා ජීවත් වෙන්නේ කියලා. ඒ වගේ වටපිටාවක සිට ෂාරුක් ඛාන් ඒ කිසිම දෙයකින් සැලුණෙ නැහැ.
කුඩා කල සිටම ෂාරුක් ඛාන් අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වූවා. පාසලේදී ගුරුවරුන්, “ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති?” කියා ඇසූ විට, බොහෝ දෙනා සාම්ප්‍රදායික පිළිතුරු වන වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වැනි තනතුරු ගැන කියද්දී ෂාරුක් ඛාන් කිව්වේ තමාට නළුවෙක් වීමට අවශ්‍ය බවයි. මෙවැනි අසාමාන්‍ය සිහිනයක් අනෙකුත් සම්ප්‍රදායික සිහින අතර විහිළුවක් බවට පත් වුණා. ඒ කාලයේ තිබුණේ දෙමාපියන් බල කරන වෘත්තීන් වෙත දරුවන් යොමු විය යුතු ආකාරයේ පවුල් පසුබිමක්. අද වගේ අලුත් ක්ෂේත්‍ර සොයාගෙන, තමන්ගේ කැමැත්ත සහ දක්ෂතා ඇති දේට යොමු වීමේ සංස්කෘතියක් එදා තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ෂාරුක් ඛාන් කියන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ද ලබා ගත් පුද්ගලයෙක්. ඒ වගේම ඔහු එකල නාට්‍ය කලාව පිළිබඳ උපදේශකයෙකු ලෙස පවා කටයුතු කළා.
පුංචි තිරයෙන් රිදී තිරයට
ෂාරුක් ඛාන්ගේ පළමු ටෙලි නාට්‍යය වුණේ Dil Dariya කියන ටෙලි නාට්‍යයයි. නමුත් යම් ප්‍රමාදවීමක් නිසා එය තිරගත වුණේ නැහැ. එම නිසා ඔහු රඟපෑ දෙවන ටෙලි නාට්‍යය වන Fauji ටෙලිනාට්‍ය ඔහුගේ පළමු තිරගත වූ ටෙලි නාට්‍ය බවට පත් වුණා. ඔහු ජනතාව අතරට පිවිසියේ මේ ටෙලි නාට්‍යය තුළින්.
මුල් කාලයේදී ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව වුණේ ඔහු දිලීප් කුමාර්ව අනුකරණය කිරීමට උත්සාහ කරනවා කියලයි. ඉන්දියාවේ සාමාන්‍යයෙන් අලුත් නළු නිළියෙක් ක්ෂේත්රයට එන විට ඔවුන්ව වෙනත් ජනප්‍රිය නළුවෙකුට හෝ නිළියකට සමාන කිරීම සම්ප්‍රදායික දෙයක්. නමුත් කාලයත් සමඟ ඔහුගේ නව නිර්මාණ එළියට එද්දී මිනිස්සු ඔහුට/ ඇයට ආවේණික වූ රංගන විලාසය හඳුනාගෙන ඔහුව/ ඇයව වෙනත් ස්ථානයක තැබීමට පටන් ගන්නවා.
Dil Aashna Hai සිනමාපටය හරහා ෂාරුක් ඛාන් සිනමා රංගනයට පිවිසියා. ඔහුගේ පළමු ටෙලි නාට්‍යය මෙන් මෙයද ප්‍රමාද වීමක් හේතුවෙන් තිරගත වුණේ නැහැ. කෙසේ නමුත් 1992දී ඔහුගේ දෙවන සිනමාපටය තුළින් ජනතාව අතරට යන්න ඔහුට හැකි වුණා. එම චරිතය සඳහා සම්මානයක් පවා ලබා ගන්න ඔහුට වරම් හිමි වුණා.
ඉන්පසුව ඔහු රඟපෑ සිනමාපටවල චරිත නිරූපණය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය පවා දිනාගන්න ඔහු වාසනාවන්ත වුණා. කාලයත් සමග ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ඉහළින්ම දිනා ගන්නටත් බොලිවුඩයේ සුපිරිම නළුවා බවට පත් වෙන්නත් ඔහුට හැකි වුණා. King Khan ලෙස ඔහු ජනතාවගේ හදවත් ස්පර්ශ කරන්නට සමත් වුණේ ඔහුගේ සිහිනය හඹා යන්න කැපවීමෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් ඔහු කටයුතු කළ නිසයි.
ජාත්‍යන්තර මට්ටමේ සම්මාන පවා සිය රංගන හැකියාව වෙනුවෙන් ලබා ගන්නට තරම් ඔහු සමත් වුණා.
ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට ආ SRK
ෂාරුක් ඛාන් ඔහුගේ ප්‍රේක්ෂක ජනතාව අතර SRK ලෙස ද ජනප්‍රියත්වයට පත් වුණා. මේ අකුරු තුනෙන් හඳුන්වන මහා රංග පෞරුෂයක් හිමි ඔහු 2008දී තිරගත වූ Slumdog Millionaire සිනමාපටය තුළින් නැවත වරක් සිය හැකියාවෙන් ලොවක් මවිත කළා. එම සිනමාපටයට ඔස්කාර් සම්මානයක් පවා හිමි වූ අතර එම සිනමාපටයේ පෙන්වන ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන මෙහෙයවීමට ද පසුව ෂාරුක් ඛාන්ට ආරාධනා ලැබුණා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ ඔහුට කළ නොහැකි දෙයක් කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවයි.
කෙසේ හෝ ඔහු ගොඩනගාගෙන තිබූ ජනප්‍රියත්වය නිසාම තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනැගීමට අඩිතාලම තබන්න ඔහුට පහසු වුණා. Red Chillies Entertainment නමින් තමන්ගේම නිෂ්පාදන සහ බෙදාහැරීමේ ආයතනයක් ඔහු ආරම්භ කළ අතර ඔහුගේ සිනමාපට මෙන්ම වෙනත් පුද්ගලයන්ගේ සිනමාපට නිෂ්පාදනය සහ බෙදාහැරීමේ කටයුතු ද ඒ හරහා සිදු වුණා.
ඒ වගේම IPL තරග නරඹනවා නම් ඔබ දන්නවා Kolkata Knight Riders කණ්ඩායමේ වැඩි අයිතියක් පවා ෂාරුක් ඛාන් සතු බව. ප්‍රතික්ෂේප වීම්, බාධක මැද ඔහු ලොවක් දන්නා බ්‍රෑන්ඩ් එකක් බවට පත්වීමට පැමිණි ගමන ඉතාම අභියෝගාත්මකයි.
ඔහුගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ කීපයක්ම ඔහුව අධ්‍යයනය කළොත් හඳුනගන්න පුළුවන්.
අඛණ්ඩ ඉගෙනීම (Continuous Learning)
ෂාරුක් ඛාන් King Khan ලෙස ලොවක් දිනා සිටියත් ඔහු කිසිවිටක තමන්ගේ උපරිමයේ තමන් සිටිනවා යැයි සිතුවේ නැහැ. උපරිමයෙන් එහා සෑම විටම හිස් තැනක් තිබෙනවා කියන මතයේයි ඔහු සිටියේ.
ඔයාට විශිෂ්ට චරිතයක් බවට පත් වෙන්න අවශ්‍ය නම් කවදාවත් ඉගෙනීම මග නතර කරන්න එපා. ෂාරුක් ඛාන් අඛණ්ඩව තමන්ගේ හැකියාවන් වගේම දැනුම වැඩිදියුණු කරගත්තා. එය ඔහු අද ඉන්න තැනට එන්න විශාල උපකාරයක් වුණා.
වැඩ සහ පවුල් ජීවිතයේ සමතුලිතතාවය (Balancing Work and Family)
අතිශය ජනප්‍රිය රංගන ජීවිතයක් තුළ පවුල් ජීවිතයේ ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ෂාරුක් ඛාන් පවසන්නේ ඔහුගේ ජීවිතයේ එවැනි ගැටලු ඉතා අවම බවයි.
අධික ජනප්‍රියත්වය හමුවේ වුවත් ඔහු රසික රසිකාවියන් සමග ඉතා සුහදශීලීව කටයුතු කරන අතර පවුල් ජීවිතයේ යහපැවැත්ම ගැන සිතා ද සමබරව කටයුතු කරනවා. ඔහු කිසි අවස්ථාවක රංගන ජීවිතයට පමණක් ඔහුගේ දායකත්වය සපයමින් පවුල් ජීවිතය අමතක කළේ නැහැ. නිරෝගී සම්බන්ධතාවක් ජීවිතය තුළ පවත්වාගැනීමට නම් ඕනෑම පුද්ගලයෙක් සියල්ල සමබරව සිදු කිරීමට අවශ්‍යයි.
සමාජයට යමක් ලබා දීම
ෂාරුක් ඛාන් පවසන්නේ තමා සමාජයට නොපෙනෙන ලෙස බොහෝ දේ ආපසු ලබා දෙන බවයි. ඔහු පුණ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ සමාජයට සේවයක් ඉටු කිරීමට උත්සහ දරන පුද්ගලයෙක්.
ඔහු පවසන්නේ ඔහු ධනවතෙක් වූ පසුව පමණක් නොව අඩු ආදායමක් ලැබූ කාලයේ පවා හැකි පමණ සුළුවෙන් හෝ යමක් සමාජය වෙනුවෙන් කළ බවයි. ඔයාට සුළු මුදලක් ආදායමක් ලෙස හිමි වුණත් එයින් කුඩා ප්‍රතිශතයක් හෝ සමාජයට නැවත ලබා දෙන්න කියලයි මේ අසහාය රංගන ශිල්පියා පවසන්නේ.
King Khan ලෙස විරුදාවලි ලත් ෂාරුක් ඛාන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණේ කොහොමද කියන එක ගැන ඔයා දැන් දන්නවා. ජීවිතයේ එන අනේක බාධක මැද නොසැලෙන අධිෂ්ඨානයකින් ඉදිරියට යන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතයත් අද තියෙන තත්ත්වයට වඩා උසස් තැනකට ගෙන එන්න ඔයාට පුළුවන්.
ඔයාව Personal Brand එකක් බවට පත් කරගන්න අවශ්‍ය නම්, ඔයාගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා දැනුම වැඩිදියුණු කරගන්න පහළ Link එකට පිවිසෙන්න.
https://school.lokubusiness.lk