1965 වගේ කාලය වෙනකොට මුඩුක්කු රටක් කියලා හඳුන්වපු තිබුණ සිංගප්පූරුව දැවැන්ත වර්ධනයක් කරා ගෙන ගොස් දියුණු රටක් බවට පත් කරන්නට ලී ක්වාන් යූගේ (Lee Kuan Yew) නායකත්වයට හැකි වුණා.
තවත් විස්තර ඇතිව කිව්වොත් දූෂණය, වංචාව පිරුණ රටක් වුණ සිංගප්පූරුව දූෂණය, වංචාව අවම රටවල් අතර ඉදිරියට ගේන්නත්, ලෝකයේ ආරක්ෂාකාරීම රටවල් අතර ඉදිරි පෙළ තැනක් ගන්නත්, නවෝත්පාදන සිදු කරන රටවල් අතර ඉදිරියට ගේන්නත්, ආසියාවේ හොඳම අධ්‍යාපනය සහිත රට සහ වැඩිම විදේශ ආයෝජන එන රටවල්වලින් එකක් බවට සිංගප්පූරුව ඉහළට ඔසවා තබන්නත් ලී ක්වාන් යූට හැකි වුණා.
1965 වර්ෂයේදි ඔහු සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත් වන විට එරට ජනගහනයෙන් 5%කට විතරයි නිවාසයක් තිබුණේ. ඔහුගේ නායකත්වය යටතේ රටේ ජනගහනයෙන් 95%කට නිවාස තිබෙන තත්ත්වයකට රට දියුණු වුණා. ඒ වගේම 1965දී එරට ඒක පුද්ගල ආදායම ඩොලර් 300ක අගයක පැවතුණේ. එය විශාල ලෙස ඉහළ නංවන්නත්, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටිතල පහසුකම් වර්ධනය කරන්නත් ඔහුගේ මග පෙන්වීම වැදගත් වුණා.
ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණ සිංගප්පූරුව මොන තරම් අසරණ තත්ත්වයක තිබුණා ද කියනවා නම් එක් වරක් සිංගප්පූරුව මැලේසියාව සමග සම්බන්ධ කරලා මැලේසියාවේ රටක් බවට පත් කරන්න සිද්ධ වුණා.
ඒත් වැඩි කල් යන්න කලින් මැලේසියාවෙන් සිංගප්පූරුව පන්නලා දැම්මා. මේකත් එක්ක සිංගප්පූරුව කබලෙන් ලිපට වැටුණා වගේ වුණා. තනියම නැගී සිටින්න උත්සහ දරනවා හැරෙන්න ඔවුන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ.
එහෙම අසරණ වුණ රට ලී ක්වාන් යූ විසින් මේ විදියට දියුණු කළේ කොහොමද කියන එක ඔයාගේ දැක්ම, ඔයා සිතන විදිය වෙනස් කරගන්නත්, ඔයාගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්නත් උපකාරී වෙයි. අපි බලමු ඔහු ඒ සිංගප්පූරුවේ දියුණුව වෙනුවෙන් කටයුතු කළේ කොහොමද කියලා.
ලී ක්වාන් යූ තම වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලයේදී ඔහු පත්තර අලෙවි කරන යන්ත්‍රයක් දුටුවා. එහි පත්තර විකුණන්නට කිසිවෙකු සිටියේ නැහැ. මිනිසුන්ට තමන් විසින්ම මුදල් දමා පත්තර රැගෙන යාමට හැකියාව තිබුණා.
විකුණන්නට කිසිවෙකු නොසිටියත් මිනිසුන් අවංකව අදාළ මුදල් දමා පත්තර රැගෙන යන ආකාරය දැකලා ලී ක්වාන් යූ පුදුමයට පත් වුණා. එදා තමයි ඔහුට අදහසක් පහළ වුණේ සහ අධිෂ්ඨානයක් ඇති වුණේ “මගේ රටේ මිනිසුන්ටත් මේ වටිනාකම් කවදා හෝ ඇති කළ යුතුයි” කියලා.
සිංගප්පූරුව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි බව දුටු එවකට රට පාලනය කළ බ්‍රිතාන්‍යයන්, මෙය නැවත ගොඩනැගීමට නොහැකි බව සිතා රටින් යාමට සූදානම් වුණා. නමුත් ලී ක්වාන් යූ ඔවුන්ගෙන් ඉල්ලා සිටියා දැන්ම රටින් නොයා සිටින ලෙස. “දැන්ම යන්න එපා. ඔබලා සිටියා වගේ තව අවුරුදු දහයක් ඉන්න. මොකද ඔබලා සිටින නිසා තමයි අපිට පොඩ්ඩක් හෝ රැකියා තිබෙන්නේ. පොඩ්ඩක් හෝ ආර්ථිකයේ යමක් සිදුවන්නේ. ඒ නිසා
1965 වගේ කාලය වෙනකොට මුඩුක්කු රටක් කියලා හඳුන්වපු තිබුණ සිංගප්පූරුව දැවැන්ත වර්ධනයක් කරා ගෙන ගොස් දියුණු රටක් බවට පත් කරන්නට ලී ක්වාන් යූගේ (Lee Kuan Yew) නායකත්වයට හැකි වුණා.
තවත් විස්තර ඇතිව කිව්වොත් දූෂණය, වංචාව පිරුණ රටක් වුණ සිංගප්පූරුව දූෂණය, වංචාව අවම රටවල් අතර ඉදිරියට ගේන්නත්, ලෝකයේ ආරක්ෂාකාරීම රටවල් අතර ඉදිරි පෙළ තැනක් ගන්නත්, නවෝත්පාදන සිදු කරන රටවල් අතර ඉදිරියට ගේන්නත්, ආසියාවේ හොඳම අධ්‍යාපනය සහිත රට සහ වැඩිම විදේශ ආයෝජන එන රටවල්වලින් එකක් බවට සිංගප්පූරුව ඉහළට ඔසවා තබන්නත් ලී ක්වාන් යූට හැකි වුණා.
1965 වර්ෂයේදි ඔහු සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත් වන විට එරට ජනගහනයෙන් 5%කට විතරයි නිවාසයක් තිබුණේ. ඔහුගේ නායකත්වය යටතේ රටේ ජනගහනයෙන් 95%කට නිවාස තිබෙන තත්ත්වයකට රට දියුණු වුණා. ඒ වගේම 1965දී එරට ඒක පුද්ගල ආදායම ඩොලර් 300ක අගයක පැවතුණේ. එය විශාල ලෙස ඉහළ නංවන්නත්, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටිතල පහසුකම් වර්ධනය කරන්නත් ඔහුගේ මග පෙන්වීම වැදගත් වුණා.
සිංගප්පූරුව මැලේසියාවේ කොටසක් කරන්න ගිය වෑයම
ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණ සිංගප්පූරුව මොන තරම් අසරණ තත්ත්වයක තිබුණා ද කියනවා නම් එක් වරක් සිංගප්පූරුව මැලේසියාව සමග සම්බන්ධ කරලා මැලේසියාවේ රටක් බවට පත් කරන්න සිද්ධ වුණා.
ඒත් වැඩි කල් යන්න කලින් මැලේසියාවෙන් සිංගප්පූරුව පන්නලා දැම්මා. මේකත් එක්ක සිංගප්පූරුව කබලෙන් ලිපට වැටුණා වගේ වුණා. තනියම නැගී සිටින්න උත්සහ දරනවා හැරෙන්න ඔවුන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ.
එහෙම අසරණ වුණ රට ලී ක්වාන් යූ විසින් මේ විදියට දියුණු කළේ කොහොමද කියන එක ඔයාගේ දැක්ම, ඔයා සිතන විදිය වෙනස් කරගන්නත්, ඔයාගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්නත් උපකාරී වෙයි. අපි බලමු ඔහු ඒ සිංගප්පූරුවේ දියුණුව වෙනුවෙන් කටයුතු කළේ කොහොමද කියලා.
සිංගප්පූරුව දියුණු කරන්න ලී ක්වාන් යූට අදහස ආව හැටි
ලී ක්වාන් යූ තම වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලයේදී ඔහු පත්තර අලෙවි කරන යන්ත්‍රයක් දුටුවා. එහි පත්තර විකුණන්නට කිසිවෙකු සිටියේ නැහැ. මිනිසුන්ට තමන් විසින්ම මුදල් දමා පත්තර රැගෙන යාමට හැකියාව තිබුණා.
විකුණන්නට කිසිවෙකු නොසිටියත් මිනිසුන් අවංකව අදාළ මුදල් දමා පත්තර රැගෙන යන ආකාරය දැකලා ලී ක්වාන් යූ පුදුමයට පත් වුණා. එදා තමයි ඔහුට අදහසක් පහළ වුණේ සහ අධිෂ්ඨානයක් ඇති වුණේ “මගේ රටේ මිනිසුන්ටත් මේ වටිනාකම් කවදා හෝ ඇති කළ යුතුයි” කියලා.
බ්‍රිතාන්‍යයන්ටත් සිංගප්පූරුව එපා වෙයි
සිංගප්පූරුව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි බව දුටු එවකට රට පාලනය කළ බ්‍රිතාන්‍යයන්, මෙය නැවත ගොඩනැගීමට නොහැකි බව සිතා රටින් යාමට සූදානම් වුණා. නමුත් ලී ක්වාන් යූ ඔවුන්ගෙන් ඉල්ලා සිටියා දැන්ම රටින් නොයා සිටින ලෙස. “දැන්ම යන්න එපා. ඔබලා සිටියා වගේ තව අවුරුදු දහයක් ඉන්න. මොකද ඔබලා සිටින නිසා තමයි අපිට පොඩ්ඩක් හෝ රැකියා තිබෙන්නේ. පොඩ්ඩක් හෝ ආර්ථිකයේ යමක් සිදුවන්නේ. ඒ නිසා මට තව අවුරුදු දහයක් දෙන්න. මම මේක හදලා පෙන්නන්නම්,” කියා ඔහු බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලීමක් කළා.
මේ ඉල්ලීම නිසා බ්‍රිතාන්‍යයන් 1975 දක්වා තව අවුරුදු දහයක් රටේ සිටීමට තීරණය කළා.
ආයෝජන සහ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හැටි
ලැබී තිබූ මෙම සීමිත කාලය තුළ සිංගප්පූරුව දියුණු කළ යුතු බවට වූ අරමුණින් ලී ක්වාන් යූ දේවල් දෙකක් රටේ වෙනස් කිරීමට තීරණය කළා. ඒ සඳහා ඔහු ඉතා හොඳ සැලැස්මක් සකස් කළා.
බ්‍රිතාන්‍ය සිංගප්පූරුව පාලනය කරන විට, කෙසේ හෝ රටේ මිනිසුන් 30,000 කට පමණ රැකියා ලබා දී තිබුණා. ලී ක්වාන් යූ සිතුවා, “මේ බ්‍රිතාන්‍යයන් මේ අවුරුදු දහය අවසන් වී යන්න කලින්, මම මොනවා හෝ විසඳුමකින් මේ අයට රැකියා ටිකක් ලබා දිය යුතුයි,” කියලා.
ඔහු තේරුම් ගත්තා සිංගප්පූරුව කියන්නේ ස්වභාවික සම්පත් කිසිවක් නැති රටක් නිසා ඒ ගැන හිත හිත ඉඳලා තේරුමක් නැහැ කියලා. “අපිට ඇත්තටම සම්පත් දෙකක් පමණයි තියෙන්නේ. එකක් අපේ රටේ මිනිස්සු. අනිත් එක අපේ භූගෝලීය පිහිටීම (location එක). අපි කරන සෙල්ලමක් මේ දෙකෙන් තමයි කරන්න ඕනේ,” කියලා ඔහු හිතුවා.
නමුත් සිංගප්පූරුවට මුදල් තිබුණෙ නැහැ රට දියුණු කරන්න. ඔහු කළේ වෙන රටවලින් මිනිස්සු ඇවිත් සිංගප්පූරුව දියුණු කරන තැනට කටයුතු කිරීම. ඔහු ඒ සඳහා කළ දේවල් කිහිපයක් තියෙනවා.
Labor cost අවම කිරීම, බදු අවම කිරීම, ආනයන සහ අපනයන පහසුකම් සැලසීම, බදු රහිත යන්ත්‍ර සූත්‍ර වැනි පහසුකම් සලසා දීලා ආයෝජකයන්ව දිරිමත් කරන්න ඔහු කටයුතු කළා.
මේ කාලය වෙනකොට ජනප්‍රියව තිබූ කර්මාන්තය වූණේ රෙදිපිළි කර්මාන්තය (Textile Industry). කලින් සඳහන් කළ පහසුකම් වගේම ව්‍යාපාර පටන් ගන්න අවශ්‍ය ඉඩම් සහ යටිතල පහසුකම් (infrastructure) අඩු මිලට ලබා දෙන්නත් ඔහු තීරණය කළා. ඉතින් ආයෝජකයෝ ඇවිත් සිංගප්පූරුවේ ව්‍යාපාර පටන් ගත්තා.
ඔහුගේ මේ සැලැස්ම ගැන ඔහුගේ චරිතාපදානය පිළිබඳව ලියා තිබෙන පොතක පවා මේ විදියට සඳහන් වෙනවා, “ලී ක්වාන් යූගේ ව්‍යාපාර ආකෘතිය (business model) හරිම සරලයි. ව්‍යාපාරයක් පටන් ගැනීමට සිටින කෙනෙකුට අවශ්‍ය හැම සහනයක්ම, වරප්‍රසාදයක්ම ලෙහෙසියෙන් හා අඩු මුදලකින් ලබා දී, දිගුකාලීනව සිංගප්පූරුව ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් (business hub) බවට පත් කර, එයින් බදු ආදායමක් (tax revenue) උපයා ගැනීම තමයි අරමුණ වුණේ. එපමණක් නොව, එයින් ඇති වූ රැකියාවලින් ලැබෙන වැටුප්වලින් ද බදු උපයා ගැනීම තමයි දිගුකාලීන බලාපොරොත්තුව වුණේ.”
මේ ඔස්සේ ඔහුට හැකි වුණා සිංගප්පූරුවේ මානව සම්පත යොදාගෙන ආයෝජන අවස්ථා ඉහළ නංවන්න.
භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීම
ඊළඟට ලී ක්වාන් යූගේ අවධානය යොමු වුණේ සිංගප්පූරුවට ලැබී තිබූ දෙවැනි සම්පත වෙතයි. ඒ තමයි ඔවුන්ගේ රටේ භූගෝලීය පිහිටීම.
රට පිහිටා ඇති ආකාරය අනුව අසල්වැසි රටවලට සේවා සැපයීමට සහ ජාත්‍යන්තර සම්බන්ධතා (International connections) පහසුවෙන්ම ගොඩනඟා ගැනීමට පිවිසුම් දොරටුවක් (gateway) ලෙස භාවිතා කිරීමට සිංගප්පූරුව හොඳ ස්ථානයක් බව ඔහු වටහා ගත්තා. ඒ සඳහා ඔහු Network Effect එක ප්‍රයෝජනයට ගන්න සිතුවා.
ලෝකයේ දෙවැනියට වැඩිම බහාලුම් නැව් (container ships) නවතා තබාගත හැකි වරායක් ඇති රටක් ලෙස එම අවට මුහුදු සීමාවෙන් යන නැව් සියල්ල මෙහි වරායට පැමිණ, තමන්ගේ භාණ්ඩ හුවමාරු කරන නවාතැන්පොළක් (transit point) ලෙස භාවිත කිරීමට හැකි බව ඔහුට සිතුණා. ඒ වගේම ගුවන් ගමන් සඳහා ද ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සිංගප්පූරු ගුවන් තොටුපොළ භාවිත කරන්න ඉඩ සැලසීමට ඔහු කටයුතු කළා.
නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දුන් හැටි
සිංගප්පූරු ජනතාවගෙන් විශාල පිරිසකට නිවාස තිබුණේ නැහැ. මුඩුක්කු රටක් ලෙස හඳුන්වපු සිංගප්පූරුවේ ජනතාවට මූලික අවශ්‍යතාවක් වන නිවාස ලබා දිය යුතු බව ලී ක්වාන් යූගේ අදහස වුණා.
මේ හේතුව නිසා ඔහුගේ නායකත්වයෙන් සිංගප්පූරු රජය නීතියක් සම්මත කර එම රටේ තිබූ විශාල භූමි ප්‍රදේශයක් මිල දී ගෙන රජයට භාර ගත්තා. භාරගෙන එම ඉඩම්වල විශාල මහල් නිවාස (flats) සහ නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. පසුව එම මුඩුක්කුවල ජීවත් වූ මිනිසුන්ව මේ නිවාසවල පදිංචි කිරීමට සැලැස්වූවා.
ඔහු නිවාස ලබා දීම නිකන්ම කළේ නැහැ. ඒකටත් සැලසුමක් හැදුවා. රටේ ශ්‍රම බලකාය තමන් ගන්න මාසික වැටුපෙන් 17%ක් Central Provident Fund නම් වූ අරමුදලට දැමිය යුතු යැයි නීතියක් ඔහු ගෙනාවා. ඒ මුදල ශ්‍රම බලකායේ ඕනම කෙනෙක්ට තමන්ගේ විශ්‍රාම දිවියේදි, වෛද්‍ය පහසුකම් සඳහා, නිවාස මිල දී ගන්න භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔහු කළේ අඩු ආදායම්ලාභීන්ගේ මේ අරමුදලේ යම් මුදලක් එකතු වූ පසු අඩු මුදලකට නිවාස මිලට ගන්න ඉඩ සලසා දීම.
විනයක් සහිත පිරිසිදු රටක් ගොඩනැගීමට කළ දේ
මොන තරම් රට දියුණු කළත් මිනිස්සුන්ගේ විනයක් නැත්නම් රට පිරිසිදුව සහ ආරක්ෂාකාරී රටක් ලෙස ඉදිරියට ගෙනියන්න අපහසු බව ලී ක්වාන් යූ තේරුම් ගත්තා. ඔහු ඒ වෙනුවෙන් නීති මාලාවක්ම ගෙනාවා.
පාරේ කෙළ ගැසීමට බැහැ. දුම් පානය ප්‍රසිද්ධියේ කළ නොහැකියි. ප්‍රසිද්ධියේ කන බොන දේවල් කළ නොහැකියි. අඩුම තරමේ bubble gum එකක්වත් කන්න බැහැ. මොකද පාරේ තැන තැන ආහාර දවටන දැමීමෙන් වන හානිය වළක්වා ගන්න ඔහුට අවශ්‍ය වුණා.
වෙනත් අයෙක්ගේ Wi-Fi එක පාවිච්චි කළොත් අවුරුදු තුනක් හිරේ දැමීම, වැසිකිළිය භාවිතයෙන් පසු පිරිසිදු නොකළොත් ඩොලර් 500 ක් දඩයක් නියම කිරීම වැනි නීති ඔහු පනවන්න ඔහු කටයුතු කළා.
මේ ආකාරයට ලී ක්වාන් යූ රටේ තිබුණ දේවල්වලින් ප්‍රයෝජන අරගෙන, විනයක් රට තුළ ඇති කරලා සිංගප්පූරුව දියුණු රටක් බවට පරිවර්තනය කරන්න සමත් වුණා. නූතන සිංගප්පූරුවේ පියා ලෙස ඔහු සැලකෙන්නේ ඇයි කියන එක ඔයාට දැන් අවබෝධ වෙන්න ඇති. ඔහුගේ දුර දක්නා නුවණ, උපායශීලී බව සහ නායකත්වය, සිංගප්පූරුවේ සංවර්ධනයට විශාල ශක්තියක් වුණා.
මේ වගේ ඔයාගේ දැනුම වැඩි කරගන්න අවශ්‍ය විවිධ විෂය ක්ෂේත්‍ර ගැන දැනගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk