ව්‍යවසායකයෙක් (Entrepreneur) ලෙස ව්‍යාපාරික ලෝකයට පිවිසෙන අතිදක්ෂයින් රැසක් හිටියත් සාර්ථකව ගමනක් යන ව්‍යවසායකයන් ගණන අඩුයි. බොහෝ දෙනෙක් අතරමගදි තමන්ගේ ව්‍යවසායකත්ව ගමන අත්හරිනවා. ඒ ඔවුන් පටන් ගත්ත තරම් උනන්දුවෙන්, බලාපොරොත්තු වුණ විදියට තමන්ගේ ගමන යන්න බැරි වුණ නිසා. ඔවුන් මේ විදියට අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතු 06ක් ගැනයි මේ ලිපියෙන් ඔයාට කියලා දෙන්නේ.
2021 වර්ෂයේ දත්ත අනුව අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාරවලින් 86%ක්ම පළමු වසර තුළදී කඩා වැටෙන බව සඳහන් වෙනවා. මෙතරම් විශාල ප්‍රතිශතයකින් ව්‍යවසායකයන් අසමත් වෙන්න බලපාන හේතු ගැන හොඳ අධ්‍යයනයක් කළොත් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන සහ අලුතෙන් ව්‍යවසායක ගමන ආරම්භ කළ ව්‍යවසායකයන්ටත් අසාර්ථක නොවී ඉදිරියට යන්න පුළුවන්. අපි දැන් බලමු ව්‍යවසායකයන් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතු 06 මොනවාද කියලා.
ව්‍යවසායකත්වයේ මූලිකම පියවර වන්නේ වෙළඳපොළේ පවතින ගැටලුවක් හඳුනාගෙන, ඒ සඳහා විසඳුමක් සැපයීම. සියලු දෙනාම මාස්ක් හදන නිසා මාත් මාස්ක් නිෂ්පාදන සමාගමක් පටන් ගන්නවා කියලා සිතන එක සැබෑ ව්‍යවසායකත්වය නෙමෙයි.
ඔයා ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් වෙළඳ පොළේ තිබෙන ප්‍රශ්නයක් මුලින්ම හඳුනාගන්න ඕන. ඊළඟට ඒකට වෙනස්ම ආකාරයේ අද්විතීය විසඳුමක් ඉදිරිපත් කරන්න. හැමෝම කළ දෙයක් මෙතැනදි කරන්න යන්න එපා.
ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි තමන් දන්න කියන කෙනෙක් ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක සාර්ථක වෙනවා කියලා පේනවා නම් මේක තමයි දියුණු වෙන්න හොඳ බිස්නස් එක කියලා හිතලා ඒ විදියෙම ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙම කළොත් වෙන්නේ දැනටමත් තිබෙන ව්‍යාපාරයක් කොපි කරලා තමන්ගේ එකක් පටන් ගැනීමක් විතරක්. එතැන අලුත් දෙයක් නැහැ. ව්‍යවසායකයෙක් නිර්මාණය වෙන්නෙ නැහැ. ඒ නිසා වෙළඳ පොළේ ප්‍රශ්න කොතරම් තිබුණත් හැමෝම විසඳුම් දෙන ප්‍රශ්න තෝරා නොගෙන විශේෂිත ප්‍රශ්නයකට වෙනස්ම සුවිශේෂී විසඳුමක් ලබා දෙන්න උත්සහ කරන්න.
විවිධ පුද්ගලයෝ විවිධ හේතු නිසා ව්‍යාපාර ආරම්භ කරනවා. නවක ව්‍යවසායකයන් අසාර්ථක වෙන්න හේතු විශ්ලේෂණය කළාම පෙනී යන දෙයක් තමයි බොහෝ දෙනෙක් ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ නිවැරදි හේතුවක් අනුව නෙමෙයි කියන එක.
සමහර පුද්ගලයෝ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා තමන්ට බැන්න නිසා ඒ තරහට. තවත් සමහරු යාළුවෝ බිස්නස් කරන්නේ ඒ නිසා මාත් එකක් පටන් ගන්නවා කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. තවත් කොටසක් ඉන්නවා ඔවුන් 8 – 5 රැකියාවක් කරනවාට වඩා නිදහසක් බලාපොරොත්තුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. තවත් පිරිසක් ගෙදර ආර්ථික අපහසුතාවලින් මිදෙන්න මාර්ගයක් විදියට ව්‍යාපාරයක් ආරම්භ කරනවා.
මේ වගේ වැරදි හේතුවලට ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ඒ පුද්ගලයාට සාර්ථක වෙන්න අපහසුයි. සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් ව්‍යාපාරය පටන්
ව්‍යවසායකයෙක් (Entrepreneur) ලෙස ව්‍යාපාරික ලෝකයට පිවිසෙන අතිදක්ෂයින් රැසක් හිටියත් සාර්ථකව ගමනක් යන ව්‍යවසායකයන් ගණන අඩුයි. බොහෝ දෙනෙක් අතරමගදි තමන්ගේ ව්‍යවසායකත්ව ගමන අත්හරිනවා. ඒ ඔවුන් පටන් ගත්ත තරම් උනන්දුවෙන්, බලාපොරොත්තු වුණ විදියට තමන්ගේ ගමන යන්න බැරි වුණ නිසා. ඔවුන් මේ විදියට අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතු 06ක් ගැනයි මේ ලිපියෙන් ඔයාට කියලා දෙන්නේ.
2021 වර්ෂයේ දත්ත අනුව අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාරවලින් 86%ක්ම පළමු වසර තුළදී කඩා වැටෙන බව සඳහන් වෙනවා. මෙතරම් විශාල ප්‍රතිශතයකින් ව්‍යවසායකයන් අසමත් වෙන්න බලපාන හේතු ගැන හොඳ අධ්‍යයනයක් කළොත් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන සහ අලුතෙන් ව්‍යවසායක ගමන ආරම්භ කළ ව්‍යවසායකයන්ටත් අසාර්ථක නොවී ඉදිරියට යන්න පුළුවන්. අපි දැන් බලමු ව්‍යවසායකයන් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතු 06 මොනවාද කියලා.
01. විසඳන ගැටලුව හරියාකාරව හඳුනා නොගැනීම
ව්‍යවසායකත්වයේ මූලිකම පියවර වන්නේ වෙළඳපොළේ පවතින ගැටලුවක් හඳුනාගෙන, ඒ සඳහා විසඳුමක් සැපයීම. සියලු දෙනාම මාස්ක් හදන නිසා මාත් මාස්ක් නිෂ්පාදන සමාගමක් පටන් ගන්නවා කියලා සිතන එක සැබෑ ව්‍යවසායකත්වය නෙමෙයි.
ඔයා ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් වෙළඳ පොළේ තිබෙන ප්‍රශ්නයක් මුලින්ම හඳුනාගන්න ඕන. ඊළඟට ඒකට වෙනස්ම ආකාරයේ අද්විතීය විසඳුමක් ඉදිරිපත් කරන්න. හැමෝම කළ දෙයක් මෙතැනදි කරන්න යන්න එපා.
ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි තමන් දන්න කියන කෙනෙක් ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක සාර්ථක වෙනවා කියලා පේනවා නම් මේක තමයි දියුණු වෙන්න හොඳ බිස්නස් එක කියලා හිතලා ඒ විදියෙම ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙම කළොත් වෙන්නේ දැනටමත් තිබෙන ව්‍යාපාරයක් කොපි කරලා තමන්ගේ එකක් පටන් ගැනීමක් විතරක්. එතැන අලුත් දෙයක් නැහැ. ව්‍යවසායකයෙක් නිර්මාණය වෙන්නෙ නැහැ. ඒ නිසා වෙළඳ පොළේ ප්‍රශ්න කොතරම් තිබුණත් හැමෝම විසඳුම් දෙන ප්‍රශ්න තෝරා නොගෙන විශේෂිත ප්‍රශ්නයකට වෙනස්ම සුවිශේෂී විසඳුමක් ලබා දෙන්න උත්සහ කරන්න.
02. ව්‍යාපාරය පටන් ගන්නා හේතුව නිවැරදි එකක් නොවීම
විවිධ පුද්ගලයෝ විවිධ හේතු නිසා ව්‍යාපාර ආරම්භ කරනවා. නවක ව්‍යවසායකයන් අසාර්ථක වෙන්න හේතු විශ්ලේෂණය කළාම පෙනී යන දෙයක් තමයි බොහෝ දෙනෙක් ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ නිවැරදි හේතුවක් අනුව නෙමෙයි කියන එක.
සමහර පුද්ගලයෝ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා තමන්ට බැන්න නිසා ඒ තරහට. තවත් සමහරු යාළුවෝ බිස්නස් කරන්නේ ඒ නිසා මාත් එකක් පටන් ගන්නවා කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. තවත් කොටසක් ඉන්නවා ඔවුන් 8 – 5 රැකියාවක් කරනවාට වඩා නිදහසක් බලාපොරොත්තුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. තවත් පිරිසක් ගෙදර ආර්ථික අපහසුතාවලින් මිදෙන්න මාර්ගයක් විදියට ව්‍යාපාරයක් ආරම්භ කරනවා.
මේ වගේ වැරදි හේතුවලට ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ඒ පුද්ගලයාට සාර්ථක වෙන්න අපහසුයි. සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් ව්‍යාපාරය පටන් ගන්න කලින් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ව්‍යාපාරය පටන් ගන්න කලින් ඒ ගැන සලකා බැලීම.
Pre-Business Activities
මේ මූලික අදියර නොසලකා හැර ව්‍යවසායකයෙක් වෙන්න බැහැ. මුලින්ම Market Research එකක් කරලා බලන්න ඕන ඔයාගේ ව්‍යාපාරික අදහස ක්‍රියාත්මක කළොත් ඒ නිෂ්පාදනයට හෝ සේවාවට ඉල්ලුමක් තියෙනවා ද, තරගකරුවන් කවුද, වෙළඳ පොළ තත්ත්වය කොහොමද කියන එක.
ඒ වගේම ව්‍යාපාරය සම්බන්ධයෙන් අවශ්‍ය කුසලතා ඔයාට තියෙනවා ද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන
Post-Business Activities
ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු ක්‍රියාකාරකම් කළාට පසුව ඊළඟට ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු කළ යුතු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. අලෙවිකරණය (Marketing), විකුණුම් (Sales), සහ පාරිභෝගික සේවා (Customer Service) වැනි ක්‍රියාකාරකම් තමයි මේ අදියරේදි සලකා බලන්න අවශ්‍ය වෙන්නේ.
ආයතනයේ ප්‍රධානියා බැන්නා කියලා තරහට හරි යාළුවෝ කරන නිසා හරි ව්‍යාපාරයක් පටන් ගන්න පුද්ගලයෙක් මේ Pre-Business Activities කියන මූලික අදියරවත් සලකා බලන්නේ නැතිවයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එතකොට ව්‍යාපාරය ආරම්භ කළාට පසුව නිෂ්පාදන වැඩිදියුණු කිරීම, මිල ගණන් වෙනස් කිරීම, ප්‍රවර්ධන කටයුතු (promotions) වගේ දේවල් කරන්න ගියාම ඔවුන් අසමත් වෙනවා. ඒ නිසා වැරදි හේතුවලට ව්‍යාපාර ආරම්භ කිරීම නොකළ යුතු දෙයක්.
03. අවම මාස 06කට පමණ ප්‍රමාණවත් මුදලක් ළඟ තබා නොගෙන ව්‍යාපාර ආරම්භ කිරීම
ව්‍යාපාරයක් ආරම්භ කරද්දි ඔයාගේ අතේ ඒ සඳහා ආයෝජනය කරන්න අවශ්‍ය පමණ මුදල් තිබෙන්න ඕන. අවම වශයෙන් ඉදිරි මාස 06ක පමණ කාලයකට ප්‍රමාණවත් මුදලක් ඔයා සතුව තියෙන්න ඕන. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඉතිරි කිරීම් සහ ආයෝජන කිරීමෙන් නිසි මුල්‍ය සැලැස්මක් ඇතිව එය ආරම්භ කරන්න ඔයා අවධානය දිය යුතුයි.
සමහර පුද්ගලයෝ ව්‍යාපාරයක් පටන් ගන්නේ අමාරුවේ වැටුණ වෙලාවක යාළුවො උදව් කරයි, ගෙදර අය, නෑදෑයෝ උදව් කරයි කියලා හිතාගෙන. එහෙම උපකාරයක් ලැබුණා වුණත් ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු, නිෂ්පාදන වැඩිදියුණු කිරීම්, ගනුදෙනුකරුවන් සොයාගැනීම වගේ කාරණා සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය වෙනවා. ඒ හැරෙන්න පෞද්ගලික වියදම් සඳහා මුදල් අවශ්‍ය වෙනවා.
සමහරු සිතන්නේ සෑම මසකම මුදල් උපයාගෙන එයින් ව්‍යාපාරය කරගෙන යා හැකියි කියලා සමහර පුද්ගලයෝ සිතනවා. ඒක ප්‍රායෝගිකව කිරීමට අපහසු දෙයක්. ඒ නිසා මුලින් ව්‍යාපාරය සඳහා මාස 06කටවත් සෑහෙන මුදලක් අතේ ඇතිව එය ආරම්භ කරන්න.
04. විකිණුම් කුසලතා නොමැතිකම
සමහර පුද්ගලයෝ ව්‍යාපාරයක් ආරම්භ කළත් ඔවුන් ගනුදෙනුකරුවන්, පාරිභෝගිකයන් හමුවී කතාබහ කරන්න කැමති නැහැ. ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් දුර්වලයි. මේ වගේ තත්ත්වයක ඉන්න පුද්ගලයෙක්ට ව්‍යවසායකයෙක් ලෙස ගමනක් යාමට අපහසුයි.
ඔවුන් සමහර විට කියන්නේ, “මම Finance කරලා තියෙන්නේ, මම HR කරලා තියෙන්නේ, මම Administration කරලා තියෙන්නේ. මට Sales පැත්ත බැහැ,” කියලා. ඒත් ව්‍යවසායකයෙකුට විකිණුම් කුසලතා තිබිය යුතුයි.
ඔයා නම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔයාට තමයි ඒ ගැන දැක්මක් අවබෝධයක් හොඳින්ම තියෙන්නේ. ඒ නිසා විකිණුම් කිරීමේදී ඔයා ඉදිරියට එන්නේ නැතුව ඉන්නවා නම් ඒක සාර්ථක ක්‍රමවේදයක් වෙන්නේ නැහැ.
05. අලෙවිකරණය ආයෝජනයක් ලෙස නොදැකීම
අලෙවිකරණය (Marketing) ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය අංගයක්. අලෙවිකරණයේදි එක් පිරිසක් ඉන්නවා ඔවුන් දිගටම අලෙවිකරණ කටයුතුවල යෙදෙනවා. මේක අපි Proactive Marketing ලෙස හඳුන්වනවා. ඔවුන් නිරන්තරයෙන් නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම් (product awareness), marketing campaigns සිදු කරනවා. ඒ නිසා ඔවුන්ට සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාවක් තියෙනවා.
තවත් පිරිසක් ඉන්නවා ඔවුන් යම් ගැටලුවක් ඇති වන තුරු අලෙවිකරණ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාරයට තරගකරුවෙක් නිර්මාණය වෙලා නම්, නව නිෂ්පාදන වෙළඳ පොළට ඇවිත් නම් ඔවුන් අලෙවිකරණ කටයුතු පටන් ගන්නවා. ඔවුන් සිතන්නේ Marketing Campaign එකක් කරන එක වියදමක් කියලා. ඔවුන් එය ආයෝජනයක් ලෙස දකින්නේ නැහැ.
නමුත් අලෙවිකරණය ආයෝජනයක් විදියට දකින්න ඕන. Marketing Campaign එකකින් පසු එහි දත්ත විශ්ලේෂණය කළොත් තමයි ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ ඔයා වියදම් කළ මුදලේ හැටියට ඔයාගේ ව්‍යාපාරයේ විකිණුම් වැඩිවෙලා ද නැද්ද කියන එක.
06. හැමදෙයකටම Expert කෙනෙක් වෙන්න යාම
Marketing, Sales, Inquiries තමයි බිස්නස් එකක පළවෙනිම අදියර තුන. සමහර ව්‍යාපාරවලදි එකම පුද්ගලයා මේ හැමදෙයක්ම කරන්න උත්සහ කරනවා. මේ සියල්ල තනි පුද්ගලයෙක් කරන්න උත්සහ කිරීමෙන් ව්‍යාපාරය දියුණු තත්ත්වයකට ගෙන යන්න අපහසුයි.
මුලදි සියලු දේ ව්‍යාපාර හිමිකරු විසින් කළත් ව්‍යාපාරය වර්ධනය වන විට එය තනිව කළ නොහැකියි. එවිට ව්‍යාපාරයේ විවිධ අංශ සඳහා ප්රවීණත්වයක් ඇති පුද්ගලයින් බඳවා ගැනීම කළ යුතුයි.
දක්ෂ පිරිසක් ව්‍යාපාරයට බඳවා ගැනීමෙන් ව්‍යාපාරයේ ඒ ඒ අංශ දියුණු කිරීමට පහසු වෙනවා. ඒ නිසා සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් ව්‍යාපාරයේ හැම දෙයක්ම තනිව කරන්න යාමෙන් වැළකිය යුතුයි.
මේ හේතු 06 නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යවසායකයන් අසාර්ථක වෙන්නේ. ඔයා ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණා 06 ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මාස කීපයක් හෝ අවුරුද්දක් දෙකක් යනකොට අසමත් ව්‍යවසායකයෙක් විදියට පරාජය වෙන්න ඔයාට සිද්ධ වෙන්නේ නැහැ.
අසමත් නොවී දැවැන්ත දියුණුවක් ලබන ආකාරයට ඔයාගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න ඔයා කැමති ඇති. ව්‍යාපාරික අදහසක් වැඩිදියුණු කරගන්නා ආකාරය, Marketing Plan එකක් නිවැරදිව සාදාගන්නා ආකාරය, ව්‍යාපාරයේ විකිණුම් වැඩි කරගන්නා ආකාරය, සහ ඔබගේ සන්නිවේදන කුසලතා ඇතුළු විවිධ කුසලතා වර්ධනය කරගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk