පැබ්ලෝ පිකාසෝ කියලා තියෙනවා, “A good artist copies. a great artist steals.” මේකෙන් අදහස් කරන්නේ, මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අලුතින් නිර්මාණය වූ දෙයක් නැති තරම් කියන එක. හැමදෙයක්ම කලින් තිබූ දෙයක් වෙනස් කර, අලුත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමක් තමයි කරලා තියෙන්නෙ.

Austin Kleon ලියූ “Steal Like An Artist” කියන්නේ, අලුත් අදහස් සොයාගන්න, නිර්මාණශීලීව හිතන්න උදව් කරන පොතක්. මේ පොත කියන්නේ ‘හොරකම් කරන්න’ කියලා නෙමෙයි. වෙනත් අය කරපු දේවල් අනුකරණය කරලා, ඒවට ඔයාගේම අනන්‍යතාවය, ඔයාගේම වෙනසක් එකතු කරන්න කියන එක.

මේ පොතේ ටිකක් ආන්දෝලනාත්මක දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. මොකද, ඔයා කොපි කළත්, වෙන කෙනෙක්ගෙ නිර්මාණයක් හොරකම් කළත් කමක් නැහැ ඒකට වෙනසක් එකතු කරලා ඒක සමාජයට මුදාහරින්න කියන එක ටිකක් ආන්දෝලනාත්මකයි.

ඔයා කරන ඕනම දෙයක් සොරකම් කරන්න ඕන කලාව මොකක්ද කියන එක මේ පොතේ සඳහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු.

යම් දෙයක් යළි ප්‍රතිනිර්මාණය නොකරන්න

ඕනෑම දෙයක් නැවතත් එලෙසම ප්‍රතිනිර්මාණය කිරීමෙන් කිසිම වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට, මොනාලිසා චිත්‍රය නැවතත් එලෙසම ඇඳීමෙන් එය තවත් පිටපතක් පමණක් වෙනවා. ඒ වෙනුවට, ඔයා ඒ චිත්‍රය අනුකරණය කරලා, ඒකට ඔයාගේම අදහසක් හෝ වෙනසක් එකතු කරන්න උත්සාහ කරන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ.

අනුකරණය කිරීමට ඇති බාධා ජයගන්න

බොහෝ දෙනෙකුට අනුකරණය කරන්න පවා නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර අධ්‍යාපනයේ, දක්ෂතාවල, සහ අත්දැකීම්වල අඩුපාඩු ප්‍රධානයි. ඒ නිසා, ඔයා මුලින්ම ඔයාගේම හැකියාවන්, ඔයාගේ දැනුම සහ අත්දැකීම් වැඩිදියුණු කරගන්න ඕනේ. මොකද ඔයා චිත්‍රයක් අඳින විදිය, පොතක් ලියන විදිය, ව්‍යාපාරයක් ගොඩනගන විදිය, කෑම හදන විදිය, වගේ කිසිම දෙයක් ගැන හරියට දන්නෙ නැත්නම් ඔයාට ඒ කිසිම දෙයකට අලුත් වෙනසක් එක් කරන්න ක්‍රමයක් හොයාගන්න බැහැ.

ගවේෂණය කරන්න

‘සොරකම් කරන්න’ කලින්, ඔයාටම ආවේණික දේ මොකක්ද කියලා හඳුනාගන්න. ඔයාගේ ශක්තීන් සහ දුර්වලතා ගැන ගවේෂණය කරන්න. බැංකු මංකොල්ලයක් කරන්න කලින් මංකොල්ලකරුවන් විසින් ඒ බැංකුව

Share this post: