බිලියනපතියන් කිව්වම අපේ මතකයට එන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන, විශාල නිවාස සහ වාහන හිමි පුද්ගලයෝ. නමුත් සැබෑ බිලියනපතියන් ධනයට වඩා ඔවුන්ගේ මානසික, බුද්ධිමය සහ පෞරුෂමය ශක්තිය මත තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නවා. ඒ සාර්ථකත්වයේ රහස ඔවුන්ගේ පුරුදුවල සැඟවී තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් බිලියනපතියන් වුණ පුද්ගලයෝ අනුගමනය කළ සාර්ථක පුරුදු 6ක් ගැන. 

මේ කිසිම පුරුද්දක් අමාරුවෙන් කරන්න ඕන දේවල් නෙමෙයි. ඔයාට උනන්දුවක්, කැපවීමක් තියෙනවා නම් මේ පුරුදු ඔයාගේ ජීවිතේට ටිකෙන් ටික ඇතුළත් කරගෙන ඔයාටත් බිලියනපතියෙක් වෙන්න පුළුවන්.

1. Laser Sharp Focus

සාර්ථක පුද්ගලයින් තම ජීවිතයේ ඉලක්ක මොනවාද සහ අනවශ්‍ය දේවල් මොනවාද යන්න හොඳින් දන්නවා. ඔවුන්ගේ අවධානය ඉලක්කගත චින්තනය, ඉලක්කගත මානසිකත්වය, ඉලක්කගත සංවාදයන් මත රඳා පවතිනවා. ඔවුන්ගේ අවධානය ලේසියෙන් වෙනතකට යොමු වෙන්නේ නැහැ. Parkinson Law කියන සංකල්පයට අනුව ඔයා යම් වැඩකට, ඉලක්කයකට ලබා දෙන ප්‍රමුඛතාව අනුව තමයි ඔයාට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔයා යම්කිසි වැඩක් සතියකින් ඉවර කරනවා කියලා හිතුවොත් ඔයා ඒක සතියෙන් ඉවර කරන්න කැපවෙනවා. යම් ඉලක්කයකට ඔයා අවුරුදු 5කින් යනවා කියලා සැලසුම් හැදුවොත් ඔයා ඒක අවුරුදු 5කින් සැබෑ කරගන්න වැඩ කරනවා. 

Dilmah Tea ආයතනයේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු, Ceylon Tea නාමය ලෝකයටම අරන් යන්න තමන්ට තිබූ සිහිනය ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට ගොස් වසර 34කට පසුව ඔහුගේම Brand එකක් ලොවට හඳුන්වා දුන්නා. ස්ටීව් ජොබ්ස් මිනිසුන්ගේ ජීවිත පහසු කරන මෙවලම් සහ උපාංග පමණක් නිර්මාණය කිරීමට අවධානය යොමු කළා. Starbucks USA Market එකට Coffee අරන් ගියෙත් ඒ විදියට Laser Sharp Focus එකක් තමන්ගේ ව්‍යාපාරය කෙරෙහි යොමු කරලා. ඔහු උත්සහ කළේ නැහැ කෝපි, තේ, වයින්, වගේ බීම වර්ග රැසක් අරමුණු කරන්න. ඉලෝන් මස්ක් තම ඉලක්ක කෙරෙහි කෙතරම් අවධානය යොමු කරනවාද කිව්වොත්, ඔහු අවට සිදුවන දේවල් පවා නොදැන සිටින අවස්ථා තිබෙනවා. ඒ තරමට ඔහු තමන් කරන දෙයට හොඳින් අවධානය යොමු කරන පුද්ගලයෙක්.

2. They Don’t Wait, They Act

සාර්ථක පුද්ගලයින් කිසිවක් සඳහා බලා නොසිටින අතර, ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ACT Formula එක වන්නේ Action Changes Everything කියන එක.

නාසා ආයතනය අඟහරු වෙත යනකම් බලාගෙන හිටියේ නැතුව ඉලෝන් මස්ක් ඒ ව්‍යාපෘතිය තනිවම ආරම්භ කළා. KFC නිර්මාතෘ විසින් වර්තමානයේ තිබෙන KFC Recipe එක වෙළඳ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට 1009 වතාවක් උත්සාහ කළා. ඔහු බලාගෙන හිටියෙවත්, අත්හැර දැමුවේවත් නැතුව තමන්ගේ ඉලක්කය වෙත ගියේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ නිසයි. මාර්ක් සකර්බර්ග් තමන්ගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Relationships හදාගන්න, Chat කරන්න Hot or

Share this post: