පාරිභෝගිකයෙක්ට භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණන එක Customer Service කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම්, දැන් ඒ අදහස වෙනස් කරගන්න කාලේ හරි. Customer Service කියන්නේ, අලෙවියට එහා ගිය මානුෂීය සම්බන්ධතාවක්. බොහෝ ව්‍යාපාර පාරිභෝගික සේවාව සලකන්නේ ‘භාණ්ඩ හෝ සේවා විකිණීමක්’ ලෙස විතරයි. පාරිභෝගිකයා නොකියන කතාව තේරුම් ගන්නවත් ඔවුන් උත්සහ කරන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි ඉහළ ගිහින් තියෙනවා වගේම ව්‍යාපාරවල කඩාවැටීමටත් දුර්වල පාරිභෝගික සේවා හේතුවක් වෙලා තියෙනවා. ඒත්, Customer Service නිවැරදිව කළොත් ඔයාගේ Brand එක වියදමක් නැතුවම Promote කරගන්න වුණත් ඔයාට පුළුවන්.

ඒ වගේම Customer Service කියන්නේ වෙන රස්සාවක් හොයාගන්න බැරි වුණොත් තෝරගන්න තියෙන Option එකක් කියලත් සමහර පුද්ගලයෝ හිතනවා. ඒ අදහස වැරදියි, ඒක වෘත්තීය කුසලතාවක්. Customer Service කියන්නේ හොඳ දැනුමක්, පුහුණුවක් ඇතිව කරන්න ඕන රැකියාවක් කියන එක මේ ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වම ඔයාට අවබෝධයක් ලැබේවි.

ආකර්ෂණීය ලෙස පාරිභෝගික සේවාවක් ලබා දෙන්න නම්, සම්ප්‍රදායික පාරිභෝගික සේවයක් වෙනුවට අද කාලයට ගැළපෙන ලෙස Modern Day Customer Service ගැන ඔයාට දැනුම තිබීමත් වැදගත්.

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් පාරිභෝගික සේවයක අවශ්‍යතාව (Customer Centricity)

බොහෝ ව්‍යාපාර සහ ආයතන කරන වැරැද්දක් තමයි පාරිභෝගික සේවා සපයන්නේ නිෂ්පාදන කේන්ද්‍ර කරගෙන (Product Centricity). නිෂ්පාදනයක හෝ සේවාවක ගුණාත්මක බව, features, වගේ දේවල් ගැන පාරිභෝගිකයාට කියමින් එය විකුණාගන්න උත්සහ කරනවා. නමුත් මේ වෙනකොට පාරිභෝගිකයෝ වඩාත් සැලකිලිමත් වෙන්නේ භාණ්ඩ හෝ සේවාවල මිල හෝ ගුණාත්මකභාවය ගැන විතරක්ම නෙමෙයි. ඔවුන්ට සලකන ආකාරය ගැන.

මෙහෙම හිතන්න, අවිවාහක පුද්ගලයෙක් ඔයාගේ ආයතනයේ පාරිභෝගිකයෙක් වෙලා හිටිය කාලයේ තිබුණ අවශ්‍යතා, වුවමනා නෙමෙයි ඔහු/ ඇය විවාහ වුණාට පසුව තියෙන්නේ. ඔවුන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඔයා ඒ දේවල් ගැන අවබෝධයකින් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවයක් සපයනවා නම් ඔවුන් අවංකවම ඔබේ ආයතනයේ සේවාව සමබන්ධයෙන් තෘප්තිමත් හැඟීමකින් කටයුතු කරනවා.

ඔයා සුහදශීලීව පාරිභෝගිකයන්ට සලකන්නේ නැත්නම් ඔවුන් ඔයාගේ ව්‍යාපාරය හෝ ආයතනයට නැවත පැමිණෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට ඉතාම මිත්‍රශීලීව, ඔවුන්ට අවධානය දෙමින් සේවා සපයන ආයතනවල සේවය ලබාගන්න ඔවුන් පෙළඹෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍යවල ඔයා ඕන තරම් දැකලා ඇති සමහර ව්‍යාපාරික ආයතනවලින් පාරිභෝගිකයන්ට අසංවේදී විදියට හෝ ඔවුන් තෘප්තිමත් නොවන ආකාරයට සැලකුවොත් ඒ ගැන වීඩියෝ ඔවුන් පළ කරනවා. සමහර අවස්ථාවල Live ඇවිත් තමන්ට වුණ අසාධාරණය කියන පාරිභෝගිකයොත් ඔයා දැකලා ඇති. අද තාක්ෂණයේ දියුණුවත් එක්ක පාරිභෝගික සේවා සැපයීමේදී ඔයාට ඒ ගැන හොඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.

ඔයාගේ සේවය සැපයිය යුත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන. ඔවුන්ට සම්පූර්ණ අවධානය දෙමින්, ඔවුන් නොකියන දේ තේරුම් අරන්, ඔවුන්ගේ හැඟීම් හරියට තේරුම් අරන් කටයුතු කරන්න ඔයාට හැකි වෙන්න ඕන. සම්ප්‍රදායික ලෙස සේවා සැපයීම අද කාලය වෙනකොට ගැළපෙන්නේ නැහැ.

පාරිභෝගික සේවා සපයන්නෙකුට තිබිය යුතු කුසලතා (Skills)

01. සහකම්පනය (Empathy)

පාරිභෝගිකයෙකුගේ හැඟීම්, ඔහු/ ඇය වචනවලින් නොකියන දේ පවා තේරුම් ගැනීමේ හැකියාවක් පාරිභෝගික සේවා සපයන්නෙකුට තියෙන්න ඕන. හරියටම කියනවා නම් පාරිභෝගිකයෙකුගේ සපත්තුවට බැහැලා ඒ පුද්ගලයාව තේරුම් ගන්නවා වගේ හැකියාවක් තියෙන්න ඕන කියලයි මෙතැනදි අදහස් කරන්නේ.

උදාහරණයක් විදියට හිතන්න, පාරිභෝගිකයෙක් ඔයාගේ සේවා ස්ථානයට එනවා AC එකක් මිලට ගන්න. ඔයා හිතනවා AC එකක් ගන්නවා කියන්නේ හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇති කියලා. ඒත් ඇත්තටම ඒ පුද්ගලයා AC එකක් ගන්නේ යම් රෝගී තත්ත්වයකින් පෙලෙන ඔහුගේ දෙමාපියන්, බිරිඳ, සැමියා හෝ දරුවෙක්ට සුවපහසුවෙන් ඉන්න සලස්වන්න වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා AC එක ගන්නේ ණයක් අරන් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සල්ලි හොඳට තියෙන කෙනෙක් කියලා හිතාගෙන, ඔයාගේ පාරිභෝගිකයා මිලට ගන්න අදහස් කරන AC එකට වඩා මිල අධික එකක් විකුණන්න උත්සහ කරනවා නම් ඔයා කරන්නේ පාරිභෝගිකයාව අසරණ කිරීමක්. හැඟීම් තේරුම් නොගෙන අපහසුවට පත් කිරීමක්.

එම නිසා සහකම්පනය කියන්නේ ඔයා පුහුණු විය යුතුම කුසලතාවක්. මේ කියන්නේ අනුකම්පාව (Sympathy) ගැන

Share this post: