ඔයාට ලෝකයේ ඕනම තැනකට ක්ෂණිකව යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මොකක්ද දන්නවද? ඒ තමයි ඔයාගේ මනස. ආලෝකය ගමන් කරන වේගයටත් වඩා, ශබ්දය ගමන් කරන වේගයටත් වඩා අපේ මනස එක වේගයෙන් ගමන් කරනවා. ඔයාගේ ජීවිතයේ උපරිම කාර්යක්ෂමතාවක්, උපරිම කාර්යසාධනයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ මනස පාලනය කරන්න.

හිතන්න, ඔයාට Unique පුද්ගලයෙක් විදියට ඔයාගේ වෘත්තියෙන් ඉදිරියට යන්න හෝ පුද්ගල සන්නාමයක් හදාගන්න අවශ්‍යයි කියලා. ඉතිහාසය නිර්මාණය කළ පුද්ගලයෝ ගැන සලකා බැලුවොත් ඔවුන්ට ඒ හැමදේම කරන්න හැකියාව ලැබුණේ ඔවුන් මනස පාලනය කළ නිසා.

මනස පාලනය කරනවා (Mind Controlling) කියන්නේ මොකක්ද?


මනස පාලනය කරනවා කියන්නේ, ඔයාගේ මනස යටත් කරගෙන පාලනය කරනවා කියන අදහස නෙමෙයි. වචනවල අර්ථයෙන් ගත්තම එහෙම හිතුණත් මෙතැන ඇත්තටම කියන්නේ මනස විවිධ ක්‍රියාකාරකම්වල යොදවන එක ගැන. තවත් සරලව කිව්වොත් මනස මොනවා හරි දෙයක් එක්ක Engage වෙන්න ඉඩ සලසන එක තමයි මනස පාලනය කරනවා කියලා අදහස් කරන්නේ.

හිතන්න ඔයාට goal statement එකක් තියෙනවා කියලා. ඔයා මනස පාලනය කරන්නත් දන්නවා, ඔයාට ඉලක්කයකුත් තියෙනවා. මේ දෙකම ඔයා ළඟ තියෙන නිසා ඔයාගේ මනස සහ ඉලක්කය එකිනෙකට තදින් බැඳෙනවා. හේතුව ඔයාගේ මනස හිස් අවකාශයක් ඇතුළේ නිකන් ඉන්න කැමති නැහැ. 

ඔයාගේ මනස හැදිලා තියෙන්නේ කිසිම දෙයක් නොකර නිකන් ඉන්න නෙමෙයි. ඒ නිසා ඔයා වැඩකට ඇති දෙයක් එක්ක ඔයාගේ මනස සම්බන්ධ කළේ නැත්නම් ඔයාගේ මනස වෙන කොහේ හරි යන වැඩකට නැති, ඔයාට ප්‍රයෝජනයක් නැති දේවල් එක්ක සම්බන්ධ වෙන්න උත්සහ කරනවා.

මනස පාලනය කිරීම ගැන කතා කරද්දි අවධානය දිය යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු විදියට අපිට හිතන්න පුළුවන් රටා (Thinking Patterns) දෙක ගැන අවධානය යොමු කිරීම. අපි දැන් බලමු මොනවද ඒ සිතීමේ රටා දෙක කියලා.

01. Structured Pattern of Thinking

Structured pattern of thinking එකක් තියන පුද්ගලයෙක්ව ඔයා අධ්‍යයනය කළොත් ඔයාට අවබෝධ වෙයි ඒ පුද්ගලයන්ගේ අතේ තමයි සුක්කානකම තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ මනසේ පාලනය තියෙන්නේ ඔවුන්ගේ අතේ. 

ඒ හේතුව නිසාම

Share this post: