ඔයා ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙක් කැමතියි තමන්ගේ ජීවිතය Stress එකක් නැතුව පෞද්ගලික නිදහස (Personal Freedom) භුක්ති විඳිමින් ගත කරන්න. පීඩාකාරී දවස් ජීවිතයේ තිබුණත් නිතරම ජීවිතය ගෙවෙන්නේ පීඩාකාරී දේවල් එක්ක නම් ඔයා ජීවත් වෙන්න ඕන නිසා ලෝකයට පේන්න හිනාවෙලා ජීවත් වෙනවා හැරෙන්න නිදහසේ ජීවත් වෙන්නේ නැහැ නේද?

සමහර පුද්ගලයෝ ජීවිතේ Stress කරගන්නෙ ත්‍යමන්ගේම සිතුවිලි නිසා. “මම මේක කළොත් ගෙදර අය මොනවා හිතයි ද, ඔෆිස් එකේ අය හිනා වෙයි ද, නෑදෑයෝ මොනවා කියයි ද,” මේ වගේ දේවල් ගැන වගේම තවමත් ආවේ නැති අනාගතය ගැන පවා අනවශ්‍ය විදියට හිතලා ආතතියට පත් වෙන පුද්ගලයෝ ඉන්නවා.

මේ කිසිම දෙයක් පෞද්ගලිකව ගන්නේ නැතුව නිදහසේ ජීවත් වෙන්න ඔයා මොකද කරන්න ඕන කියන එක ගැන, මෙක්සිකානු ලේඛකයෙක් වන Don Miguel Ruiz විසින් පොතක් ලියලා තියෙනවා. The Four Agreements කියන මේ පොත අපිට පැහැදිලි කරනවා අපේ ජීවිතයේ පෞද්ගලික නිදහස අපිට අවශ්‍ය නම් අපි එකඟ වෙන්න ඕන Agreements හතරක් ගැන. ඔයා ඒ එකඟතා හතරට අනුව ජීවත් වෙනවා නම් ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් තිබුණ ආතතිය, පීඩාකාරි බව නැති කරගෙන ඔයාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

දැන් අපි බලමු මොනවද ඒ Agreements 04 කියලා සහ ඒක ප්‍රායෝගිකව ඔයාගේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා.

01. ඔබේ වචන ගැන කල්පනාකාරී වන්න (Be Impeccable with Your Word)

ඔයා දවසකට වචන කොච්චර කතා කරනවා ද. ඔයා නිකමට හරි හිතලා තියෙනවා ද මේ කතා කරන වචනවලට ඔයාගේ ජීවිතේ තීරණය කරන්න පුළුවන් කියලා?

ඔයා දැකලා තියෙනවා ද සමහර පුද්ගලයෝ ඉන්නවා හැමදේකම සෘණාත්මක පැත්තක් විතරයි ඔවුන් දකින්නේ. ඒ වගේම වැඩක් කරන්න ගියොත් ඒ ගැනත් කියන්නේ “මේක නම් කරන්න බෑ, මේක හරි අමාරු වැඩක්, කොහොමද මේවා කරන්නේ,” වගේ දේවල් විතරයි. එහෙම නැත්නම් “ඕවා කරලා කාට ද හරි ගියේ, සල්ලිවලටම නෙමෙයි ජීවිතේ කියන්නේ, ඔය වගේ දේවල් අපිට ගැළපෙන්නේ නෑ,” වගේ දේවල් ඔවුන් නිතර කියනවා.

ඔයා හිතන්න, මේ වගේ දේවල් නිතර කියන පුද්ගලයෝ ඉන්න තැනක ඔයා රැකියාව කරනවා කියලා. ඔයාට නිතරම ඇහෙන්නේ මේ වගේ සෘණාත්මක දේවල්. ඒකත් ඔයාට පීඩනයක් වෙනවා වගේම නොදැනිම ඔයත් ඒ විදියට හිතන්න පටන් ගන්නවා. ඉන්පස්සේ ඔයා හැමදෙයක්ම දකින්නෙත් ‘නෑ, බෑ’ කියන කෝණයෙන්. එතකොට ඔයාගේ ජීවිතේ නිකන්ම පීඩාකාරී ජීවිතයක් බවට පත් වෙනවා.

මේ පොතේ එක උදාහරණයක් තියෙනවා වචන භාවිතය ගැන කල්පනාකාරී වෙන්න ඕන ඇයි කියන එක ගැන. හිතන්න ඔයා සහ ඔයාගේ යාළුවෙක් හෝ කීප දෙනෙක් සතිඅන්තයේ එළියට යන්න සැලසුම් කරන් ඉන්නවා කියලා. අවසාන මොහොතේ ඔයාගේ යාළුවා කියනවා එයාට හදිසි වැඩක් නිසා එන්න වෙන්නේ නැහැ කියලා. හිතන්න හෙට තමයි ඔයාලා එළියට යන්න හිටියේ කියලා.

මේ වගේ අවස්ථාවක එකවරම බලාපොරොත්තු බිඳ වැටීමක් වුණාම ඒකට ඕන කෙනෙක්ට තරහ යන්න, දුක හිතෙන්න පුළුවන්. “අයියෝ මොකක්ද? ඔයා හැම තිස්සෙම මොකක් හරි දෙයක් කියලා අන්තිම මොහොතේ plan එක cancel කරනවා. මම ආයේ නම් මම කොහෙවත් යන්න එන්නේ නෑ,” ඔයා මේ විදියේ ප්‍රතිචාරයක් යාළුවාට දැක්වුවොත් මොකද වෙන්නේ? ඔයාලාගේ යාළුකමට පවා හානියක් වෙනවා.

ඒත් මෙහෙම හිතන්න, “අයියෝ අපරාදේ. මම මේ දවස වෙනකන් ගොඩාක් බලාගෙන හිටියේ. කමක් නෑ. ඔයාට හදිසි වැදගත් වැඩක් ආපු නිසානේ. අපි වෙන දවසක එළියට යමුකෝ,” කියලා ඔයා යාළුවාට ප්‍රතිචාර දැක්වුවා කියලා. මේ වගේ ප්‍රතිචාරයකදි යාළුවාව ඔයා විසින් තේරුම් ගත්තා කියන එක ඔහුට/ ඇයට දැනෙනවා. ඒ වගේම ඔයාලාගේ මිත්‍රත්වයට කිසි හානියක් වෙන්නෙ නැහැ. මොකද ඔයා යාළුවාගේ හිත රිද්දුවේ නැහැ වචනවලින්.

තව උදාහරණයක් බලමු. ඔයා විභාගයක් ලියලා ඒකෙන් අසමත්වෙලා ඉන්නේ කියලා හිතන්න. විභාග ප්‍රතිඵල දැනගත්තට පස්සේ ඔයා ඔයාටම කියාගන්නවා “මම නම් මහ මෝඩයෙක්, මට තව ලකුණු ටිකක් ගන්න බැරි වුණානේ, මේක හරියන්නේ නෑ,” වගේ දේවල්. මේ විදියට ඔයා ඔයා එක්කම සෘණාත්මක කතාබහක යෙදුණම ඔයාට අනවශ්‍ය පීඩනයක් ඒකෙන් ඇති වෙනවා. ඔයා වැඩක් නැති වෙලාවටත් හිතන්නේ ඔයාට විභාගයක්වත් හරියට කරගන්න බෑ කියලා. නිදාගන්න ගියත් ඔයාගේ හිතට එන්නේ ඒ සිතුවිලි. මේ වචන ඔයාට ලොකු හානියක් කරනවා.

ඒත් ඔයා විභාගේ අසමත් කියලා දැනගත්ත වෙලාවෙ “මේ පාර මට හරියට

Share this post: