කොටස් වෙළඳ පොළ එහෙම නැත්නම් අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Stock Market එකේ ආයෝජනය කරන්න ගොඩක් දෙනෙක්ට ඕනකම තිබුණට ඒ වෙනුවෙන් යොදවන සල්ලි නැතිවෙයි කියලා ඔවුන් බියක් දක්වනවා. ඒ බය ඔයාටත් ඇති. අවදානමක් (Risk) තිබෙනවා වුණත් ඒ අවදානම ඉතාම අවම කරගෙන කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්නේ කොහොමද කියලයි Loku Business Blog එකෙන් දැන් කියලා දෙන්න යන්නේ.
Benjamin Graham විසින් රචිත The Intelligent Investor කියන ලෝක ප්‍රසිද්ධ කෘතිය තමයි මේ ලිපියට පදනම වෙන්නේ. දැවැන්ත ආයෝජකයෙක් වුණ Warren Buffett පවා කියලා තියෙනවා Stock Market එකේ Invest කරන්න කැමති කෙනක් කියවන්න ඕනම පොත The Intelligent Investor කියලා. මේ පොතෙන් කියලා දෙන වැදගත්ම දේවල් කරුණු 05ක් යටතේ දැන් බලමු.
කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරනකොට අනුගමනය කරන්න ඕන ප්‍රධාන දේවල් 2ක් තියෙනවා.
The Intelligent Investor පොතේ සඳහන් වෙනවා, ආයෝජනයක් කරන්න යනකොට කෙටිකාලීනව මුදල් හොයන්න තියෙන ඕනකම නිසා වෙළඳ පොළ ගැන අනාවැකි පළ කරලා උපකල්පනය කරන්න උත්සහ කරනවා කියලා. ඒත් බුද්ධිමත් ආයෝජකයෙක් නොකළ යුතු දේත් ඒකම තමයි.
හිතන්න, Apple සමාගම අලුත් නිෂ්පාදනයක් හඳුන්වාදෙන්න හදනවා කියලා. එතකොට හැමෝම හිතන්නේ, මේ එන්න තියෙන අලුත් නිෂ්පාදනය නිසා Apple සමාගමේ කොටස්වල මිල වැඩිවෙයි කියලා. එහෙම හිතලා දැන්ම කොටස් මිලට ගන්න එක හොඳයි කියලා ඔයාටත් හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඔයා කොටස් මිලට ගන්න යන සමාගමේ දිගුකාලීන පැවැත්ම ගැන හොයන එක.
අදාළ සමාගමේ ආර්ථික පසුබිම, Financial Statements, Management Team එකේ දක්ෂ, පළපුරුදු අය ඉන්නව ද, සමාගම විසින් ආයෝජකයන්ට ලාභාංශ (Dividend) වෙලාවට දෙනව ද කියන එක ගැන ඔයා හොයලා බලන්න ඕන.
ඔයා මේ විදියට සමාගමක් ගැන හොයද්දි ඔයාට තේරුම් යනවා ඒක වැඩිය ජනප්‍රිය නැහැ ඒ මොහොත වෙනකොට. ඒත් ඒ සමාගමේ Financial Reports බලනකොට තේරුම් යනවා ඒක හොඳින් ලාබ ලබන සමාගමක් කියලා. එහෙම වුණත් සමාගමේ ඇත්ත වටිනාකමට වඩා අඩු වටිනාකමකින් තමයි සමාගම කොටස් වෙළඳ පොළේ තියෙන්නේ. ඒත් සමාගම ගැන දැනගත්ත දේවල් එක්ක ඔයා හොඳටම දන්නවා අනාගතයේදී ඒ සමාගමේ වටිනාකම ඉහළ යන බව. මේක අනුමාන කිරීමක්, අනාවැකි කීමක් නෙමෙයි. ඔයා මේ දේවල් දැනගත්තේ අදාළ සමාගමේ දත්ත පරීක්ෂා කරලා.
බුද්ධිමත් විදියට ආයෝජනය කරද්දි සැලකිලිමත් වෙන්නම ඕන කාරණාවක් තමයි මේ. එකම ආයතනයක් වෙනුවෙන් මුදල් යොදවන එකේ තියෙන අවදානම මොකක්ද කියලා උදාහරණයකින් බලමු.
ඔයා තනි ආයතනයකට ලොකු මුදලක් ආයෝජනය කළා කියලා හිතන්න. ඒ ආයතනය බදු වංචාවක් කරලා කියලා ඉන්පස්සේ ප්‍රසිද්ධ වෙනවා. එහෙම අවස්ථාවක ඒ ආයතනයේ කොටස් මිල සැලකිය යුතු විදියට පහළ වැටෙන්න පුළුවන්. දැන් ඔයාගේ සල්ලිවලට මොකද වෙන්නේ? ඒ නිසා එක ආයතනයක් වෙනුවෙන් විතරක් මුදල් ආයෝජනය කරනවා වෙනුවට ආයතන කිහිපයක් වෙනුවෙන් ආයෝජනය කරන්න.
කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්න ඕන විදි 2ක් තියෙනවා. එකක් තමයි Defensive Investor කෙනෙක්, ඒ කියන්නේ සුරක්ෂිතකම ගැනත් සැලකිලිමත් වෙන වැඩිය අවදානමක් ගන්න අකමැති ආයෝජකයෙක් විදියට
කොටස් වෙළඳ පොළ එහෙම නැත්නම් අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Stock Market එකේ ආයෝජනය කරන්න ගොඩක් දෙනෙක්ට ඕනකම තිබුණට ඒ වෙනුවෙන් යොදවන සල්ලි නැතිවෙයි කියලා ඔවුන් බියක් දක්වනවා. ඒ බය ඔයාටත් ඇති. අවදානමක් (Risk) තිබෙනවා වුණත් ඒ අවදානම ඉතාම අවම කරගෙන කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්නේ කොහොමද කියලයි Loku Business Blog එකෙන් දැන් කියලා දෙන්න යන්නේ.
Benjamin Graham විසින් රචිත The Intelligent Investor කියන ලෝක ප්‍රසිද්ධ කෘතිය තමයි මේ ලිපියට පදනම වෙන්නේ. දැවැන්ත ආයෝජකයෙක් වුණ Warren Buffett පවා කියලා තියෙනවා Stock Market එකේ Invest කරන්න කැමති කෙනක් කියවන්න ඕනම පොත The Intelligent Investor කියලා. මේ පොතෙන් කියලා දෙන වැදගත්ම දේවල් කරුණු 05ක් යටතේ දැන් බලමු.
1. Two Principles to Follow
කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරනකොට අනුගමනය කරන්න ඕන ප්‍රධාන දේවල් 2ක් තියෙනවා.
i) කොටස් මිලට ගන්න ආයතනයේ දිගුකාලීන සාර්ථකත්වය ගැන සොයා බලන්න
The Intelligent Investor පොතේ සඳහන් වෙනවා, ආයෝජනයක් කරන්න යනකොට කෙටිකාලීනව මුදල් හොයන්න තියෙන ඕනකම නිසා වෙළඳ පොළ ගැන අනාවැකි පළ කරලා උපකල්පනය කරන්න උත්සහ කරනවා කියලා. ඒත් බුද්ධිමත් ආයෝජකයෙක් නොකළ යුතු දේත් ඒකම තමයි.
හිතන්න, Apple සමාගම අලුත් නිෂ්පාදනයක් හඳුන්වාදෙන්න හදනවා කියලා. එතකොට හැමෝම හිතන්නේ, මේ එන්න තියෙන අලුත් නිෂ්පාදනය නිසා Apple සමාගමේ කොටස්වල මිල වැඩිවෙයි කියලා. එහෙම හිතලා දැන්ම කොටස් මිලට ගන්න එක හොඳයි කියලා ඔයාටත් හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඔයා කොටස් මිලට ගන්න යන සමාගමේ දිගුකාලීන පැවැත්ම ගැන හොයන එක.
අදාළ සමාගමේ ආර්ථික පසුබිම, Financial Statements, Management Team එකේ දක්ෂ, පළපුරුදු අය ඉන්නව ද, සමාගම විසින් ආයෝජකයන්ට ලාභාංශ (Dividend) වෙලාවට දෙනව ද කියන එක ගැන ඔයා හොයලා බලන්න ඕන.
ඔයා මේ විදියට සමාගමක් ගැන හොයද්දි ඔයාට තේරුම් යනවා ඒක වැඩිය ජනප්‍රිය නැහැ ඒ මොහොත වෙනකොට. ඒත් ඒ සමාගමේ Financial Reports බලනකොට තේරුම් යනවා ඒක හොඳින් ලාබ ලබන සමාගමක් කියලා. එහෙම වුණත් සමාගමේ ඇත්ත වටිනාකමට වඩා අඩු වටිනාකමකින් තමයි සමාගම කොටස් වෙළඳ පොළේ තියෙන්නේ. ඒත් සමාගම ගැන දැනගත්ත දේවල් එක්ක ඔයා හොඳටම දන්නවා අනාගතයේදී ඒ සමාගමේ වටිනාකම ඉහළ යන බව. මේක අනුමාන කිරීමක්, අනාවැකි කීමක් නෙමෙයි. ඔයා මේ දේවල් දැනගත්තේ අදාළ සමාගමේ දත්ත පරීක්ෂා කරලා.
ii) තනි ආයතනයක් වෙනුවෙන් සියලු මුදල් ආයෝජනය කරන්න එපා
බුද්ධිමත් විදියට ආයෝජනය කරද්දි සැලකිලිමත් වෙන්නම ඕන කාරණාවක් තමයි මේ. එකම ආයතනයක් වෙනුවෙන් මුදල් යොදවන එකේ තියෙන අවදානම මොකක්ද කියලා උදාහරණයකින් බලමු.
ඔයා තනි ආයතනයකට ලොකු මුදලක් ආයෝජනය කළා කියලා හිතන්න. ඒ ආයතනය බදු වංචාවක් කරලා කියලා ඉන්පස්සේ ප්‍රසිද්ධ වෙනවා. එහෙම අවස්ථාවක ඒ ආයතනයේ කොටස් මිල සැලකිය යුතු විදියට පහළ වැටෙන්න පුළුවන්. දැන් ඔයාගේ සල්ලිවලට මොකද වෙන්නේ? ඒ නිසා එක ආයතනයක් වෙනුවෙන් විතරක් මුදල් ආයෝජනය කරනවා වෙනුවට ආයතන කිහිපයක් වෙනුවෙන් ආයෝජනය කරන්න.
2. Defensive Investor
කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්න ඕන විදි 2ක් තියෙනවා. එකක් තමයි Defensive Investor කෙනෙක්, ඒ කියන්නේ සුරක්ෂිතකම ගැනත් සැලකිලිමත් වෙන වැඩිය අවදානමක් ගන්න අකමැති ආයෝජකයෙක් විදියට ආයෝජනය කරන එක. මෙතැනදි ඔයාට පුළුවන් ආයතනවල කොටස් මිලට ගන්නවා වගේම බැඳුම්කර (Bonds) මිලට ගන්න. බැඳුම්කරවල ආයෝජනය කරන එක කොටස් මිලට අරන් ආයෝජනය කරනවා තරම් ලාභදායී නම් නැහැ. ඒත් ඒක අවදානම අඩු, ආරක්ෂාකාරී ක්‍රමයක්.
The Intelligent Investor පොතේ සඳහන් වෙන්නේ ඔයාගේ මුදල්වලින් 50%ක් කොටස් මිලට ගන්නත්, අනෙක් 50% බැඳුම්කරවලටත් ආයෝජනය කරන්න කියලා. ඔයාට තවත් ආරක්ෂිතව අවදානම අඩු කරගන්න ඕන නම් මුදල්වලින් 75%ක්ම බැඳුම්කරවල ආයෝජනය කරන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ.
ඔයා Defensive Investor කෙනෙක් විදියට නම් ආයෝජනය කරන්න කැමති Diversification ගැනත් සලකා බලන්න. ඒ කියන්නේ මුදල් ආයෝජනය විවිධාංගීකරණය කරන්න. දැන් මේ කියන්න යන කරුණු 6න් ඔයාට ඒ ගැන පැහැදිලි කරගන්න පුළුවන්.
i) එකම ආයතනයකට ඔයාගේ සල්ලි යට කරන්න එපා.
මේ පොතේ සඳහන් වෙන්නේ හැකියාවක් තියෙනවා නම් ආයතන 10ත් 30ත් අතර ප්‍රමාණයක ආයෝජනය කරන්න කියලා.
ii) විශාල ආයතනවලත් කොටස් මිලට ගන්න.
iii) Current Ratio එක 200%ක් පමණ ඇති ආයතන ගැන සොයා බලන්න.
මේකෙන් අදහස් වෙන්නේ, ඕනම ආයතනයක වත්කම ඒ ආයතනයේ ණයවලට වඩා දෙගුණයක් වැඩි ද කියන එක. ඒ ඒ ආයතනවල Balance Sheet එක බැලුවොත් ඔයාට මේ ගැන අදහසක් ගන්න පුළුවන්.
iv) පරණ ආයතනයක් නම් ගතවුණ වසර 20 තුළ ආයෝජකයන්ට මග නොහැර ලාභාංශ (Dividend) ගෙවලා තියෙනව ද කියලා හොයන්න.
ආයතනයක Cash Flow Statement එකෙන් ඔයාට මේ ගැන හොයාගන්න හැකියාව තිබෙනවා.
v) අදාළ ආයතනයේ පසුගිය වසර 10 ඇතුළත Earning Deficit එකක් තිබෙනවා ද කියා සොයා බලන්න.
මේකෙන් අදහස් වෙන්නේ ආයතනයක ඉපැයීම් තත්ත්වයේ හිඟයක් තියෙනවා ද කියන එක හොයාබැලීම. ආයතනයක Income Statement එක පරීක්ෂා කරලා ඔයාට මේ ගැන අදහසක් ගන්න පුළුවන්.
vi) ආයතනයේ ආදායම වැඩි වීම පසුගිය අවුරුදු 10ට 33%කින්වත් වැඩිවෙලා තිබෙනවා ද කියලා සොයා බලන්න.
3. Enterprise Investment
මේ ක්‍රමය අදාළ වෙන්නේ, ඔයා ළඟ සල්ලිත් තියෙනවා, ඔයා අවදානමක් ගන්නත් කැමතියි නම් විතරයි. ඔයාට එතැනදි වැදගත් වෙන්නේ වැඩි ලාබයක් ලබා ගන්න එක. The Intelligent Investor පොතේ සඳහන් වෙන්නේ, ඔයා Enterprise Investment කරන්න කැමති නම් බැඳුම්කරවල ආයෝජනය කරනවාට වඩා කොටස් මිලට අරන් ආයෝජනය කරන්න කියලා. මොකද ඔයාට High Return එකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කොටස්වල ආයෝජනය කළොත්.
කොටස්, බැඳුම්කර දෙකට අමතරව ඔයාට තවත් අත්හදා බැලීමක් කරන්න පුළුවන්. මෙහෙම හිතන්න, ඔයා ආයතන ගැන හොයලා බලද්දි ඔයාට Startup එකක් ගැන දැනගන්න ලැබෙනවා. ඒකේ විස්තර හොයලා බලනකොට ඔයාට හිතෙනවා ඒ ආයතනය අනාගතයේදී Google ආයතනය වගේම තැනකට එයි කියලා. දැනට කොටස් වෙළඳ පොළේ අඩු වටිනාකමක් තිබුණත් ඒ ආයතනයේ කොටස් මිලට ගන්න එක හොඳයි කියලා ඔයාට හිතෙන නිසා අවදානමක් අරන් කොටස් මිලට ගන්න එක කරන්න හැකියාව තියෙනවා. ඒත් The Intelligent Investor පොතේ කියන්නේ නම් 10%ක් වගේ ප්‍රමාණයක් හැරෙන්න විශාල වශයෙන් කොටස් මිලට ගන්න එහෙම අවස්ථාවක පෙලඹෙන්න එපා කියලා.
ඔයා Enterprise Investment කියන ක්‍රමයට ආයෝජනය කරන කෙනෙක් නම්, ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා.
i) කොටස් මිලට ගන්න ආයතනයේ Sales ගැන වැඩිය සොයා බලන්න අවශ්‍ය නැහැ.
ii) අදාළ ආයතනයේ Current Ratio එක 150%ක අගයක තිබීමත් ප්‍රමාණවත්.
iii) Dividend එක පහුගිය වසර 10ම ගෙවලා ද කියලා බැලීම අවශ්‍ය නැහැ. පසුගිය වසරේ ගෙවලා තියෙනවා ද කියන එක පමණක් බැලීම ප්‍රමාණවත්.
iv) Earning Deficit එක පසුගිය වසර පහක කාලයට අදාළව පමණක් සොයා බැලීම ප්‍රමාණවත්.
v) අදාළ ආයතනයේ ආදායම වැඩි වීම පසුගිය වසර 5ක කාලයේ සිදු වූ ආකාරය පමණක් සොයා බැලීම ප්‍රමාණවත්. එහිදී 0%ට වඩා තරමක් හෝ ආදායම වැඩිවෙලා නම් ඒ ගැන සෑහීමකට පත් වෙන්න.
4. Margin of Safety
ආයෝජනයකදි වැරදීම් වෙන්න පුළුවන්. ඒත් ඔයා පුළුවන් තරම් උත්සහ ගන්න ඕන වැරදීම් සිද්ධ වෙන එක ඉතාම අවම කරගන්න.
කොටස්වල Price එක සහ Value එක කියන්නේ දෙකක්. අනාගතයේ විශාල Value එකක් තිබෙන නමුත් මේ වන විට කොටස් වෙළඳ පොළේ අඩු Price එකක් තිබෙන කොටස් මිල දී ගන්න උත්සහ කරන්න. මේ Price එක සහ Value එක අතර තියෙන වෙනසට තමයි Margin of Safety (Value – Price = Margin of Safety) කියලා කියන්නේ.
The Intelligent Investor පොතේ මේ ගැන පැහැදිලි කරලා තියෙන්නේ මෙහෙම. 30 දෙනෙක් හැමදාම යන නැවක් හදන්න කියලා ඔයාට කවුරුහරි කිව්වොත් 31 වෙනි පුද්ගලයා නැවට ගොඩවුණාම ගිලෙන විදියට ඔයා නැවක් හදන්නේ නැහැ නේද? ඔයා නැව හදන්නේ ඊට වඩා තරමක් දරාගන්න පුළුවන් ආකාරයට. ඒ ගැන තමයි Margin of Safety කියලා අදහස් කරන්නේ.
අඩුම කොටසක Price එක අනාගත Value එකට වඩා 2/3ක්වත් වැඩියෙන් තියෙනවා ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ, අනාගතේ කොටසක Value එක 24ක් නම්, දැන් ඒ කොටසේ Price එක 16ක්වත් තියෙනවා ද කියන එක හොයලා බලන්න.
5. Don’t Believe the Crowd and the Market
The Intelligent Investor පොතෙන් කියන්නේ, කොටස් වෙළඳ පොළ කියන්නේ මනුස්සයෙක් විදියට දකින්න කියලා. Mr Market කියලා තමයි මේ මනුස්සයාව හඳුන්වන්නේ. Mr Marketගේ චරිත ලක්ෂණ ගැන කිව්වොත්, එයා ටිකක් අනුමානය කරන්න අමාරු, ඕන දෙයකදි වෙනස් වෙන, බොළඳ, Emotional කෙනෙක්. ඔයාගේ ජීවිතේ අලුත් දෙයක් වෙනකොට ඔයාට ඒ ගැන සතුටක් දැනෙනවා. ඒ වගේ දෙයක් මෙතැනදිත් වෙන්නේ.
හිතන්න අලුත් iPhone එකක් වෙළඳ පොළට හඳුන්වාදෙනවා කියලා. එහෙම වෙලාවට Mr Market ටිකක් උද්යෝගයට පත්වෙලා Apple Stock එකේ Price එක වැඩි කරගන්නවා. අලුත් iPhone එකක් වෙළඳ පොළට හඳුන්වාදෙනකොට Apple Stock එකේ Price වැඩි වෙන්නේ Mr Marketගේ මේ හැසිරීම නිසා. ඒකට කියන්නේ Over Value Stock එකක් කියලා. බුද්ධිමත් ආයෝජකයෙක් විදියට ඒ වගේ අවස්ථාවක එවන් කොටස් මිලට ගැනීම ඔයා නොකළ යුතුයි.
කොටස් වෙළඳ පොළ ආයෝජනයට කැමති ඔයාට, The Intelligent Investor පොතෙන් මේ ලබා දුන්න දැනුම ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ ලිපියෙන් කිව්වේ ඒ පොතේ සාරාංශයක් විතරයි. ඔයාට ඒ කරුණු ගැන තවත් ගැඹුරට ඉගෙනගන්න කැමති නම් වගේම, උද්ධමනය ඔයාගේ ආයෝජනවලට බලපාන හැටි, කොටස් ආදායම ගණනය කරන්න අවශ්‍ය මිනුම් දඬු ගැනත් දැනගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk/p/the-intelligent-investor-video-book?affcode=1420258_ghpjvsre