අපේ අධ්‍යාපන ක්‍රමය අපිට පුරුදු කරලා තියෙන්නේ හැම දෙයක්ම සූත්‍රයක් විදිහට දකින්න. මේ විදියට කළොත් මෙහෙම වෙනවා, අර විදියට කළොත් මෙහෙම වෙනවා වගේ චින්තන රටාවකට අපි හුරුවෙලා ඉන්නවා. අපි ගොඩක් වෙලාවට සල්ලි දිහා බලන්නේ මේ විදිහට. ඒත් සල්ලි කියන්නේ, ඉලක්කම් එක්ක කරන තර්කානුකූල ගනුදෙනුවකට එහා ගිය දෙයක්. ඒ ඇතුළෙ හැඟීම් (Emotions) එක්ක බැඳුණු මනෝවිද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා.
හිතලා බලන්න, ඔයාගේ යාළුවෙක් හෝ පවුලේ කෙනෙක් පොහොසත් වුණ විදියටම ඔයාටත් පොහොසත් වෙන්න පුළුවන් ද? සල්ලි එක්ක තර්කානුකූල ගනුදෙනුවක් නම් තියෙන්නේ ඔයාගේ යාළුවට, පවුලේ කෙනෙක්ට හරි ගිය විදියටම ඔයාට හරියන්න ඕන. ඒ කියන්නේ, ඒ පුද්ගලයා පොහොසත් වුණේ උපාධියක් කරලා, ඒක නෙමෙයි තමන්ගේ passion එක කියලා, ඉන්පස්සේ වෙනම ක්ෂේත්රයක් ගැන ස්වයං අධ්‍යයනයක් කරලා ඒකෙන් ව්‍යවසායකයෙක් වෙලා නම්, ඔයත් ඒ පියවර ටික ඒ විදියටම කළොත් ඔයත් පොහොසත් වෙන්න ඕන.
Morgan Housel විසින් රචිත The Psychology of Money කියන පොතේ සඳහන් වෙනවා අපිට සල්ලි එක්ක තියෙන ගනුදෙනුව තර්කානුකූල පැත්තට වඩා හැඟීම්බර පැත්තට බර වැඩියි කියලා. මේ පොත ඇසුරෙන් අපි බලමු මොකක්ද සල්ලි එක්ක අපේ තියෙන මනෝවිද්‍යාත්මක බැඳීම කියන එක. ඔයා මොන තරම් හම්බ කළත් ඇයි ඔයා ධනවත් නොවෙන්නේ කියන එකට හේතුව මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
ඔයාගේ ධනය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්.
ඔයා හොඳට ඇඳලා, වාහනේක යනවා නම් කෙනෙක්ට ඒක පේනවා. ඒත් ඔයාව දැක්කම කෙනෙක්ට පේන්නෙ නැහැ ඔයා කොච්චර මුදලක් මේ වෙනකොට ඉතිරි කරලා තියෙනවා ද කියලා, ඔයා ව්‍යාපාරයකට කීයක් ආයෝජනය කරලා ද කියලා.
The Psychology of Money කියන පොතේ සඳහන් වෙනවා, ඔයාගේ සැබෑම ධනය (Real Wealth) මනින්නේ ඔයා වියදම් කරන විදිය අනුව නෙමෙයි කියලා. ඔයා වියදම් කළාට පස්සේ ඉතිරි වෙන මුදල අනුව තමයි ඔයාගේ සැබෑම ධනය මනින්න පුළුවන් කියලා මේ පොතේ සඳහන් වෙනවා.
කලින් සඳහන් කළා වගේ හොඳ සුඛෝපභෝගී වාහනයක් තියෙන, අධික මිල ගණන්වල ඇඳුම් පැලඳුම් පාවිච්චි කරන පුද්ගලයෙක් දැක්කම අපි හැමෝම වර්ණනා කරන්නේ ඒ පුද්ගලයාගේ පිටින් පේන්න තියෙන ධනවත්කම ගැන. ඒත් මේ පොතට අනුව ඒක නෙමෙයි ඒ පුද්ගලයාගේ සැබෑම ධනය වෙන්නේ. ඒ අපි දකින්නේ, ඒ පුද්ගලයා කරන වියදම් ටික.
බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ධනය හදාගන්නවා කියන්නේ, වැඩි අදායමක් හොයනවා, නැත්නම් ඉහළ වැටුපක් ලබනවා කියන එක කියලා. ධනය කියන්නේ, ඔයා මොන තරම් උපයනවා ද
අපේ අධ්‍යාපන ක්‍රමය අපිට පුරුදු කරලා තියෙන්නේ හැම දෙයක්ම සූත්‍රයක් විදිහට දකින්න. මේ විදියට කළොත් මෙහෙම වෙනවා, අර විදියට කළොත් මෙහෙම වෙනවා වගේ චින්තන රටාවකට අපි හුරුවෙලා ඉන්නවා. අපි ගොඩක් වෙලාවට සල්ලි දිහා බලන්නේ මේ විදිහට. ඒත් සල්ලි කියන්නේ, ඉලක්කම් එක්ක කරන තර්කානුකූල ගනුදෙනුවකට එහා ගිය දෙයක්. ඒ ඇතුළෙ හැඟීම් (Emotions) එක්ක බැඳුණු මනෝවිද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා.
හිතලා බලන්න, ඔයාගේ යාළුවෙක් හෝ පවුලේ කෙනෙක් පොහොසත් වුණ විදියටම ඔයාටත් පොහොසත් වෙන්න පුළුවන් ද? සල්ලි එක්ක තර්කානුකූල ගනුදෙනුවක් නම් තියෙන්නේ ඔයාගේ යාළුවට, පවුලේ කෙනෙක්ට හරි ගිය විදියටම ඔයාට හරියන්න ඕන. ඒ කියන්නේ, ඒ පුද්ගලයා පොහොසත් වුණේ උපාධියක් කරලා, ඒක නෙමෙයි තමන්ගේ passion එක කියලා, ඉන්පස්සේ වෙනම ක්ෂේත්රයක් ගැන ස්වයං අධ්‍යයනයක් කරලා ඒකෙන් ව්‍යවසායකයෙක් වෙලා නම්, ඔයත් ඒ පියවර ටික ඒ විදියටම කළොත් ඔයත් පොහොසත් වෙන්න ඕන.
Morgan Housel විසින් රචිත The Psychology of Money කියන පොතේ සඳහන් වෙනවා අපිට සල්ලි එක්ක තියෙන ගනුදෙනුව තර්කානුකූල පැත්තට වඩා හැඟීම්බර පැත්තට බර වැඩියි කියලා. මේ පොත ඇසුරෙන් අපි බලමු මොකක්ද සල්ලි එක්ක අපේ තියෙන මනෝවිද්‍යාත්මක බැඳීම කියන එක. ඔයා මොන තරම් හම්බ කළත් ඇයි ඔයා ධනවත් නොවෙන්නේ කියන එකට හේතුව මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
ධනය කියන්නේ ඇහැට නොපෙනෙන දෙයක් (Wealth is what you don’t see)
ඔයාගේ ධනය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්.
- අනිත් අයට පෙනෙන ධනය (Visible Wealth): ඔයාගේ නිවස, වාහනය, ජීවන රටාව, ඇඳුම් පැලඳුම්, වගේ දේවල්. මේ දේවල්වලින් තමයි අනිත් අය ඔයාගේ ධනය දකින්නේ.
- අනිත් අය නොපෙනෙන ධනය (Invisible Wealth): ඔයාගේ ඉතිරි කිරීම්, ආයෝජන, මූල්‍ය සුරක්ෂිතභාවය (Financial Security), මේ වගේ දේවල් අනිත් අයට පේන්නේ නැහැ.
ඔයා හොඳට ඇඳලා, වාහනේක යනවා නම් කෙනෙක්ට ඒක පේනවා. ඒත් ඔයාව දැක්කම කෙනෙක්ට පේන්නෙ නැහැ ඔයා කොච්චර මුදලක් මේ වෙනකොට ඉතිරි කරලා තියෙනවා ද කියලා, ඔයා ව්‍යාපාරයකට කීයක් ආයෝජනය කරලා ද කියලා.
The Psychology of Money කියන පොතේ සඳහන් වෙනවා, ඔයාගේ සැබෑම ධනය (Real Wealth) මනින්නේ ඔයා වියදම් කරන විදිය අනුව නෙමෙයි කියලා. ඔයා වියදම් කළාට පස්සේ ඉතිරි වෙන මුදල අනුව තමයි ඔයාගේ සැබෑම ධනය මනින්න පුළුවන් කියලා මේ පොතේ සඳහන් වෙනවා.
කලින් සඳහන් කළා වගේ හොඳ සුඛෝපභෝගී වාහනයක් තියෙන, අධික මිල ගණන්වල ඇඳුම් පැලඳුම් පාවිච්චි කරන පුද්ගලයෙක් දැක්කම අපි හැමෝම වර්ණනා කරන්නේ ඒ පුද්ගලයාගේ පිටින් පේන්න තියෙන ධනවත්කම ගැන. ඒත් මේ පොතට අනුව ඒක නෙමෙයි ඒ පුද්ගලයාගේ සැබෑම ධනය වෙන්නේ. ඒ අපි දකින්නේ, ඒ පුද්ගලයා කරන වියදම් ටික.
වැඩියෙන් සල්ලි හොයන මිනිස්සු ඇත්තටම ධනවත් ද?
බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ධනය හදාගන්නවා කියන්නේ, වැඩි අදායමක් හොයනවා, නැත්නම් ඉහළ වැටුපක් ලබනවා කියන එක කියලා. ධනය කියන්නේ, ඔයා මොන තරම් උපයනවා ද කියන එක නෙමෙයි. ඔයා හිතන්න, ඔයාගේ වැටුප හෝ ආදායම X කියලා. ඒ වගේ දහ ගුණයක් ඉහළ වැටුපක් ලබන වෙනත් පුද්ගලයෙක් ඉන්නවා, ඒත් ඔහු මූල්‍යමය වශයෙන් සුරක්ෂිත නැහැ. ඔහුගේ ජීවන රටාව එක්ක ඔහු අධික ලෙස වියදම් කරන පුද්ගලයෙක්. ඒ නිසා ඔහු දහ ගුණයක් ඉහළ මුදලක් ඔයාට වඩා ඉපැයුවත් ඔහු අස්ථාවර තත්ත්වයක ඉන්නේ. ඒත් ඔයා ගන්න X කියන වැටුපෙන් ඔයා කොටසක් ඉතිරි කරනවා. ඒ කියන්නේ ඔයා මූල්‍යමය වශයෙන් අර පුද්ගලයාට වඩා සුරක්ෂිතයි.
සමාන වැටුප් ලබන දෙන්නෙක් ගැන උදාහරණයක් බලමු. එක් පුද්ගලයෙක් තමන්ට Promotion එකක් ලැබුණම ඒ අලුත් වැටුපට අදාළව තමන්ගේ ජීවන රටාවත් ටිකක් සුඛෝපභෝගී විදියට වෙනස් කරගන්නවා. ඒත් සැබැවින්ම ධනවතෙක් වෙන්න අවශ්‍ය අනිත් පුද්ගලයා Promotion එකක් ලැබුණම ඒ අලුත් වැටුපට අදාළව තමන්ගේ ජීවන රටාව වෙනස් කරගන්න යන්නේ නැහැ. තරමක වෙනසක් වුණත් ඔහු සැලකිය යුතු මුදලක් ඉතිරි කරනවා. අවුරුදු 10කට විතර පසුව බැලුවොත් මේ දෙන්නාගෙන් ධනවත් පුද්ගලයා වෙන්නේ සුඛෝපභෝගී ජීවන රටාවට ඉක්මනින් යොමු වුණ පුද්ගලයා නෙමෙයි.
අනපේක්ෂිත ආර්ථික අර්බුද ඇතිවීම නැවැත්වීමට හැකියාවක් නොමැත
ලංකාව සම්බන්ධයෙන් ගත්තම කොරෝනාවෛරස ව්‍යාප්තිය, ආර්ථික අර්බුද වගේ දේවල් එක්කත් ලෝකයේ වෙනත් රටවල ඇති වූ යුධමය තත්ත්වයන් නිසාත් ආර්ථික කඩාවැටීම්වලට අපට මුහුණ දෙන්න වුණා. ඒ හැම දෙයක්ම අපේ පාලනයෙන් තොර දේවල්.
මේ වගේ අවස්ථාවල මනෝවිද්‍යාත්මක පැත්ත ගැන සැලකුවොත් අපිට පාලනය කරන්න බැරි දේවල්වලට වැරැද්ද පටවලා ඉන්න එක නෙමෙයි කරන්න ඕන. ආර්ථික අර්බුදයක් ඕන වෙලාවක එන්න පුළුවන් කියලා හිතලා අනාගතය සැලසුම් කළ යුතුයි. ඒ වගේම ආදායම් මාර්ග කිහිපයක් තබා ගන්න එකත් හොඳ විසඳුමක්.
ඔයා උපදෙස් ගන්න අය ගැන සැලකිලිමත් වෙන්න
ඔයා උපදෙස් ගන්න කෙනා බොහොම negative mindset එකකින් ඉන්න කෙනෙක් නම්, ඔයාටත් ඒ thinking pattern එක ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක් තියෙන කාලයකදි ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.
මේ පොතේ සඳහන් වෙනවා, අපේ මොළය විසින් සෘණාත්මක දේවල් ඉතාම වේගයෙන් ග්‍රහණය කරගන්නවා කියලා. මොළය නිර්මාණය වෙලා තියෙන්නේ survival mode එකකින්. ඒ කියන්නේ, මොළය කැමතියි අවදානම් ගන්න යන්නේ නැතුව පාඩුවේ ඉන්න. ඒ නිසා සෘණාත්මකව හිතන පුද්ගලයන්ගෙන් ධනවත් වීම ගැන උපදෙස් ගන්න එපා. අලුත් අවස්ථා හොයාගෙන යන, අර්බුදයක් හමුවේ වුණත් ධනාත්මකව හිතලා ගොඩ යන්න උත්සහ කරන පුද්ගලයන්ගෙන් උපදෙස් ගන්න.
එක රැයෙන් ධනවත් වෙන්න පුළුවන් ද?
ඉක්මනින් පොහොසත් වෙන්න ඕන කියන පීඩනයක් එක්කයි වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. නමුත් සැබෑ ධනවත්කම ගොඩනගාගන්න කෙටි ක්‍රම නැහැ. ඒකට කාලය, ශ්‍රමය වගේම ඉවසීමත් අවශ්‍යයි. කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම, ව්‍යාපාරයක ස්ථාවර වර්ධනයක් ඇති කරගැනීම වගේ දේවල් ඔයාව පොහොසතෙක් කරනවා. ඒත් ඒක එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඔයා දැකලා ඇති ලොතරැයි දිනුම් ලැබිලා එක රැයින් පොහොසත් වෙන මිනිස්සු. ඒත් අවුරුද්දක්, දෙකක් ගිහින් බැලුවම ඔවුන්ගෙන් බොහොමයක් සැබැවින්ම ධනවත් ද කියන ප්රශ්නය ඇති වෙනවා. ඒ නිසා එක රැයින් ධනවත් වීමේ මානසිකත්වයක ඉන්න එක එතරම් හොඳ දෙයක් නෙමෙයි.
කොච්චර තිබුණත් මදි ද?
සමාජයේ ධනය සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා.
- ධනය උපයා ගැනීමේ තරගය
- අන් අයට වඩා ඉදිරියෙන් සිටීමේ පීඩනය
A, B, C කියලා පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. A මාසිකව ලක්ෂයක් උපයනවා. ඒ ගැන ඔහු ඉන්නේ සතුටෙන්. ඒත් පසුව ඔහුට මුණගැහෙනවා මාසිකව ලක්ෂ 5ක් උපයන B කියන පුද්ගලයාව. එතකොට Aගේ සතුට නැතිවෙලා යනවා. ඉන්පස්සෙ ඔහුට මුණගැහෙනවා මාසිකව මිලියනයක් උපයන C කියන පුද්ගලයාව. එතකොට Aට හිතෙනවා තමන් පරාජිතයෙක් කියලා. අනිත් අයට තමන්ට වඩා සල්ලි තියෙනවා කියන හැඟීම එනවා.
මනෝවිද්‍යාත්මකව ගත්තම ඔයා ඉන්නේ ආදායම ගැන අතෘප්තිමත්ව නම් ඒක ඔයාට නොදැනිම ලොකු බලපෑමක් ඇති කරනවා. ධනවත් වෙන්න ඕන නම් ඔයාගේ ආදායම් මට්ටම අනිත් අය එක්ක සසඳන එක නතර කරන්න. ඔයාගේ ආදායම ගැන තෘප්තිමත් වෙන්න.
අවදානම් ගන්න
මිනිස් මනස අවදානම් නොගෙන ඉන්න වැඩි කැමැත්තක් දක්වනවා. සුබවාදී අදහස්වලට වඩා අසුබවාදී අදහස් ඉක්මනින් පිළිගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. යම් ව්‍යවසායකයෙක් ඉන්නවා ඔහු මුල් කාලෙදි කරමින් හිටිය රැකියාවෙනුත් ඉවත්වෙලා ඔහුගේ ව්‍යවසාය ආරම්භ කළා කියලා. බොහෝ දෙනෙක් ඒක දකින්නේ අවාසනාවක් විදියට. රැකියාවක් කළා නම් මාසික වැටුපක් ලැබෙනවා, ඒකත් නැති කරගෙන කොහොමද ජීවත් වෙන්නේ වගේ දේවල් තමයි අනිත් පුද්ගලයෝ හිතන්නේ. ඒත් අවදානමක් නොගත්තා නම් අර පුද්ගලයාට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔහු හැමදාම මාසික වැටුපක් ලබමින් ජීවත් වෙයි.
ධනය ගොඩනැගීමේ මනෝවිද්‍යාත්මක පැත්ත වෙන්නේ මෙතැනදි, ඉවසීම වගේම උපායමාර්ගික චින්තනය. අවදානමක් අරගෙන පෙනෙන ධනය වෙනුවට සැබෑ ධනය ගොඩනගාගන්න නම් ඔයාට හොඳ ඉවසීමක් අනිවාර්යෙන් අවශ්‍යයි.
කෙටියෙන්ම කිව්වොත් මේ පොත අපිට කියලා දෙන්නේ, බුද්ධිමත් වුණත් අපි තවමත් සල්ලි සම්බන්ධයෙන් මෝඩ තීරණ ගන්නේ ඇයි කියන හේතුව ගැන. ඒකේ මනෝවිද්‍යාත්මක පසුබිම ගැන. ඔයාට මේ ලිපිය කියෙව්වම හිතෙයි මේ කියන විදියට වැඩ කරන්නත් ගොඩක් සල්ලි ඕන කියලා. ඒත් හිතලා බලන්න ඔයාගේ සමහර පුරුදු, හැඟීම් නිසා සල්ලි අනවශ්‍ය විදියට වියදම් වෙන අවස්ථා කොච්චර තියෙනවා ද කියලා.
අනුන්ට පේන්න ජීවත් වෙන මානසිකත්වයක ඔයා ඉන්නවා නම් ඒක අත්හරින්න. නොපෙනෙන ධනය ඉහළ නංවගන්න උත්සහ කරන්න. අනුන්ගේ වත්කම් සමග ඔයාගේ වත්කම් සසඳන්න එපා. ආදායම වැඩි කරගන්න උත්සහ කරනවා වගේම ඔයාගේ පුරුදු, හැසිරීම් පාලනය කරගන්න. මේ දේවල් අනුගමනය කළොත්, ධනවත් වීමේ මනෝවිද්‍යාත්මක රහස තියෙන්නේ මේ දේවල් තුළ කියන එක ඔයාට අවබෝධ වෙයි.
ධනවතෙක් වෙන්න ඔයාට උදව් වෙන තව පොතක් තමයි Rich Dad Poor Dad කියන්නේ. පහළ තියෙන Link එකෙන් ඔයාට පුළුවන් ඒ පොතේ Free Chapters බලලා ඔයාගේ ගමන තවත් ශක්තිමත් කරගන්න.
https://school.lokubusiness.lk/p/rich-dad-poor-dad-video-book?affcode=1420258_ghpjvsre