“මම දැන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ”

“අලුතෙන් දෙයක් ඉගෙන ගන්න කාලයක් දැන් නැහැ”

“අද මහන්සියි. මම හෙටම ඒ වැඩේ කරනවා”

“ඕවා කරන්න සල්ලි නැහැ. සල්ලි තියෙන වෙලාවක බලමු”

ඔයත් මේ වගේ නිදහසට කරුණු කියලා, හරි වෙලාව එනකම් වැඩ කල් දාන කෙනෙක් ද? නිදහසට කරුණු එහෙම නැත්නම් Excuses කියන්නේ ඔයාගේ දියුණුව වළක්වන, ඔයාගේ පෞරුෂයට පවා හානි කරන දෙයක්. ඔයා අද වෙනකොට ඉන්න හිතාගෙන හිටිය විදියක් ඇති. ඔයාට ගෙයක් තියෙන්න ඕන, වාහනයක් තියෙන්න ඕන, ඔයා රැකියාවෙ ඉහළ තැනක ඉන්න ඕන, ඔයාගෙම Brand එකක් හදාගෙන තියෙන්න ඕන වගේ හීන ඔයාට තියෙන්න ඇති. ඇත්තටම අද වෙනකොට ඔයා ඒ දේවල් ළඟා කරගෙන තියෙනවා ද? එහෙම නැත්නම් ඒ දේවල් කරගන්න බැරි වුණ එකට හේතු ගොඩක් ද ඔයා ළඟ තියෙන්නේ?

ඔයාගේ අරමුණුවලට යන්න බැරි වෙන විදියට නිදහසට කරුණු විතරක් නම් ඔයාට හැමතිස්සෙම පේන්න තියෙන්නේ, ඒ නිසා ඔයා වැඩ කල් දානවා නම් මේ ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.

නිදහසට කරුණු නොකියා ජීවිතය ජයගත් මිනිස්සු

ඔයාට දෙයක් ඉගෙන ගන්න, නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න බැරි වුණා කියලා හිතෙන වෙලාවට ඒ දේවල් පටන් ගන්න වෙලාවක් තිබුණේ නෑ, සල්ලි තිබුණේ නැහැ, කාගෙන්වත් උදව්වක් නැහැ වගේ දේවල් ඔයාට නිදහසට කාරණා විදියට කියන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ සාර්ථක වුණ අය දිහා බැලුවොත් ඔවුන්ටත් ඔය වගේම අභියෝග තිබුණා. වෙනසකට තිබුණෙ ඔවුන් ඒ දේවල් අභියෝග විදියට භාරගෙන ඉදිරියට යන්න හිතුවා හැරෙන්න ඒවා නිදහසට කරුණු විදියට පාවිච්චි කළේ නැහැ.

අපි දැන් ඒ වගේ සාර්ථක වුණ චරිත කීපයක් ගැන බලමු.

Henry Ford

Ford මෝටර් රථ සමාගමේ නිර්මාතෘ Henry Fordට අඩු වයසින්ම ඔහුගේ පවුලේ වගකීම් දරන්න සිදු වුණා. ඉගෙන ගන්න, ඔහුගෙම දෙයක් කරන්න ඔහුට වෙලාවක් තිබුණෙ නැති තරම්. පවුලේ වගකීම් තමන් පිට පැවරිලා තියෙන නිසා මුකුත් කරන්න වෙලාවක් නැහැ කියලා ඔහු නිකන් හිටියේ නැහැ.

Lata Mangeshkar

ඇයටත් පවුලේ වගකීම් අඩු වයසින්ම දරන්න සිදු වුණ නිසා ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අවශ්‍ය තරම් කාලයක්, මුදල් හොයාගන්න අපහසු වුණා. ඒත්

Share this post: