“ඔයාගේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය නම්, ඔයා ඔයාගේ ප්‍රමුඛතාවයන් වෙනස් කළ යුතුයි.” ඔයාගේ ජීවිතයේ නියම වෙනසක් දකින්න නම් මුලින්ම ඔයාගේ ප්‍රමුඛතාවයන් මොනවද කියලා තීරණය කරන්න ඕන. ඔයාගේ ප්‍රමුඛතාවයන් පෙළගස්වාගෙන කාලය කළමනාකරණය කරගෙන ඒ සියලු කටයුතු කරන්න ඔයාට හැකියාව තියෙනවා නම් ඊයේ සහ අද දවස්වලට වඩා ඔයාගෙ හෙට දවස පැහැදිලිවම වෙනස් දවසක් බවට පත් කරගන්න පුළුවන්.

බොහෝ දෙනෙක්ට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන එක අපහසුයි. ඒත් කාලය නිවැරදිව කළමනාකරණය කරගැනීම සඳහා විවිධ ක්‍රමවේද තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් ලෝකයේ ප්‍රබල නායකයින් ඔවුන්ගේ කාලය කළමනාකරණය කරන්න භාවිත කළ ලෝක ප්‍රකට උපක්‍රම හයක් ගැන. නරේන්ද්‍ර මෝදි, මන්මෝහන් සිං, රජීව් ගාන්ධි, ඉන්දිරා ගාන්ධි වැනි නායකයෝ පවා භාවිත කළ මේ උපක්‍රම 06 මොනවාද කියලා දැන් බලමු.

01. සමානාත්මතාවය යනු වැරදි සංකල්පයකි (Equality is the Wrong Concept)

ඔයා වැඩක් කරනකොට “සමානාත්මතාවය” (Equality) කියන දේ ඔයාගේ මනසෙන් ඉවත් කළ යුතුයි. ඊට වඩා ඔයා හිතන්න ඕනේ දේ තමයි ඒ රාජකාරිය මොන තරම් සාධාරණ ද කියන එක.

උදාහරණයක් ලෙස, ඔයාට තිබෙන ඉහළ ප්‍රතිඵල දෙන වැඩ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ ඒ කාර්යට අදාළ බලපෑම මනින ආකාර කීපයක් තියෙන්න පුළුවන්. ආදායම (Revenue), වියදම (Cost), එහෙම නැත්නම් ප්‍රමාණය (Quantity), කාලය (Time) වගේ විවිධ මිනුම් දඬුවලින් ඔයාට අදාළ කාර්යයේ සාර්ථක, අසාර්ථකභාවය මනින්න පුළුවන්.

තව දෙයක් තමයි කාර්යබහුලත්වය ඔයාට බොරු ජයග්‍රාහී හැඟීමක් ලබා දෙනවා. ඔයාට වැඩ ගොඩක් තියෙනවා නම් ඔයාට දැනෙනවා ඔයා දැන් වැඩ ගොඩක් කරනවා ඔයා යම් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා කියලා හැඟීමක්.

මේ හැමදෙයක්ම අතරේ ඔයා තීරණය කරන්න ඕන මොනවද ඔයාගේ වැඩ කටයුතු අතරින් ප්‍රමුඛතාව වැඩියෙන් දෙන්න ඕන ඒවා කියලා. සමහර පුද්ගලයෝ හිතනවා තමන්ට දවසක් ඇතුළත කරන්න කාර්යන් 10ක් තියෙනවා නම් ඒ 10ටම සමානව කාලය වෙන් කරන්න ඕන කියලා. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඒ කාර්යන් 10 අතරින් ප්‍රමුඛතාව ලබා දිය යුතු පිළිවෙළක් සකසාගෙන ඒ අනුව වැඩ කරන එක. ඔයා හැම වැඩකටම එක සමාන කාලයක් වැය කළොත් ඔයාගෙන් ඒ දවස ඇතුළත සම්පූර්ණ විය යුතු කාර්ය හරියට සිද්ධ වෙන එකක් නැති වෙන්න පුළුවන්. සමානාත්මතාව වැරදි සංකල්පයක් කියලා සඳහන් කළ හේතුව දැන් ඔයාට පැහැදිලි ඇති.

ඒ නිසා ප්‍රමුඛතාව ලබා දිය යුතු දෙයට ප්‍රමුඛතාව ලබා දෙන්න.

02. 4D උපායමාර්ගය (4D Strategy)

 D අකුරු හතරකින් පටන් ගන්න වචන 04ක් තමයි මේ උපායමාර්ගයට ඇතුළත්    වෙන්නේ. 

  1. Do Now: දැන්ම කළ යුතු අමාරුම සහ වැදගත්ම කාර්ය (task)

මින් අදහස් වන්නේ, මේ දැන්ම සිදුවිය යුතු, වඩාත්ම වැදගත්, කාර්යන්. මේ කාර්යන් හෙට හෝ වෙනත් දවසක කරනවා යැයි කල් දැමිය නොහැකි ඒවාය.

  1. Defer: දැන්ම  කළ යුතු නැහැ, හැබැයි පසුව කළ යුතු වැදගත් කාර්ය

මෙම කාර්යන් මේ මොහොතේ හදිසියේ කළ යුතු ඒවා නොවන නමුත් වැදගත් කාර්යන් වේ. එම නිසා එම කාර්යන් පසුව හෝ කළ යුතු ඒවා ලෙස හැඳින්විය හැක.

  1. Delete: වැඩක් නැති, වටිනාකමක් නැති කාර්ය

මෙයින් අදහස් වෙන්නේ ඔයා විසින්ම කළ යුතු නැති කාර්යන් ගැන. හිතන්න ඔයාට යම් කාර්යක් පැවරෙනවා. ඒත් ඒක කරන්න ඔයාම අවශ්‍ය නැහැ. මේ වගේ මොහොතක ඔයාට හැකියාව තියෙන්න ඕන ඒ සඳහා ඔයාට හැකියාවක් නැහැ, ඔයාට ඒක කරන්න බැහැ

Share this post: