සමහර වෙලාවට මොකක් හරි වැඩකට කාමරේට ගියාම, ඔයා ඇයි කාමරේට ගියේ කියලා අමතක වෙලා තියෙනවා ද? එහෙම නැත්නම් හොඳට පාඩම් කරගෙන විභාගයකට ගියත් Papper එක අතට ලැබුණට පස්සෙ පාඩම් කළ ඔක්කොම අමතක වෙලා ගිහින් තියෙනවා ද? ඔෆිස් එකේදි ඔයාට භාර දුන්න වැඩක් අමතක වෙලා ප්‍රශ්න ඇති වුණ අවස්ථා තියෙනවා ද? එහෙනම් Loku Business Blog එකෙන් ගේන මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.
ඔයා ශිෂ්‍යයෙක් ද, ගුරුවරයෙක් ද, ආයතනයක CEO කෙනෙක් ද, Employee කෙනෙක් ද, Housewife කෙනෙක් ද, රටේ ජනාධිපතිවරයා ද කියන එක මතකය සම්බන්ධ කාරණාවේදී වැදගත් වෙන්නේ නැහැ. ඔයා මොන තනතුර දැරුවත්, මොන සමාජ තත්ත්වයක හිටියත් ‘මතකය’ එක්ක ඔයා අරගල කරන අවස්ථා ඕන තරම් ඇති. හොඳම උදාහරණේ ඔයා මොන තනතුරක් දැරුවත් නිවසේ ඕන එපාකම් වෙනුවෙන් ඔයාට කඩේ යන්න වෙනවනේ. ඔයා කඩේට යන්නේ බිරිඳ හෝ අම්මා ගේන්න කියලා කිව්ව බඩු ලැයිස්තුව ගේන්න. ඒත් ඒ මොනවද කියලා සටහනක්වත් දාගන්නේ නැතුව ඔයා ගිහින් වෙනම දේවල් ටිකක් අරන් ආව අවස්ථා ඇති. ඒ වෙලාවට මූණ දෙන්න වෙන අකරතැබ්බය ගැන මේක කියවන ඔයාටත් අත්දැකීම් ඇති.
අපි බලමු එහෙම අකරතැබ්බවලට මුහුණ නොදී ඔයාගේ Brain Power එක හොඳ මතක ශක්තියක් එක්ක වැඩි කරගන්නේ කොහොමද කියලා.
සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට ක්‍රම 5ක් ඔස්සේ අවට පරිසරයෙන් දත්ත, තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙනවා.
මේ ඉන්ද්‍රියන් පහ මාර්ගයෙන් ඔයාට ලැබෙන තොරතුරු Recall කරගන්න, ඒ කියන්නේ නැවත මතක් කරගන්න නම් මුලින්ම තේරුම් ගන්න ඕන කොහොමද ඔයාගේ මතක ශක්තිය (Memory Power) වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ, මොනවද ඔයාට ලැබෙන තොරතුරු, මොනවද ඒ අතරින් මතක තියාගන්න ඕන, මතක තබා ගත යුතු නැති තොරතුරු මොනවද, ඔයාගේ උඩු සිතට (Conscious Mind) සහ යටි සිතට (Subconscious Mind) කොහොමද තොරතුරු යන්නේ කියන කාරණා ගැන අවබෝධයක් තියෙන්න ඕන.
විද්‍යාත්මක මූලධර්ම (Scientific Principles) 3ක් ඇසුරෙන් අපි දැන් බලමු කොහොමද ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්නේ කියලා.
ඔයා ගිය සතියේ එළියට ගිය වෙලාවක පාර දෙපැත්තේ තිබුණ Buildings මොනවද, මොන වගේ වාහන ද පාරේ ගියේ, පාරේ ගිය මිනිස්සුන්ගේ මූණු, මේ වගේ දේවල් ඔයාට මතක ද? නැහැ නේද? ඒත් හිතන්න පාරේ යන ගමන් ඔයා දැක්කා කියලා තද රෝස පාට කොණ්ඩයක් තියෙන මනුස්සයෙක්ව, එහෙම නැත්නම් වහලය පොළොව දෙසට තිබෙන විදියට පෙනෙන්න උඩු යටිකුරු ආකාරයට නිර්මාණය කළ ගොඩනැගිල්ලක්, මේ වගේ වෙනස්ම දෙයක් දැක්කොත් ඒක ඔයාට මතක තියෙනවා නේද? මේක තමයි පළවෙනි මූලධර්මයෙන් කියන්නේ.

- ඇස – පෙනීම
- කන – ඇසීම
- නාසය – ගඳ/ සුවඳ
- දිව – රසය
- සම – ස්පර්ශය
මේ ඉන්ද්‍රියන් පහ මාර්ගයෙන් ඔයාට ලැබෙන තොරතුරු Recall කරගන්න, ඒ කියන්නේ නැවත මතක් කරගන්න නම් මුලින්ම තේරුම් ගන්න ඕන කොහොමද ඔයාගේ මතක ශක්තිය (Memory Power) වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ, මොනවද ඔයාට ලැබෙන තොරතුරු, මොනවද ඒ අතරින් මතක තියාගන්න ඕන, මතක තබා ගත යුතු නැති තොරතුරු මොනවද, ඔයාගේ උඩු සිතට (Conscious Mind) සහ යටි සිතට (Subconscious Mind) කොහොමද තොරතුරු යන්නේ කියන කාරණා ගැන අවබෝධයක් තියෙන්න ඕන.
විද්‍යාත්මක මූලධර්ම (Scientific Principles) 3ක් ඇසුරෙන් අපි දැන් බලමු කොහොමද ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්නේ කියලා.
1. Seeing Something Unique, Outside the Pattern
ඔයා ගිය සතියේ එළියට ගිය වෙලාවක පාර දෙපැත්තේ තිබුණ Buildings මොනවද, මොන වගේ වාහන ද පාරේ ගියේ, පාරේ ගිය මිනිස්සුන්ගේ මූණු, මේ වගේ දේවල් ඔයාට මතක ද? නැහැ නේද? ඒත් හිතන්න පාරේ යන ගමන් ඔයා දැක්කා කියලා තද රෝස පාට කොණ්ඩයක් තියෙන මනුස්සයෙක්ව, එහෙම නැත්නම් වහලය පොළොව දෙසට තිබෙන විදියට පෙනෙන්න උඩු යටිකුරු ආකාරයට නිර්මාණය කළ ගොඩනැගිල්ලක්, මේ වගේ වෙනස්ම දෙයක් දැක්කොත් ඒක ඔයාට මතක තියෙනවා නේද? මේක තමයි පළවෙනි මූලධර්මයෙන් කියන්නේ.
ඔයාට මතක තියාගන්න අවශ්‍ය කාරණා වෙනස්ම, අමුතු දෙයක් ආරෝපණය කරලා මතකයේ රඳවගන්න හැකියාව තියෙනවා. මේ උදාහරණයෙන් ඒක ඔයාට තවත් පැහැදිලි වේවි.
එක්තරා ගුරුවරයෙක් Assassination කියන ඉංග්‍රීසි වචනය තමන්ගේ පන්තියේ ශිෂ්‍යයන්ට උගන්වද්දි සමහර ශිෂ්‍යයන්ට වචනයේ අකුරු මතක තියාගන්න අපහසු වුණා. අකුරු මතක තියාගන්න විදිය කියලා දෙන්න ගුරුවරයා භාවිත කළේ අමුතු ක්‍රමයක්. ඔහු ශිෂ්‍යයන්ට මෙහෙම කිව්වා, “බූරුවෙක් උඩ තව බූරුවෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් අන්න ඒ බූරුවාගේ උඩ මම ඉන්නවා කියලා හිතන්න.” ගුරුවරයා මෙහෙම කිව්වම ශිෂ්‍යයෝ ඔක්කොටම හිනා ගියා.
ඒත් ඒ විදියට මේ වචනය මතක තියාගන්න එක ශිෂ්‍යයන්ට හරිම පහසු වුණා. බූරුවාට ඉංග්‍රීසියෙන් කියනවා Ass කියලා. ගුරුවරයා කිව්ව විදියට Assassination කියන වචනේ කැඩෙන ආකාරය වෙන්නේ Ass + ass + I + nation කියන ආකාරයට. එතකොට බූරුවෙක් උඩ බූරුවෙක් ඉන්නවා කියන එකෙන් Ass + ass කියන වචන දෙක මතක තියෙනවා. ඒ උඩ මම (I) ඉන්නවා කියන එකෙන් මතක තියෙනවා Assassi තමයි වචනේ මුල් අකුරු ටික කියලා. ඊළඟට nation කියන කොටස. එතකොට අර පරිකල්පනය තුළින් මතක තියාගන්න අමාරු වුණ ඉංග්‍රීසි වචනය පහසුවෙන්ම මතකයට යනවා.
මේ ක්‍රමය පාඩම් කරද්දි, රාජකාරි කටයුතුවලදි වගේම කඩේට ගිහින් ගන්න ඕන දේවල් අමතක වෙන ප්‍රශ්නෙදිත් සාර්ථකව භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට කඩෙන් පාන්පිටි කිලෝ එකයි, පොල් ගෙඩි දෙකකුයි හවසට ගෙදර ගෙනියන්න තියෙනවා කියලා හිතන්න. ඔයාට පුළුවන් කඩේ ඉස්සරහ පාන්පිටි ඇඟ පුරාම ගාගෙන ඉන්න මිනිහෙක් ලොකු පොල් ගෙඩි දෙකක් අත් දෙකෙන් මාරුවෙන් මාරුවට අල්ලන ගමන් සර්කස් පෙන්නන රූපයක් මවා ගන්න. එතකොට කඩේට යනකොටම ගන්න ඕන මොනවද කියලා ඔයාගේ මතකෙට එනවා.
2. Extreme Emotions
සතුට, දුක, තරහ වගේ චිත්තවේග එහෙමත් නැත්නම් Emotions එක්ක මතකයට සම්බන්ධතාවක් තිබෙනවා. මේ මූලධර්මයෙන් කියවෙන්නේ ඒ ගැන.
දැන් මේක කියවන ඔයාගෙන් මම ඇහුවොත් මොකක්ද ඔයාගේ පාසල් ජීවිතේ, රැකියාවේ හෝ පවුල් ජීවිතේ හොඳම දවස කියලා ඔයාගේ මතකයට එන දවස මොකක්ද? හොඳ Island Rank එකක් අරන් උසස් පෙළ සමත් වුණ දවස, ආයතනයේ හොඳම සේවකයා විදියට සම්මානයක් දිනා ගත්ත දවස, පවුලේ අය එකතුවෙලා ඔයාට Birthday Surprise එකක් දුන්න දවස වගේ විශේෂ දවස් ඔයාගේ මතකයට ඒවි. මේ කිව්වේ සතුට කියන Emotion එක මතකයට බලපාලා තියෙන උදාහරණ. ඒ කියන්නේ Good Memories විදියට මතකයේ තැන්පත් වුණ දේවල්.
මේ වගේම Bad Memories පවා පුද්ගලයෙක්ට හොඳින් මතක තිබෙනවා. සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටිය විභාගයකින් අසමත් වීම, Staff එකේ අනිත් අය ඉස්සරහ බැණුම් අහන්න වුණ සිදුවීමක්, මේ වගේ දුක, කෝපය වගේ Emotion එක්ක බැඳුණු සිදුවීම් පවා ඔයාගේ මතකයේ හොඳින් තැන්පත් වෙනවා.
ඒ නිසා ඔයාට පුළුවන් මේ මූලධර්මය යොදාගෙන Extreme Emotion එකක් එක්ක සම්බන්ධ කරලා දේවල් මතක තියාගන්න.
3. Have a Conscious, Passionate Goal Statement
මේ මූලධර්මය ඔයාගේ මතකය වැඩිදියුණු කරගන්න පාවිච්චි කරන්න නම් ඔයා ශක්තිමත්, ඔයා ආසා කරන දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් හදාගන්න ඕන. උසස් පෙළ හොඳින් සමත් වෙන එක, රැකියාවේ Promotion එකක් ගන්න එක වගේ ඔයාගේ අවශ්‍යතාවට ගැළපෙන ඉලක්කයක් මුලින්ම හදාගන්න.
මේ විදියට Conscious, Passionate Goal Statement එකක් ඔයාට තියෙනවා නම් ඔයාට හැකියාව ලැබෙනවා Accidental Pattern of Thinking එකක් Structured Pattern of Thinking එකක් බවට පරිවර්තනය කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගනිමු.ඔයාට හොඳ ශක්තිමත් පැහැදිලි ඉලක්කයක් තියෙනවා නම් ඔයා දවස ගාණේ ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. ඉන්පස්සේ ඒ ගැන ඔයාගේ යටි සිතටත් ඇතුළු වෙනවා. එතකොට අපි මුලින්ම කතා කළ ඇස, කන, නාසය, දිව, සම කියන ඕනම ඉන්ද්‍රියක් හරහා ඔයාගේ ඉලක්කයට අවශ්‍ය කරන තොරතුරු ඇතුළු වුණොත් ඔයාගේ මනස ඒ දේවල් මතකයේ රඳවගන්න හුරු වෙනවා. ඔයාගේ ඉලක්කයට අවශ්‍ය නොවෙන දේවල් මතකයේ රඳවා නොගෙන ඉන්නත් මනස වගබලා ගන්නවා.
අත්දැකීමෙන් වුණත් ඔයා දන්නවා ඇති ඔයා යම් ඉලක්කයක් වෙනුවෙන් වෙහෙස වෙනකොට ඔයාට ඒ ඉලක්කයට පිටින් තියෙන දේවල් ගැන ඒ තරම් මතකයක් නැහැ කියලා. මොකද ඔයාගේ මනස වෙන දේවල්වලට අවධානයක් නොදී ඔයාගේ ඉලක්කය වෙනුවෙන් අවධානය යොමු කරන්න හුරුවෙලා නිසා.
මේ දේ තමයි Accidental Pattern of Thinking එකක් Structured Pattern of Thinking එකක් බවට පරිවර්තනය වෙනවා කියලා අදහස් කරන්නේ.
තවත් සරලව පැහැදිලි කළොත් Structured Pattern of Thinking එකකදී සිද්ධ වෙන්නේ, මේ කතා කළ මූලධර්ම තුනම හෝ කිහිපයක් භාවිත කරලා ඔයාගේ මතකය දියුණු කරගන්න එක. එහෙම මතකයට එකතු කරගන්න දෙයක් ඔයාට අවශ්‍ය වෙලාවට නැවත මතක් කරගන්න හැකියාව තියෙනවා.
Accidental Pattern of Thinking එකකදි ඔයා මේ කිසිම මූලධර්මයක් අනුගමනය නොකරත් සමහර දේවල් ඔයාගේ මතකයේ තැන්පත් වෙනවා. ඒත් ඒ තොරතුරු අවශ්‍ය වෙලාවට නැවත මතක් කරගැනීමේ හැකියාවක් නැහැ. මොනවා හරි හේතුවක් නිසා දෙයක් ඔයාගේ මතකයේ තැන්පත් වුණාට අවශ්‍ය වෙලාවට ඒක නැවත මතක් කරගන්න අපහසු නම් ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා ඔයාට තේරෙනවා ඇති.
අපි මේ කතා කළ මූලධර්ම තුන පුරුද්දක් විදියට භාවිත කරලා ඔයාට පුළුවන් Structured Pattern of Thinking එකක් නිර්මාණය කරගෙන හොඳ මතක ශක්තියක් වර්ධනය කරගන්න. ඒක ජීවිතේ ජයගන්න ඔයාට ලොකු හයියක් වේවි.
පුරුදු මගින් ජීවිතය අතිසාර්ථක මාවතකට යොමු කරගන්න ඔයා කැමති නම් ලෝකයේ මිලියනයකට අධික පිරිසක් මිල දී ගත්ත Atomic Habits කෘතියේ සිංහල Video Book එකේ Free Chapters පහළ Link එකෙන් බලන්න.
https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre