ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න නින්දට පුළුවන් බව මීට කලින් ඔයා දැනගෙන හිටියා ද? බොහෝ දෙනෙක් හිතන්නේ අනාගතේ සාර්ථක කරගන්න, ඉලක්ක දිනාගන්න නින්ද කැප කරලා වැඩ කළාට කමක් නැහැ කියලා. ඒ විදියේ තැනක් තමයි නින්දට හිමිවෙලා තියෙන්නේ. ඒත් නින්දේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් ඔයා නින්දට දීලා තියෙන අඩු වටිනාකම නිසා ඔයාගේ ජීවිතේට වෙන්න පුළුවන් හානිය මොන වගේ ද කියන එක වගේම නින්දට නිසි වටිනාකම දුන්නොත් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කොහොමද කියන එක ගැන.

හැමදාම නිදාගත්තත් ඔයා කවදාවත් හිතලා බලලා නැතුව ඇති ඇයි ඔයා නිදාගන්නේ කියලා. අපි හැමෝටම නින්ද අවශ්‍යයි. ඒත් ඇයි අපි නිදාගන්නේ කියන එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. Matthew Walker විසින් රචිත Why We Sleep කියන පොතේ මේ ප්‍රශ්නෙට පිළිතුර සඳහන් වෙනවා. මේ පොත ඇසුරෙන් අපි බලමු නින්දේ තියෙන විද්‍යාත්මක වටිනාකම මොකක්ද කියලා.

නින්ද වැදගත් වෙන්නේ ඇයි?

ඔයාගේ මොළයේ, ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න නින්ද අත්‍යවශ්‍යයි. අපි හුස්ම ගන්න එක තරමටම නින්දත් වැදගත් වෙනවා. ඔයා දවස පුරා ඉගෙන ගත්ත දේවල් නිවැරදිව ඔයාගේ මොළයේ තැන්පත් කරගන්නේ නින්දේදි.

නිකමට හිතන්න ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියලා. ඒක භාෂාවක් වෙන්න පුළුවන්, නැත්නම් අලුත් හැකියාවක් ප්‍රගුණ කිරීමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අලුත් වැඩක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන අධ්‍යයනය කරනවා වෙන්න පුළුවන්. ඔයා අවදිවෙලා ඉන්න කාලය ඇතුළත මේ දේවල් ඉගෙන ගත්තට මේ දේවල් ඔයාගේ මතකයේ තැන්පත් වෙන්නේ නින්දෙදි. ඔයාගේ මතකයේ ඒ දේවල් ගබඩා කරන්න අවශ්‍ය තල්ලුව හරියටම ලැබෙන්නේ ඔයා නිදාගත්තට පස්සේ.

ඔයාට හොඳට නින්ද ගියේ නැති රැයක් මතක් කරලා බලන්න. ඊළඟ දවසේ උදේට ඔයා නැගිටින්නේ හරිම ආතතියක් එක්ක නේද? තරහ යනවා වැඩියි වගේ දැනෙනවා නේද එදාට? ඒකට හේතුව තමයි ඔයාගේ මොළය හරියට Restart නොවීම. හරියට මැෂින් එකකින් එක දිගට වැඩ අරගෙන ඒ මැෂින් එකට විවේකයක් නොදෙනවා නම් ඒකේ ක්‍රියාකාරීත්වය ඉක්මනටම අඩු වෙනවා. ඒ වගේ තමයි මනුස්සයෙක් කියන්නෙත්. විවේකය අවශ්‍යයි. ඒ කියන්නේ නින්ද ඔයාට අනිවාර්යෙන්ම ලැබෙන්න්න ඕන. ඒක නිකන් පුරුද්දට කරන දෙයක් නොවෙන්නත් ඕන. සුවපහසු හොඳ නින්දක් ලැබුණොත් විතරයි ඔයා නැවුම් මනුස්සයෙක් විදියට ඊළඟ දවසට මුහුණ දෙන්නේ.

ඒ වගේම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (immune system) නිසි ක්‍රියාකාරීත්වයටත් නින්ද අත්‍යවශ්‍යයි. ඔයාට හැදෙන ලෙඩ රෝගවලදි ඔයාව ආරක්ෂා කරගන්න ශක්තිය ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලැබෙන්න හොඳ නින්දක් ඔයාට ලැබුණොත් විතරයි. හෘදයාබාධ, දියවැඩියාව වගේ ඇති වෙන්න තියෙන අවදානම පවා අඩු කරන්න සුවදායක නින්දකට පුළුවන්. කාලයක් තිස්සේ හොඳ නින්දක් ලබා ගන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ දියවැඩියාව වගේ රෝග තත්ත්වයන් වර්ධනය වෙන්න පවා හැකියාවක් තියෙනවා.

දවස පුරා ශාරීරිකව, මානසිකව වෙහෙස වෙන ඔයාගේ ශරීරයට වගේම මනසට අවශ්‍ය විවේකය නින්ද මගින් හරියට නොලැබුණොත් ඊළඟ දවස විතරක් නෙමෙයි ඔයාගේ අනාගතයම අඳුරු වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.

නින්ද පාලනය කරන ක්‍රම 02

01. Circadian Rhythm (Internal Clock)

මේ තමයි ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන ඔරලෝසුව. කළුවර වැටෙනකොට නින්දට ශරීරය සූදානම් වෙන්නෙත්, නැවත උදෑසන වෙනකොට ඔයාව අවදි කරන්න ශරීරය සූදානම් වෙන්නෙත්

Share this post: