සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි, සැලසුම් සහගත ක්‍රියාවලියක්. Patrick Bet-David විසින් රචිත ‘Your Next Five Moves’ කියන පොත පැහැදිලි කරන්නේ, සාර්ථකත්වය කියන්නේ චෙස් ක්‍රීඩාවක් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ, ඔයා ඊළඟට තියෙන පියවර ගැන සැලසුම් කරලා කරන දෙයක් කියලා. ඔයා පළවෙනි පියවර තබන්නේ ඊළඟ පියවර තුන හතර ගැන දැනගෙන නම් ඔයා දන්නවා ඔයාගේ සැලැස්ම කොතනටද යන්නේ, ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඊට එන අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.
මේ පොතේ සඳහන් වෙන උපක්‍රම 05 ව්‍යාපාරයක් උපක්රමශීලීව සාර්ථකත්වයට ගෙන යන්න වගේම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්නත් වැදගත් වෙනවා. ව්‍යාපාරික ලොකයේ ප්‍රබල චරිත, දේශපාලඥයන් වගේ බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදය ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිත කරනවා. ‘Your Next Five Moves’ පොතේ සඳහන් වෙන ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අනුගමනය කළ යුතු උපක්‍රම පහ මොනවාද කියලා දැන් අපි බලමු.
පළමු උපක්‍රමය තමයි ඔයාව හරියටම හඳුනාගන්න එක. ඒ කියන්නේ Self-awareness ගැන තමයි මෙතැනදි සඳහන් වෙන්නේ. සාර්ථකත්වයට යාමේ මුල් පියවර විදියට ඔයාගේ වටිනාකම් (values) මොනවාද, ඔයා කවුද, ඔයා කැමති අකමැති දේවල් මොනවාද, ඔයාගේ අරමුණු මොනවාද කියන මේ හැම දෙයක් ගැනම ඔයාට අවබෝධයක් තියෙන්න ඕන.
උදාහරණයක් විදියට, ඔයා පවුලට වටිනාකමක් දෙන, ඔවුන් සමග කාලය ගෙවන්න කැමති කෙනෙක් නම් ඔයා රැකියාවක් තෝරගන්නකොට නිවසින් පිට නතර වීමට සිදු වන, රැකියාවට යාමට ඒමට වැඩි කාලයක් වැයවන ස්ථානයකින් රැකියාවක් තෝරා නොගත යුතුයි. ඒ වෙනුවට ඔයාගේ අරමුණට, සුදුසුකම්වලට ගැළපෙන, පවුලේ අය සමග කාලය ගත කරන්න පුළුවන් රැකියා ස්ථානයක් තෝරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට විශාල අරමුණු තියෙන කෙනෙක් නම්, ඒ අරමුණු වෙනුවෙන් අමතර කැපකිරීම් කරන්න ඔයා සූදානම් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ දේවල් ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.
ඔයා දෙයක් කරනවා නම් ඒ දේ කරන්නේ ඇයි කියන එක ගැනත් ඔයාට දැනුවත් බවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ අදාළ දේ කරන්න motivation ආවෙ ඇයි කියන එක ඔයා අවබෝධ කරගන්න ඕන. ඔයා යම් රැකියාවක්, ව්‍යාපාරයක් හෝ විෂයක් තෝරගන්නේ ඇයි? මේ ‘ඇයි’ කියන ප්‍රශ්නයට උත්තර නැත්නම් අන් අයගේ අදහස් මත ඔයාගේ ජීවිතය තීරණය වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පළමු උපක්‍රමය වන්නේ ඔයාගේ දුර්වලතා (weaknesses), ශක්තීන් (strengths), කැමති අකමැති දේවල් සහ
සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි, සැලසුම් සහගත ක්‍රියාවලියක්. Patrick Bet-David විසින් රචිත ‘Your Next Five Moves’ කියන පොත පැහැදිලි කරන්නේ, සාර්ථකත්වය කියන්නේ චෙස් ක්‍රීඩාවක් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ, ඔයා ඊළඟට තියෙන පියවර ගැන සැලසුම් කරලා කරන දෙයක් කියලා. ඔයා පළවෙනි පියවර තබන්නේ ඊළඟ පියවර තුන හතර ගැන දැනගෙන නම් ඔයා දන්නවා ඔයාගේ සැලැස්ම කොතනටද යන්නේ, ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඊට එන අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.
මේ පොතේ සඳහන් වෙන උපක්‍රම 05 ව්‍යාපාරයක් උපක්රමශීලීව සාර්ථකත්වයට ගෙන යන්න වගේම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්නත් වැදගත් වෙනවා. ව්‍යාපාරික ලොකයේ ප්‍රබල චරිත, දේශපාලඥයන් වගේ බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදය ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිත කරනවා. ‘Your Next Five Moves’ පොතේ සඳහන් වෙන ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අනුගමනය කළ යුතු උපක්‍රම පහ මොනවාද කියලා දැන් අපි බලමු.
01. ඔයාව හඳුනාගන්න (Know Yourself)
පළමු උපක්‍රමය තමයි ඔයාව හරියටම හඳුනාගන්න එක. ඒ කියන්නේ Self-awareness ගැන තමයි මෙතැනදි සඳහන් වෙන්නේ. සාර්ථකත්වයට යාමේ මුල් පියවර විදියට ඔයාගේ වටිනාකම් (values) මොනවාද, ඔයා කවුද, ඔයා කැමති අකමැති දේවල් මොනවාද, ඔයාගේ අරමුණු මොනවාද කියන මේ හැම දෙයක් ගැනම ඔයාට අවබෝධයක් තියෙන්න ඕන.
උදාහරණයක් විදියට, ඔයා පවුලට වටිනාකමක් දෙන, ඔවුන් සමග කාලය ගෙවන්න කැමති කෙනෙක් නම් ඔයා රැකියාවක් තෝරගන්නකොට නිවසින් පිට නතර වීමට සිදු වන, රැකියාවට යාමට ඒමට වැඩි කාලයක් වැයවන ස්ථානයකින් රැකියාවක් තෝරා නොගත යුතුයි. ඒ වෙනුවට ඔයාගේ අරමුණට, සුදුසුකම්වලට ගැළපෙන, පවුලේ අය සමග කාලය ගත කරන්න පුළුවන් රැකියා ස්ථානයක් තෝරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට විශාල අරමුණු තියෙන කෙනෙක් නම්, ඒ අරමුණු වෙනුවෙන් අමතර කැපකිරීම් කරන්න ඔයා සූදානම් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ දේවල් ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.
ඔයා දෙයක් කරනවා නම් ඒ දේ කරන්නේ ඇයි කියන එක ගැනත් ඔයාට දැනුවත් බවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ අදාළ දේ කරන්න motivation ආවෙ ඇයි කියන එක ඔයා අවබෝධ කරගන්න ඕන. ඔයා යම් රැකියාවක්, ව්‍යාපාරයක් හෝ විෂයක් තෝරගන්නේ ඇයි? මේ ‘ඇයි’ කියන ප්‍රශ්නයට උත්තර නැත්නම් අන් අයගේ අදහස් මත ඔයාගේ ජීවිතය තීරණය වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පළමු උපක්‍රමය වන්නේ ඔයාගේ දුර්වලතා (weaknesses), ශක්තීන් (strengths), කැමති අකමැති දේවල් සහ අභියෝග හඳුනාගෙන ඔයා කවුද කියන එක හරියටම හඳුනාගන්න එක.
02. තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න
මේ උපක්‍රමයේ සරල අදහස තමයි, මොන තරම් අමාරුකම් හෝ අභියෝග ආවත් තර්කානුකූලව සහ පැහැදිලිව හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන කියන එක.
සමහර අයට සාමාන්‍ය තත්ත්ව යටතේ හිතන්න පුළුවන් වුණත් ගැටලුවක් ආ ගමන් ඔවුන් ආතතියට පත්වෙලා හැඟීම්බර තීරණ (emotional decisions) ගන්නවා. එහෙම නොකර අභියෝගාත්මක අවස්ථාවලදී පවා තර්කානුකූලව තත්ත්වය විශ්ලේෂණය කරන්න ඔයා ඉගෙන ගන්න ඕන.
අලුත් රැකියා අවස්ථාවක් සම්බන්ධ තීරණයක් ගන්නකොට හැඟීම්වලට මුල් තැන දෙන්නේ නැතිව, ආදායම, වර්ධන අවස්ථා, වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතයේ සමතුලිතතාවය වගේ කරුණු ගැන අවධානය යොමු කරන්න.
ඒ වගේම ඕනෑම දෙයක හොඳ සහ නරක දෙකම දකින්න. හැඟීම්බර තීරණ ගන්නකොට අපි හොඳ දේ විතරක් දකින්න උත්සාහ කරනවා. ඒ වෙනුවට ඔයා ගන්නා තීරණයක ඇති වාසි සහ අවාසි දෙකම දකිමින්, ඒ දෙකම තුලනය කරන්න ඔයාට පුළුවන් නම් ඔයාට හොඳ තීරණ ගන්න පුළුවන්.
03. නිවැරදි කණ්ඩායමක් ගොඩනගාගන්න
ඔයාට කොච්චර ලොකු අරමුණක් තිබුණත් ඔයාට තනියම ඒ අරමුණ කරා ළඟා වෙන්න අපහසු වන ඕන තරම් අවස්ථා එයි. සාර්ථකත්වය කියන්නේ සාමූහික ක්‍රියාවලියක්. ඒ නිසා විශාල ඉලක්ක ජයගන්න ඔයාට හොඳ කණ්ඩායමක් අත්‍යවශ්‍යයි.
උදාහරණයක් විදියට, ඔයා startup එකක් පටන් ගන්නකොට ඔයා හොඳ නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක් නම්, ඔයාට හොඳ detail oriented කෙනෙක් එක්ක හවුල් වෙන්න පුළුවන්. විවිධ ශක්තීන්, හැකියාවන් ඒකාබද්ධ කිරීමෙන් තමයි ඵලදායී කණ්ඩායමක් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාගේ කණ්ඩායම තුළ විවිධ දේවල් සම්බන්ධ දැනුමක් තියෙන අය, විවිධ හැකියාවන් තියෙන අය ඉන්නවා.
ප්‍රධානම දේ මේ ගොඩනගාගන්න කණ්ඩායමට ස්වාධීනව වැඩ කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. ඔයා හැම වැඩකටම මැදිහත් වෙන එක, ඒ සඳහා ගත වන කාලය අවම කරගන්න ඒක උදව් වෙනවා. ඔයාගේ ආයතනයේ හෝ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු සඳහා ඒ සම්බන්ධ දැනුම ඇති කෙනෙක් ඔයාගේ කණ්ඩායමේ ඉන්නකොට ගිණුම් කටයුතු ගැන මුල සිට අගට ඔයා තනියම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඒ රාජකාරිය අදාළ පුද්ගලයන්ට භාර දීමෙන් ඔයාට තවදුරටත් සාර්ථකත්වය ගැන අරමුණු කරගෙන වැඩ කරන්න පුළුවන්. මොකද ඔයාට ශක්තිමත් කණ්ඩායමක් ඉන්න නිසා ඔයාගේ කාලය වගේම ශක්තියත් ඉතිරි වෙනවා.
මේ විදියේ හොඳ කණ්ඩායමක් ඔයාට ඉන්නවා කියන්නේ, ඔයාගේ අරමුණු කරා ළඟා වෙන්න ඒක හොඳ වටපිටාවක් සකසා දෙනවා කියන එක. ඒ වගේම ඔයාට ඉදිරියට යන්නත් ඒක විශාල පහසුවක් වෙනවා.
04. වර්ධනය වීමට උපායමාර්ග සකස් කරන්න
ඔයාගේ ව්‍යාපාරය හෝ ව්‍යාපෘතිය පොඩියට පටන් අරගෙන, එය වඩාත් පුළුල් කරන්න (expand) හෝ විශාල කරන්න (scale) පැහැදිලි උපාය මාර්ගයක් (strategy) අවශ්‍යයි. ඒ වගේම ඔයාට පෞද්ගලික සන්නාමයක් (Personal Brand) බවට පත් වෙන්න අවශ්‍ය නම්, වෘත්තීය ජීවිතයේ වඩාත් උසස් තැනකට යන්න අවශ්‍ය නම් ඒ සඳහාත් ඔයාට මේ උපක්‍රමය වැදගත් වෙනවා. ඔයාට ඒ සඳහා සැලැස්මක් තියෙන්න ඕන.
උදාහරණයක් විදියට, ඔයා බේකරි එකක් පටන් ගෙන ඒක හොඳ brand එකක් බවට පත් කරන්න හිතනවා නම් අනුගමනය කළ යුතු උපාය මාර්ග මොනවාද කියලා ඔයා දැනගන්න ඕන. ඔයාගේ ව්‍යාපාරය ටිකෙන් ටික වර්ධනය වෙනකොට ඇතිවෙන අභියෝග, වෙනස්වීම් වැනි දේවල් ගැන ඔයා දැනටමත් සැලසුම් කරලා තියෙන්න ඕන.
මේ විදියට ඔයාගේ ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන් උපායමාර්ග සකස් කිරීම හතරවෙනි උපක්‍රමය විදියට සැලසුම් කරන්න.
05. බලය හසුරුවන ක්‍රමවේදයන් දියුණු කරගන්න (Mastering power plays)
ඔයාගේ ව්‍යාපාරය හෝ ඔයා මොන තරම් දුරට සාර්ථක වෙනවාද කියන එක තීරණය වෙන්නේ, ඔයා මොන වගේ සම්බන්ධතා ජාලයක් (network) හදාගන්නවා ද කියන එක මතයි.
උදාහරණ විදියට, ව්‍යාපාරික ගනුදෙනු, ගැටලු විසඳීම, සහ අන් අය සමග තරග කිරීම වැනි අවස්ථාවලදී ඔයා හැසිරෙන විදිහ මේ පස්වන උපක්රමයට අයත් වෙනවා. ඔයා ගනුදෙනුවක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් සමග කතාබහ කරනකොට ඔයා විතරක් එයින් ජයග්‍රහණය කරන එක නෙමෙයි අරමුණ වෙන්න ඕන. අනිත් පුද්ගලයාටත් ප්‍රතිලාභයක් ලැබෙන විදිහට ඔයා කටයුතු කරන්න ඕන.
ඔයා ඔයාගේ සේවකයන්, සැපයුම්කරුවන් (suppliers), හවුල්කරුවන් (partners) වගේ හැමෝම එක්කම මේ ‘power plays’ හසුරුවන විදිහ මත ඔයාගේ සාර්ථකත්වය රඳා පවතිනවා. මේ සඳහා අත්‍යවශ්‍යම දේ තමයි සන්නිවේදන කුසලතා (communication skills). ඔයාගේ කතා විලාසය, භාවිත කරන වචන සහ ශරීර භාෂාව (body language) කියන හැමදේම උපක්රමශීලීව හසුරුවාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.
මේ උපක්‍රම 05 අනුගමනය කරලා ඔයා වගේම ඔයාගේ ව්‍යාපාරය පවා උපායශීලීව ඉදිරියට රැගෙන යන්න ඔයාට පුළුවන්. මෙහි සඳහන් කළ පස්වෙනි උපක්‍රමය සම්බන්ධයෙන් වැදගත් වෙන හැකියාවක් තමයි සන්නිවේදන හැකියාව කියන්නේ. ඒක ඔයාගේ සාර්ථකත්වයට විශාල බලපෑමක් කරනවා. ඔයාට සන්නිවේදන හැකියාවන් වර්ධනය කරගන්න අවශ්‍ය දැනුම පහළ Link එකට පිවිස ලබාගන්න පුළුවන්.
https://school.lokubusiness.lk/p/communication-masterclass-course?affcode=1420258_ghpjvsre