YouTube කියන්නේ, අනාගතයේදී ඔයාගේ ගෙදර රූපවාහිනිය වෙනුවට එන නිෂ්පාදනයක් කියලා Google ආයතනයේ CEO වන Sundar Pichai කාලයකට පෙර අනාවැකි පළ කළා. ලොව දෙවනි විශාලතම Search Engine එක මෙන්ම ලොව පුරා ජනගහනයෙක් බිලියන 2.7කට අධික පිරිසක් මාසිකව පරිශීලනය කරන Platform එකක් බවට YouTube මේ වන විට පත්වෙලා අවසන්. YouTube Case Study එකෙන් අපි බලමු කොහොමද ඒකේ නිර්මාතෘවරුන්ට ඒ ගැන අදහසක් ඇති වුණේ සහ ඔවුන් කොහොමද මේ දක්වා සාර්ථක ගමනක් ආවේ කියන එක.
2005දී බිහි වුණ YouTube ආයතනයේ නිර්මාතෘවරුන් වන්නේ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා. 2002දී eBay ආයතනය විසින් PayPal මිල දී ගන්න අවස්ථාවේ PayPal ආයතනයේ රැකියා අහිමි වූ පිරිස අතර ඔවුන් තුන්දෙනාත් හිටියා. මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන නිෂ්පාදනයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් හඳුනාගෙන ඒකට විසඳුමක් දෙන එකෙන් කියලා දැනටමත් ඔයා දන්නවා ඇති. මේ තුන්දෙනාටත් ඒ විදියට අලුත් ප්‍රශ්නයක් හඳුනාගන්න පුළුවන් වුණා. ඔවුන් ගන්න Video තවත් කෙනෙක් එක්ක Share කරගන්න ක්‍රමයක් නැහැ කියන එක තමයි ඔවුන්ට ආව ප්රශ්නය වුණේ. වීඩියෝ කීපයක් ඊමේල් එකකින් තවත් කෙනෙක්ට යැව්වත් ඒකටත් සීමාවක් තියෙන නිසා වීඩියෝ ඊමේල් කිරීම සාර්ථක විසඳුමක් වුණේ නැහැ.
මේ අතරේ Justin Timber සහ Janet Jackson කියන Influencersලා දෙදෙනා අතර ආන්දෝලනාත්මක සිදුවීමක් ඇති වුණා. මේ ගැන රූපවාහිනියේ පවා පෙන්වීම තහනම් කරලයි තිබුණේ. Jawed karim මේ ගැන Google එකේ හෙව්වත් එයාට ඒ සම්බන්ධ වීඩියෝ එකක් හොයාගන්න බැරි වුණා. එතැනදිත් ඔහුට සිතුවිල්ලක් ආවා මොනවා හරි සිදුවීමක් වුණාම ඒ ගැන බලාගන්න ක්‍රමයක් නැති එක අනිත් අයටත් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. මේ ඇති වුණ සිතුවිලි තමයි YouTube බිහි වෙන්න ප්‍රධාන හේතු වුණේ.
මෙතැනදි ව්‍යවසායකයෙක්ගේ ගමනට වැදගත් වෙන පාඩම් කීපයක්ම තියෙනවා. ලෝකේ බොහෝ දැවැන්ත ආයතන බිහි වුණේ ලාබ ඉපැයීමේ අරමුණකින් නෙමෙයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියන එකත් එක්කයි ගොඩක් ආයතන බිහි වුණේ. ඔයා PSP (Problem Solving Product) නිෂ්පාදනයක් කරන ව්‍යවසායකයෙක් නම්, ඔයාට ලැබෙන ආදායම ගැන සැකයක් තියාගන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නයකට විසඳුමක් දෙන නිෂ්පාදනයක් කියන්නේ ඒ වටා මිනිස්සු කොහොමත් එකතු වෙන්න පටන් ගන්නවා. ඒක එක රැයකින් සිද්ධ වෙන දෙයක් නොවුණත් මාස කීපයක්, අවුරුදු කීපයක් ඇතුළත විශාල ලාබයක් ලබන නිෂ්පාදනයක් බවට ඒක පරිවර්තනය කරගන්න පුළුවන්.
YouTube වර්තමානය වෙනකොට අතිශය ජනප්‍රිය සහ විශාල ලාබයක් උපයන ආයතනයක් වුණත් එය පවා බිහි වුණේ පියවරෙන් පියවර වැරදි නිවැරදි කරගනිමින් තමයි. YouTube මුලින්ම අරම්භ වුණේ TuneIn කියලා Online Dating Site එකක් විදියට. සහකරුවෙක් සහකාරයෙක් සොයාගන්න නිර්මාණය කළ මේ Platform එක ගැන අදහස සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවුණ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා ඒක Video Streaming Platform එකක් බවට
YouTube කියන්නේ, අනාගතයේදී ඔයාගේ ගෙදර රූපවාහිනිය වෙනුවට එන නිෂ්පාදනයක් කියලා Google ආයතනයේ CEO වන Sundar Pichai කාලයකට පෙර අනාවැකි පළ කළා. ලොව දෙවනි විශාලතම Search Engine එක මෙන්ම ලොව පුරා ජනගහනයෙක් බිලියන 2.7කට අධික පිරිසක් මාසිකව පරිශීලනය කරන Platform එකක් බවට YouTube මේ වන විට පත්වෙලා අවසන්. YouTube Case Study එකෙන් අපි බලමු කොහොමද ඒකේ නිර්මාතෘවරුන්ට ඒ ගැන අදහසක් ඇති වුණේ සහ ඔවුන් කොහොමද මේ දක්වා සාර්ථක ගමනක් ආවේ කියන එක.
2005දී බිහි වුණ YouTube ආයතනයේ නිර්මාතෘවරුන් වන්නේ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා. 2002දී eBay ආයතනය විසින් PayPal මිල දී ගන්න අවස්ථාවේ PayPal ආයතනයේ රැකියා අහිමි වූ පිරිස අතර ඔවුන් තුන්දෙනාත් හිටියා. මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන නිෂ්පාදනයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් හඳුනාගෙන ඒකට විසඳුමක් දෙන එකෙන් කියලා දැනටමත් ඔයා දන්නවා ඇති. මේ තුන්දෙනාටත් ඒ විදියට අලුත් ප්‍රශ්නයක් හඳුනාගන්න පුළුවන් වුණා. ඔවුන් ගන්න Video තවත් කෙනෙක් එක්ක Share කරගන්න ක්‍රමයක් නැහැ කියන එක තමයි ඔවුන්ට ආව ප්රශ්නය වුණේ. වීඩියෝ කීපයක් ඊමේල් එකකින් තවත් කෙනෙක්ට යැව්වත් ඒකටත් සීමාවක් තියෙන නිසා වීඩියෝ ඊමේල් කිරීම සාර්ථක විසඳුමක් වුණේ නැහැ.
මේ අතරේ Justin Timber සහ Janet Jackson කියන Influencersලා දෙදෙනා අතර ආන්දෝලනාත්මක සිදුවීමක් ඇති වුණා. මේ ගැන රූපවාහිනියේ පවා පෙන්වීම තහනම් කරලයි තිබුණේ. Jawed karim මේ ගැන Google එකේ හෙව්වත් එයාට ඒ සම්බන්ධ වීඩියෝ එකක් හොයාගන්න බැරි වුණා. එතැනදිත් ඔහුට සිතුවිල්ලක් ආවා මොනවා හරි සිදුවීමක් වුණාම ඒ ගැන බලාගන්න ක්‍රමයක් නැති එක අනිත් අයටත් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. මේ ඇති වුණ සිතුවිලි තමයි YouTube බිහි වෙන්න ප්‍රධාන හේතු වුණේ.
මෙතැනදි ව්‍යවසායකයෙක්ගේ ගමනට වැදගත් වෙන පාඩම් කීපයක්ම තියෙනවා. ලෝකේ බොහෝ දැවැන්ත ආයතන බිහි වුණේ ලාබ ඉපැයීමේ අරමුණකින් නෙමෙයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියන එකත් එක්කයි ගොඩක් ආයතන බිහි වුණේ. ඔයා PSP (Problem Solving Product) නිෂ්පාදනයක් කරන ව්‍යවසායකයෙක් නම්, ඔයාට ලැබෙන ආදායම ගැන සැකයක් තියාගන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නයකට විසඳුමක් දෙන නිෂ්පාදනයක් කියන්නේ ඒ වටා මිනිස්සු කොහොමත් එකතු වෙන්න පටන් ගන්නවා. ඒක එක රැයකින් සිද්ධ වෙන දෙයක් නොවුණත් මාස කීපයක්, අවුරුදු කීපයක් ඇතුළත විශාල ලාබයක් ලබන නිෂ්පාදනයක් බවට ඒක පරිවර්තනය කරගන්න පුළුවන්.
YouTube වර්තමානය වෙනකොට අතිශය ජනප්‍රිය සහ විශාල ලාබයක් උපයන ආයතනයක් වුණත් එය පවා බිහි වුණේ පියවරෙන් පියවර වැරදි නිවැරදි කරගනිමින් තමයි. YouTube මුලින්ම අරම්භ වුණේ TuneIn කියලා Online Dating Site එකක් විදියට. සහකරුවෙක් සහකාරයෙක් සොයාගන්න නිර්මාණය කළ මේ Platform එක ගැන අදහස සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවුණ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා ඒක Video Streaming Platform එකක් බවට පරිවර්තනය කරන්න තීරණය කළා.
ඔවුන්ගේ ඒ තීරණය කොතරම් සාර්ථක වුණා ද කියනවා නම් එක වීඩියෝ එකක් බලපු පුද්ගලයෙක් එතැනින් නොනැවතී තවත් වීඩියෝ බලන තැනට පත් වුණා. මේ විදියට YouTube සාර්ථක වුණේ එහි Business Model එක නිසයි. Business Models ප්‍රධාන වශයෙන් ආකාර 02ක් තිබෙනවා.
- Project Based Business Model: මෙහිදී නිෂ්පාදනයක් අලෙවි කරන පාර්ශවය සහ එය මිලට ගන්නා පාර්ශවය පමණයි සිටින්නේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා කියන පාර්ශව දෙක පමණයි මේ Business Model එකේ ඉන්නේ.
- Platform Based Business Model: මේ Business Model එකට පාර්ශව කීපයක් ඇතුළත් වෙනවා. Platform Based Business Model එකට උදාහරණ විදියට YouTube, Microsoft, Amazon, Facebook, Google හඳුන්වා දෙන්න පුළුවන්. මේ Model එකෙන් පාර්ශව කිහිපයක්ම යැපෙනවා. මේ ලිපියෙන් කතා කරන YouTube Platform එක ගැන සැලකුවොත් Content Creatorsලාට මුදල් උපයන්න, වීඩියෝ නරඹන්නන්ට නොමිලේ වීඩියෝ බලන්න, Ads Play වෙන නිසා විවිධ සමාගම්වලට ආදායම් ලබන්න, Sponsorships මගින් Brands නිර්මාණය වෙනවා වගේම YouTube ආයතනයටත් මේ තුළින් ආදයමක් ලැබෙනවා. මේ වගේ Business Model එකක් ශක්තිමත්ව නිර්මාණය කරගත්තාට පසුව එය බිඳ වැටෙන එක ලේසියෙන් වෙන්නේ නැහැ.
‘ඔබ කුමක් හෝ නිෂ්පාදනයකට ගෙවීමක් නොකරයි නම් ඇත්තටම එහි නිෂ්පාදනය ඔබය’ කියලා Google ආයතනයේ Chairman වරක් පැවසුවා. YouTubeවලට අදාළව සැලකුවොත් නරඹන්නන් වන අපේ ඇස් YouTube එකේ Product එක කියලා හඳුන්වන්න පුළුවන්.
YouTube Platform එක දියුණු කළ ආකාරය
YouTube නිර්මාණය කළාට පස්සේ එය දියුණු කරගන්න එහි නිර්මාතෘවරුන් කළේ මෙහෙම දෙයක්. ඔවුන් ලෝකයේ සිටින ජනප්‍රිය Influencersලාට ආරාධනා කළා YouTube එකේ වීඩියෝ දාන්න කියලා. වීඩියෝ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනකොට ඒ වටා විශාල නරඹන්නන් පිරිසක් එක්වන්න පටන් ගත්තා. විශාල නරඹන්නන් පිරිසකගේ Audience එකක් කියන්නේම එතැන හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තිබෙනවා. ඒ මගින් YouTube ආයතනයට පුළුවන් වුණා Advertisersලාව ආකර්ෂණය කරගන්න.
රූපවාහිනී නාළිකාවක වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කරන්න නම් විශාල මුදලක් වැය වෙනවා වගේම Audience එක හරියටම ඉලක්ක කරන්න ක්‍රමයක් නැහැ, තමන්ගේ Target Audience එකේ දත්ත ගැන දැනගන්න හැකියාවක් නැහැ. මේ අවාසි එක්ක බොහෝ ආයතන රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන් වැය කරන මුදල අවම කරලා ඒ වෙනුවට YouTube Platform එකේ දැන්වීම් දාන්න පෙලඹුණා.
ඒ විතරක් නෙමෙයි, YouTube නිර්මාතෘවරුන් එහි දියුණුව වෙනුවෙන් ගත්ත තව ක්‍රියාමාර්ගයක් තමයි Content Creatorsලාව තෘප්තිමත් කරන්න වැඩපිළිවෙළක් සකස් කිරීම. මොකද ඔවුන් දැනගෙන හිටියා තමන් නිර්මාණය කළ Platform එකේ රඳා පැවැත්ම තියෙන්නේ දිගටම වීඩියෝ පළ කරන එකෙන් බව. එහෙම වෙන්න නම් Content Creatorsලා YouTube සමග රඳවලා තියාගන්න වගේම ඔවුන්ගේ වීඩියෝවල නිර්මාණශීලීත්වය ඉහළ නංවන්න අවශ්‍යයි.
ඒ වෙනුවෙන් YouTube Training Programs පැවැත්වීම, සහතික ලබා දීම, YouTube Trainersලා බිහි කිරීම, YouTube සම්බන්ධ ගැටලු ගැන විමසීමට අවකාශයක් නිර්මාණය කිරීම වගේ වැඩපිළිවෙළවල් කිහිපයක්ම YouTube ආයතනය විසින් දියත් කළා. ඊට අමතරව වීඩියෝ නිර්මාණකරණයට පහසුකම් නොමැති පිරිස් වෙනුවෙන් YouTube ආයතනයෙන්ම Studio නිර්මාණය කරලා නිර්මාණකරුවන්ට අවස්ථාව දුන්නා ඔවුන්ගේ වීඩියෝ රූගත කරන්න.
අභියෝග සහ ඒවාට මුහුණ දුන් ආකාරය
YouTube මේ විදියට දියුණු වෙනකොට Vimeo, Dailymotion වගේ තරගකරුවන් පවා බිහිවෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොටත් වීඩියෝ සම්බන්ධයෙන් වන Market Share එකේ විශාල කොටසක් YouTube විසින් තමන්ගේ කරගෙන අවසන්. තරගකරුවන් බිහිවෙන්න ගත්තත් ඒක YouTube ඉදිරි ගමනට ගැටලුවක් නොවුණේ ඒ නිසයි.
නමුත් YouTube ආයතනයට මුහුණ දෙන්න වුණ ලොකු ගැටලුවක් වුණේ Copyright සහිත වීඩියෝ වෙනත් තැනැත්තන් විසින් පළ කිරීම. ඒකට විසඳුමක් ලෙස Copyright සහිත වීඩියෝ වෙනත් පුද්ගලයන් විසින් පළ කළ විට ඒවා YouTube එකෙන් ඉවත්වන ආකාරයට එහි Algorithm එක වෙනස් කරන්න ආයතනය කටයුතු කළා.
ඒ විතරක් නෙමෙයි, අසභ්‍ය Content පළ කරන්න නොහැකි වන ලෙස YouTube Platform එක දියුණු කරන්නත් එහි නිර්මාතෘවරුන්ගේ අවධානය යොමු වුණා.
YouTube Platform එකේ ලොකුම තරගකරු විදියට හඳුනගන්න ලැබුණෙ වෙනත් සමාජ මාධ්‍ය නෙමෙයි, රූපවාහිනිය. ඒත් YouTube සහ රූපවාහිනිය අතර තරගයේදී වේගයෙන් සාර්ථක වෙන්න YouTube Platform එකට හැකියාව ලැබුණේ හේතු කිහිපයක් නිසා.
- රූපවාහිනිය එක් ස්ථානයක තබා තිබෙන භාණ්ඩයක් වීමේ අවාසිය සහ ජංගම දුරකතන, ලැප්ටොප් ආදියෙන් YouTube වෙත පිවිසීමට ඇති හැකියාව නිසා ඕනෑම තැනකදී YouTube මගින් වීඩියෝ නැරඹීමේ හැකියාව.
- රූපවාහිනියෙන් නරඹන්නන්ට අවශ්‍ය දේ තෝරාගෙන නැරඹීමට හැකියාවක් නොමැති අතර YouTube වෙත පිවිසීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් තෝරාගෙන නැරඹීමට ඇති හැකියාව.
- රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් හෝ වෙනත් වැඩසටහනක් නැරඹීමට එක අවස්ථාවක් පමණක් එකල හිමි වීම සහ YouTube මගින් තමන්ට පහසු වෙලාවක, අවශ්‍ය වාර ගණනක් ටෙලිනාට්‍ය හෝ වැඩසටහන් නැරඹීමේ හැකියාව.
- රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී නරඹන්නන්ට අවශ්‍ය නොවන දැන්වීම් ද ප්‍රචාරය වන අතර YouTube හි දැන්වීම් පළ කිරීමේදී Target Audience එක හඳුනාගෙන ඔවුන් ඉලක්ක කර දැන්වීම් පළ කිරීමේ හැකියාව.
- YouTube හි Comment කිරීමේ හැකියාව නිසා Content Creatorsලා සහ නරඹන්නන් අතර සම්බන්ධයක් ගොඩනැගීම.
මේ වගේ හේතු නිසා YouTube Platform එකට හැකියාව ලැබුණා ඔවුන්ගේ ලොකුම තරගකරු වුණ රූපවාහිනියට හොඳ තරගයක් දෙන්න. මේ වන විට බොහෝ ව්‍යාපාර රූපවාහිනියට වඩා YouTube හි ඔවුන්ගේ දැන්වීම් පළ කරන්න පෙලඹෙන්නේ ඒ නිසයි.
මේ YouTube Case Study එක ඕනෑම ක්ෂේත්රයක ව්‍යවසායකයෙකුට වැදගත් වෙන පාඩම් රැසක් කියලා දෙනවා. ඒ වගේම මේ ලිපිය කියවපු ඔයා YouTube Content Creator කෙනෙක් නම් හෝ Content Creator කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හරියට YouTube Channel එකක් හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඔයාට ඇති. ඒකට අවශ්‍ය දැනුම ලබා ගන්න පහළ Link එකට ගිහින් ඒ සම්බන්ධයෙන් තියෙන Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/how-to-win-on-youtube?affcode=1420258_ghpjvsre