තව අවුරුදු 100කින් විතර ලෝකය මොන වගේ වෙයි ද කියලා කාගෙන් හරි ඇහුවොත්, සමහර විට ඒ පුද්ගලයා කියයි උඩින් යන කාර්, Self driving car, හැම ගෙදරකම රොබෝ කෙනෙක්, විනාඩි ගණනකින් ඕනම රටකට යන්න පුළුවන් විදියෙ අහස් යානා, වගේ දේවල් ඒ කාලේ වෙනකොට තියෙන්න පුළුවන් කියලා. ඒත් එතැන ඔයාට නොහිතුණ වෙනසක් තියෙනවා. මේ හැමදෙයක්ම දැනට දකින්න ලැබෙන නිෂ්පාදනවලම වැඩිදියුණු කළ නිෂ්පාදන කියන එක. වර්තමානයේදි කාර් තියෙනවා, ඒත් ඒවා මහා මාර්ගවල ධාවනය වෙන්නේ. අනාගතයේ උඩින් යන කාර් එකක් නිෂ්පාදනය කළොත් ඒක අලුත්ම නිර්මාණයක් නෙමෙයි වර්තමානයේ පවතින මෝටර් රථයේම වැඩිදියුණු කළ එකක්.
මේකට කියන්නේ තිරස් දියුණුව කියලා. ඒ කියන්නේ දැනටමත් තියෙන අදහසක් තවදුරටත් වැඩිදියුණු කරලා, පුළුල් කරලා දියුණු කිරීම. ඔයාට ව්‍යාපාරයක් වෙනස්ම විදියකට ගොඩනගන්න අවශ්‍ය නම් තිරස් දියුණුවට වඩා ඉදිරියට ඔයා යන්න ඕන. Peter Thiel විසින් රචිත Zero to One පොත ඇසුරෙන් අපි බලමු කොහොමද වෙනස්ම විදියේ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කියලා.
මුලින් සඳහන් කළා තිරස් දියුණුව කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් දැනට තියෙන නිෂ්පාදනයකම Advanced Version එකක් තමයි තිරස් දියුණුව තුළින් අපිට දකින්න ලැබෙන්නේ. එතැන අලුත් දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන් වුණත් ඒක 100%ක්ම අලුත් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. මොකද දැනට තියෙන අදහසක්, නිෂ්ඃපාදනයක් තමයි එතැනදි අලුත් මුහුණුවරකින් වෙළඳ පොළට එන්නේ.
ඔයාට වෙනස්ම විදියක Innovative Business එකක් ගොඩනගන්න අවශ්‍ය නම් ඔයා සිරස් දියුණුවක් සහිත දේවල් වෙළඳ පොළට හඳුන්වා දෙන්න ඕන. උදාහරණයක් සඳහන් කළොත්, ස්මාර්ට් ෆෝන් එක කියන්නේ සිරස් දියුණුවක ප්‍රතිඵලයක්. ස්මාර්ට් ෆෝන් එකක් නැති ලෝකයක ඉඳලා අපි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ලෝකයකට ගියා.
නමුත් අද වෙනකොට ස්මාර්ට් ෆෝන් එකේ විවිධ Versions නිකුත් වෙනවා. ඒ ඔක්කොම තිරස් දියුණුවේ ප්‍රතිඵල.
ඔයා ප්‍රස්තාරයක් ගැන හිතන්න. ඒකේ X සහ Y කියලා අක්ෂ දෙකක් තියෙනවා. X කියන්නේ තිරස් අක්ෂය. Y කියන්නේ සිරස් අක්ෂය.
තිරස් දියුණුවේදි වෙන්නේ, දැනටමත් වෙළඳ පොළේ තියෙන නිෂ්පාදනයක් තරමක් දුරට expand කිරීමක් හෝ එයම copy කරලා නිෂ්පාදනයක් කිරීම. ඒ කියන්නේ, ප්‍රස්තාරයක එකේ සිට දෙකට, දෙකේ සිට තුනට හෝ තුනේ සිට හතරට යන ගමනක් තමයි එතැන තියෙන්නේ.
ඒත් Y අක්ෂය ගැන හිතලා බලන්න. මුකුත්ම නැති තැනකින්,

තිරස් දියුණුව සහ සිරස් දියුණුව

ඒත් Y අක්ෂය ගැන හිතලා බලන්න. මුකුත්ම නැති තැනකින්, ඒ කියන්නේ බිංදුවෙන් පටන් අරන් එකට යන ගමනක් එතැන තියෙන්නේ. ඔයා තමයි තමයි පළවෙනි පාරට මෙහෙම දෙයක් ඔයාගේ market එකට ගේන්නේ. ඒක තමයි Zero to One කියන පොතෙන් සරලවම කියන දේ.
ඒත් මේක කරන්න නම් ඔයා ඒක කරන්න ඕන විදිය දැනගෙන ඉන්න ඕන. ඔයාට ව්‍යාපාරික අවස්ථාවක් ඒක කරන්න ඔයා දැනගන්න ඕනනේ. ඒ වෙනුවෙන් මේ පොතේ සඳහන් වෙනවා කරුණු 04ක්. අපි දැන් බලමු සිරස් දියුණුවක් ලබන්න බිංදුවේ සිට එකට යන ගමනේදී ඔයාගෙම කියලා වෙනස්ම ව්‍යාපාරයක් නිර්මාණය කරන්න උත්සහ කරන්නේ කොහොමද කියලා.
01. Monopoly එකක් නිර්මාණය කරන්න
වෙළඳ පොළේ තියෙන තරගකාරීත්වයෙන් මිදිලා ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඒකාධිකාරයක් (monopoly) ගොඩනගන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ. ගොඩක් ව්‍යාපාරවල අරමුණ වෙන්නේ market එකකට ඇතුළුවෙලා තරග කරන එක. ඒත් සිරස් දියුණුවක් ලබන්න නම් ඔයා ඒ තරග කරන ව්‍යාපාර අතර ඉඳලා හරියන්නේ නැහැ.
Google ආයතනය ගත්තොත් ඔවුන් ඒ විදියේ monopoly එකක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ හා සමාන ව්‍යාපාර තිබුණත් Google ආයතනය සමග තරග කරන්න ඔවුන් කාටවත් හැකියාවක් නැහැ. ඒකාධිකාරයක් නිර්මාණය කරගත් ව්‍යාපාරයකට අනිත් තරගකරුවන් ගැන වද වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද තමන්ගේ ව්‍යාපාරය කාටවත් කොපි කරන්න බැහැ කියලා දන්න නිසා.
ඒ නිසා මේ වගේ ව්‍යාපාර කරන පුද්ගලයන්ට හැකියාව තියෙනවා ඔවුන් ලබන ලාබයෙන් හිතාගත නොහැකි ආකාරයේ නිෂ්පාදන බිහි කරන්න.
02. ඔයාට රහසක් තිබිය යුතුයි
සිරස් දියුණුවක් ලබනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා අලුත්ම දෙයක් පළමුවරට කරන්න යනවා කියන එක. එතකොට හැමෝම කළ දෙයක් ඔයා කරන්නේ නැහැ. මේ වගේ වෙනස්ම විදියෙ පියවරක් ගන්න එක මේ පොතේ හඳුන්වලා දෙන්නේ ‘රහස්’ විදියට.
මේ පොතට අනුව රහස් වර්ග 2ක් තියෙනවා.
- Secrets of Nature
ස්වභාවධර්මයේ තිබෙන රහස් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. අපි මේ දකින භෞතික ලෝකය ගැන හොඳ අවධානයකින් බැලුවොත් ස්වභාවධර්මයේ තිබෙන රහස් ඔයාට දකින්න පුළුවන්.
2. Secrets of Human Nature
මේ කියන්නේ, මිනිස්සු ළඟ තියෙන රහස් ගැන. මිනිස්සු දන්නේ නෑ මොන වගේ ප්‍රශ්න ද අනිත් අයට තියෙන්නේ කියලා. අන්න ඒ වගේ රහස් හොයාගන්න එක ටිකක් අමාරුයි. ඒත් ඒ දේවල් දැනගත්තොත්, ඒ දේවල්වලට අවධානය යොමු කළොත් ව්‍යාපාරය තුළින් ඒවාට විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්.
03. දැක්මක් අවශ්‍යයි
ව්‍යාපාරයක් කරනකොට හොඳ දැක්මක් (Vision) තිබිය යුතුමයි. ස්ටීව් ජොබ්ස් කියනවා ඔයා ගොඩක් ඔයා කැමති දෙයක් ඔයාට කුතුහලයක් ඇතිවෙන දෙයක් කරනකොට ඔයාව අමුතුවෙන් ඒකට තල්ලු කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔයාගේ දැක්ම තමයි ඔයාව එතැනට තල්ලු කරන්නේ.
මේ පොතේ සඳහන් වෙනවා, ව්‍යාපාරයේ නිර්මාතෘ (Founder) විදියට ඔයා කරන්නේ ව්‍යාපාරය පටන් ගන්න එක විතරක් නෙමෙයි කියලා. ඔයා තමයි ව්‍යාපාරය ගැන හරියටම දන්නේ. දැක්ම තියෙන්නේ ඔයා ළඟ. සිරස් දියුණුවක් බලාපොරොත්තුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට රාමුවකට කොටුවෙලා හිතලා බැහැ. ඔයා රාමුවෙන් පිට හිතන්න ඕන.
ඔයා එහෙම හිතුවා කියලා විතරක් මදි. ඔයා ඒ ගැන අනිත් අයට සන්නිවේදනය කරන්න ඕන. ඒ හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඔයාගේ දැක්ම සරලව, හැම විස්තරයක්ම එක්ක කියන එකත් ඔයා කළ යුතුයි.
04. Solid Foundation එකක් තිබිය යුතුයි
සිරස් දියුණුවක් ලබන්න බලාගෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒකට හොඳ ශක්තිමත් පදනමක් තියෙන්න ඕන. ඔයාගේ කණ්ඩායම සහ Startup Culture එක කියන දේවල් දෙකම ශක්තිමත් විය යුතුයි. විශාල වශයෙන් ව්‍යාප්ත වුණ ව්‍යාපාරයක් වගේ නෙමෙයි අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාරයක ලොකු කණ්ඩායමක් නැහැ. එතකොට තනි තීරණයක් ව්‍යාපාරයේ සම්පූර්ණ වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා කණ්ඩායමේ හැම කෙනෙක්ගෙම තීරණ ව්‍යාපාරයේ වෙනසකට හේතු වෙන්න පුළුවන්.
ඒ වගේම ව්‍යාපාරයේ සංස්කෘතිය කියන්නෙත් ව්‍යාපාරයක ඉදිරි ගමනට බලපාන කාරණාවක්. ව්‍යාපාර සංස්කෘතිය සෘණාත්මක එකක් නම් ඔයාට ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න අපහසු වෙනවා. අභියෝගාත්මක තත්ත්වවලදී පවා එයට මුහුණ දෙන්න ව්‍යාපාරයක සංස්කෘතිය වැදගත්.
මේ කිව්ව දේවල්වලින් ඔයාට අදහසක් ලැබෙන්න ඇති කොහොමද බිංදුවේ සිට එකට යන ව්‍යාපාරයක් ගොඩනගන්නේ කියන එක. ඔයා ඒ වගේ සිරස් දියුණුවක් සහිත ව්‍යාපාරයක් ගොඩනැගුවොත් ඒක කවුරු හරි කොපි කළත් ඔයාගේ ව්‍යාපාරය ආසන්නයටවත් එන්න ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද කොපි කිරීමක් කියන්නේ තිරස් දියුණුවක්. ඒක සිරස් දියුණුවක් තුළින් නිර්මාණය කළ වෙනසට සම කරන්න බැහැ.
ව්‍යාපාරයක් ගොඩනගන්න යම් අදහසක් තිබුණත් ඒක වැඩිදියුණු කරගන්න ගොඩක් දෙනෙක්ට අමාරුයි. ඔයාටත් ඒ ප්රශ්නය තියෙනවා නම් පහළ Link එකට ගිහින් එහි තිබෙන Free Chapters නරඹලා ඔයාගේ දැනුම වැඩිදියුණු කරගන්න.
https://school.lokubusiness.lk/p/how-to-develop-a-winning-business-idea?affcode=1420258_ghpjvsre